BOTANICAL NAME – Morinda citrifolia Linn
FAMILY – RUBIACEAE
ENGLISH NAMES – Indian mul berry
පොදු සිංහල නම – අහු
හින්දි නාම – අඩි, ආල්, අබ්හි ආච්පුල්ගාච්, ආච්ආල්
බෙංගාලි නාම – අව්. අච්චුල්ගොජ්
බොම්බා නාමය – ආල්
මහාෂ්ට්‍ර නාමය – බරතින්දියාලා, අලිටා
තෙලිඟු නාමය – මද්දිවෙට්ටු
තමිල් නාමය – නූනා, තුනා වූ, තුනාඔන්, මීන මරම්
මලයාලි නාමය – කඩප්පිලව්
කන් – හලංජවතෙ, තඟ තෙමරා
කොන්කන් – මකඩ්ඵල්
සංස්කෘත නාමය – ආක්ෂික ගෙඩියේ ඇස් බඳු සටහන් ඇති නිසා
පර්යාය නාම
අවිච්ඡුක, ආර්ජුක, ආච්ඡුකා, ආග්ලුක.
පක්ෂික, පාක්ෂික, (කෝකිල ප්‍රිය)
රංජනද්‍රැ – ( මුලේ රතු සායම් ඇති ගස)
කුංඩල ඵල – (කොඩොල් බඳු ගෙඩි ඇති නිසා)
පීතසාර – (කහපාට අරටුව ඇති නිසා)
අහු ඖෂධීය මෙන්ම පාට ගැන්වීමේ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා පැළෑටියකි. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් මෙම පැළැටිය වගා කොට ඇති බව දැන ගන්නට ඇත. විශේෂයෙන් මෙම පැළෑටියේ මුල උපයෝගි කොට ගෙන රතුපාට ඩයි වර්ගයක් නිපදවන බැවින් එසේ වගා කිරීමට කටයුතු යොදා ඇති බව පෙනී යයි.
ලංකාවේ අහු කැලෑ තිබිණ. අක්ෂික කාන්න – අවුකන, ‘හ’ හට ” ව ” විය.
මෙම පැළෑටියෙහි ඖෂධිය වටිනාකම ගැන විවිධ රට වල විවිධ මත පවතින බව ද, යකෘත් රෝග, වෘක්ක රෝග, රක්තාතීසාර හා භයානක ක්ෂය රෝග යට පවා යොදා ඇති බව ද වාර්තාගත ය. අප රටේ බහුල වශයෙන් බාහිර ආලේප වශයෙන් යෙදෙන අතර, අභ්‍යන්තර ව කෂාය කල්ක ආදි යෙදීම්වල දී විරල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. අහු කොළ ඉස්ම පැරණි වණ සුව කරන ප්‍රත්‍යක්ෂ බෙහෙත් තෙලක ප්‍රධාන උපාදානයකි.
iii. ඉදුණු ගෙඩි – ස්ත්‍රීන්ගේ ඍතු අවරෝධ වේදනාදායි සෘතු වීම නැති කර ඍතු ස්‍රාවය වැඩි කරයි.
iv. විවිධ රටවල විවිධ කල්පනා මගින් මේ ගෙඩි යකෘත් රෝග. පිලිඟ රෝග, වෘක්ක රෝග, මධුමේහ, පාණ්ඩු රෝග, කාස රෝග, හා රක්ත පිත්ත, කෘච්ඡු රජක. රෝග වලදී යොදන බව දැන ගන්න ලැබී ඇත.
v. මුල් මලභේදය ඇති කරයි.
(හේදියි )
vi. දළු පුටපාකය මී පැණි සමග බාලාතිසාරයට යොදයි.
vii. තාමලක්‍යාදී කෂායේ – ළය පීනස – කුණ්ඩලී වෙනුවට සමහර වෛද්‍ය වරු අහු ගනිති.
viii. විෂභරණ තෛලයට ද අහු ගැනේ.
ගුණානුස්මරණ පද්‍ය
i. අක්ෂිතඃ කුණ්ඩල; පීතසාරස් තථා ”ච්ඡුකඃ මිමඃපිතප්‍රියඃ සරඃ ශීතඃ- ක්ෂත වුණ විෂා පහඃ ; ප්ලීභවෘක්ක යකෘද්රෝග – ක්ෂයා තීසාර පාංඩුජිත්.
වාතරක්ත රජඃ කෘච්ඡ – රක්ත පිත්ත හරඃ සරඃ :- ස. සං
ii. ආච්ඡු කස්තු රංජන:- පක්ෂී කාක්ෂික පක්ෂිකා රක්ත පිත්ත මතීසාරං – රක්තස්‍රාවං හරේදයම්:
ද්‍රව්‍ය ගුණ (උපේන්ද්‍රනාථ සේන)
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



