BOTANICAL NAME – Imperata arundinacea Cyrill
FAMILY – GRAMINEAE
පොදු සිංහල නම – ඉළුක්
දෙමළ – තූපන් පිල්ලු
වංග දේශයෙහි ද උෂ්ණ ප්‍රධාන පෙදෙස් වලත් ලංකාවේ නම් නොයෙක් ප්‍රදේශයන්හි වැවේ.
කුලය – යව කුලය
තෘණ පංචමූලයට අයත් එක් වර්ගයකි ඉළුක්. මෙය ඖෂධ සඳහා බහුලව භාවිත නොවේ. අල්ප වශයෙන් භාවිතයට ගනී. ආර්ථික වගාවක් වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකියි. ඉතා සුළු කාලයකින් වැවීමට හැකි වේ.
වියළි බිමේත් තෙතමනය සහිත බිමේත් වැවේ. එසේම මඩ වගුරු බිමේත් වැවිය හැකියි. දේශගුණය අනුව උෂ්ණ වියළි දේශ ගුණය ඇති පළාත් වල වැවීමට හැකි වේ. මෙය උක් ගස මෙන් පඳුරු සහිත ගසකි.
ඖෂධ වශයෙන් මුල් සහ අල ප්‍රයෝජනයට ගනී.
යෝග ඉළුක් ක්වාථ
(1) මුත්‍ර කාරකයි. පූයා මෙහයට හිතයි
(2) වෘක්ක ප්‍රදාහ. වැනි ප්‍රදාහයන් හි යෝග්‍යයි.
අක්‍රමිකව ඇති ආර්ථව දොෂ දුරු කර ක්‍රමිකව පවත්වා ගැනීමට ඉලුක් ද අඩංගුවන තෘණ පංචමූල කෂාය දීමෙන් ගුණ ලැබේ.
විශේෂයෙන්ම මෙම කෂාය ටික කලක් භාවිත කිරීමෙන් දරුවන් නොමැතිව වඳ භාවයෙන් පෙලෙන කාන්තාවන්ට විශේෂ හේතුවක් නොමැති නම් දරුවන් පිළිසිඳ ඇත. මෙය ඒ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් යයි කිව හැකියි.
ගර්භාෂය ගත රෝගයන් වන ගර්භස්‍රාව, ගර්භපාත යනාදි දොෂයන් සඳහා සුවදායක යි.
ඉලුක් ක්වාථය බීමෙන් ගර්භාෂයේ රක්ත ස්තම්භනය කරයි. ඒ නිසා ගර්භය පෝෂණය වේ. ගර්භාෂයේ පෝෂණ තත්ත්වය නිසා ගර්භ ගත දොෂයන් දුරු වී ප්‍රකෘති තත්ත්වයට පත් කරයි.
යෝනි ව්‍යාපත් සඳහා තෘණ පංචමූලය තම්බා සේදීමෙන් ව්‍රණ ශෝධන රෝපන වේ. මුත්‍ර ව්‍යුහාවේ රෝග වන මුත්‍ර කෘවජ්‍ර, මුත්‍රාසාත යනාදී රෝගයන් සඳහා ඉළුක් ගුණයි.
උපයෝගී කරගත් ග්‍රන්ථ
(1) කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ගේ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
(2) ඖ. සං. දෙවන කොටස
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



