BOTANICAL NAME- Papaver sominiferum L.
FAMILY – PAPAVERACEAE
පොදු සිංහල නම – අබින්
ඉංග්‍රීසි නාමය – Opium
දෙමළ නාමය – අබ්දු
හිංදි නාමය – අපිම්, අඒයුන්
බංගලා නාමය – ආපීම්, අබිඓන
සංස්කෘත නාම – අභිඵෙන, ආඓන, නිඓන, අථුක, ආථුක, ඛසපලක්ෂීර.
කුලය – අභිඒන කුලය
ඇට – සුදු කසකසා නමින් හැඳින් වේ.
සංස්කෘත – බස බීජ, ඛාඛසතිල, ඛාඛසබීජ
හින්දි – බස්බස්
බෙංගාලි – පෝස්තදානා, ඛාඛාස්දනා
ගෙඩි – කිරි වෙන් කර ගත් වියළි අබිං ගෙඩි ‘පෝස්තක’ නමින් හැඳින් වේ.
ප්‍රභේද
සුදු හා රතු වශයෙන් පොපි ගස් වර්ග දෙකක් වේ. අබින් සාදනුයේ සුදු පොපි ගසෙනි. පැපචාර් කුලයට අයත් වර්ගයක් ඉන්දියාවේ පවතින අතර ඉන් වර්ග තුනක් ප්‍රධානව පවතින බවත්, ඒ අතරින් සොමෙනිපෙරුම් වර්ගය ප්‍රධාන ස්ථානය යනු ලබන බවත් දැක්වේ. (වෙල්ත් ඔප් ඉන්ඩියා දෙවන වෙළුම එන්. පී. ඊ)
විවිධ අයුරින් ප්‍රභේද දක්වා ඇත. ඒවා මෙසේය.
(අ) ඇටවල වර්ණය අනුව
- ඇට සුදු වර්ගය
- ඇට කළු වර්ගය –
(ආ)
- තුර්කි වර්ගය
- පර්සියන් වර්ගය
- ඉන්දියානු වර්ගය
- යුරෝපීය වර්ගය
(ඉ)
- පටිනා අබින් – (බිහාර් ප්‍රදේශයේ නිපදවන)
- බෙනාරිස් අබින් – (බරණැස හා යුක්ත ප්‍රාන්තයෙහි නිපදවන)
- මල්වා අබින් – (බටහිර ඉන්දියාවේත් මධ්‍යම ප්‍රදේශයේත් නිපදවන)
(3) මල්වල වර්ණ අනුව වර්ග තුනකි.
- මල් කහ පාටට හුරු වර්ගය
- මල් රතු පාටට හූරු වර්ගය
- මල් කලු හෝ නිල් පාටට හුරු වර්ගය
පැපවා සොම්නිපෙරුම් යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන පොපි ගසේ නොපැසුණු ගෙඩි වලින් ලබාගන්නා කිරි හා සමාන නිර්යාසය අබින් නමින් හැඳින් වේ.
මෙම ද්‍රව්‍යයේ මුල් ජන්ම භූමිය, සොයා ගැනීම පිළිබඳව විවිධ මත භේද පවතී.
ආයුර්වේද ශාස්ත්‍රයේ මූලික සංහිතා ග්‍රන්ථයන්හි අබින් පිළිබඳව විස්තර දක්වා නැත. එහෙත් ඊට පසු කාලීනව ලියවුන සාරංගධරය, භාව ප්‍රකාශය රාජ නිගණ්ඩුව යනාදී භාරතීය සංස්කෘත ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව සඳහන් වේ. දුග්ධනඛාඛ සං බීජං ප්‍රලිම්පාන්දාරුණං ජයේත් ” යනුවෙනි. සාරංගධර සංහිතා වේ අබිං ඇට ගැන ද සඳහන් වේ. (ශා. සං. උ. ඛ. II අ) කුරුණෑගල සමයේ අවසාන භාගයෙහි හෝ කෝට්ටේ යුගයේ හෝ ලියවුණ ග්‍රන්ථයක් ලෙස සලකන යෝගරත්නාකරය අබින් ගැන සඳහන් වන මුල්ම දේශීය වෛද්‍ය ග්‍රන්ථය ලෙස සැලකේ.
ක්‍රි: පූ: 03 වන ශත වර්ෂය තරම් ආදීම යුගයේ විසූ ග්‍රීක් වරුන් විසින් අබින් පිළිබඳව දැන සිටි බව පිළිගැනේ. අබින්වල ඇති මත් ගතිය නිසාම එය ” ඕපියම් ” යන නමින් හඳුන්වා ඇත. එය ඕපස් (OPAS) යන්නෙන් සැදුණු වචනයකි. එහි අදහස ” යුස ” යන්නයි. අබින් ගෙඩියේ ඉස්ම (කිරි, යුස) වලින් සාදා ගන්නා නිසා මෙසේ හඳුන්වා ඇත. එසේ ඕපියන් වශයෙන් ආ ව්‍යවහාරය අරාබි හා පර්සියානු ජාතිකයන් විසින් ඔවුන්ගේ ව්‍යවහාරය අනුව ඇෆ්යන් (AFYN) වශයෙන් සකස් විය.
