BOTANICAL NAME – Heritiera littoralis Dry.
FAMILY – STERCULIACEAE
පොදු සිංහල නම් ඇටුන, හෝ මැදිරිය
දෙමළ නාමය – වෝමන්තිරි, කන්නාඩියිලෙයි
මලයාලි නාමය – මුකුරම්නාකම්
තෙලිඟු නාමය – අඩවිබඩමු
මාරටි – සුන්ද්රිවන්, කොලන්
ඉංග්‍රීසි නාමය – Huriallee grass, Conch grass
සංස්කෘත නාමය – ආතුන, (පසුරු අඩු තන්හි පැළවෙන)
පර්යාය නාමය
සෝතෝ මහාද්රැ -සොරොවු බිම් ඇසුරු කරන මහගහ – මැදිරිය)
ආතාන – බිජු මගින් පරපුර පතුරුවන්නා
මුලමේ බල – (මෙවුලක් මෙන් කඳින් මුල් ඇදී යාම).
මීගමුව, මඩකලපුව, හා මුහුදු බඩ ප්‍රදේශ වල, කරදිය මිශ්‍ර වගුරු බිම්වල දක්නට ලැබෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. ඇතුන, ඇටුන යන නම් දෙකෙන් ම හඳුන්වන මෙම ගස ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්රමයේ එතරම් බහුල ව භාවිතනොවේ. එහෙත් ඉන්දියාව වැනි රටවල මෙය බෙහෙවින් භාවිත වන බවට වාර්තා ඇත.
කඳෙන් පහලට එල්ලෙන මුල් රාශියක් සහිත දර්ශනීය වෘක්ෂයකි. පොත්තදුඹුරු පාටයි. දිගු අතට පිපිරී ඇත. පත්‍ර ඕවාලාකාරයි. ආයත හෝ ඉලිප්සා කාරයි. මතුපිට දිලිසෙන සුළු යි. යටි පැත්තේ රිදිවන් බුවකි. මල් කුඩා යි. තැඹිලි පාටයි. ඒකලිංගික යි. ඵලය තාරාවකුගේ උදර කොටස මෙන් දර්ශනිය ව මහත් වී ජලයේ පාවීමට අනුවර්තනය වී ඇත.
බීජය ආහාරයට ගන්නා බව පොතපතේ සඳහන් වේ. එහි ටැනින් හා මේද මය තෙල් ඇතුලත් වන බවට රසායනික වාර්තාවක් ද මෙහි කසට ගතිය නිසා කෝලා ගෙඩි වෙනුවට බාල කිරීමේ ද්‍රව්‍යයක් ලෙසට යොදා ගන්නා බවට ඉන්දියානු වාර්තාවක ද සඳහන් වේ. බීජවල මදයේ ප්‍රෝටීන්, මේද හා ඛනිජ ලවන ඇතුලත් ය. ප්‍රධාන ඛනිජ ලවණ අතර පොටෑසියම්, සෝඩියම් Na, P, (K20)
(Na₂ 0), (P2 0s), (MgO), (Al₂ 03), (Ca 0), (Fe 0), (M1), ටැනින් 14% සිට 15% දක්වා ඇත. පිලිපීනයේ මාළු දැල් ශක්තිමත් කිරීමට යොදා ගන්නා බව ද වාර්තා වේ. අතු කැබලි වලින් සාදාගන්නා දැහැටි කුරු හෝ බුරුසු වැනි කොටස් දත් පිරිසිදු කර ගැනීමට එම ප්‍රදේශවාසීහු යොදා ගනිති. බීජ අතිසාරය හා පාචනය ඇති අවස්ථා වල දී යොදා ගන්නා බව ද ග්‍රන්ථවල සඳහන් වේ.
සෝතො මහාද්රැරාතුනශ්චාතානා මුල මෙලකඃ
බීජමාතුනජං විඥ-රතිසාරේ ප්රයුජ්යතේ
තච්ඡාඛා සම්භවං දන්තපවනං දන්ත රක්ෂනම්
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com



