එරබදු

BOTANICAL NAME – Erythrina variegata L.

FAMILY – LEGUMINOSAE

ENGLISH ΝΑΜΕ – Indian coral tree

පොදු සිංහල නම් – එරමුදු – එරබදු එරට මුදලියා (රහසි නම්)

හිංදි – මදර් – එර්හද්, දදප්

බංගාලි – පාල්තෙ. මදාර්

මලයාලි – පාංගරා

ගුජරාති – පනවවො

දෙමළ – කල්‍යාණ මුරුත්ත – මුල්ලුමුරුක්කු

තෙලිඟු – බරිදෙවෙට්ටු. වාරිජමු

සංස්කෘත – පාරිජාත, පාරිභද්‍ර, ප්‍රභද්‍රක

මල් පිපී ඇති ගස. හැම විටම සතුට ඇති කරන බැවින්.

නිම්බතරු – කොහොඹ සමාන තිත්ත රස ඇති බැවින්.

පර්යාය

කංටකී පලා

බහු පුෂ්ප – මල් බහුලව ගන්නා බැවින්

රක්ත පුෂ්ප, රක්ත කුසුම – රක්ත වර්ණ මල් හටගන්නා බැවින්

රක්ත කේශර – රතු රේණු මල් ඇති බැවින්

කෘමිෂ්න, ක්‍රිම ශාත්‍රු – පනුවන් නසන බැවින්

කණ්ටකි – ගසේ කටු ඇති බැවින්

කණ්ටර්කි ශුක

පලාස

බක් මහ සමයේ මල් පිපී අලංකාර වන එරබදු ගස අප රටේ කලාකරුවනට විශේෂිත වූ ගසකි. වැට ඉනි වගාවට (වැටවල් තැනීමට) යොදාගන්නා, දැව ප්‍රයෝජන නැති අඩි 20 – 30 දක්වා උසට වැවෙන කඳ මහත් වන ගසකි.

උඩරට ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව, ගසේ කටු නොමැති, කොළ – මල් එරබදු ගසට සමාන, හෙවන පිණිස වැට ඉනි පිණිස වචන වර්ගය ද එම ප්‍රදේශවල ජනතාව එරබදු නමින් හඳුන්වනු ලැබේ. වල් එරබදු – මාර මුරුංගා, මුරුංගා ආදි නම් වලින්ද එම ගස හඳුන්වනු ලැබේ. එම ගස ශිම්බී (LEGUMINOSAE) කුලයේ (Ery hrina lithosperma miq.) යන උද්භිද විද්‍යානාමයෙන් හැඳින් වේ. එම වර්ගය බෙහෙත් පිණිස ගනු ලබන්නේ ඉතා කලාතුරකින්ය.

අප රටේ බෙහෙත් පිණිස එරබදු, යක් එරබදු නමින් වර්ග දෙකක් ගනු ලැබේ. මේ දෙවර්ගයේම ගසේ කටු ඇති අතර යක් එරබදු ගසේ කටු බහුලය. සීබි කුලයට අයත් එරබදු ගස (E. Variegatu Linn.) යන උද්භිද විද්‍යා නාමයෙන් ද කටු එරබදු (E. Fascu Lour.) නාමයෙන්ද හැඳින්වේ. උද්භිද විද්‍යානුකූලව E. Suberosa හා ධවලඩාක් හින්දි නාමයෙන් හැඳින් වෙන ගසේ කොළ පොතු ද එරබදු වලට සමාන ගුණ බලාපොරොත්තුවෙන් ඉන්දීය දේශීය වෛද්‍යවරුන් භාවිත කරන වග දැනගැනීමට ඇත.

අලංකාර පැළෑටියක් වශයෙන් යොදාගන්නා කහපාට හෝ සුදුපාට ඉරි සහිතකොළ හටගන්නා එරබදු වර්ගයක් ද නගර උද්‍යානයන්හි දක්නට ලැබේ.

ආයුර්වේද වෙදකමෙත්, අපේ රටටම ආවේණික වූ දේශීය වෙදකමෙත් ප්‍රමුඛ ඖෂධ සේ එරබදු සහ යක් එරබදු සැලකිය හැකිය. එහි කොළ පොතු සහ ඇට බහුලව බෙහෙත් පිණිස ගන්නා අංශයන්ය.