සංස්කෘතයෙන් එය අභිඓන නමින් හැඳින් වේ. එහි අර්ථය නයිවිස යන්නයි. මෙම ද්‍රව්‍යයේ ඇති ක්‍රියාකාරී ලක්ෂණය අවබෝධ කරගත් භාරතීය වෛද්‍යවරුන් අබින් නුසුදුසු ලෙස පරිහරණයෙන් නාග විෂ මෙන් අන්තරාකාරී තත්වයක් ඇති විය හැකි නිසා මෙසේ අභිඵෙන වශයෙන් හැඳින් වූවා විය හැකිය. සිල්වා -ශීලමාන්, පීටර් – ප්‍රියතර, ප්‍රනාන්දු – ප්‍රනන්ද යනාදිය මෙන් ඕපියම් – අට්ඨෙන, අභිණෙන දෙවිදියට ම සංස්කෘතයට අර්ථවත්ව නගා ගෙන ඇත.
1 පරංගින් මේ රටට ආවේ 16 සියවසේ මුල් කොටසේය. පරංගි වහර කෝට්ටේ සිටයි. ‘නසාය සොරි පරංගියත්’ යනු සිංහල යෝගරත්නාකර පාඨයෙකි. පොතේ අගැ දැක්වෙන කව් පෙළ පසු වැ ඇතුළු වූවකි. පළමුව අබින් සොයාගත් ග්‍රීකයන්ගෙන් අරාබි ජාතිකයන්ද, ඔවුන්ගෙන් භාරතීයයන්ද භාරතීයයන්ගෙන් ලාංකිකයන්ද මේ ද්‍රව්‍යය පිළිබඳව තොරතුරු දැන ගන්නට ඇතැ යනු එක් මතයකි.
අබින් යන සිංහල වචනය ආයුර්වේද ගත අභිඓන ශබ්දයෙන් බිදී ආවක් විය හැකිය. ක්‍රි: ව: 09 වන ශත වර්ෂයට දන සිටි බව වාර්තාගතය. අබින් යන සිංහල වචනය ආයුෂ වේදගත අභිඓන ශබ්දයෙන් බිඳී ආවක් විය පෙර විසූ චීන ජාතිකයන් අබන් Banඳට ඒ අනුව අන් කවර ජාතිකයන් විසින් (පෙරදිගn. M. යුරෝපය යයි සමහරු කියකි. යුනානි වෛද්‍ය ක්‍රමය සමඟ භාරතයට ආ අතරදිග) සොයා ගන්නා ලද්දක් දැයි නිශ්චය කිරීම අසිරුය. අභිඓන ජන්මභූමිය අබින් එයින් පසු චිනයට ගියේ ය. දේශපාලන උපක්‍රමයක් අනුව අබින් පුරුදු කළ බවට ද වාර්තා ඇත.
භගවත් සිං (H. H. BAGVAT SINGH JEC M.D. Etc.) ෆෙපාට් හිස්ටරි ඔෆ් ආරයන් මෙඩිකල් සයන්ස් නම් ග්‍රන්ථයේ පළමුවෙන් අබින් සොයාගනු ලැබුයේ බටහිර ආසියාවේ බවත්, එය භාරතයට ප්‍රථම වරට අරබියෙන් ලැබුනු බවත්, සඳහන් වේ. මෙසේ මේ පිළිබඳව විවිධ මතභේද ඇත.
චීනය හා ලංකාව අතර පැවති වෙළඳ සබඳතා අනුව අබින් පිළිබද තොරතුරුත් හුවමාරු වන්නට ඇතැයි යන මතය ද වැදගත් වේ. එහෙත් අරාබිය අබින් සොයා ගන්නට පෙරාතුව බොහෝ කාලයකට පෙර ද ඉතාලිය, ග්‍රීසිය හා මධ්‍ය ධරණි මුහුදු ප්‍රදේශයේ අබින් පාවිච්චි කළ බවට ද මතයක් පවතී. (වෙල්ත් ඔෆ් ඉන්ඩියා දෙවන වෙළුම එන්. පී. ඒ. ඊ)
පොපි ගසේ ගෙඩි ව්‍යංඡන පිණිස භාවිත කෙරෙන අතර ඇට මස් වර්ග රස කිරීමට ද, කැස්ස, ශ්වාස, උදර ශුල යන රෝග අවස්ථා ශමනයට ද භාවිත කෙරේ.
අබිං ඖෂධීය ගුණ යුක්ත වුවත් එය මත් ද්‍රව්‍ය ගණයේ ලා සැළකේ. වර්තමානයේ අප තරුණ පෙළ ශීඝ්‍රයෙන් ඇබ්බැහි වී ගෙන යන හෙරොයින් නම් අන්තරායකාරී මත් ද්‍රව්‍ය නිපද වීමට ද අබින් යොදා ගනු ලැබේ. පොපි ගසේ පොහොට්ටු වලින් ලබාගන්නා කිරි විශේෂය රසායනික ක්‍රියාකාරිත්වයකට අනුව සැකසීමෙන් හෙරොයින් සාදාගනු ලැබේ. මෙය අබින් මෝර්පීන් වැනි මත් ද්‍රව්‍ය වලට වඩා 6 – 60 ගුණයකින් ප්‍රබල ය.
වැවෙන ප්‍රදේශ
ඉන්දියාව, පර්සියාව, තුර්කිය මිසරය, යන රටවල ප්‍රධාන වශයෙන් වැවේ. මේ හැර යුරෝපීය රට වලත් අබින් වැවේ. තුර්කියේ වැවෙන අබින් ඉතා ශ්‍රේෂ්ඨ වර්ගය ලෙස සැළකේ.
ඖෂධ පිණිස ගන්නා කොටස්
අබින් ගෙඩියෙන් ලබා ගන්නා කිරි ප්‍රධානය.
අබින් ඇට, ඇට වලින් ගන්නා තෙල්
කිරි ඉවත් කරගත් ගෙඩි හා මල් පෙති ද ඖෂධ පිණිස ගැනේ.
