BOTANICAL NAME – Saccharum officinarum L.
FAMILY – GRAMINEAE
ENGLISH NAMES – Sugarcane
පොදු සිංහල නම – උක්
හිංදියෙන් – ගන්නා, ඊබ්
බෙංගාලි – ආක්, ඉක්ෂු
ද්‍රවිඩ – කරුබු
සංස්කෘත – ඉක්ෂු, දීර්ඝච්ඡද, භූරීරස, බහුරය, අභිපත්‍ර, ගුඩ මුල, මධු තෘණ
කුලය – යව
ප්‍රභේද
පෞණ්ඩුක
තාප සේක්ෂු
හිරුක
කාණ්ඩෙක්ෂු
වංශක
සූචි පත්‍රක
ශානපෝරක
නෛපාල දීර්ඝ පත්‍රක
කාන්නාර
නීල පෝර
කෝෂක
තෘණ පංචමූලයට අයත් එක් වර්ගයකි. උක් ගස. මෙය බහුලව ඖෂධ සඳහා භාවිත කරයි. ආර්ථික වගාවක් වශයෙන් බහුලව ප්‍රයෝජනයට ගත හැකිය. වියළි දේශගුණයක් ඇති තෙතමනය සහිත බිමේ සශ්‍රීකව වැවේ. දේශ ගුණ වශයෙන් උෂ්ණ වියළි දේශගුණයක් අවශ්‍ය වේ. පඳුරු සහිතව වැවේ. තෘණ පංච මූලයට අයත් අනෙක් ගස්වලට වඩා දිග පුරුක් සහිත දණ්ඩක් හෙවත් කඳක් ඇත. මෙම ගසේ පොළවට උඩින් ඇති කොළ අංකුර වෙනත් වර්ධක අවයව හා ප්‍රජනන අවයව විකාශනය වේ. සාමාන්‍ය උක් දණ්ඩක් අඩි 4 – 12 පමණ දිග වේ. මීට වඩා දිග අඩු ඒවා ද දකින්නට හැකිය. දණ්ඩේ විෂ්කම්භය අඟල් 1 සිට 4 දක්වා වේ. දඬු නොයෙක් වර්ණයෙන් යුක්ත වේ. අළු පාට, කොළ පාට, කහපාට, රතුපාට, දම්පාට වලින් යුක්ත වේ.
උක් දණ්ඩක පුරුක් කීපයක් තිබේ. පුරුකක් දිගින් අඟල් 4-10 දක්වා වෙයි. උක් ගසට රෝග 60 ක් පමණ ඇති වේ. එයට හේතු වන්නේ වයිරස, බැක්ටීරියා සහ දිලීරයි. උක්වලට හානිකරන බොහෝ කෘමීහු මෙන්ම පර්යේෂණ ප්‍රතිඵල පිහිට කොට ගෙන මේ රෝග වලින් බොහොමයක් දැන් වැලැක්විය හැකියි. උක් ගස් දිගට වැඩි කොළ කඳ අග සෑදෙයි. දිග හීන් කොළයකි. කොළය මැද සුදුපාට නාරටියකි. බූව සහිතයි.
ලංකාවේ උත් වර්ග කීපයක් ඇත. සාමාන්‍යයෙන් ඒ සියල්ල සුදු කළු යන වර්ණ භේදයට අනුව වර්ග දෙකකි. සාමාන්‍යයෙන් බෙහෙත් පිණිස කළු උක් වර්ගය ගනී.
වැවෙන ප්‍රදේශ
උෂ්ණ ප්‍රධාන ඉන්දියානු ප්‍රදේශයන්හි ද සාමාන්‍යයෙන් සියලු ප්‍රදේශයන්හි ද. ලංකාවේ අධික ශීත නොවන සෑම ප්‍රදේශයකම වැවේ.
ව්‍යවහාර අංග
මුල්, දඬු. ස්වරසය
මාත්‍රාව
ස්වරස කර්ෂ 2-4 දක්වා ද මුල් ක්වාරය කර්ෂ 5-10 දක්වා ද වේ.
රසායනික උපාදාන
ශර්කා, පිච්ඡිල ද්‍රව්‍ය, දුම්මල, මේද, ඇල්කෙමින් හා කැල්සියම් ඔක්සලේට් අන්තර්ගත ය.
සංස්කාරක
උක් ගස මිරිකා ගත් යුෂ කකාරා ගැනීමේ විවිධ අවස්ථාවන් අනුව ඵාණික. (පැණි) මතේඝණ්ඩි, ගුඩ ඛණ්ඩ, ශර්කරා, පුෂ්ප සිතා, සිතොඵලා යන අවස්ථා ලැබේ.
රාණික
ඉක්ෂුරස පැණි, මදක් ඝන ද්‍රව බහුල පදමට සිඳුවා ගන්නා ලද්දේ ඵාණික වේ.
මත්ස්‍යණ්ඩි
ස්වල්ප ද්‍රව සහිතව ඉතා ඝන ලෙස සිඳුවා ගන්නා ලද්දේ මත්ස්‍යණ්ඩි නමි. මත්ස්‍යණ්ඩි යනු වැගිරෙන සුළු සන්නයි.
ගුඩ
ඉක්ෂු රස ජලය සිඳී පිඬුවක් මෙන් වනතුරු සිඳුවා ගන්නා ලද්දේ ගුඩ නමි. සකුරු වේ.
ආසව අරිෂ්ට සඳහා අවුරුද්දක්වත් පැරණි ගුඩ සඳහා යෝග්‍යයි.
උක් ගසේ මුල් කොටස අති මධුරය. මැද කොටස මධුරය. අග කොටස සහ පොත්ත ලවණ රසය. මුලින්ම මතු කොටස මධුරය. මධ්‍ය කොටස අති මධුරය. අග කොටස ක්‍රමයෙන් ලවණ රස හා නිරසය.
(රා. නි.)
ගුණ
ගුණ – රස මධුර
ගුරු – ස්නිග්ධ
ශීත – විපාක
විපාක – මධුර
වාත පිත්ත ශාමක ද කළු වර්ධකයි. උක් රස ස්වර ශුද්ධ කරයි. සිත ලද බරවද සිනිඳු බවද සිරුර පිනවන බව ද ධාතු පෝෂණය කරන බව ද, රක්තය දුරුකරන බවද කළුය හා වාතය වඩන බව ද එහි ඇත්තේය. උක් පෙලෙන ලද්දේ ශර්කරා හා සමවෙයි. යන්ත්‍රයෙන් මිරිකා ගත්විට රස මුල හා අගද පණුවන් කෑ තැන් ගැට ආදිය එක්ට හා යන්ත්‍ර බලයන් හා මිශ්‍ර වීමෙන් විකෘති බවටයේ ශුද්ධ කරන ලද උක් සකුරු ඉතා සෙම වඩයි. මුත්‍ර හා මල දුරු කරයි. වී කෂා යෙහි හෝ රත්නිටුල් කෂායෙහි පිසින ලද ලද උක් උක් සකුරු ශුද්ධ කරන ලද සකුරු නම්. පරණ ගූඪ පථ්‍යයි. අළුත් ගුඪ අග්නි නසයි.
සරො ගුරු උච්ඡුරසො ස්නිග්ධො දෙහ පින නො හිමො වස්සො රක්ත හරො කළු මුක්තා නීලාව හො ”
සොග්ගෙ සලවණො දන්ත පිළිකො සක්ඛරාසමො මුලග්ගජන්තු දට්ඨාදී පිළනා මල සංකරා “
” කිංචිකාලා පයානෙන විකතිං යානි යන්නිකො නාතී සෙම හකරො ධොනො ගුලොමුත්තනමලාපභො
පහුත වෙද රුධිර ක්‍රිමි මජ්ජා කඵො පරො පුරාණොතු හිතො හජොභිනවො අග්නි සාදනො ‘
(හෙ.ම.)
උක් රක්ත පිත නසයි. බල වඩා ධාතු පෝෂණය ද සෙම් වැඩීමද පැසීමෙහි මිහිරි බව ද සිනිඳු බවද ඇත. වහා පැසවීම නොකෙරෙයි. ශීතය. මුත්‍ර වැඩෙයි.
තවත් වර්ග
මහත් පුරුක් ඇති උක්
ශිතය. බරය. රත්පිත් ක්ෂය රෝග නසයි.
සුදු උක්
ධාතු පෝෂණය කරන නිසා ශීත සිනිඳු මධුර ගති ඇත. තර කරයි.
කාන්නාරි උක්
වහා පැසවන සහ මිහිරි ගති ඇති සාර බව ඇති සෙම් නසන වර්ගයකි.
උණ වැනි උත්
සැහැල්ලු වාපිත් සෙම තුන නසන සෙට නොවඩන වර්ගයකි.
1 අකඃ කෘමිහර සතක්ෂනා සරෝගාකාශ කුෂ්ඨනා
තන්ප: කෘමි දොෂස හිතා කුට්ඨොදරාර්ග සාමි
- ඉක්ෂවො රත්ත පිත්තසනං බල්‍යා වෘෂ්‍යාකව ප්‍ර:
විපාකෙ මධුරා: ස්නිග්ධ ගුරවෝ මුත්‍ර ලාහිමාඃ
- කොෂකාරො ගුරුඃශිතො රක්ත පිත්ත ක්ෂාය පහා:
පෞණ්ඩුක: ශීතලො වෘෂඃ ස්නිග්ධො මධුර වෘහණ
(තෙ. ම.)
උක් පැණි
උක් රසය. ධාතු පෝෂණය කරන, ශීත තෘප්ති කර බල ඇති කරන වාතරක්තය හා පිත ජයගන්නා මධුර වූ සිනිඳු වූ උතුම් වූ හා මාංස වැඩීම කරන යන ගති ඇති වේ.
උක්රස දතින් සැපීම
දතින් සපා ගන්නා උක් රසයෙන් මුඛය ප්‍රසාද වේ. ධාතු පෝෂණය කරයි. යන්ත්‍රයකින් මිරිකා ගන්නා උක්රස ධාතු පෝෂණය කෙරෙයි. සිනිඳු බව හා ශිත බව ද බල ඇති බව ද අතිශයින් ජීර්ණය වීම ද ඇත.
උණු කල උක් පැණි
බර බව හා සිනිඳු බව ද අතිශයින් තියුණු බවද සෙම්වා නසන බවද ඇත්තේය.
උක් සකුරු
බර වූ සිනිඳු වූ වාත නසන මුත්‍ර ශෝධනය කරන අතිශයින් පිත පහ කරන බව එහි හි ඇත්තේය. මේද සෙම කෘමි යන මේවාට බල දෙන ගති ඇත්තේය. ධාතු පෝෂණය කරයි.
පරණ උක්සකුරු
වාතය, නසන බව ද රත්පිත් දොෂ ප්‍රසන්න කරන බවද ඇත. පිත නසයි. මිහිරි බව සිනිඳු බව බල දෙන බව හා පථ්‍ය බවද ඇත්තේය.
පරණ උක්සකුරු සැහැල්ලු ද පථ්‍යද වෙයි. ගින්න තර කරයි. නොවැගිරෙයි. මිහිරි ද පිත නැසීමද වේ. වාතය නසයි. ධාතු පෝෂණය කරයි. රුධිරය ප්‍රසන්න කරයි.
1 ගුද්ධො වෘෂ්‍යාගුරුඃ ස්නිද්ධො වාතස් නො මුත්‍ර සෝධනා හානි පිත්ත හරො මෙදඃ කකෘමි බලප්‍රදා
2 ගුඩ පුරානො වාත හාස්‍යාන් පිත්තාසක් ප්‍රසාදතඃ පිත්තග් නො මධු: ස්නිග්ධො බල්‍ය පථ්‍යා විශේෂතා
3 ඛණ්ඩ වෘෂ්‍ය භරු බය්‍යං චක්ෂුෂ්‍යා වාත පිත්තජිත්
4 ලසිකා පාංහිත ශුඩා බණාඩො මත්ස්‍යණ්ඩිකාසිකා නිර්මලා ලාසවො ඥෙයාඃ ශීත වීර්යා යථොත්තරා:
යථා යථෛෂාං වෛත්‍යං භවෙත් ශෛත්‍යා තථනමා
(ද්‍රව්‍ය ගුණ දර්පණය)
ප්‍රයෝග
නහයෙන් ලේ ගැලීමට
මිදි යුෂ. උක් යුෂ නස්‍ය කිරීමට
ග්‍රහණියට
මිදියුෂ, රට ඉඳි යුෂ, උක් යුෂ මේ තුන් වර්ගයෙන් සෑදූ මත්පැන් පෙවීම.
පාණ්ඩුවට
නෙල්ලි යුෂ, උක් යුෂ, මී පැණි යෝග බිමට
කමලාවට
ඇහැල කෂාය උක් යුෂ දමා බීමට
අශ්මරී
උක්, තියඹරා, කිරි බඳු කෑමට දීමෙන් සුව වේ.
ගුණ
ඉක්ෂු මුත්‍ර ජනන්නා නම්
ව. සු. 25. අ.
භක්ෂයේ දික්ෂුකං කාලේ භොජනස්‍යාග්‍ර නොනර ස්වභාවාන් මධුරො භෞෂ භුක්තේ වාත ප්‍රකෝපණං
ຜົວ ທີ່.
ඉක්ෂවො රක්ත පිත්ත තනං වෘෂ්‍යා බලාඃ කටප්‍රදා: ස්වාදුපකරසා ස්නිග්ධ ගුරවො මුත්‍රලා හිමාඃ
මත්ස්‍යාණ්ඩිකා ඛණ්ඩ ශර්කරා විමලජානා උත්තරෝත්තරං ශිතාඃ ස්නිග්ධ ගුරු තරා මධුරතරා වෘෂ්‍යා රත්තපිත්තා ප්‍රශමන
(සුසු 45 අ.)
පරිචය
ඖෂධ සංග්‍රහය II හා III කොටස
වරක සංහිතා සූත්‍රය 4, 5. 6 වී. 1, 2
සුශ්‍රැත සංහිතා සූත්‍රය 12. 44 වේ. 5. 14
ද්‍රව්‍ය ගුණ දර්පණය
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