එරබදු සඳහා යෙදෙන සංස්කෘත නාමයන් වන පාරිජාත ශබ්දය සේපාලිකා ගස් සඳහාද පාරිභද්‍ර නාමය දේවදාර සහ කොහොඹ සඳහාද යෙදී තිබේ. අප රටේ හිඟුල් (රෝහිතක) නමැති ගස බහුලව දක්නට නොලැබේ. යකෘත් ලිහා රෝග සහ විෂම වර රෝග සඳහා ගුණදායී එම ද්‍රව්‍ය වෙනුවට ප්‍රතිනිධි ඖෂධයක් වශයෙන් යක් එරබදු පොතුද ක්‍රිමි රෝග සඳහා ගුණදායි කැල ඈට වෙනුවෙන් ප්‍රතිනිධි ද්‍රව්‍යයක් ලෙස එරමුදු ඇට ද යොදාගෙන ඇති බවක් පෙනේ.

එරමුදු ඇට දේශීය වෙදකමේ බහුලව යෙදෙන බෙහෙතකි. එරබදු සඳහා සංස්කෘත භාෂාවෙන් යෙදෙන පරිභද්‍රක ශබ්දය සුශ්‍රැත සංහිතාවේ ක්‍රිමි ප්‍රතිශේධ වශයෙන් උත්තර ස්ථාන අධ්‍යය 32 හි සහ පරිජාතක නමින් ජලිහෝදර සඳහා වරක සංහිකාවේ චිකිත්සා ස්ථාන අධ්‍යාය 11 හිද පාරිජාත නමින් උදකමෙහි සඳහා විකික්සා ස්ථාන අධ්‍යාය 11 හිඳ සඳහන් වේ.

එරබදු කොළ සහ පොතු බාහිර ප්‍රයෝග වශයෙන්

සන්ධි පීඩා, වන වේදනා, ග්‍රන්ථි ශොථ, සන්ධි ශොර වුණ ශොථ නේත්‍රා ශිෂ්‍යන්ද, කර්ණ ශුල කර්ණ ස්‍රාව, දන්ත ශුල වැනි රෝග අවස්ථා වලදී විවිධ සංස්කරණ සඳහා යොදනු ලැබේ. එම නිසා කැඩුම් බිඳුම්. තැලුම්,වන. ඔඩුවන. ක්‍රිමවන, ස්ලීපද, රත රෝග වෙදකමේ යෙදී ඇත.

අභ්‍යන්තර වශයෙන් ද එරබදු කොළ, පොතු බෙහෙත් පිණිස ගනී. වා සෙම් සමාන ගුණය බහුලව පවතී.

එරබදු ගුණයෙන් ලඝුය

රසයෙන්, තිත්ත කටුය

විපාකයෙන්, කටුය

වීර්යයෙන්, උෂ්ණය

රසායනික සංඝටන

පොත්තේ මැලියම් වර්ග 2 ක් සහ තිත්ත කෂට පදාර්ථයක් ඇත. එය කොළ වලද ඇත. විෂ සහිතය. එහෙත් ගොඩ කදුරු විෂ සඳහා එය ප්‍රතිකාර වශයෙන් ඖෂධයක් වශයෙන් සැලකේ.

අභ්‍යන්තර වශයෙන් ලේ පිරිසිදු කරන බෙහෙතක් වශයෙන් එරබදු ප්‍රසිද්ධය. එබැවින් රතගාය. ගෙඩි වන, අර්බුද, කුෂ්ඨ, උපදංශ, පිරංග රෝග වලට යෙදේ.

දීපන, පාවන. අනුලෝමන, ග්‍රාහි, ශුල හර ගුණයෙන් යුක්ත බැවින් අරුචි අග්නි මාද්‍ය උදාර ශුල, ක්‍රිමි රෝග සහ ග්‍රහණි අර්ශස් රෝග වලට ගුණදායකය. පරීපවන සංස්ථානගත දෝෂ නිසා හටගන්නා අක්ෂි රෝග සඳහා දේශීය වෛද්‍ය වරු එරබදු පොතු විශිෂ්ඨ ගුණ අපේක්ෂාවෙන් ප්‍රයෝග කරති. විශේෂයෙන් අක්මාවේ හටගන්නා රෝග අවස්ථාවලදී විශේෂයෙන් යෙදේ.

නින්ද නොයන රෝගීන්ට හා ආක්ෂේප ජනිත රෝග අවස්ථා වලදී ද විවිධ උන්මාද හා අපස්මාර රෝග වලදී ද ප්‍රයෝග කරනු ලැබේ. වා සෙම සමන බැවින් හා සෙම පිට කිරීමට උපකාරීවන බැවින් කල්ගත කැස්සට හිතකරය. මුත්‍ර කාරක ගුණය ඇත. එසේම බහු මුත්‍ර රෝගයට ද ප්‍රයෝග කෙරේ. ආර්ථව පිට කිරීමේ පහසුව ඇති කරන බැවින් කාන්තාවන්ගේ රජස් පිටකිරීමේ අපහසු තා වලටද තන්‍ය වර්ධන ගුණ ඇති බැවින් සුතිකාවනට ද එරබදු කොළ ව්‍යාජනය පොල් කිරි දමා පිළියෙල කර ආහාරයට දෙනු ලැබේ. ඇටවල වාජිකරණ ගුණය ඇති බැවින් ද්වජ භංග රෝග සඳහා යෙදෙන යෝග වලට යෙදේ.

එරබඳු අඩංගු ඖෂධ ශරීර තරබාරුකම් මහහැරීමට උපකාරී වේ. උණ. කල්ගත උන. ප්ලීහා වෘද්ධිය යන රෝගවලට ද ගුණදායකය. එරබදු දළ ව්‍යංජනය පනුවන් කැලීම පිණිස අපේ ගම්බද ඔවුවරුන් දෙන අත් බෙහෙතකි.

අප රටේ දේශීය වෛද්‍යවරුන් අතර සුප්‍රසිද්ධ ජීවානන්ද වටී ඇඹරීමට එරබදු පොතු හා අමු ඉඟුරු ඉස්ම ගනු ලැබේ. එය ඉහත කී බොහොමයක් රෝගාබාධ වලට ගුණදායකය.

යෝග

වන සේදීමට

එරබදු දළු, එරඩු දළු,තම්බා එම වතුරෙන් වන සේදීම.

විෂකටු ඇනී විෂදුවා වන වු විට රහස් බේත

එරබදු කොළ යහමින් ගෙන හොඳට තම්බා පෙරා රැගෙන තුවාලය සේදීමට දෙනු.

වන ශුද්ධ විටම හා කුන කැපීමට

  1. එරබදු දළු මී පැණියෙන් අඹරා බඳිනු.
  2. එරබදු දළු, බත්, අමුකහ. පල්මානික්කම අලු ස්වල්පයක් දමා එලඟි තෙලින් අඹරා බඳිනු.

කසන වතුර ගලන දද වණ වලට

එරබදු දළු තව් මැරෙන්නට තබා එපමන බැදි තල ඇට සමග එළඟිතෙලින් අඹරා ගෑම

තිස් පෑහන්දි බෙත

එරබදු පොතු

නික් පොතු

කහ, ලුණු ලා කොටා මලවා බඳිනු.

පනු දද වලට

පරබදු දළු අමුකහ මී පැණියෙන් අඹරා කොහොඹ කෙල් දමා කකාරා ගානු

පනු වන වලට

එරබඳු දව දුකල සමඟ කොටා යුෂ ගෙන ඊට දුන් කොළ කුඩු දමා කලතා වනයට ගානු ඊට පසු එරබදු කොල තන කිරෙන් අඹරා වනයට බඳිනු.

වන ඉදිමුමට

  1. එරබදු කොළ පොතු කහ, ලුණු ලා කොටා ඉස්ම ගෙන ඊට දෙහි ඇඹුd දමා කකාරා ගානු.
  2. එරබදු දළු පොතු ඔලිඳ කොළ සමඟ කහ. ලුනු ලා කොටා යුෂ කකාරාගානු.
  3. එරබදු කොළ- රත් හඳුන් පිටි. පොල් කටු අඟුරු, සියඹලා කොළ යුෂන් අඹරා ගානු.

තැල්මට

  1. එරබදු කොළ යුෂ – බිත්තර සුදුමද – අරක්කු සමඟ මිශ්‍ර කර බොනු.