පරිචය හා සංරක්ෂණය
පොපි ගසේ නොපැසුණු ගෙඩි (මල් වැටෙන්නට පෙර) සවස් කාලයේ කඩා ගෙන එහි සිවු අතට සියුම් සැතෙකින් ඉරා ලූ විට ඉන් නික්මෙන නිර්යාසය පසුදිතඋදෑසන එකතු කර වියලා ගෙන අබින් වශයෙන් වෙන් කැර ගනු ලැබේ.
කළු පාටට හැරේ. එය තද තිත්ත රසයෙකින් හා අමිහිරි ගන්ධයෙකින් යුක්තය. මෙම කිරි පළමුව ලා දුඹුරු පාටින් යුක්ත වන අතර ඉතා ඉක්මණින් එය කළු පාටට හැරේ. එය තද තිත්ත රසයකින් හා අමිහිරි ගන්ධයකින් යුක්තය.
මෙහි කිරි රැස් කිරීම කිරීම ජනවාරි හා මාර්තු මාස මුල දී සිදු කෙරේ. මෙසේ රැස්කර ගත් අබින් මඳ පවනේ වියළා වායු නිවාරන බෝතල වල අසුරා මුද්‍රා තබා ආරක්ෂා සහිතව තැන්පත් කෙරේ.
පැළෑටිය ගැන විස්තර
අබින් රස- තිත්ත, කසාය
ගුණ – සුක්ෂම, රුක්ෂ
විපාකය – කටුක,
විර්යය – උෂ්ණ
ප්‍රභාව – මදකාරක
අබිං ගුණ කර්ම
අබින් ඇට – සෙම බුරුල් කරයි
පෝෂ්‍ය යයි – කහට රසයි
ගෙඩි – කසටයි, ශමනකාරිය – මදකාරකයි. කථාව වැඩි කෙරේ.
ගමනය සඳහා බාහිර වශයෙන් යෙදීමට ද තැවීමට ද උපයෝගී වෙයි.
ශරීරයට ගත් සැනින් මුලදී උත්තේජන ඇති කර, පසුව මදකාරක ගතිය ඇති කෙරේ. ආක්ෂේප නිවාරකයි. වාජීකරණයි. ඇසේ කළු ඉංගිරියාව කුඩා කරයි.
අබිං ශරීරය තුළ ක්‍රියා කිරීමෙන් ඇති කරන ප්‍රතිඵල එහි මාත්‍රාව අනුව වෙනස් වනවා ඇත. ඒ අනුව එකී ලක්ෂණ
ඖෂධ මාත්‍රාව
හීන මාත්‍රාව
අධික මාත්‍රාව යන අවස්ථා අනුව වෙනස් වනවා ඇත.
අබින් ගැනීමෙන් ශරීරය තුළ ඇතිවන භෞතික ක්‍රියා එහි තුල අඩංගු වී ඇති විවිධ ඇල්කොලොයිඩ්ස් හා වෙනත් රසායනික ද්‍රව්‍ය අනුව පෙන්නුම් කෙරේ.
මේ අනුව අබින් වලින් ඇති කරන ගුණ (කම) පහත දක්වන අයුරින් විවිධ ග්‍රන්ථයන්හි දක්වා ඇත. වීර්යය වර්ධක, බලකාරක ග්‍රාහි, ධාතු ශෝෂක, වාතපිත්ත කාරක ආනන්දදායක, මාදක, වීර්යයස්තම්භක ගුණ යුක්තයි.
කාස, ශ්වාස, ක්ෂය, පාණ්ඩු, ප්‍රමේහ, හ, කාමි, කළු, සනිපාත, ධාතුක්ෂය ප්ලීහ රෝග නාසකයි. (නි. රත්නාකර) ස්වාපජනන වේදනා ස්ථාපන, අභිෂ්‍යන්ද සංග්‍රාහී, රක්ත ස්තම්භක, ශුක්‍ර ස්තම්භන, සෘතු ජිජ්වර හර ප්‍රසේකාව රෝධක (සු.ද්‍ර. ගු විඥාන හා හැන්ඩි බූක් ඔප් මෙඩිකල් ප්ලාන්ට්ස්)
උත්තේජන, ශෝථ නාශක, මාදකොත්තේජන, ස්වේද ජනක කර්මකාරි වේ. අබින් ඖෂධීය මාත්‍රාවෙන් දුන් විට මස්තිෂ්කය හෘදය, ශ්වසනය ප්‍රථමයෙන් උත්තේජනය කරයි. පසුව අවසාදයට පත් කෙරේ. මෙය ප්‍රධාන වශයෙන් මස්තිෂ්ක, සුෂුමණා ව්‍යුහයට ක්‍රියාකර ස්නායු (තන්ත්‍රිකා) මගින් මුළු ශරීරය පුරා විහිදුවනු ඇත.
එක් එක් ව්‍යුහය කෙරේ විශේෂ බලපෑම් කරනු ඇත. එය මෙසේ දැක්විය
ස්නායු ව්‍යුහයෙහි
අබින්වල ඇති ව්‍යවායි කායි මාදන හා උෂ්ණ ගුණ හේතුවෙන් වාතය සමනය කරයි. වේදනා ස්ථාපනයි, නිද්‍රාකාරකයි. ආක්ෂේප නිචාරක ගුණද ඇති කෙරේ.
