පොදු සිංහල නම – අරලිය
සංස්කෘත නාමය – දේවංගගාල
හිංදු නාමය – ආචීන, ගුලාචීන
දෙමළ නාමය – පෙරුංගල්ලි
බෙංගාල නාමය – ගරුඬ චාපා, ගවුරිය චංපා
තෙලිඟු නාමය – ගෝසම්පිගේ, බදාගන්නේරු
පර්යාය
දේවංගශාලු
ක්ෂීර චම්පක
සුදු අරලිය
BOTANICAL NAME – Plumeria obtusa L,
FAMILY – APOCYNACEAE
පොදු සිංහල නම – සුදු අරලිය (අරලිය )
ඉංග්‍රීසි නාමය – Temple Tree
සංස්කෘත නාමය – කරවීර
පර්යාය
කරවීර
තාන්ක
කර්වීරා
රතු අරලිය
BOTANICAL NAME – Plumeria rubra L.
FAMILY – APOCYNACEAE
පොදු සිංහල නම – රතු අරලිය (අරලිය )
ඉංග්‍රීසි නාමය – Jasmin tree
දෙමළ නාමය – ඉලත්තාලරි, පෙරුන්න්ගල්ලි
සංස්කෘත නාමය – දේවගංගාල්
වෙනත් නම් – ආචීන, ගුලාචීන
පර්යාය
දේවගංගාල්
ක්ෂීර චම්පක
කුලය – කුටජ කුලය
ව්‍යවහාර අංශ
(බොහෝ විට ඖෂධ පිණිස බාහිර වශයෙන් යෙදේ.) පොතු, මුල් මල්, කිරි ඖෂධ සඳහා ගැනේ.
ප්‍රභේද
මලෙහි විවිධ වණය අනුව ප්‍රභේද රාශියක් වේ. මැද කසාවන් වර්ණයෙන් ද වටා සුදු වර්ණයෙන් ද යුත් කුඩා මල් ඇති අරලිය වර්ගය ඖෂධ පිණිස ප්‍රශස්තය.
පැරණි සංහිතා ග්රන්ථයන්හි අරලිය ගැන සඳහන් වන බවක් නො පෙනේ. අරලිය බොහෝ සේ ප්‍රචලිතව ඇත්තේ මල් ගසක් ලෙසිනි.
එහෙත් එහි සමහර කොටස් ඖෂධ පිණිස ව්‍යවහාර වේ. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ සියලු ම ප්‍රදේශයන් හි වැවේ. එම ගසේ මල් වල වර්ණයට අනුව විවිධ ප්‍රභේද දක්නට ඇත. එකී ප්රභේදයන් අතර ගසේ පත්‍ර වල හැඩය ද එක සමාන නො වන අවස්ථාවන් ද දක්නට ඇත. විශේෂයෙන් විහාරස්ථානයන්හි වවා ඇති බව දක්නට ඇත. අලංකාරය පිණිස ගෙවත්තේ අරලිය වවා ගැනීමට ජනතාව පුරුදු වී ඇත. අලරිය යනුවෙන් ද හැඳින් වේ. අරලිය කිරි විෂ සහිතබවත් ඇසට වැටුන විට පීඩාකාරී බවත් පිළිගැනේ.
ගුණ
විරේචනයි. ආලේපයෙන් හමේ ස්නායු කොන් පීඩා කර
ඌණනාලිකා විස්ථාරණය කර හමේ රත් පැහැය ඇති කෙරේ. ශීත පිත්තනාශකයි. නයි විෂ නසයි. පොතු හා මුල් තිත්තය. කටුකය. ඌෂ්ණ වීර්යයෙන් යුතුය. වාතය නසන අතර රේවන ගුණ යුක්තය. කිරිවල විශේෂ යෙන් විරේචන ගුණය ඇත. රත්තිකා 4 – 6 දක්වා වියලි කීරේ විරේචන ගුණය ද. පොතු කරර්ෂ 1 ක් තීව්ර විරේචන ද වේ.
ක්ෂණිකව ඇති වූ සුළු තුවාල මත කිරි ආලේප කිරීමෙන් ලේ නැවතී වියලේ. පැස වූ ව්රණ වල අරලිය කිරි හා සඳුන් තෙල්, කපුරු සංයෝග කොට වුණ සැරහුමක් සේ යෙදීමෙන් තුවාල ශෝධනය හා රෝපණය ද සිදුවන බව ග්‍රන්ථාගතය. කෙ අඹරා ගත් පත්තුව ශෝථ පැසවීම හා පැලීම හා වියලීම කරයි. කොළ
පොතු කෂාය රත් පිත් හා ථිරංග රෝගයට යොදනු ලැබේ. පොතු, කෂාය මුත්‍ර හා මල විරේචනය කරයි. අරලිය ශ්වාස රෝගය, ශෝථ රෝගය, ගෙඩි හා තුවාල, තැලීම් ආදියට ගුණ දායක වුවත් ආයුර්වේදය හා දේශීය වෙදකමේ වඩා ගුණදායක ද්‍රව්‍ය සුළඟ නිසා අරලිය භාවිතයෙන් ඈත් ව එය හුදෙක් පුජනීය කටයුතු සඳහා පමණක් ම ගන්නක් බවට පත්විය. එහෙත් රත්පිත් රෝගීනට තව ම මල් උයා කෑම ගුණදායක මෙන්ම රසවත් ව්‍යංජනයක් වේ. දලු ද තම්බා දිය හැර ව්‍යංජනයක් සේ සකසා ගැනේ.
යෝග
රත්ත පිත්ත හා පීරංග රෝගයෙහි පොතු ක්වාථය යෙදේ. ව්රණ ශෝථ විමලාපනය හා පැසවීම සඳහා
ජලයෙන් අඹරාගත් පත්‍ර ආලේපය යෙදේ.
පැස වූ වුණයන්හි සැරසුමක් ලෙස
අරලිය කිරි, හඳුන් තෙල් හා කපුරු සංයෝග මෙය ශෝධන හා රෝපණය කෙරේ.
මාත්‍රාව පොතු රක්තිකා 18 – 30
මුලේ පොතු කර්ෂ 1 (තීව්ර විරේචන මාත්‍රාව) වියලි කිරි රත්තිකා 4 – 6- විරේචනය.
අරලිය උද්භිදය කනේරු වශයෙන් ද පිළිගැනෙන බවට මතභේදයක් වේ. මෙයට හේතුව ” අරලිය ” යන පර්යාය මේ දෙවර්ගයට ම භාවිතා කිරීම ය. මේ දෙවර්ගය ම විෂ සහිතයි. තද විරේචන ගුණයෙන් යුක්තයි. ක්ලවුස්ගේ ශබ්ද කෝෂයෙහි ද අලරිය අරලිය, සහ කනේරු යන නමින් අලරිය උද්භිදය හඳුන්වා ඇත. එහෙත් අරලිය කනේරු නොවන බව පැහැදිලි ය. එක ම උද්භිද කුලයෙහි උපකුල දෙකකට අයත් උද්භිද වර්ග දෙකක් බව දැක්විය හැකි ය.
ආශ්‍රීත ග්රන්ථ
ආයුර්වේද ඖෂධ සංග්‍රහ ප්‍රථම පියවර දෙවන කොටස පිටු 12.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි



