එළනිටුල්

BOTANICAL NAME – Plumbago zeylanica L.

FIMILY – PLUMBAGINACEAE

ENGLISH ΝΑΜΕ – Ceylon leadwort.

පොදු සිංහල නම එළනිටුල්, එළනේටොල් සුදු නිටුල්

දෙමළ – සිට්ටිරා, සිට්ටාගම්

දෙමළ පර්යාය
අත්තිනි
අත් හෝඩි වේලි
කානිලම්
කනිලින්දිරම්
කරීමයි
කොඩිවේලි
සදා වේද
සික්‍රගම්
සිත්තර මුලම්
වානමා
වෙල්ලයි කොඩිවලි
වත්හොඩිවෙලි

හිංදි

චීතා
චිතරක්
විතවාර්
චීටී
චිත්‍රා

සංස්කෘත

චිත්‍රක
ශිඛි (අග්නි පර්යාය)

තෙළඟු – චීත්‍ර මූලම්

බෙංගාලි

චූත්‍රා
චිටා

මලයාලි

තූටිඛා
කොඩිවිල්

බුරුම

කාන් ක්යෝක්
ප්‍යු

අරාබි

ශිතුරුජ්

පර්යාය – සංස්කෘත

අග්නි
හිරණ්‍යරත
ශිඛවන
අග්නි මාතා
ජටාවේද
ශිබි – අග්නිය වඩන හෙයින්
අග්නිශිඛ
ජ්‍යෙතිෂ්ක
ශූචි
අනල
කෘෂණානු
ශූර
අනලනාම
ක්‍රිෂ්ණාවර්තම
ශුෂ්මා
හාලි
කූට
ශ්වේතචිත්‍රක
වෘහද්භානු
ලොහිතාංග
උෂ්ණ
චිත්‍රා
පව්
වෛශවතාර
චිත්‍රක
පාලකා පාලි
වල්ලාරි
චිත්‍රංග
පති
වහ්නි
ද්‍රහක
පතිකා
වහ්නි නාම
දහන
පාචක
විහාකර
ද්‍රරුණ
සප්තාර්ශි
විහාවසු
ද්වීපි
ශාම්කර
ව්‍යාල
හිමාරත්
ගාර්දුල

චිත්‍රකවලට ව්‍යාඝ්‍ර පර්යායන් ද යෙදෙති.

උදා – ශාර්දුල, ව්‍යාල

මයුර පර්යායන්ද යෙදෙති. ශිඛි නමින් එලෙස හැඳින්වෙන්නේ චිත්‍රක පුෂ්පය මොනර හිසේ පිල් කළඹේ ලක්ෂණ හා සමාන බැවිනි.

අග්නි වඩන ගුණ ඇති හෙයින් අග්නි පර්යාය ශබ්ද යෙදේ. මේ පර්යාය සියල්ල එළනිටුල් හා රත්නිටුල් දෙවර්ගයට පොදුය.

ප්‍රභේද

ආචර්ය වාග්හට i

i පීත

ii ශ්වේතා

iii කෘෂ්ණ යනුවෙන් ප්‍රභේද තුනක් දක්වයි

රක්ත චිත්‍රක වඩාත් ප්‍රසිද්ධය. ඒ අනුව ප්‍රභේද 4 ක් සේ සැලකිය හැකිය.

එහෙත් වර්තමානයේ ව්‍යවහාර වන්නේ එළ නිටුල් හා රත්නිටුල් පමණකි. කෘෂණ චිත්‍රක, පීත චිත්‍රක අභාවයට ගොස් ඇති සේය.

එළ නිටුල් ඉතාමත් සුලභය. රත්නිටුල් එතරම් සුලභ නැත. රත්නිටුල් හා සමාන ගුණ ඇත. සංයුක්ත ද්‍රව්‍යයක් ලෙස ‘ ත්‍රිමද’ වලට චිත්‍රකද අඩංගුය. පණුවන් මත් කරන ගුණයෙන් යුක්ත නිසා විශේෂයෙන් මේ නම යෙදේ.

වැවෙන ප්‍රදේශ

දක්ෂිණ භාරතය, උත්තර ප්‍රදේශ, බිහාර්, බෙංගාල් හා ලංකාවේ වැවේ. ලංකාවේ පහතරට ප්‍රදේශ වල වැඩිපුර දක්නට ලැබේ. අප්‍රිකාවේ මෙම පැලෑටිය භාවිත කරන හෙයින් එහි ද වැවෙන බව සිතිය හැක.

මෙම පැලෑටිය අවුරුදු කීපයකින් අවසන් වන පඳුරු විශේෂයකි. විහිදී යන අතු රාශියකින් යුක්තව අඩි 2-5 ක් පමණ උසට වැඩේ. මුල් දිගට වැඩේ. ඕජස් සහිතව ඝනකමින් යුක්තය. කඳ රවුම් හැඩයෙන් යුක්තය.

තරමක් ගෝලාකාර හැඩයෙන් යුත් කොළ අඟල් 1 1/2 පමණ දිගය. දෙසැම බර් සිට මාර්තු දක්වා මල් හට ගනී. මල් සුදු පැහැතිය. පෙති පහකින් යුක්තය.

ව්‍යවහාරික අංග

මුල් සහ කොළ වැඩි වශයෙන්

වැඩි වශයෙන් මුල් ප්‍රයෝජනයට ගැනේ. අභ්‍යන්තරව යොදන විට විෂ අස්කර ගත යුතුය.

විෂ අස්කිරීම

මේ සඳහා මුල්වල මැද නාරටිය ඉවත්කර හාල්පානුදියෙන් හෝ පොල් කිරෙන් තම්බා ගෙන සෝදා අව්වේ වියලා ගනු ලැබේ. සමහරු පොල් වතුරෙන් තම්බා ගනිති. කෂාය සඳහා යොදන්නේ මෙසේ ශොධනය කළ ඒවාය. තම්බා පොඟවා ගැනීම ද සිදුවේ. වැඩිපුර පෙඟීමේ දී මෙහි ඇති වටිනාකම් ද දිය වේ. බාහිරින් යෙදීමේදී චිත්‍රක ශොධනයක් අවශ්‍ය නොවේ.

එළ නිටුල් වේලා රැස්කර තබා ගැනීමෙන් ගුණ හීන වේ. එම නිසා හැකි පමණ අලුත් ඒවා ප්‍රයෝජනයට ගත යුතුය.

චිත්‍රක ඉතාම හොඳ අග්නි වර්ධක ද්‍රව්‍යයකි. උදාර අර්ශස් ග්‍රහණි, ක්ෂය, ශොථරෝග නාශක යි. රත්නිටුල් වල දීපන පාචන ගුණ වැඩියෙන් පවතී. කල්ගත වූ චර්ම රෝග වලට, ලාදුරු රෝගයට බාහිර වශයෙන් එළ නිටුල් ගුණ දායක යි.

අප්‍රිකාවේ ලාදුරු රෝගයට අත් බෙහෙතක් වශයෙන් පාවිච්චි කෙරේ. රසායන ගුණයෙන් යුක්තයි. බුද්ධි වර්ධකයි.

මෑත දී කරන ලද පරීක්ෂණයන්ට අනුව චිත්‍රක තට්ටය පෑදීමේ මුල් අවස්ථාවට ගුණ දෙන බව සොයා ගෙන ඇත. නාඩි ව්‍යුහාව උත්තේජනය කරන ද්‍රව්‍යයක් ලෙස ද සොයාගෙන ඇත.

රසායනික උපාදාන

මේවායේ මුල්වල Plumbagin නම් කටුක, ස්ඵටිකමය. කසාවන් ක්‍රියාකාරී උපාදානයක් අන්තර්ගතය. කොළවල හා කඳෙහි සුළු වශයෙන් එම උපාදානය අඩංගු වන අතර (Volatile Oil) වොලටයිල් නම් තෛල පදාර්ථය ද මඳ වශයෙන් අන්තර්ගතය.

ක්වාථ, චූර්ණ, අරිෂ්ඨ, ආසව, වටීකා ආදී විවිධ යෝගයන්හි මිශ්‍රිතව යෙදේ.

දශමූලාරිෂ්ඨ පිප්පල්‍යාසව ආදියෙහි උපයෝගී කරගනී.

ඒකීය ඖෂධයක් වශයෙන් පවනේ වියලා ගත් එළ නිටුල් මුල් චූර්ණය අග්නි මාද්‍ය, අජීර්ණ අවස්ථාවලට ද, මල භෙදයට ද යොදයි.

විශේෂයෙන් අග්නි මාද්‍ය ජනිත රෝගයන් සඳහා අල්ප මාත්‍රාවෙන් එළ නිටුල් චූර්ණය දීමෙන් අග්නිය දීප්තිමත් වී ආහාර රුචිය වැඩී මන්දාග්නිය දුරුවේ. ජඨරාග්නිය මැනවින් උද්දීපනය කරන නිසා බුද්ධිය වර්ධනය වීම ද මෙයින් සිදුවේ.

රත්නිටුල් එළ නිටුල් වර්ග දෙකේම ගුණ එක සමානයි.

ගුණ – ලඝු, රූක්ෂ, තීක්ෂණ

රස – කටුක

වීර්යය – උෂ්ණ

විපාක – කටු

උෂ්ණ හා තීක්ෂණ නිසා කළුවාත සමනය වේ. රත්නිටුල් තියුණු නිසා ලේඛන සහ විස්ඵෝටජනක තීක්ෂණ නිසා දීපන, පාචන සහ ග්‍රාහි කෘමිස්න වේ. ඇති වේ. පිත්ත වර්ධක එළනිටුල් වේ. කටුක උෂ්ණ සහ පිත්ත නිස්සාරක ගුණය ද

මෙම ද්‍රව්‍යය රත්ත පිත්ත කෝප කරයි. ශෝථය නසයි.

ස්ත්‍රීන්ට රත්නිටුල් එළනිටුල් නිසා තියුණු ගර්භ සංකෝචනය කරයි. ගර්භ ස්‍රාවී කාරකයි. ජනනේන්ද්‍රිය උත්තේජනය කරන නිසා වාජීකරණ ගුණයක් ද ඇත.

ගර්භනීන්ට එළ නිටුල්, රත්නිටුල් අහිත කරයි. ගර්භස්‍රාවී නිසා ගර්භපාතනය සිදු වීමට ඉඩ ඇත.

ශ්වේත කුෂ්ඨ වලදී ලේප කරයි. වල බිබිලි මතු වී තුවාල විශ්චිත්‍ර අඩු වේ. දෙවිධියෙන්ම යෙදිය හැකි ය. එසේ ලේප කිරීමෙන් ශ්චිත්‍ර ඇති ස්ථාන කුෂ්ඨ ශ්චිත්‍ර රෝග වලදී බාහිර අභ්‍යන්තර

ශ්චිත්‍රයට

ගෝමුත්‍ර රත්නිටුල් හෝ එළනිටුල් තිකුළු ගිතෙල් මී පැණි සමව ගෙන කලගෙඩියක බහා දින 15 ක් තබාගෙන වැලඳීමෙන් සුවය ලැබේ.

මුත්‍රාශ්මරී රෝගයේදී

මෙම ද්‍රව්‍ය වල කෂාය ගුණ දායකයි. යකෘත්, ප්ලීහ. ගුද, ශෝථයන්හි දී ද උපයෝගී කර ගැනීමෙන් සුවය ලබා ගත හැකියි.

ඉන්ද්‍රලුප්තයට (උඳුගොව්වා කෑමට)

එළනිටුල් මුල්, දෙහි ඇඹුලෙන් උරච්චි කර එම ස්ථානයේ ගෑ යුතුය. ගෑමෙන් පසු පිළිස්සුණ ගතියක් ඇති වේ. පසුව තුවාලයට තෙල් ගෑමෙන් සුව වේ.

ගුණ

” චිත්‍රකෝනල නාමා ච පිථො ව්‍යාලතථොෂණඃ. චිත්‍රකඃ කටුකාඃ පාකෙ වහ්නි කෘත්පාවණෛඃ ලඝුඃ; රුක් ෂොණ්ණො ග්‍රහණි කුෂ්ඨ ශෝථා ශඃ කෘමිනාසනුත්, වාත ශ්ලෙෂ්ම හරො ග්‍රාහි වාතශ්ලෙෂ්ම පිත්ත හෘත ”
(හා. ප්‍ර.)

” චිත්‍ර කොග්නි සමඃ පාකෙ කටඃ ශොථකථාපහ වාතොදරාඝො ග්‍රහණි කෘමි කණ්ඩු විනාශනඃ ස්ථුල කාය කරොරුව්‍ය්‍ය කුෂ්ඨ නො රක්ත චිත්‍රකඃ රසෙ නියාමකඃ ලොභෙ වෙධකශ්ව රසායනඃ “
(රා. නි.)

‘” චිත්‍ර කොග්නි සමඃ පාකෙ කටුකඃ කළුශොඑජිත් වාතොදරාඝො ග්‍රහණි ක්ෂය පාණ්ඩු විනාශ නම් “

මාත්‍රාව

මුල් චූර්ණය, ග්‍රෙන්ස් 2-10 දක්වා

Extractum Plumbaginis Zelanical Liquidum (එස්ට්‍රැටුම් ප්ලම්බගිනිස් සිලනිසි ලික්විඩුම්)

Dose 2 to 4 mils, 1/2 1 fluid drachm

විශේෂ

එළනිටුල් අධික මාත්‍රාවෙන් විෂ ක්‍රියා ඇති කෙරේ. එම නිසා අල්ප මාත්‍රා වෙන් යෙදිය යුතුය.

අධික මාත්‍රාවෙන් ගත් විට එය ක්‍රියාකරනුයේ නාඩි ව්‍යුහාවේ ය. එය මොළ යට හා සුෂුම්නාවට ද බලපායි.

Plumbagim නම් පදාර්ථයේ ක්‍රියාකාරිත්වය නිසා සමේ බුබුළු නැගීමට ඉඩ ඇත.

යෝග

වර්ණ, ක්වාථ, අරිෂ්ඨ, ආසව, වටීකා, සෘත ආදි විවිධ නිෂ්පාදනයන් සඳහා යෙදේ.

ප්‍රයෝග

ඒකීය වශයෙන්.

රසායනයට

චිත්‍රක චූර්ණය, සෘත, මධු, දුග්ධ හෝ ජලය සමඟ අල්ප මාත්‍රාවෙන් ගැනීම.

ක්ෂය රෝගයට

චිත්‍රක චූර්ණය එළුකිරි සමග බීම

වාත රෝගයට

චිත්‍රක චූර්ණය තල තෙල් සමඟ බීම

ශ්චිත්‍රයට

චිත්‍රක චූර්ණය ඵල මුත්‍රයෙන් දීම

අර්ශස් රෝගයට

i චිත්‍රක වුර්ණය තක්‍ර සමඟ බීම

ii චිත්‍රක වුර්ණ දමා මුදවාගත් කිරි වලින් සැදු මෝරු දීම

iii චිත්‍රක ක්වාථ, කල්ක, සාකය දීම

ග්‍රහණියට

චිත්‍රක. ක්වාර, කල්ක සෘකය දීම

අජීර්ණයට

චිත්‍රක වුර්ණය අල්ප මාත්‍රාවෙන් දීම

ශිකතා මේ හෙයට (ර්ශකරා මෙහෙයට)

විත්‍රක වුර්ණය යොග්‍ය අනුපානයකින් දීම

ගොථයට

චිත්‍රක පත්‍ර ශාකයක් වශයෙන් (පලාවක්) දීම

සංයෝග වශයෙන්

අර්ශස් රෝගයට

චිත්‍රක ශුණ්ඨි චුර්ණය උක්ගසින් තැනූ මද්‍ය සමග පානය

අග්නි මාන්දයට

චිත්‍රක, වර්ණ, අරලු, තිප්පිලි සහිඳලුණු සමාව වුර්ණ කර දීම

වාත රෝගයන්ට

‘ චිත්‍රකේන්ද්‍ර යවා පාඨා කටුකාති විෂාභයා මහා ව්‍යාධි ප්‍රශමනො යොගඃ ෂඩ් ධරණ ස්මෘතඃ”

චිත්‍රක, කෙළිඳහාල්, දියමිත්ත, කටුකරෝසන. අතිවිඩයම්, අරළු කෂාය වශ යෙන් හෝ සමව ගෙන වුර්ණ කර හෝ යෙදිය හැක.

ලී පදයට

චිත්‍රක මූල, දේවදාර හෝ මුත්‍රයෙන් අඹරා ප්‍රලේප යෙදීම

වණ ශොථ විදාරණයට

(පැලීමට) චිත්‍රක මූල ප්‍රලේප කරන්න

ආශ්‍රිත ග්‍රන්ථ

ආයුර්වේද ඖෂධ සංග්‍රහය (දෙවන කොටස)

2.໖.໑. 2, 4 8.7

  1. 5. 9. 11.14 8. 2, 4

අ. හෘ. සංසු. 6, 9

). 1 8. 3

ඖෂධ සංග්‍රහය ii සහ iii ග්‍රන්ථ

A Hand Book to the Flora of Ceylon Part iii
Henry Trimen.

Medicinal Plants used in Ceylon
D. M. A. Jayaweera.

Vegetable Meteria Medica of India & Ceylon Emmanual Roberts.

වෛද්‍ය, එච්. පී. කේ. දහනායක,
වෛද්‍ය අධිකාරි 11,
ආයුර්වේද රෝහල,
කොළඹ 08.

කේ. එල්. එස්. විජයසිංහ මහත්මිය,
වෛද්‍ය නිළධාරි,
ආයුර්වේද රෝහල,
කොළඹ 08.

Scroll to Top