ආහාර පරිපචන ව්‍යුහයෙහි
එහි ඇති රුක්ෂ කපාය ගුණ හේතුවෙන් ආමාශ ස්‍රාව හීන කෙරේ. සියලු ස්‍රාව වියලි එයි. (කිරි හා දහඩිය හැර) ඒ හේතුවෙන් ලාලා ස්‍රාව අඩු කෙරේ. බඩගින්න අඩු කෙරේ. ස්තම්භනය කෙරේ. පිතා අඩු කිරීමේ හා ආමාශ අන්ත්‍ර පේශි හැකිළවීම නිසා පරින්‍යස්තන ක්‍රියා අඩු වීමේ හේතුවෙන් මල බද්ධය ඇති
රක්ත සංවහන ව්‍යුහයෙයි
ප්‍රාණද ස්නායු කේන්ද්‍රය උත්තේජනය කරයි. හෘදයේ ක්‍රියාව වැඩි කරයි. ධමනී පීඩනය වැඩි කෙරේ. කෂාය රස හෙයින් රක්ත ස්තම්භනය ඇති කෙරේ.
ශ්වසන ව්‍යුහයෙහි
ශ්වසන කේන්ද්‍රය කෙරෙහි බලපෑමෙන් එහි අවසාදය ඇති කෙරේ. එහි ඇති උෂ්ණ ගුණ හේතුවෙන් කළු නාශකයි. ශ්වාස නාලිකා පළල් කෙරේ. ශ්වාස හරයි.
මුත්‍ර ව්‍යුහයෙහි
මුත්‍ර පිට කිරීමේ ප්‍රමාණය අඩු කෙරේ. ඇතැම් විට වස්තිද්වාරය සංකෝචනය කෙරේ. මෙසේ වීමෙන් මුත්‍ර ඝාතය පහළ විය හැකිය.
ප්‍රජනන ව්‍යුහයෙහි
ප්‍රජනන ඉන්ද්‍රියයන් උත්තේජනය කෙරේ. ස්තන්‍ය ග්‍රන්ථි උත්තේජනයෙන් එහි ක්‍රියා වෘද්ධිය සිදු කෙරේ. රූක්ෂ, කෂාය, ව්‍යවායි. විකාශි ගුණ හේතු වෙන් ධාතුක්ෂය කෙරේ. ශුක්‍ර ස්තම්භනය කෙරේ.
ත්වචයෙහි
ස්වේද ග්‍රන්ථි ක්‍රියා උත්තේජනයෙන් ස්වේද ප්‍රවෘත්තිය අධික කෙරේ. ඇසෙහි කනීනිකාව හකුළුවයි.
මාත්‍රාවෙන් දුන් විට
හෘදය අවසාදයට පත් කෙරේ.
මස්තිෂ්ක ක්‍රියා දුර්වල කෙරේ. රුධිර සම්පාදනය හීන කෙරේ. මේ හේතු වෙන් ශරීර උෂ්ණත්වය පහත බසී. ඔක්සිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කෙරේ. දුර්වල, හිසරදය, භ්‍රමය, ශ්වසනය මන්දගති ආදී ලක්ෂණ සමගින් මස්තිෂ්ක ක්‍රියා අවසාදනය ඇති කෙරේ. අධික මාත්‍රාවෙන් ශ්වසන කේන්ද්‍රය අවසාදයට පත් වීමෙන් ශ්වසන අක්‍රමිකතාවයෙන් ඇති කෙරේ. ශ්වසන කේන්ද්‍රිය අවසදතාවය හේතුවෙන් වා සංවරෝධය ඇති වී මරණයට පත් වේ.
අබින් ගෙඩි – අබිං හා සමානය
අබින් ඇට – බාහිර හා අභ්‍යන්තර වශයෙන් යෙදේ. ව්‍යංජන වලට එක් කෙරේ.
අභ්‍යන්තරයට ගැනිමෙන් ස්වන ජනක හා ස්වාපජනනයි. මල බද්ධතාව ඇති කෙරේ. අභිසාර හා අන්ත්‍රගත රක්තස්‍රාව බන්ධ කෙරේ.
අබින් ඇට කසට ගතියෙන් යුක්තයි. අතීසාර, පාවන, අවස්ථා වල දී යෙදේ. ඇට වලින් සාදන සිරප් වර්ග කාස, ශ්වාසයෙහි ප්‍රයෝජ්‍යය.
අබින් ඇට හා තෙල්
ක්‍රියාකාරීත්වයෙන් අබින් ඇට තෙල, අබින් ඇට තරම් ප්‍රබල නොවේ. නිද්‍රා කාරකයි. රෝස තෙල් සමග මිශ්‍ර කොට හිස ගැල්වීමෙන් ශිර්ෂ ශූල ශාමකයි. මෙම තෙල් ලාම්පු දල්වීමට හා ආහාර සකස් කිරීමට ද උපයෝගි කෙරේ. ඔලිව් තෙල් මෙන් ඖෂධ සඳහා යෙදේ.
ආමයික ප්‍රයෝග
දෝෂානුරූප ප්‍රයෝග
දෝෂ වශයෙන් වාත කළු ගමන හෙයින් වාත කළු රෝගයන්හි උපයෝගි කෙරේ.
නිද්‍රා හානියේදී
කස ඇට වතුරේ පෙහෙන්නට දමා පෙරාගත් වතුර (කස ඇට කොටස් 2යි. ලෙට් යුස් ඇට 1යි) සීනි දමා බීමට දේ.
කස ඇට,වේදනා ගමනය උදෙසා බාහිර තැවීම් වලට යෙදේ. කැලීම ඉදිමුම. කැඩීම්, වේදනා සහිත තුවාල, ඇස් රෝග යන මේවාහි දී ලේප හා අස්‍යෝතන වශයෙන් උපයෝගී වේ. ගර්භාෂයේ පිළිකා වලදි. වේදනා ගමනයට මෙකී කසාය යොදනු ලැබේ. කරණ ගුලයේ දී කනට හෙලීමෙන් ශුලය පහ කෙරේ.