2 . සියඹලා කොළ යුෂ

එරබදු කොළ යුෂ

}

පත 1/2 අරක්කු දමා බොනු

බරවා රෝගයෙන් කකුල් ඉදිමි නහර වේදනාවට මැල්ලුම

එරබදු කොළ, පොතු

අන්කෙන්ද කොළ, පොතු

අට්ටික්කා පොතු, කොළ කොටා යුෂ ගෙන, රත්මල් අඹරා දමා කකාරා ගානු.

බරවා රෝගයෙන් ඉඳිමුමට

එරබදු කොළ යුෂ පත 2

අරක්කු බෝතල් 1/2

තිත්ත අබිං කලං 4 දියකර ගානු.

රතට පැණිය

එරබදු කොළ

රත්මල්

අරළු

කලං 4 බැගින් ගෙන වතුර පත 1/8 ට සිඳ සුකිරි රා 1/2 දමා නැවුම් වළඳක දමා කකාරා තේ හැඳි 2 බැගින් උදේ. සවස දෙන්න.

වන එරබදු එන යෝග

අවහන්දියට

වන එරබදු කොළ, පොතු – දොඩම් පනා කොළ, පොතු, සිඹිල්ල පොතු. බෝ පොතු, කල වැලේ මුල්, කහ ලුනු ලා කොටා මලවා බඳිනු. තිස්වරුවෙන් මෙපිට අයටයි.

වෛ/ වී/ භෛ

කාන්තා රෝග චිකිත්සා අධිකාරිය

සිකනැල් විෂට

දීම. එරබදු ගහේ බටහිරට ගිය මුලේ පොතු කොටා මිරිකා පොල් කිරෙන් බීමට

ගෝණුසු විසට

එරබදු කොළ යුෂ ගානු

වල් ගැරඩි කෑ විෂට

එරබඳු ඇට තන කිරෙන් උරච්චි කර කෑ මුඛයේ යානු

පනුවා කන වනවලට

එරබදු ඇට තල තෙලෙන් අසීරා භා

විශිෂ්ඨ යෝග

පාරිභද්‍රාවලේහ

රක්ත කුසුම: ක්‍රිමනා බහු පුස්පො

රක්ත කෙසරෝ වසවා: පාරිභනා කටුණා ස්‍යාත් කළු වාත නිකා අරෝචක හරු පය්‍යොදීපන ස්වාපි කීර්තිත:

රා. නි.

පාරිභද්‍රො නීච බතරු මන්දරාඃ පරිජාතක:

පරිභද්‍රො නීල ශ්ලේෂ්ම ශොථ වෙද්‍ය ක්‍රිමි පුණුන් තත් පත්‍රං තු පිත්ත රොගස්නා කර්ණ ව්‍යාධි විනානම්

  1. පු.

නිම්බද් දුමො රක්ත පුෂ්පා ප්‍රභ පාරිභද්‍ර වන්දරකඃ පාරිජාතඃ කැටකී කාට කිංගුතපරිසළෝ නිලශ්ලෙෂ්ම ශොථ වෙද ක්‍රිමින් හරෙද් තත් පුෂ්පා පිත්ත රෝග සාං කරණ ව්‍යාධි විනාශ්නම්

७.७८/.

ආශ්‍රිත පොත්

ද්‍රව්‍ය ගුණ විඥානය – ප්‍රියවෘත සමා

ආර්ය වේද ඖෂධ සංග්‍රහය, ප්‍රථම දෙවන, තුන්වන කොටස්

වෛද්‍ය චින්තාමණි භෙෂස්‍ය සංග්‍රහය

භාව ප්‍රකාශ රාජ නිඝණ්ඩු

කෛසදේව නිගණ්ඩු

කැප්පෙටිපොල විසු පරලොව සැපත් වෛද්‍යාචාර්ය ඇම්. ඇම්. ගුණදස මහතාගේ අත් පොත්

වර්ෂ 1918 පමන කොළඹ විසූ ඇන්. එම්. එප්. සෙබස්තියන් පෙරේරා මහතා ගේ අත් පොත්

සර්ප පොත් පන්තිය හෙවත් සර්ප වෙද පොත

කණ්ඩ මාල ඖෂධ සංග්‍රහය

ආශ්‍රිත පුද්ගලයෝ

වෙන්නප්පුවේ වෛද්‍ය චින්තාමණි

ඇස්. ඒ. අබේසිංහ මහතා

ආයුර්වේද මහා රෝහලේ අක්ෂි රෝග විශේෂ වෛද්‍ය අලගියවන්න මහතා.

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top