පුරාණ පොත පත ආශ්‍රයෙන් ලබාගත්

ඖෂධීය ශාක පිළිබඳ විස්තර

  • කට්ටකුමංජල් (1/17/2026) - කට්ටකුමංජල් යනු ශාඛ විශේෂයක නිර්යාසයන්ගෙන් ලබා ගන්නා ද්‍රව්‍යයකි. මුලින්ම ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම කට්ටකුමංජල් නිර්යාසයට සමාන ගති ලක්ෂණ ඇති බවට හඳුනාගත්, නිර්යාස ලැබෙන ශාඛද කට්ටකුමංජල් හෙවත් කුන්දුරුක්කන් නාමයෙන් ද හැඳින්වීමට…
  • කටරොඩු/ කටරොළු (1/17/2026) - මෙය ශාක වර්ගී කරණයේ ලතා ගනයට අයත්ය. ශාකයක් ආශ්‍රිතවම මෙය වැඩේ. ආශ්‍රිත ශාකය පුරා පැතිරී යන අතර, මෙම ලතාව කඳ සිහින් නාලාකාර බුව සහිතය. ලා කොළ පාටින් යුක්තය. අතු පිහිටා…
  • කජු (12/21/2025) - කජු ගසේ පොත්ත කැම්බූ වතුර මල බුරුල් කර යෑමේදී, උපදංශයේ ඇතිවන සන්ධිගත ඉදිමුමට හා දියවැඩියාවට යන රෝගයන්හිදී උපයෝගී කර ගනී. තවද, මෙම පොතු තැම්බූ වතුර රුධිරගත සීනි මට්ටම පහළ යෑම…
  • කංකුන් (12/21/2025) - ආයුර්වේද පොත් පත්වල දක්වා ඇති අන්දමට කංකුන් වල ඇති විශේෂ ගුණ දෙකකි. එනම්, දුග්ධ වර්ධක හෙවත් ක්ෂීර වර්ධක ගුණය සහ ශුක්‍ර වර්ධක ගුණයයි. ක්ෂීර වර්ධකය මෙන්ම ස්තන්‍ය පිරිසිදු කිරීමේ ගුණයක්…
  • ඕවීල (12/21/2025) - අප රටේ මාර්ග අලංකාරය පිණිස සහ ගෙමිදුල අලංකාරය පිණිස වචනු ලබන ඕවිල ගස (Weeping villow) හෙවත් වැලපෙන විලෝ ගස වශයෙන් හැඳින් වීමට පුරුදුව සිටිත්. බෙහෙතට තබා වෙනයම් කරුණක් උදෙසා හෝ…
  • ඕලු (12/21/2025) - ඕලු ඉන්දියාව, ලංකාව ආදී රටවල වැව් පොකුණු ආදී ජලාශ්‍රිත ප්‍රදේශ වල වැවෙන අලංකාර ජලජ පැළෑටියකි. ඕලු යන්න කූවලය ශබ්දයෙන් බිඳී ආවකැයි. සමහරුන්ගේ මතය වන අතර එය ශාලුක ශබ්දයෙන් බිඳී ආවකැයි,…
  • ඔළිඳ (11/23/2025) - ඖෂධ වශයෙන් බෙහෙවින් ගැනෙනුයේ රතු ඔළිඳ හා එළ ඔළිඳයි. කළු ඔළිඳ මුල් වැල්මී යැයි වැරදි ලෙස ඇතමුන් භාවිත කරයි. කළු ඔළිඳ මුල ද තරමක් මිහිරි රසයෙන් යුක්තයි. වැල්මී වැලක් නොවේ.…
  • ඒකාවේරිය (11/16/2025) - මෙම ගසේ පොත්ත සිනිඳුය. කඳ තදයි. අතු කෙළවර පත්‍ර 3 බැගින් රවුමට පිහිටයි. පත්‍රයක් සෙ. මී. 7 - 13 ක් පමණ දිග වේ. සෙ.මී. 2.5 පමණ පළලයි. පත්‍ර දෙකෙලවර ගින්ය.…
  • එළ බටු (11/12/2025) - මේරූ ගෙඩි ත්‍රිදෝෂ සමනයි. උෂ්ණ ගුණයෙන් යුක්ත නිසා කළු වාතශමනය කරයි. මධුර රස නිසා පිත් ශමනය කරයි. මෝරන ලද ගෙඩිවල කටුක භාවය නිසා තුන්දොස් කෝප කරයි. දීපන පාවන ග්‍රාහි ගුණයන්ගෙන්…
  • ඵල දද කීරිය (11/11/2025) - ඇලෙන සුළු මැලියමක් ප්‍රධාන කොට ඇත. ස්ඵටිකමය. ක්ෂාරයක් ද ඉටි, දුම්මල, ක්ලොරපිල්, කසට ද්‍රව්‍ය සහ සෙවලෙන් යුක්තය. ශර්කරා, කැල්සියම්, ඔක්සලේට්, ගැලික්, ඇසිඩ්, හා ක්වර්සෙට්න් (quercetin) නම් පදාර්ථය ද අඩංගු ය.
  • එළනිටුල් (11/3/2025) - මෙම පැලෑටිය අවුරුදු කීපයකින් අවසන් වන පඳුරු විශේෂයකි. විහිදී යන අතු රාශියකින් යුක්තව අඩි 2-5 ක් පමණ උසට වැඩේ. මුල් දිගට වැඩේ. ඕජස් සහිතව ඝනකමින් යුක්තය. කඳ රවුම් හැඩයෙන් යුක්තය.…
  • කැට කෑල (11/3/2025) - ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, බුරුමය හා මලක්කාව වියලි කලාපයේ බෙහෙවින් වැඩෙන ඖෂධීය ගුණයෙන් යුක්ත කුඩා ගසකි. මුහුදු මට්ටමෙන් අඩි 2000 දක්වා තෙත් කලාපයේ ද දක්නට ලැබේ. ජූනි, ජූලි, මාස වල මල්…
  • එරඬු (10/28/2025) - එරඩු ලංකාවේ සියලුම පළාත් වල පාහේ කැලෑ බදව හා කුණු කසල එකතු වන තැන්වල වැවෙන කුඩා ශාකයකි. ඉන්දියාව, බෙංගාලය, මදුරාසිය, බොම්බාය යන රටවල වාසීහු එරඬු තෙල් ලබා ගැනීම සඳහා බොහෝ…
  • එරමිණියා (10/28/2025) - මෙම ශාකය වෙනත් ද්‍රව්‍ය සමඟ එක්කර යෙදීමෙන් ආර්තව දෝෂ වලට සාර්ථක ප්‍රතිඵල දෙයි. රසදිය විෂ වූ විට මෙය විෂ නාශකයක් ලෙස යෙදිය හැකිය. පැලෑටියේ අමුවෙන් ගත් කොටස් හග්න වලදී (වේදනා…
  • එරබදු (10/26/2025) - දීපන, පාවන. අනුලෝමන, ග්‍රාහි, ශුල හර ගුණයෙන් යුක්ත බැවින් අරුචි අග්නි මාද්‍ය උදාර ශුල, ක්‍රිමි රෝග සහ ග්‍රහණි අර්ශස් රෝග වලට ගුණදායකය. පරීපවන සංස්ථානගත දෝෂ නිසා හටගන්නා අක්ෂි රෝග සඳහා…
  • එන්සාල් (10/26/2025) - පොදුවේ එන්සල් වල අඩංගු රසායනික උපාදානයක් විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් සොයා ගෙන තිබේ. ඒ අනුව මෙහි අන්තර්ගත පදාර්ථයක් වශයෙන් ස්ථායි 10%ක්ද, අස්ථායි තෛල හා ක්‍රියාකාරී පදාර්ථ 5%ක්ද, පොටෑසියම් ලවණ 3%ක්ද, පෙන්වා දී…
  • උළුහාල් (10/26/2025) - උළුහාල් ඖෂධීය අගයක් ඇති ආහාර උපයෝගී (කුළුබඩු) ද්‍රව්‍යයකි. ආහාර රසවත් කරන රුචිය වඩන සුවදවත් ද්‍රව්‍යයක් ලෙස උළුහාල් භාවිතයට ගැනේ. මෙහි ඇති පෝෂණීය ගුණය නිසා ආහාරයේදී ව්‍යංජනයට උළුහාල් මුසු කල විට…
  • උඳු (10/26/2025) - දෝෂ වශයෙන් වා ශමනයි. සෙම් පිත් වඩයි. බාහිර වශයෙන් වේදනා නායකයි. නාඩි ශාමකයි. අභ්‍යන්තර වශයෙන් නාඩි ශක්තිමත් කරයි. ආහාර රුචිය ඇති කරයි. සංග්‍රහයි. ශුල නසයි. පුරිෂ, මුත්‍ර, ස්තන්‍ය. ශුක්‍ර යන…
  • උණ (10/26/2025) - ලංකාවේ ගංගා, ඇළ, දොළ, වැව්, කදුරු, ආශ්‍රයේ වැඩෙනු දැකිය හැකි වඩාත් විසිරී ඇති වර්ගයයි. කඳෙහි ගැට ආශ්‍රයෙන් නැවතත් පැළ ඇති වේ. පර්ව (ගැට) යක් පාසා ඇති වන ශාඛාශ්‍රිතව පිහිටි පත්‍ර…
  • උඩැත්ත (10/26/2025) - උඩැත්ත හෝ උදත්ත නමින් හැඳින්වෙන්නේ සෙ. මී. 10 - 20 පමණ උසැති පොළවෙහි පැතිරී වැඩෙන කුඩා ක්ෂුපයකි. උඩැත්ත නමින් ව්‍යවහාර කරනු ලබන පැළෑටි වර්ග කිහිපයක් මෙරට ඇති අතර, උඩැත්ත යයි…
  • උගුරැස්ස (10/3/2025) - ගසේ පොත්ත සිනිඳුය. ලා දුඹුරු පාටින් යුක්තය. ඉතා කුඩා කහ පාටට හුරු සුදු පාට මල් හට ගැනේ. උගුරැස්ස ගෙඩිය ගෝලාකාරය. නොපැසුණු ගෙඩි කොළ පාටය. පැසී ඉදුණු ගෙඩි තද දම් පාටින්…
  • උක් (9/30/2025) - තෘණ පංචමූලයට අයත් එක් වර්ගයකි. උක් ගස. මෙය බහුලව ඖෂධ සඳහා භාවිත කරයි. ආර්ථික වගාවක් වශයෙන් බහුලව ප්‍රයෝජනයට ගත හැකිය. වියළි දේශගුණයක් ඇති තෙතමනය සහිත බිමේ සශ්‍රීකව වැවේ. දේශ ගුණ…
  • ඊතණ (9/30/2025) - විශේෂ මුත්‍ර කාරකයක් වශයෙන් ද, වේදනා නාශකයක් වශයෙන්ද, රක්තසුව වළක්වන ඔසුවක් වශයෙන් ද විශේෂ යි. මුත්‍ර කෘච්ඡු, මුත්‍රාඝාත, මුත්‍රාවේ. මුත්‍ර අභාව. මුත්‍ර දාහ ආදී මුත්‍රණ ව්‍යුහයේ රෝග වලදී ද රක්ත…
  • ඉළුක් (9/27/2025) - තෘණ පංචමූලයට අයත් එක් වර්ගයකි ඉළුක්. මෙය ඖෂධ සඳහා බහුලව භාවිත නොවේ. අල්ප වශයෙන් භාවිතයට ගනී. ආර්ථික වගාවක් වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකියි. ඉතා සුළු කාලයකින් වැවීමට හැකි වේ.
  • ඉල්ල (9/26/2025) - හපුතලේ, බණ්ඩාරවෙල, මස්කෙළිය, දියතලාව වැනි ප්‍රදේශවල බහුලව පඳුරු වශයෙන් වැවේ. ඉන්දියාව, මැලේසියාව, ආදී රටවල ද බහුලව වැවේ. මෙහි කොළය කැලෑ දුම්කොලවල ට බෙහෙවින් සමාන හෙයින් ද්‍රවිඩ ජාතීන් බුලත් විට කෑමට…
  • ඉර රාජ (9/25/2025) - අඟල් දෙකහමාරක් උසට වැවෙන කටු පැලැඹින පැලයට සමාන හැඩයක් ඇති කුඩා ගසකි. මල්වල වර්ණයට අනුව වර්ග බෙදේ.කහ, රතු වශයෙන් වර්ග තුනකි. කුඩා දණ්ඩක් උඩට ගොස් මල සෑදේ. දේශීය ඖෂධ වර්ගයක්…
  • ඉරිවේරිය (9/23/2025) - අප ගන්නා පැළෑටියේ උද්භිද විද්‍යානාමය Coleus zelanicus ය. ඒ අනුවද එම පැළෑටිය ලංකාවට උරුමකම් කියන්නක් බව හෙළි වේ. මුලින් සඳහන් කළ පරිදි භ්‍රී වේර ශබ්දය කල්යාමේදී පොදු වහරට ඉරිවෙරිය වූවා…
  • ඉරිඟු (9/22/2025) - අඩි 4- 5 පමණ උසට වැවෙන මෙය තිරිඟු ගසට සමාන ගසකි. බඩ ඉරිඟු. මහ ඉරිඟු, මුහ ඉරිඟු නමින්ද හඳුන්වයි. භාරතයේ බටහිර ප්‍රදේශ වල '' පංජාබය '' වැනි රටවල වැවෙන ආහාරයට…
  • ඉරමුසු (9/21/2025) - කුෂ්ඨ, දද, උණ, දෙහ දුගඳ, ගිනිමඳ බව, ශ්වාසය, කාසය. අරුචි, ආම. තුන්දොස්, විෂ, ලේ දොස්, ප්‍රදර රෝගය, සෙම, අතීසාර, පිපාස, දාහය රත්පිත හා වාතය දුරුකරයි.
  • ඉඹුල් (9/21/2025) - සාමාන්‍යයෙන් අධි 50 ක් පමණ උසට වැවෙන ගසකි. අඩි 100ක් පමණ උස ගස් ද දක්නට ලැබේ. ගසේ හරස් අතට විහිදී යන ශාඛා එක් එක් වලයක 3 බැගින් ඇත. ගස පතනගිලිය.…
  • ඉඳි (රට ඉඳි) (9/19/2025) - සර්ප විෂෙන් මුර්ජා වූවන් බහාලීමට පිළියෙළ කරන බෙහෙත් ඔරුවට යොදන ඖෂධ වලට ද, නා, පොළිං, මී හා ජයපාල විෂ පහ කිරීමට ද, බිඳුණු තැන් සන්ධි ගැන්වීමට ද,ලංකාවේ වැවෙන ඉඳිගස්වල බොඩ…
  • ඉද්ද (9/18/2025) - ආයතලන්සාකාරය. සම්පක්ෂය. අඩි 10 - 12 පමණ උසට වැඩෙන මෙම පැලයේ අතුවල මාංසලමය පත්‍ර යුගල බැගින් සමාන්තරව පිහිටා ඇත. කොළ අතර අඟල් 2 ක් පමණ දුර ප්‍රමාණයක් ඇත.
  • ඉත්ත වැල් (9/15/2025) - වැලක් මෙන් අප්‍රාණිකත්වයක් දක්වන මේ ගස ඇතැම් ඉඩම් වල වැටේ ඉනි වශයෙන් යොදාගෙන ඇත. කැලයේ ඉත්තෑවැල් ගාල්වලට යටින් ඉත්තෑ ගෙවල් (බෙන) සාදා ගැනීමට අනුව මේ ක්ෂුපය ඉත්තෑ නමට සුදුසු වී…
  • ඉන්නල (9/15/2025) - ඉන්නල ඖෂධයක් වශයෙන් යෙදෙන ස්ථාන විරල බව ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතුව ඇත. ආහාරයක් වශයෙන් යෙදෙන මෙය ලංකාවේ සෑම පළාතකම පාහේ වැවෙන පැළෑටියකි. කෙසේ වෙතත් ඉන්නල වල ඖෂධීය ගුණය අඩංගුවන…
  • ඉඟුරු (9/11/2025) - උද්භිද විද්‍යානුකූලව හරිද්‍රා කුලයට (Scitamincae zingiberaceae) අයත් ලංකාවේ කඳුකර ප්‍රදේශ වල වනගතව වැවෙන වල් ඉඟුරු විශේෂයක් ද පවතී. දේශීය වෙදකමේ කලාතුරකින් ඖෂධ යෝග සඳහා වල් ඉඟුරු භාවිතයට ගැනේ.
  • ඉඟිනි (9/10/2025) - ප්‍රධාන වශයෙන් ඉඟිනි ඇට බෙහෙතට ගනී. කෂාය තික්ත රස නිසා සෙමත් මධුර නිසා වාතයත් සමනය කරයි. අපිරිසිදු සහ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය මිශ්‍ර ජලය පවිත්‍ර කිරීම සඳහා ඉඟිනි ඇට භාවිතා කෙරේ.…
  • ඉකිලි (9/8/2025) - ග්‍රහණි රෝගයේදී වියැලුනු ඉකිලිය ගෙඩිවල පිෂ්ඨමය ඵල මජ්ජාව ගෙන එයින් කෑම සාදා ගනු ලැබේ. ශුක්‍ර දෞර්බල්‍ය හා ගර්හාවස්ථාවේදී බීජ වුර්ණය සුදුසු අනුපානයක් ලෙස යොදනු ලැබේ. මුත්‍ර කෘච්ඡය සඳහා ඉකිලිය කෂාය…
  • ඉකිරිය (9/5/2025) - අඩි 1- 1 1/2 දක්වා උසට වැවේ. මෘදු කඳකින් යුක්තය. කඳේ මුල සිට අග්‍රය තෙක් කඳ වටා පත්‍ර හටගනී. පත්‍ර හටගන්නා ස්ථානයෙන් දිග තියුණු කටු හටගනී. පත්‍ර අඟල් 2 ක්…
  • ඇසළ (ඇහැළ ) (9/5/2025) - කිරිපණු රෝගය සඳහා මෙම මැල්ලුම ආහාර වශයෙන් ඉතා යෝග්‍යය. එහි ඇති විරේචන ගුණය නිසා සියළුම කිරිපණුවෝ මත් වී මල සමඟ පිටවෙත්. එහෙත් මෙය ආමාශයේ ඇති තාක් (සේන කොළ වලින් මෙන්)…
  • ඇහැටු (9/3/2025) - ඇහැටු, අශ්වත්ථ, යන නම් වලින් හඳුන්වන ඇහැටු බහුල භාවිතයේ ඇත්තේ බෝ නමිනි. බුදු වීමට ආධාර වූ ගස යන නමින් ඇසතු - බෝ නම් වීමෙන් පසුව සංස්කෘතික රටාවක් මත බෝගස නමින්…
  • ඇඹුල් ඇඹිලිය (9/1/2025) - ඇඹුල් ඇඹිලිය ස්වරස, අත්තන පාසාන රසදිය විෂ වූ අයට විස නැසීම සඳහා යොදනු ලැබේ. වණ, තුවාල, පිරිසිදු කිරීමට ද ගෙඩි පැසවීමට හා පිපිරවීමට ද භාවිත කෙරේ. ගිතෙල් මීකිරි සමඟ ඇඹුල්…
  • ඇම්බරැල්ල (ඇඹරළු) (9/1/2025) - සාමාන්‍යයෙන් විශාලව වැඩෙන ගසකි. Spondias mangifera යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි. ලංකාවෙත්, ඉන්දියාවේත් නොයෙක් ප්‍රදේශ වල වැවේ. මෙම ගස සංස්කෘතයෙන් " අධ්ව භෝගය " යනුවෙන් හඳුන්වයි. එහි සිංහල අර්ථය පයින්…
  • ඇපල (9/1/2025) - මල් කුඩායි. අඟල් 3/8 පමණ විෂ්කම්භයකින් යුක්ත යි. කෙටි නටු සහිත මල් අතු අග කෙළවර පොකුරු වශයෙන් ගොනු වී පවතී. මල් මොට්ටු පළලට වඩා දිගින් වැඩියි. ඒවා සුළු වශයෙන් බූවෙන්…
  • කංසා – ගංජා (9/1/2025) - වාර්ෂික පැළෑටියක් වන මෙම ශාකය මීටර් 1 - 3 දක්වා (අඩි 3 - 16) දක්වා උසින් වැඩේ. සෘජු සිහින් කඳේ පහළ රළු ස්වභාවයක් ගනී. එහි පොතු ගැලවෙන ස්වභාවයක් ඇත. පත්‍ර…
  • ඇටුන – ඇතුන (9/1/2025) - මීගමුව, මඩකලපුව, හා මුහුදු බඩ ප්‍රදේශ වල, කරදිය මිශ්‍ර වගුරු බිම්වල දක්නට ලැබෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. ඇතුන, ඇටුන යන නම් දෙකෙන් ම හඳුන්වන මෙම ගස ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ…
  • ඇත් දෙමට (8/27/2025) - විශාල ශාකයකි. පොත්ත අළු පැහැති කහපාටට හුරු වේ. ගොරෝසු ය. පත්‍ර සරලය. එකිනෙකට විරුද්ධ ව පිහිටයි. පත්‍ර පළල් වේ. හෘදයාකාර ස්වරූපයක් ගනී. සෙ. මී. 7 - 17 දක්වා පමණ දිග…
  • ඇත් සොඬ (8/26/2025) - රස ඖෂධ සංස්කාර සඳහා මෙන් මැ ආලේප තෛල ආදිය සඳහාද යෙදේ. ඇත් සොඬ ස්වරසය ක්ෂත, විදුරු මස ඉදිමීම හා මුඛක්ෂගත කුරුලෑ ආදිය සුව කිරීම සඳහා භාවිත වේ. තොල් පැලීමට මල්,…
  • ඇත් අඩි (8/22/2025) - පොළවේ පැතිරි සෑදී ඇති ආකාරය අනුව ඇත් අඩි නමින් හඳුන්වන මෙම පැළෑටිය සංස්කෘත ග්‍රන්ථ වල " ගෝජිහ්ව '' නමින් විස්තර වී ඇත. ඇතාගේ පතුල මෙන් රවුමට දිගටි කොල විසිරි පිහිටා…
  • ඇටෝර (8/21/2025) - ගවයින්ගේ ආහාර ලෙස ඇටෝරාවේ අමු. වියළි (තනි) කොළ හා ළපටි කඳන් යොදා ගනු ලැබේ. ඒවා බෙහෙවින් පෝෂණ ගුණවත්ය. එහෙත් ඇටෝරා බීජවලත් මුල්වලත් සයනෝජනනීය, (සයිඩ් ඩ්‍රජන් සයිනයිඩ් නිපදවීමේ ) ශක්තිය ඇති…
  • ඇට්ටේරියා (8/21/2025) - ඇට්ටේරිය මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පඳුරකට සමානව වැඩේ. අලංකාරය වර්ෂය පුරා හට ගන්නා සුදු පැහැති මල් ඉතා සුවඳවත්ය. ලීය හයියය. ඉන්දියාවේ හිමාල අඩවියේ අඩ වියේ හා බෙංගාලයේ ද, මලයාවේ හා බුරුමය…
  • ඇට්ටමුරා (8/19/2025) - දේශීය වෙදකමේ සඳහන් වන විශේෂ පැලෑටියකි. මෙය දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයක් වන හෙයින් එම තෙල්, පත්තු, මැල්ලුම් ආදී සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගැනේ. එහෙත් වන…
  • ආපසු මදු (8/18/2025) - මේ වැල් වෙසෙස තමා අවට තරමක් දුරට අතු පතරින් පැතිරි වැවී තිබෙනු පෙනේ. එහි වැල්දඬු කෘශ ය. තෙල් ගැවාක් බඳු වැ දිලිසෙයි. දිගය, සවිමත් (හයිය) ය. අලුත් අතු ඉති, කෝමලය.…
  • ආඩතෝඩ (8/18/2025) - බේත් පැලෑටි අතර, ප්‍රධාන තැනක් හිමිවන පැළෑටියකි. බේත් තැනීමේ දී ආඩතෝඩා පංචාංගයම උපයෝගී වේ. ජන ව්‍යවහාරයේ අගල්වල අද්දර සිටුවීමට ගත් හෙයින් අගල් ආදාර නමින් ද ඉඩමේ මායිමට වැටක් සේ සිට…
  • අංකෙන්ද (8/16/2025) - දේශීය කැඩුම් බිඳුම් වෙදකමෙ ගැනෙන ද්‍රව්‍යයන් අතරින් ද ප්‍රධාන ස්ථානයක් ගන්නා අංකෙන් දවල අස්ථිසන්ධානය කිරීමේ ගුණයක් ඇති බව හග්න වෛද්‍ය වරු පවසති. මේ නිසා ඇද වූ අස්ථි දිග හැරීමේ දී…
  • අහු (8/15/2025) - අහු ඖෂධීය මෙන්ම පාට ගැන්වීමේ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා පැළෑටියකි. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් මෙම පැළැටිය වගා කොට ඇති බව දැන ගන්නට ඇත. විශේෂයෙන් මෙම පැළෑටියේ මුල…
  • අශෝක (8/14/2025) - වනිතාවන්ගේ මුහුණේ ශෝභාව පැහැර ගන්නා වූ අළුත් කුරවක මල් පොකුරු වල ගෝභාව දැක හදවතක් ඇති කවරකුගේ නම් චිත්තය අනාග සැර පහර වලින් පීඩාවට පත් නොවේද? (මහාකවි කාලිදාස) මෙහි කුර්වක කටුකරඬු…
  • අසන – අහුන් (8/14/2025) - අසන හා ගම්මාලු ගුණය අතින් ද එක සමානය. එහෙත් අසන හා ගම්මාලු දෙවර්ගයකි. ගම්මාලු ලඝු, රුක්ෂ, කටු විපාක, කසට රස ශීත වීර්යය ද්‍රව්‍යයෙකි. ගම්මාලු රත්හඳුන් පවුලට ද අසන අරළු පවුලට…
  • අස්වැන්න (8/12/2025) - ආයුර්වේද මූලික ග්‍රන්ථ වල සඳහන් නොවන අස්වැන්න දේශීය වෙදකමේ දක්නට ඇත. එහෙත් අෂ්ට වර්ගයන්හි සඳහන් වන ශාල පණි නම් ද්‍රව්‍යය සඳහා ප්‍රතිනිධියක් ලෙස අස්වැන්න ඖෂධ සඳහා භාවිතය. ඊට හේතුව ශාලපර්ණි…
  • අසමෝදගම් (8/12/2025) - උෂ්ණ නිසා කළු වාත සමනය. තීක්ෂණ නිසා පිත්ත වර්ධන වේ. බාහිරින් වේදනා සහිත ස්ථානයන්හි ආලේප කළ හැක. එසේම විදාහිද වේ. උද්වෙෂ්ටන, නිරෝධි ද නාඩි බලකාර ද ආමවාත සන්ධි ශෝථ නාශක…
  • අවරිය නිල් (8/12/2025) - ගස අඩි දොළහකට වඩා උසට නොවැවෙන මේ පැලෑටියේ කොළ තද නිල් පාටකින් යුක්තය. හැඩහුරු කමින් සෙ නහ කොළ වලට සමානය. සෙනෙහෙ වල යුෂ නිල් පැහැයකින් යුක්ත නිසා සංස්කෘතයෙන් තිපි, නිලිකා…
  • අවර (8/11/2025) - උෂ්ණ වීර්යය, විෂ දෝෂ නැති කරයි. එසේම සෙම්දොස්, ඉදිමුම් නැති කරයි. ආහාර ද්‍රව්‍යයක් වශයෙන් මිස ඖෂධයක් වශයෙන් භාවිතයක් නැත. මල බද්ධය නැති කරයි. අවර කොළ, සුවය නොලබන ගැඹුරු කුෂ්ඨ රෝගීන්…
  • අළු පුහුල් (8/11/2025) - දිවයිනේ සෑම ප්‍රදේශයක ම පාහේ දක්නට ලැබෙන, බොහෝ විට බිම දිගේ පැතිරී යන, ලතාවකි. එහෙත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියළි කලාප යේය. මෙය ආහාර වශයෙන් ද ඖෂධ වශයෙන් ද ප්‍රයෝජනවත්…
  • අලිය ගහ (8/6/2025) - අලියෙකුගේ පාද මෙන් විශාල ශාඛා ද, විශාල කඳක් ද, දරන නිසා අලිය ගහ යන නම ලැබී ඇත. මුලදීම අමෙරිකාවේ පැන නැගුණු මෙම ගස ඉන්දියාවටත්, ලංකාවටත් හඳුනා ගන්නට ලැබුණේ මෑතකදී ය.…
  • අලිගැට පේර (8/6/2025) - අප රටේ වැවෙන අලිගැට පේර, (ගෙඩියේ බාහිර පොත්ත කොළ පාට සහ දම්පාට වශයෙන්, වර්ණයට අනුව) වර්ග දෙකක් දක්නට ඇත. හැඩයෙන් වට කුරු ගෙඩි සහ ගෙඩියේ පහත කොටස ගෝලාකාර, ඉහල කොටස…
  • අල බේත් (8/6/2025) - මෙය මල මුත්‍ර ශෝධනය හා අග්නි වර්ධනය සඳහා යෙදිය හැකි වන අතර පක්ෂාඝාත ආදී වූ වාත රෝග සඳහා ප්‍රශස්ථ ඖෂධයකි. ඌර්ධවජත්‍රැගත රෝග, චර්ම රෝග සහ සන්ධිගත රෝග සඳහා යොදන ඖෂධ…
  • අරූද (8/6/2025) - මෙම පැළය යුරෝපය නිජ භූමිය කොට ඇති වූවකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල ශීතාධික පළාත්වල හොඳින් වැඩෙයි. මෙම පැළෑටියේ ගුප්ත බලවේගයක් පවතින බවට ඇති විශ්වාසය නිසා හදි හූනියම් වලින්…
  • අරළු (8/6/2025) - අරළු ජන්ම භූමි එනම් හටගන්නා ප්‍රදේශ හා ආකාරය අනුව ප්‍රභේද 7 කට බෙදා ඇත. මෙරට මෙම ප්‍රභේද හත කෙරෙහි කිසිම සැලකිල්ලක් සැලකිල්ලක් නැත. අරළු කොයිවාත් එකය. එහෙත් මහ අරළු, කුඩා…
  • අරලිය (8/6/2025) - ක්ෂණිකව ඇති වූ සුළු තුවාල මත කිරි ආලේප කිරීමෙන් ලේ නැවතී වියලේ. පැස වූ ව්‍රණ වල අරලිය කිරි හා සඳුන් තෙල්, කපුරු සංයෝග කොට වුණ සැරහුමක් සේ යෙදීමෙන් තුවාල ශෝධනය…
  • අරත්ත (8/4/2025) - අභ්‍යන්තරික වශයෙන් නාඩි ව්‍යුහ උත්තේජක හෙයින් නාඩි දුර්වලත්ව යෙහි ද, වාත රෝගයෙහි ද ප්‍රයෝග කරනු ලැබේ. කටු තික්ත උෂ්ණ නිසා පාවන, අනුලෝමන, ද්‍රව්‍යයක් ලෙසින් අදාළ ව්‍යුහයෙහි ද ක්‍රියා කරයි අධික…
  • අයාපාන (8/4/2025) - උණ. ප්‍රතිශ්‍යාය. පාචන (බඩයන) රෝග සහ අධික ඩහදිය වැගිරීම, ඇති රෝග යන අවස්ථා වලදී ඖෂධයක් ලෙස පිලිපීන වැසියෝ යොදා ගනිති. මෙයින් තනාගත් කෂාය වමන කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගනිති. උණුකර…
  • අමුක්කරා – අස්ගොඳු (8/3/2025) - අමුක්කරා වනාහි ඖෂධීය අගයෙන් යුත් ක්ෂුප ( පැළෑටි ) යෙකි. බෙහෙත් සඳහා සම්පූර්ණ ක්ෂුපය (පංචාංගය ම) ගනී. අල සහ කොළ ගැනීමක් ගැන ද වාර්තා ඇත. ක්ෂාර මෙන් මැ ඇටත් ප්‍රයෝජනයට…
  • අමු (කරල් අමු). (8/3/2025) - ඖෂධ පිණිස ගන්නේ අමු ඇට යි. මෙය දම් උත්තලය. පුරාණයේ පැවති මාන (කිරුම්) ක්‍රම වල දී අමු ඇටය බර කිරීමේ ඒකකයක් හැටියට භාවිත විය. ආහාරයක් හැටියට ද අමුහාල් භාවිත කෙරේ.…
  • අඹ (8/2/2025) - නොනවතින වමන අවස්ථාවල දී, අඹ කොළ හා මාදම් කොළ ශීත කෂාය මී ඇල් දියෙන් ගලගා නස්‍ය කරනු ලැබේ. රක්ත අතීසාරයේ දී දී පොතු විදය ඇදියෙන් ඇස නාසයෙන් ලේ අවස්ථාවලයේදී අඹ…
  • අබින් (8/1/2025) - අබිං ඖෂධීය ගුණ යුක්ත වුවත් එය මත් ද්‍රව්‍ය ගණයේ ලා සැළකේ. වර්තමානයේ අප තරුණ පෙළ ශීඝ්‍රයෙන් ඇබ්බැහි වී ගෙන යන හෙරොයින් නම් අන්තරායකාරී මත් ද්‍රව්‍ය නිපද වීමට ද අබින් යොදා…
  • අබ (8/1/2025) - අබ උෂ්ණ නිසා රක්ත සංවහන ව්‍යුභාවේ දී හෘදය උත්තේජනය කරයි. සිද්ධාර්ථ තෛලය හෘද වේදනාවේ දී පසුවේ ගැල්වීමෙන් ගුණ ලැබෙ. මේ නිසාය. යකෘතය හා ලිභාවේ අබ තෙල් ගැල්වීමෙන් සහ අබ පැලැස්තරය…
  • අඳු (7/24/2025) - අඳුතලා මල් ගින්න වඩයි. හෘදය ට හිතවත් ය. තීක්ෂණ ය. උෂ්ණ වීර්ය වඩයි. රුචිය ඇති කරයි. රළුයි. ගෝනුසු දෂ්ඨ ආදී විෂ අවස්ථා වල දී තලා කොළ අඹරා හෝ එහි යුෂ…
  • අතිවිඩයම් (7/24/2025) - පිත් සමනය කරන හෙයින් ඉදිමුම ට හොඳයි. රක්තශෝධක හා රක්ත ස්තම්භන ගුණ ඇත. තිත්ත, කටු, උෂ්ණ, ගුණ ඇති හෙයින් දීපන, පාචනය යි. වමන නාශකයි. ග්‍රාහියි. අර්ශෝඝනයි. තික්ත රස නිසා කිරි…
  • අත්තන (7/22/2025) - වේදනා නාශක ගුණය හේතු කොටගෙන කම්ප ශූල යුක්ත වාත ව්‍යාධින්හි ප්‍රයෝග කෙරේ. වාත, කඵ, කාස, ශ්වාස කුක්කරකාසයන්හි ගුණදායක වේ. දීපන හා ශුල ප්‍රශමන හෙයින් අග්නිමාන්ද්‍යයෙහි ද උදර ශූලයෙහි ද ප්‍රයෝග…
  • අනෝදා – අතිබලා (7/21/2025) - BOTANICAL NAME - Abutilon indicum SweetFAMILY - Indian Mallowපොදු සිංහල නාමය - අනෝදා (බෙහෙත්)සංස්කෘත නාමය - බලා අනෝදා බලා පවුලට අයත් ක්ෂූපයෙකි. එය මෙහි ස්වතන්ත්‍ර වර්ණනයට පත්වූයේ "Sida" පවුලට නොගැනුණ…
  • අනෝනා (ආත්තා) (7/20/2025) - කටු ආත්තා වර්ගය මුත්‍ර ගල් දියකර පහ කරයි. මුත්‍ර ගල් සෑදීම වලක්වයි. එය ඉදුණු විට පළතුරක් ලෙස කෑමට හෝ පලතුරු බීමක් ලෙස පානයට ද ගත හැකිය. ශ්වාස කාස, වැනි සෙම්…
  • අනිත්ත (7/19/2025) - රයිනාකැකින් නමින් හඳුන්වන රතුපාට මැලියම් ද්‍රව්‍යය එහි ඇති ප්‍රධාන රසායනිකය යි. කච්ජු (Scabies) මුදු පණූ රෝගය (Ring worm) ආදි පර පෝෂිත ජන්‍ය හමේ රෝග වලට බහුල වශයෙන් භාවිතා කෙරේ. එහි…
  • අන්නාසි (7/18/2025) - දෝෂාණුරූප කර්ම වශයෙන් මධුර ගුණ ශීත වීර්යය නිසා වාතශාමකය. හෘද්‍ය හා රත්පිත් ශාමක නිසා හෘද රෝගීන්ට අන්නාසි දෝසි ගුණදායක ය. ආහාර රුචිය ඇති කරවයි. ආහාර රුචිය ඇති කරවන අග්නිදීපනය හා…
  • අන්දර (7/17/2025) - දෝෂණුරූපව කර්මයන්ට අනුව කඵ, වාථ, ශාමකය. ග්‍රාහක, ආමවාතහර, අශ්මරීනාශක, මුත්‍රවිකාර ප්‍රශමන යන කර්ම ස්පන්නය. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ වල මෙය ජීඊර්ණකාරක, මුත්‍රා කාරක, ගර්භ ශක්තිකර, ජනන ඉන්ද්‍රිය ශක්තිකර, අශ්මරී බේදක, අභ්‍යන්තර…
  • අනත්ත (7/16/2025) - ඇටවල Annatto රංගය සීයට 4' 8-6 ප්‍රමාණයකින් පිහිටා ඇත. පුරාණ ඉන්දියාවේ නාට්‍ය වලට පෙනී සිටින්නවුන් වර්ණවත් කිරීමට එය යොදාගත් බව භාරතීය වනෞෂධී ( කල්කටා) ග්‍රන්ථයෙහි සදහන්ය. එසේම මෙම ගෙඩි තුළ…
  • අඬනහිරිය (7/15/2025) - සෙම් පිත් රෝගයන්හි ගුණ ලබා දේ. පිත්තජ ශෝථයෙහි හා කුෂ්ඨයෙහි පත්‍ර ප්‍රලේපය යෙදේ. මුඛ කණ්ඨ රෝගයන්හි පත්‍ර ක්වාථය ගණ්ඩුෂ නියමයෙන් යොදනු ලැබේ. ළදරු මාන්දම් රෝගයෙහි අඬනහිරිය අඩංගු මාන්දම් තෛලය ප්‍රශස්ත…
  • අට්ටික්කා (7/10/2025) - දෝෂ කර්ම වශයෙන් සෙම් පිත් ශාමක ය. රක්ත දෘෂ්ටිනාශකය. බාහිරෙන් ශෝතහර, වේදනාස්ථාපන, වර්ණය, ව්‍රුණ රෝපණ හා ව්‍රුන ශෝධක ද වේ. ශෝත වේදනා සහිත ව්‍රුණයන්හි අට්ටික්කා කිරි ආලේප කරනු ලැබේ. සමෙහි…
  • අඟුණ – වැල් අඟුණ (7/6/2025) - අඟුණ යනු අංකොට යන්නෙන්හි සිංහල රූපයයි. රුක් අඟුණ, වැල් අඟුණ වශයෙන් ප්‍රධාන ප්‍රභේද දෙකකි. රුක් අඟුණහි භේද නැත. වැල් අඟුණහි භේද දෙකකි. තිත්ත අඟුණ, කිරි අඟුණ යන විසිනි. නිතර පලාවට…
  • අගිල් (7/6/2025) - යමෙකුගේ වණයකින් අගිල් සුවඳ වහනය වේ නම් ඒ මරණාසන්න ලක්ෂණ යෙකැයි සුශ්‍රැතය කියයි. මෙහි රසායන කර්මය ඇති බව වාග්භටය කියා ඇත. මෙය සුවඳ දුම් කුඩු පිළියෙල කිරීමෙහිදී ද සඳුන්කූරු මෙන්…
  • අගමුල නැති වැල් (7/6/2025) - මෙම පැළෑටිය කොළ රහිත, දඟරමය ඉතා සිහින් බොහෝ ශාඛා සහිත කහ පැහැති කඳකින් යුත් වෙළුණු පඳුරුමය ගොනුවකි. කඳ ක්‍රිමීන් සහිතයි. කුඩා පඳුරු මතද පොළවේ පැතිරී වැවෙන පලා වර්ග ආදිය මතද…
  • අක්මැල්ල (7/6/2025) - ළදරුවන් ගේ වචන හැසිරවීමේ අපහසුතා සඳහා සරලම උපක්‍රමයක්. කඵ, වාත, ශාමක වේ. සෙම උත්සාරණය කරයි. බාහිරින් ද අතිශය උත්තේජක හා වේදනා නාශක වේ. ශෝත් නිවාරකය, අභ්‍යන්තරික වශයෙන් නාඩි ව්‍යුහය උත්තේජනය…
  • අක්කර පට්ට (7/6/2025) - මෙය බාහිර ප්‍රයෝගයෙන් වේදනාස්ථාපකයි, ශොථහර ද කෘමි නාශකද වෙයි. පක්ෂාඝාත, ස්නායු දුර්වලතා ආදී රෝග අවස්ථා වලට බාහිර අභ්‍යාංග සඳහා යොදන තෙල් වර්ග වලට උපයෝගි වේ. අභ්‍යන්තර වශයෙන් ශරීරයට හිතකරයි. බලකාරකයි,…
  • අක්කපාන (7/6/2025) - අක්කපාන නමින් හදුන්වන පැළෑටිය අද අප රටේ බහුල වශයෙන් මුත්‍රාශ්මරි රෝගය සඳහා ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙම පැළෑටියේ ඇති විශේෂත්වය නම් රෝපණය වන්නේ මුල්, කද හෝ බීජ නොව…
මෙම කරුණු සම්බන්ධයෙන්

ඔබට වැඩිදුර යමක් විමසා දැන ගැනීමට අවශ්‍ය නම්

නැතිනම්, අපට ඇමතුමක් ලබා දෙන්න:

+94 71 600 0635

Scroll to Top