වේදනා ස්ථාපන ගුණ හෙයින්
වේදනා ස්ථාපන ගුණ හෙයින් කර්ණ ශුල, දන්ත ගුල, පාර්ශව ශුල, උදර ගුල. කටි ශුල, අශ්මරි, ගුද්‍රසි ආදී වේදනා දායක රෝගාවස්ථාවන්හි යෙදීමෙන් වේදනා ශමම්‍ය ශමනය කෙරේ. නිද්‍රා ඇති කෙරේ. ආක්ෂේප නාශක ගුණ හේතුවෙන් අපස්මාර, අපතන්ත්‍රක, ධනුස්තම්භ, කුලා (ගොඩකදුරු) විෂ ආදී ආක්ෂේප කර අවස්ථාවන්හි උපයෝගි වේ. ශුල ප්‍රශමන ස්තම්භන ගුණ හේතුවෙන් පාචන හා අතිසාරයේ දී බෙහෙවින් ප්‍රයෝජනය. ප්‍රලාප ශමන නිද්‍රා ජන රක්ත හා පුරුෂ ස්තම්භන ගුණ හේතුවෙන් ආන්ත්‍රික පවරයෙහි දී යෙදේ.
හෘදයේ ශක්ති වර්ධක ගුණ හෙයින්
හෘදය තුල අවස්ථාව) එහි ඇති ස්තවහන ගුණ හෙයින් රක්තව ස්තම්භනය ගුණ හෙයින් රක්තශ්‍රාව ස්තම්භනය පිණිස අන්ත්‍ර ආදියෙහි අභ්‍යන්තර රක්තශ්‍රාව අවස්ථාවන්හි උපයෝගී කෙරේ. වාත, කඵ ශාමක හෙයින් ප්‍රතිශ්‍යා, වාත, කඵජ, කාස, ශ්වාව, කුක්කුර කාස (කක්කල් කැස්ස) තියුණු ථූප්ථූසාවරණ ශෝථ යන මේ රෝග අවස්ථාවන් හි ප්‍රයෝජ්‍ය ය.
මුත්‍ර ශර්කරා අඩු කිරීම කිරීම බලාපාරොත්තුවෙන් මධුමෙහයේ දීත් ඉක්ෂු මේභයේ දීත් යෙදේ. ශුක්‍ර ස්තම්භනය හේතුවෙන් ශීඝ්‍රපතනයෙහි දී ද වේදනා සඳහා ගර්භපාතනයෙන් හෝ ප්‍රසවයෙන් පසු වේදනා ගමනයට ද ප්‍රයෝජ්‍ය ය.
උෂ්ණ හෙයින් ශීත ජනක උපද්‍රවයන්හිදී ගුණදායක ලෙස සැළකේ. විෂමජ්වරයෙහි ද ශ්ලෛපදික ජවරයෙහි ද ප්‍රයෝජ්‍ය ය.
දේශීය වෙදකමේ අතීසාර, පාචනය, ජලසන්නිය, අන්ත්‍ර ගත ආබාධ, විෂමජීප්වර උපයෝගී වන විවිධ ඖෂධ යෝගයන්ට අබින් ඇතුළත් වේ. අතිසාරයේ දී බහුලව යොදන ”මඩපාත ගුලිය” ඉතා ප්‍රචලිත අබින් ඇතුළත් ඖෂධයකි.
දේශීය වෙදකමේ වන විවිධ ගුලි, කල්ක අතර, බුද්ධරාජ, විජය කුමාර, යන කල්ක, මාත්තු පහ, ජීවානන්ද, සුරන් විදුර, අබින් ගුලිය ආදී ගුලි කල්ක අබින් ඇතුළත් ඖෂධ අතර ප්‍රධාන වේ.
කවද, ධාතු ස්තම්භන ශක්ති වර්ධන තර්පණ ඖෂධ වශයෙන් ප්‍රචලිතව ඇති රණහංස රසායන, ප්‍රමේහ ගජකේශරය. ප්‍රමේහ ගජාංකුංශය, ශතාවරී මෝදකය ආදී ඖෂධ යෝගවල දී අබින් ප්‍රධාන උපාදානයක් ලෙස ඇතුළත් වේ.
අබින් ඖෂධයක් වශයෙන් කොතෙක් ගුණ දායක වුවත් පහත සඳහන් අවස්ථා වන්හි දී අබින් දීම ගැන විශේෂ කරුණු ශාස්ත්‍රීය වශයෙන් දක්වා ඇත.
- අල්ප මාත්‍රාවෙන් දුන් විටදී වමනය. හිසරදය සහිතව නොසන්සුන්තාවට පත්වන්නන්ට නොයෙදිය යුතුය.
- ළදරුවන්ට හා ළමයින්ට දීමෙන් වැලකිය යුතුය. ඒ අය ඉතා ඉක්මනින් විෂ ලක්ෂණයන්ට ගොදුරු වනු ඇත. එවැනි අවස්ථාවල අබින් යොදන්නේ නම් එය ඉතා සුපරීක්ෂාවෙන් අල්ප මාත්‍රාවෙන්ම කළ යුතුය.
- ගැබ තුළ ඇති කළලයට බලපෑමේ හේතුවෙන් ගර්භනීන්ට අබින් යෙදීම නිශේධ කර ඇත. ගර්භනීන්ට හා සුතිකාවන්ට අත්‍යාවශ්‍ය විටෙක යොදන් නේ නම් එය දැඩි අවධානයකින් යුක්තව සැලකිලිමත් ව කළ යුතුය.
