BOTANICAL NAME – Euphorbia hupericifolia L.
FAMILY – EUPHORBIACEAE
ENGLISH NAME – Australion asthma weed; snake weed and cat’s hain
ජාති සුමනා යනු මාලතී පර්යාය දෙකකි. මේ දෙක එක් වැ හෙළු වූයේ දෑසමන් විසිනි. මෙසේ ම දුශ්ඨිකා ක්ෂීරිණි දෙකේ එකතුවෙන් දදකීරිය විය. හීන් දද, මහදද යන තන්හි ‘ දද ‘ ශබ්දයට ද භාවිත වී ඇත.
පොදු සිංහල නම – දද කීරිය ‘ යි.
දෙමළ – අමුම් පව් මෙරෙස්සි
හින්දි – දුයි, දුග්ධ, දුධියා කිරි සහිත යන්නයි.
ගුජරාති – අධි
බෙංගාලි – බාරා කේරු
තෙලෙගු – බිඩාරි, නා නා බාලු
මලයාලම් – නෙලපාලයි
මහාරාෂ්ටු – නායෙට්, දුදාලි
පර්යාය නාම
දුග්ධිකා – කිරි යුක්ත බව. මෙම පැළෑටිය කැඩු විට සුදු පාටට කිරි වැගිරේ.
සංස්කෘක – දුග්ධිකා
පර්යාය
බින්දුච්ඡද (ගුරුපාට ලොකු බින්දුවක් කොළයේ ඇති නිසා)
ස්වාදු පර්ණි – මිහිරි කොල සහිත
ක්ෂිරා – කිරි සහිත
ක්ෂිරණි – කිරි ඇති ක්ෂුපය
නාගාජුනි
කුලය – ඒරණ්ඩ කුලය
වර්ණය හා වැවෙන ප්‍රදේශ අනුව ප්‍රභේද දෙකකි
(1) එළ දද කිරිය – ශ්වෙත වර්ණය
(2) මුදු දද කිරිය – රතු හෝ රෝස පාටය. එයට රක්ත වින්දුච්ඡද කියා සංස්කෘතයෙන් කියති.
මේ හැරත් ප්‍රභේද කිහිපයකි. එනම්:
බිම් දද කිරිය
බූ ද්ද කිරිය }- හීන් දද කිරිය (ක්ෂුද්රා ලඝු දුශ්ඨිකා)
මහ දද්ද කීරිය – (වෘහත් දුග්ධකා)
මෙම පැළෑටියේ නිජ බිම වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ සහ ලංකාවේ උෂ්ණ ප්‍රදේශ වල වැවේ. ඉන්දියාවේ උෂ්ණ අධික ප්‍රදේශ වල වර්ෂාවකින් පසු අත්හැර දැමු බිම්වල සරුවට වැවේ. ලංකාවේ මංමාවත් අසල, දුම්රිය මාර්ග අද්දර වලත් දක්නා ලැබේ.
මෙම පැළෑටිය සම්පුර්ණයෙන්ම ඖෂධ සඳහා ගැනේ. ජයවිර මහතාගේ ලංකාවේ ඖෂධ පැලෑටි. 2 වන කොටස පොතේ එළ දද කිරියවල උද්භිද විද්‍යා නාමය Euphorbia hypericifolia Linn. යන්නයි.
හිංදි -දුයි, දුද්ධිකා, හෂර්දනා
සංස්කෘත – දුග්ධකා
වාර්ෂිකව සෑදෙන මෙම පැළෑටියේ දිග සෙ. මී. 15 – 45 දක්වා වේ. ගසේ මුල සිට ම අතු විහිදී යයි. දණ්ඩ සිලින්ඩරාකාරය. තරමක් උසට දෙපසට විහිදෙන කොළ සොමි. 1.2 – 2.5 දක්වා දිග ය. සෙ.මී. 0.5 ක් සිට 1 ක් පළලට. අණ්ඩාකාරය. මල ඒක ලිංගිකයි. මල් හට ගන්නේ සැප්තැම්බර් සිට ඔක්තෝ -බර් මාසය දක්වාය. ලංකාවෙත් ඉන්දියාවෙත් උෂ්ණ උෂ්ණ ප්‍රදේශ වල සෑදෙන බව ග්රන්ථගතය.
අඩංගු දෑ
ඇලෙන සුළු ගතියක් ඇත. වොලටයිල් (හුළඟේ පාවී යන) ගම් තෛලද ශර්කරා සහ ක්ෂාර පදාර්ථ ස්වල්පයක් ද, කිරි වල රෙසින් ද අඩංගු ය.
කොළ සාරය, අතීසාර, රක්තාතීසාර, ශ්වෙත ප්‍රදර, ආතව ජනක රෝග වලදී පාවිච්චි කරති.
මෙය කිරිත් සමඟ ළමයින්ට බඩේ කැක්කුම් වලට දෙති. නැගෙනහිර අප්‍රිකාවේ එම පැලෑටියේ කිරි විරේචනය සහ චර්මාබාධ සඳහා පාවිච්චි කරති.
මුලින් ව්‍යවහාරයට ගත් ඖෂධ පැලෑටිය සම්බන්ධ ” ඉන්දියන් මෙටීරියා මෙඩිකා” වෛද්‍ය නාදකරණිගේ පොතේ සහ ” ඉන්ඩියන් මෙඩිසිනල් ප්ලාන්ට් ” නමැති කේ. ආර්. කීර්තිකර් හා බී. ඩී. බාෂු විසින් සඳහන් කර ඇති පොතේත් දක්වා ඇත්තේ වෛද්‍ය එම්. සී. කෝමන් සොයා ගත් බවකි. වෛද්‍ය කෝමන් මහතා පවසනුයේ ”” එය සොයා ගත්තේ මා විසින් ශ්වාස රෝගයේදී කරන ලද හොඳ ප්රතිකාරයකිනි. මා පුද්ගලික ව වෛද්‍ය කර්මයේදී මෙම තරල සාරය ප්‍රජනන ව්‍යුහගත රෝග වලදීත්, පුරාතන කාසයේදී මෙන්ම ශ්වාස රෝගයේදීත් පාවිච්චි කරනවා. එහි ප්‍රතිඵල ඉතා සතුටුදායක වුණා. මාත්‍රාව බිංදු 15 – 30 දක්වා දීමෙන් ශ්වාස හා ශ්වාස නාල ප්‍රදාහ රෝග වලදී. රෝහලේදී ඵලදායී ප්‍රයෝජන ලැබුවා ” යන්නයි. එමෙන් ම මෙහි තිබෙන විෂ ගතිය කුඩා සතුන් මරයි. බාහිර ව ගැමේදී මුදු පණු (ring worm) රෝග නසයි.
” ඉන්ඩියන් මෙඩිසිනල් ප්ලාන්ට් ” නම් පොතේ එළ දද කීරිය වල උද්භිද විද්‍යා විද්‍යා නාමය ( ” Euphorbin hirta Linn බව සඳහන් කරයි. ” වුනේකර ” ගේ මතය ද එය මය. මෙය වැඩියෙන් පාවිච්චි කරන්නේ බටහිර අප්‍රිකාවේය. ” කෝල්ඩ් කෝස්ට් ” හි එය අඹරා වතුර මිශ්‍ර කර වස්ති කිරීමට පාවිච්චි කරති. සුදු පාටින් යුත් යුෂ ස්ත්රිහු ක්ෂීර වර්ධනය සඳහා ගනිති. ඇතැමුන් මෙහි යුෂ ඇස් රෝග වලදිත් පාවිච්චියට ගැනේ. දද, තුවාල වලට ද ගුණැති මෙය අතීසාර, බඩේ කැක්කුම්, ඇදුම, පුරාතන ශ්වසන පද්ධතියේ රෝග යන මේවාට ද යොදති. 1931 වර්ෂයේ 18 වෙනි ඉන්දියා විද්‍යාත්මක සංගමයේදී මේ පැලෑටිය සම්බන්ධ ව සාකච්ඡා කර ඇති බව ද එම පොතේ සඳහන් කර ඇත. කෂාය වශයෙන් ද, යුෂ වශයෙන් ද ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. ආමාශය ක්ෂත විෂයෙහි මෙහි වංඩු රසය මී පැණි සහිත ව යොදනු ලැබේ.
දද යනු දුශ්ඨිකා යන්නෙන්ද කිරි ඇති බව හඟවන කිරිය යනු දුග්ධකා නාමාන් -තරයක් වන ක් පිරිණි යන්නෙන් ද පැමිණ ඇත. දද, පණු දද සඳහා ද ගුණ දෙන හෙයින් දද යනු ම ප්රමාණවත්ය. හීන් ද, බුද්ද, මහ දද යන තන්හි හුදු දද සඳහා යෙදිනි. ක්ෂිරිණි යන්න ගැන නොතකා ම කිරිය යන්න එක් වන්නට බැරි නැත. නව හන්දි ගසට ද දුග්ධකා යන නම ව්‍යවහාර වේ.
හින් දද
වටකුරු කුඩා කොළ ඇති, රතට හුරු තඹ පාටින් යුතු ය. අතු බිමට බරව විහිදී යයි. කොළ දිගැටි වර්ගයක් ද ඇත.
බූ හ්දද
කොළවල මැද ගුරු පාට පැල්ලමක් තිබේ. හෙවණේ ඇති වූ කොළවල එය නැත. බූවෙන් ද යුක්තය. රතු වර්ගය අමුතු වර්ගයක් බඳුය.
මහ දද
සාමාන්‍ය කොළ තිබෙයි.
මුළු පැලෑටිය ම ඖෂධ සඳහා ගන්නා මෙහි අඩංගු දෑ
ඇලෙන සුළු මැලියමක් ප්‍රධාන කොට ඇත. ස්ඵටිකමය. ක්ෂාරයක් ද ඉටි, දුම්මල, ක්ලොරපිල්, කසට ද්‍රව්‍ය සහ සෙවලෙන් යුක්තය. ශර්කරා, කැල්සියම්, ඔක්සලේට්, ගැලික්, ඇසිඩ්, හා ක්වර්සෙට්න් (quercetin) නම් පදාර්ථය ද අඩංගු ය.
පැළෑටි ගුණ විස්තර
සෙම පිට කිරීම. ගැස්ම නැති කිරීම. ගමනකාරී බව. දහඩිය පිට කිරීම අඩු කිරීම, කෘමිස්න, ශ්වසන ව්‍යුහයේ සහ ප්‍රජනන ව්‍යුහයේ සෙමි සිටි වල ශමනය ඇති කරයි. ශ්වාසනාලවල අවරෝධය ඉවත් කිරීම ප්‍රධාන ක්‍රියාව යි ඉන්දියාවේ ඩික්සිට් සහ කාමෙ සිවර් රාඕ විසින් දද කිරිය තරල සාරය ආමාශයේ සෙම් සිටි උත්තේජනය කරන බවත්, තරල සාරය ගැනීමෙන් සතුන්ට වචනය ඇති කරන බවත් සොයා ගෙන ඇත. එහෙත් ශිරා ගත කිරීමෙන් වමනය නොවන බවත් සොයා ගෙන ඇත. තවද, මෙයින් මූත්‍ර ව්‍යුහයේ වේදනාව නැතිවන අතර. ශ්වාසනාල පළල් වේ. දීර්ඝ කාලයක් ගැනීමෙන් ශ්වාසනාල ව්‍යුහයේ සහ හෘදයේ අක්‍රිය තත්ත්වයක් සුළු වශයෙන් ඇති වන බව ද පවසති.
ඖෂධීය ගුණ
රස – කටු, තික්ත, මධුර
ගුණ – ගුරු, රූක්ෂ, තීක්ෂණ
වීර්ය – උෂ්ණ
විපාක – කටු
කර්ම
කළු පිත්ත හරය වාත වර්ධනය
ව්‍යුහගත කර්ම
බාහ්‍ය – ඡන්තුස්නයි, කුෂ්ඨස්නයි, විෂස්නයි
අන්න පචන ව්‍යුහයේ
කෘමිස්නයි. භෙදනයි, අනුලෝමනයි
රක්ත සංවහන ව්‍යුහයේ
රක්ත ශෝධක, උත්තේජක
ශ්වසන ව්‍යුහයේ
කවස්නයි,ශ්වාසස්නයි
මුත්‍රණ ව්‍යුහයේ
මුත්‍රල
ප්‍රජනන ව්‍යුහයේ
වෘෂ්‍ය, ආර්තව ජනක
ත්ත්වය- කුෂ්ඨස්න
සාත්මීකරණය – විෂස්නයි
ප්‍රයෝග – දෝෂ ප්‍රයෝග වශයෙන් මෙය කළු, පිත්තජ රෝගවල යොදයි
ව්‍යුහගත ප්‍රයෝග චර්මාබාධ, සර්ප දෂ්ඨ
අන්න පවනයේ – උදර රෝග, ආමාශය ක්ෂත, ක්‍රිමි රෝග, ප්‍රවාහිකා
රක්ත සංවහන ව්‍යුහයෙහි – උපදංශ ථිරංග, හෘද්‍ය, බල්ය, රුධිර විකාර
ශ්වසන ව්‍යුහයේ – පීනස ජිර්ණ කාස තමක ශ්වාස
මූත්‍ර ව්‍යුහයේ – මුත්‍ර කෘච්ඡු, පූයා මෙහ
ප්‍රජනන ව්‍යුහයේ- ශුක්‍ර මේහ. කාමෝත්තේජන
ත්වචය – පණු, දද, කුෂ්ඨ
සර්ප දෂ්ටයකදී – ස්වරසින් කර්ෂ 1 කට ගම්මිරිස් කුඩු දමා
දදයට – දද කීරිය යුෂ ගෑම
ස්පෝටයට දද කිරිය යුසින් එරඬු ඇට අඹරා ගෑම
කෘමි දන්තයට – හීන් දද මුලක් දත් සිදුරට අසුවන සේ සැපීම
පලිතයට දද, කනේරු, දෙවගයේ යුෂ හිසේ ගෑමට
ආශ්රිත ග්රන්ථ
(1) ඖෂධ සංග්‍රහ ප්‍රථම පියවර ii සහ iii කොටස
(2) ජයවීර මහතාගේ ලංකාවේ ඖෂධීය පැලෑටි ii කොටස
(3) “ඉන්ඩියන් මෙඩිසිනල් ප්ලාන්ට් ” (කේ. ආර්. කීර්ති කර් සහ බී. ඩී. බාසු (3)
(4) ” ඉන්දියන් මෙට්රියා මෙඩිකා” කා ” (වෛද්‍ය නාද කරණි)
වෛද්‍ය එම්. අතුකෝරල,
ඖෂධ නිෂ්පාදනාගාර පාලක,
ආයුර්වේද රෝහල,
බොරැල්ල.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