- වකුගඩු රෝගාබාධ ඇති විට දී විශේෂයෙන් ගෝථ සහිත අවස්ථා වලදී අබින් දීමෙන් වැළකීම යෝග්‍ය ය.
- අක්ෂි කනිනකය තදින් හැකිලි ඇති විට දී ද
- ප්‍රදහිඟ අවස්ථාවල දී මෙන් ම මුර්ජාවෙන් පෙළෙන අවස්ථාවන්හි දී 5. මස්තිෂ්ක ක්‍රියා අවරෝධයක් පෙන්නුම් පෙන්නුම් කරන කරන අවස්ථාවල දී අබින් නො යෙදේ. වාත ප්‍රකෘතිකයන් කෙරෙහි අබින් නිෂේධ කර ඇත. එවැන්නෙකුට යෙදිමේ දී අල්ප මාත්‍රාවෙන් ඉතා සැලකිලිමත් ව යෙදිය යුතු වෙයි. මාත්‍රාව අධික වුවහොත් අනිද්‍රා, ප්‍රලාප, ක්‍රම, ඡරේදී, අවසාදය ආදී ලක්ෂණ ඇති කෙරේ.
එහෙත් දරුණු වේදනා සහිත රෝගයන්හි දී අධික මාත්‍රාවෙන් යෙදිය යුතු වන්නේය. එවැනි අවස්ථා වලදී. විශේෂයෙන් මස්තිෂ්ක, ඵුසුය, හෘදය, වකුගඩු ආදී ඉන්ද්‍රිය දිය ගත රෝග අවස්ථා වලදී දැඩි අවධානයකින් යුක්තව යෙදීම මනා ය. එසේ ම ශ්වාසාවරෝධය හෝ මුර්ජාව පවත්නා විට දී මෙන් ම ඇස්වල පිරුණු බව හා කනිනිකාව හැකිලීම යන ලක්ෂණයන් සහිතව මස්තිෂ්කයේ සංචය අවස්ථා පෙන්නුම් කරන විට දී ද අබින් යෙදීම නිෂේධ කර ඇත. 1. ශිරා සංවය අවස්ථා හෘදෙහ, උන්මාද, සුතිකෝන්මාදය ඇති විට නොයෙදේ. ක්ෂය රෝගයේ දී අබින් දීර්ඝකාලීන ව නො යෙදිය යුතුය. තවද, පුප්ඵුසශෝථ, ජීර්ණ ශ්වාසය, මස්ති කාවරණ, ගෝථය. ජ්වර, අතිශ්‍රම මස්තිෂ්කගත රක්තස්‍රාව. මුත්‍ර විෂමතා සහිත වෘක්ක රෝග, බාල, වෘධ අවස්ථා ජීර්ණ රෝග යන මේ අවස්ථාවන්හි ද නො යෙදිය යුතු බව දක්වා ඇත. (ඖ. ස. 3 3 හා + ඉන්ඩියන් යෙදේ. කිරීමේ දී එහි ඇති ධාතුශෝෂණ කර්මයන්ට විරුද්ධ ඖෂධ හා සංයෝග කළ යුතු වන්නේය.
නිලභේද: බයතිල: ඛාඛසශ්වාපි සංස්මෘතඃ ස්‍යාත් බාබසඵලෝද්භූත වල්කලන් සිතලං ලඝු: ග්‍රාහි කිත්තං කෂායවන් වාතකෘත්කත්කඑකාසනාත්, ධාතුනාං ගොෂකං රූක්ෂන් මදකෘද්ධාග්වර්ධනම්; මුහුර්මෝහතරම් රුව්‍යං සේවනාත්පුංස්ත්වනාශනම්, උක්තං ඛසවලක්ෂිරමාථුකම්හිඑනකම්, ආථුකං ශෝෂණන් ග්‍රානිශ්ලෙෂ්මනං වාතපිත්තලම්.
(හා. ප්‍ර.)
ඛස්ඛ සූක්ෂ්ම බීජං ස්‍යාත් සුබීජඃ සුක්ෂ්ම තණ්ඩු;. බස් බසෝ මධුරඃ පාකේ කාන්ති විර්යය බලප්‍රදඃ
(රා.නි.)
අබින් උපවිෂ ඛණ්ඩයට අයත් ද්‍රව්‍යයන් ලෙස දක්වා ඇත. එය කුමන හේතුවකින් හෝ අධික මාත්‍රාවෙන් ශරීර ගත වූ විට පහත දැක්වෙන විෂ වේග අනුක්‍රමයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත. එනම් :
- තන්ද්‍රා
- නිද්‍රා
- සන්‍යාස
- අවසාදය
- ශ්වාසාවරෝධ
- මරණය
මෙහිදී පළමුව චක්ෂුස්තාරා හැකිලේ. මරණයට පත් වීමට ආසන්නයේ වක්ෂුස්කාරා ප්‍රසාරණය වේ. අබින් විෂ වී පැය 4-6 දක්වා කාලයේ දී අවසාද අවස්ථාවට පත් වේ. පත් වේ. පැය 6 -12 අතර කාලයේ දී මරණය ද සිදුවනු ඇත. පැය 12 තුළ දී මරණයට පත්වුනොත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට බෝහෝ විට හැකිවනු ඇත.
අබින් විෂ චිකිත්සා
වමනය කිරීම හෝ ආමාශය සෝදා හැරීම යෝග්‍ය ය.
වමනය සඳහා
- ගස් පෙනෙල ගෙඩි පොඟවා ගත් ජලය
@
ii. අබකුඩු මිශ්‍ර උණු වතුර හා
iii. පල්මානික්කම් (රන්තිකා 10) දියකර ගත් වතුර ද යෝග්‍යය.
අබින් විෂ නිසා වමන කේන්ද්‍රය අවසාදයට පත් වන හෙයින් බොහෝ විට වමනය ඇති නොවේ. එහෙයින් ආමාශය සේදීම ඉතා සුදුසු වනු ඇත. ශ්වසන කේන්ද්‍රය උත්තේජනය කිරීම සඳහා උණුසුම් කෝපි පානයට යෙදිය යුතු ය.
යෙදිය හැකි ඖෂධය (අබික් විෂේදී)
- ච්න්ද්‍රෝද මකරධ්වජය. කස්තුරි, හිංගු, උරුලැ කස්තුරි නෙරිවිෂ, පහ මෝහරා පිෂ්ටි යන මේවායින් එක් වර්ගයන් මී පැණි සමඟ ලේහ කරවන්න.
රෝගියාට නිදා ගැනීමට අවකාශ නොදෙන්න. වරින් වර සොලවමින් එහා දිය ඉසීම, ලේ ප මෙහා ඇවිද්දමින් නින්දට බාධා කළ යුතු ය. මුහුණට සිසිල් දිය ආදිය යෙදීම, අවදිව තැබීමට උපකාර වේ. ශ්වාස අවරෝධය වැළැක්වීමට කෘත්‍රිම ශ්වසනය දෙන්න.
අබින් ශෝධනය
i. අබින්, අමු ඉඟුරු යුසින් සත් වරක් භාවනා යෙදීමෙන් ශෝධනය වේ.
ii. අබින්, අමු ඉඟුරු යුෂයෙහි 21 වරක් බහා තබා ගැනීමෙන් ද ශෝධනය වේ.
iii. අඛින් කබලක ලා බැඳ ගැනීමෙන් ද ශෝධනය වේ.
iv. අබින් තද උණුසුම් සඳුන් කෂායෙහි දිය කොට පෙරා භාවනාදී ගැනීමෙන් ශෝධනය වේ.
v. හඳුන් කසායේ බහා භාවනා දීමෙන් අබින්වල රෝග කාරක විස හැරේ. ඉඟුරු යුසට එක් වීමේ දී රෝග කාරක විස ද පහ වේ. අබින් මතට හොඳම බෙහෙත ඉඟුරු ඉස්ම යි.
මේ එක් ඇඳුරු පරපුරෙක මතයයි.
අබින් ඖෂධ වශයෙන් යෙදීමේ දී ලේප මාත්‍රාවෙන් වුවත් දීර්ඝ කාලයක් අඛණ්ඩව නොයෙදිය යුතු බවට නියමයකි. එසේ දීමෙන් රෝගියා එම ද්‍රව්‍යයට ඇබ්බැහි වේ. හෙවත්, ඖෂධාධීනතාවට ගොදුරු වනවා ඇත. අබින් හා ඉන් නිපදවන හොරොයින් ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍යයක් බවට පත් වී ඇත්තේ එහි ඇති මෙම ගුණය නිසාය. ලෝකයේ ඕනෑම රටක අබින් වගාවේ අයිතිය ඒ ඒ රටවල රජය සතු වී ඇත. අබින් විෂ ද්‍රව්‍ය හා අන්තරාදායක ද්‍රව්‍ය ආඥා පනතට යටත් ද්‍රව්‍යයකි. එහි නියමය අනුව අබින් වේලකට වඩා නොදිය යුතු ය. අබින් හා අබින් වලින් නිපදවන මත් ද්‍රව්‍ය නිර්වින්දන වර්ගයට අයත් වේ. අබින් පුරාණයේ සිටම කෑමට මෙන්ම දුම් පානයට ද උපයෝගී වූ බව විවිධ ග්‍රන්ථයන්හි දක්වා ඇත. ඈත කාලයේ සිට මැලේරියා ජීවර වළක්වා ගැනීමට ජීර්ණ ආම වාත රෝග වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද ශරීර ශක්තිය පවත්වා වා ගැනීමේ අරමුණෙන් ද අබින් කෑමට සමාජය පුරුදුව සිටි බව පෙනේ. බොහෝ විට මේවා කෑමට ගන්නේ වෙනත් දේ සමඟ මිශ්‍ර කර ලේගියම් වශයෙන් සකස් කරගෙනය. සමහර විට වසර 30 – 40 ක පටන් දීර්ඝ කාලයක් තුළ එසේ අබින් පාවිච්චි කළ අය දක්නට ලැබේ.
අබින් ඇබ්බැහි වූ අය ඉන් මුදවා ගැනීමේ දී මාත්‍රාව අනුක්‍රමයෙන් අඩු කළ යුතු වේ. මේ සඳහා කිරාත, ගම්මිරිස්, ගොඩකදුරු ආදිය සමඟ අබින් මිශ්‍ර කර ගුලි සාද යෙදේ. එසේ යෙදීමේ දී ක්‍රමයෙන් එම ඖෂධ සඳහා යොදන අබින් ප්‍රමාණය අඩු කළ යුතුය. මද්‍ය වර්ගයක් අල්ප මාත්‍රාවෙන් දිය යුතුය. මේ අයුරින් අයින් පාවිච්චිය ක්‍රමයෙන් නැවැත්විය හැකිය.
එකවර නැවැත්වුවහොත් විරමණ ලක්ෂණ පහළ විය හැකිය.
අබින් මාත්‍රාව :- අබින් වුර්ණ රක්තිකා 1/4 කි. (මී. ග්‍රෑම් 30 ක් පමණ) අරින් ඇට තෙල් 1/2 – 1 (ග්රෑම්) තෙක්.
අබින් වලින් සෑදූ සිරප් ග්රෑ 1 යි.
අබින් අඩංගු ප්‍රයෝග
සුරන් විදුර, මාත්තුපහ, ක්‍රිමිරාජ, බුද්ධරාජ, ජීවානන්ද යන ගුලි කලල්ක වලට ද රණහංස ප්‍රමේහ ගස්නේරිය වැනි රසායන වලට හා අභිණෙනාසව ආදියට ද අබින් ඇතුළත්ය.
1 අභිඓන ආසවය
- නිග්‍රෝදය වටී
- වේදනාන්තක රසය
5 දුග්ධ වටි
6 ශශිප්‍රභා වටී
7 අභිණෙන වටීකා
- මුරුංගා ආදී අභිණෙන වටීකා
9 කපිත්‍රාදි අභිණෙන වටීකා
10 අභයනෘසිංහ රසය (ආ. ඖ. සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කොටස)
11 අබින් ගුලිය (ආ. ඖ. සං. ප්‍රථම පියවර පළමුවන කොටස)
12 ආකාර කරහාදි චූර්ණය හෝ වටීය. හා. සං.
සෝමානන්ද වටී – අතිසාරයට
ඉඹුල් මැලියම්
රත්නිටුල්
මුණමල් ඇට
සුදු හඳුන්
සුදුදුරු
වළහසාල්
අතිවිඩයන්
ඉඟුරු
රත් හඳුන්
සහිඳලුණු
දිවුල් මද
ගම්මිරිස්
මලිතලේ
සම්භාගව ගෙන, බරට බරක් අබින් ගෙන, කලාඳුරු යුෂයෙන් තුන් දවසක් අඹරා ගම්මිරිස් ඇට ප්‍රමාණ ගුලිකර, එම ගුලි 2 ක් හෝ 3 ක් දෙහි යුෂ දෙසටත් දෙන්න.
අතීස්‍රාව හා රක්තස්‍රාව ඇති විට කිරිමෝරුවෙන් ගුලි දෙන්න.
මධුමේහයේ දී
කපුරු, කස්තුරි, සමභාගව ගෙන එමෙන් 4 ගුණයක් අබින් හා කරාබු නැටි දෙන්න. ගෙන, මිශ්‍ර කර ග්‍රෙන්ස් 2 ක ප්‍රමාණ ගුලි තනා වරකට ගුලි 1 බැගින් මෙම යෝගයට ශිලාජතු මිශ්‍ර කර දීමෙන් මුත්‍ර ර්ශකරා ප්‍රමාණය ඉක්මණින් අඩු වේ.
ජීර්ණ අතිසාරයේ දී
සාදික්කා
පුෂ්කර
අත්තන ඇට භාග 1 යි
අබින් භාග 2 යි
මිශ්‍ර කර ග්‍රෙන්ස් 2 ගුලි සාදා, එක ගුලියක් බැගින් ආපසු මදු යුෂයෙන් දෙන්න.
ජීර්ණ අතිසාරයේ දී
අබින්
සාදික්කා
කරාබු නැටි
හිංගුල
කපුරු
සම්භාග ව ගෙන ජලය මිශ්‍ර කරමින් ග්‍රෙන්ස් 4 ගුලි සාදා වරකට 1 බැගින් දෙන්න.
ශබහනාට රස – උණ හා අතිසාරයේ දී
හිරියල්
මනෝසීල
සුවස ලුණු
වච්චනාවී
සාදිලිංගම්
සුදු පාෂාණම්
සීනක්කාරම්,
භාග 1 බැගින් ද,
රසදිය
ගන්ධක
භාග 7 බැගින් ද ගෙන.
අබින්
කංසා කොළ යුෂ
නික කොළ යුෂ
අත්තන කොළ යුෂ කොහොඹ කොළ
යන මේවායේ දින 7 බැගින් පොඟවා අඹරා තබා අරගෙන. ග්‍රෙන්ස් 2 ගුලි සාද ඉඟුරු යුෂයෙන් දෙන්න.
අබින් නයි විෂ හා ගෝනුසු විෂ නාශකයි. අබින් කෑමට දෙයි.
අතීසාරයේ දී බැද චූර්ණ කර ගත්
ආශ්‍රිත ග්‍රන්ථ
ද ඉන්දීයන් මෙරියා මෙඩිකා – වෛද්‍ය කේ. එම්. නාදර්කණි මහතා
හෑන්ඩ් බුක් ඔප් මෙඩිෂනල් ප්ලාන්ට්ස්- වෛද්‍ය පී. එන්. වී. කුරුප්පු ශ්‍රී ප්‍රජාපති ජෝෂි හා රාම්දස් මහත්
සිංහලීස් මෙටිරියා මෙඩිකා – වෛද්‍ය ජෝන් ආටිගල මහතා
නිසන්වු රත්නාකර -නිසාටු ඛණ්ඩය
ආයුර්වේදිය ඖෂධ සංග්‍රහ I. II. III.
දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය ද්‍රව්‍ය ගුණ විඥානය (යුනානි) වෙල්ත් ඔප් ඉන්ඩියා III වෙළුම
රතු පොපි වර්ගය
Paparer Rhoeas යන උද්භිද විද්‍යා නාමයයි.
සංස්කෘත – රක්ත පෝෂක – මෙය කාශ්මීර ප්‍රදේශයේ වැවේ. ළමයින්ගේ කැස්සට යෙදේ. ප්‍රධාන වශයෙන් වුර්ණ කර ද්‍රව්‍යයක් ලෙස භාවිත කෙරේ.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි



