BOTANICAL NAME – Callicarpa tomentosa (L.) Murr.
FAMILY
- VERBENACEAE
පොදු සිංහල නම – ඉල්ල, ඊල්ල, හකුරුවිල්ල
කට්ටුතුමිල්, වෙට්ටිලායි පත්තුය, කට් කොමාලී දෙමළ නම –
හින්දි නම -බස්ත්ර, බස්ට්‍රා, කස්ට්‍රා
මලයාලම් නම් – නල්ල, පොම්පිල්
පර්යාය නාම
සංස්කෘත පර්යාය නාම අප්‍රකට ය.
කුලය
නිරගුණ්ඩි කුලය වේ.
හකුරුවිල්ල, හැකිරිල්ල, යනුවෙන් ද සමහරු මෙය හඳුන්වතත් එය වෙනත් ශාක විශේෂයකි.
වැවෙන ප්‍රදේශ
හපුතලේ, බණ්ඩාරවෙල, මස්කෙළිය, දියතලාව වැනි ප්‍රදේශවල බහුලව පඳුරු වශයෙන් වැවේ. ඉන්දියාව, මැලේසියාව, ආදී රටවල ද බහුලව වැවේ. මෙහි කොළය කැලෑ දුම්කොලවල ට බෙහෙවින් සමාන හෙයින් ද්‍රවිඩ ජාතීන් බුලත් විට කෑමට ගැනීමේදී මෙම වර්ගය දුම්කොළ සේ වරදවා ගැනීමට යැමේදී ඉල්ලෙයි. ඉල්ලෙයි ( එපා, එපා) කියු වචනය ඉල්ල වී ඇති බව සිතා ගත හැක.
ඉල්ල ගහේ ලක්ෂණ
මෙම ගසේ කඳේ සහ කොළ ලං ලංව පිහිටි බූව සහිත ලෝම කොටස්වලින් පිරී ඇත. කෙළින් උසට වැඩෙන ගස්වලට වඩා පඳුරු වශයෙන් වැඩෙන ගස් වැඩිපුරම දක්නට ඇත. මේවා යේ කොළය යටි පැත්තේ රෝස පැහැයෙන් යුත් විල්ලු ද ගතිය හොඳින් පිහිටා තිබේ. කොළයේ දිග අඟල් 7-8 පමණ ද පළල අඟල් 5 – 6 පමණ ද වේ. මල්වලයාකාරව උඩට උස්ව දම්පාටට පැහැදිලිව පොකුරු සහිතව සෑදේ. ඒ සෑම කොටසකම විල්ලු ද ගතිය (මුල්වල හැර) තිබේ. කොළයේ මතුපිට පැත්ත තද කොළ පැහැයකින් යුක්තය. කොළය එතරම් දිග නැති ඊට වඩා කොට වර්ගයක් ද දක්නට ඇත. නමුත් එය එතරම් ඖෂධ සඳහා භාවිතයට නොගනිත්.
මල පිපෙන්නට පළමුව දම්මල් වලට සමානය. දම්පාටය. පිපුණ විට කුඩා පෙති 4 ක් පමණ ඇතිව පුනීලාකාර කෝප්පයක් බඳුව උඩට හුරුව පිහිටයි. ගෙඩිය සෙ. මී. 5-6 පමණ වන අතර කළු පැහැයෙන් ලොකු දම් ගෙඩි තරමට දිලිසෙන ස්වභාවයක් දක්නට ලැබේ. මාර්තු සහ සැප්තැම්බර් මාසවල වැඩිපුර දක්නට ලැබේ. ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 4000 උස ශීතල දේශගුණය ඇති තෙත සහිත ප්‍රදේශවල බහුලව වැඩේ. මධ්‍යම පළාත, අඹගමුව, හන්තාන, ගම්පොල, මීරිගම වැනි පෙදෙස් වල ද දක්නට ලැබේ. මල්වල සහ ගසේ පොතු වල තරමක කහට ගතිය මිස කිරි වැස්සීමක් නැත. ආඩතෝඩ ගසේ මෙන්ම මේ වර්ගයේද පංචාංගයම බෙහෙත් සඳහා යොදා ගැනේ. බුලත් පාත්ති වලට පොහොරක් වශයෙන් යොදනු ලබන කැප්පෙටියා නම් වර්ගයේ ද බුව ගතිය ඇත. මේවායේ ද පිහිටි බුව ගතිය නිසාත් මේ වර්ගය තෙතමනය ආරක්ෂා කිරීම ඇති කරන නිසාත් සමහරු මේවා බුලත් පාත්ති වලටත් තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා බහුලව වවති. ශීතල දේශගුණය මේවායේ වැඩීමට අවශ්‍ය බව මෙයින් පැහැදිලිවේ. ඉල්ල ගස් සාමාන්‍යයෙන් වත්තක තිබේ තම ආරක්ෂාවත් හොඳ බැව් මතයක් ද ඇත.
පර්යාය
ඊල්ල
ඉල්ල
හැකිරිල්ල
හැකරිල්ල
හකුරු ඉල්ල
හැකර ඉල්ල
හකුරු විල්ල
මේ සියළුම නම් මේ සඳහා භාවිත කලත් බෙහෙත් ඖෂධ සඳහා භාවිත කරනු ලබන්නේ ඉහතින් දැක්වූ බූව සහිත විල්ලු ද ගතියෙන් යුත් දිගටි හැඩය ඇති සොළ පිහිටි වර්ගයයි.
හැකරිල්ල යන නම් යෙදීමට හේතුව
හැකිරිල්ල, හැකරිල්ල, හකුරු ඉල්ල ආදී සියළුම නම් මේ සඳහා භාවිත වන්නේ මේ නිසා විය හැක. කොළයේ පසු පෙදෙසේ දසේ ඇති හකුරු වැනි පාටින් යුත් ගතිය මුල් කරගෙන හකුරු -ඉල්ල – හැකිරිල්ල විය. අනික් නම් ද භාවිතය අනුව හැඩ ගැසුණා විය හැක.
ඉල්ල කොළ, දලු, පොතු, මුල්, මල් ඖෂධ සඳහා යොදා ගනී. තුන් දෙප් සමනය වේ.
කොළ
කෂාය කර මුවෙහි තුවාල (මුඛක්ෂත) සඳහා යොදාගනී.
කොල පිරිසිදු කර මඳක් රත් කර තුවාල මතුපිට සැරසුමක් ලෙස තැබීමට ද භාවිත කරයි. ඉල්ල කොල, පුපුල කොල, අමුකහ ලුණු සමඟ සියුළුව අඹරා මැටි බඳුනක මලවා මැල්ලුමක් ලෙස පරණ හා අලුත් ව්‍රණ සඳහා යොදාගනී.
ඉල්ල දලු
පුපුල දලු
එරබදු දලු
බෙන් අනෝද කො
කැකුළු හාල්
පොල් කිරෙන් තම්බා අඹරා බැඳීමෙන් වණ ශුද්ධ වීම හා වණ රෝපණය සිදු වේ.
ඉල්ල පොතු
මුඛ ක්ෂත රෝපණයට හා විදුරුමස් තුවාල වී ලේ සැරව ගැලීමාදියට ද දත් සවි වීමට ද ඉතා හොඳය. මේ සඳහා පැරැන්නෝ බුලත් විටට ඉල්ල පොතු ස්වලප යක් එක්කර ගත්හ.
විශේෂයෙන්ම මේ ගසේ ඇඟ නිවන ගමන කාරක ගුණය බහුලව තිබේ. පිත ශමනය කරයි. මොළයේ ශාන්ත භාවය ඇති කරයි. සෙම වඩයි. උන්මාදය සර්ප විෂ ඇතුළු සියළුම විෂ සමනය කිරීම සඳහා උපයෝගි කෙරේ.
- බිහි වූ විගසින් බිළිඳා ඉල්ල කොළයේ තැබීමෙන් රත ගතිය පහ කර ගත් බව ආදියෙහි සිට වින්නඹු මාතාවන් අතර ප්‍රචලිතය.
- පෙකණි වැල වණ වූ විට මේවායේ මල් නැවුම් කබලකට දමා රත් කර බැද අමුකහ වර්ණය මිශ්‍ර කර තල තෙලෙන් අඹරා ගෑම ගුණ වේ.
- දරුවා නාවන විට ඉල්ල කොළ රත්මල් මොට්ටු, වෙනිවැල් ගැට, ගැට නෙටුල් පොතු, බක්ම පොතු, මේවා සමඟ තම්බා එම වතුරෙන් නෑවීම ඉතා ම හොඳයි.
- මව නෑවීමට
ඊල්ල කොළ
තෙල් එරඬු කොළ
නික කොළ
ගසූරිය කොළ
මසං කොළ
නාදව
බෝදළු
මේවා තම්බා නෑවීමත් හොඳයි.
- දරුවාට රත තෙලක්
ඊල්ල කොළ පොතු
මදටිය කොළ
අංකෙන්ද කොළ පොතු
එකට කොටා මිරිකා ගොරෝසුවට ගත් ස්වරයට රං තැඹිලි, කිරි සමව දමා, කල්කයට – සුදුරු, මාදුරු, සියඹලා ඇට මද මේවායින් කල 8 බැගින් ගෙන කබලේ බැද ඉහත කී ස්වරස ලිපේ උයන විට මඩ පාටට එනවිට ඉහත කී කල්ක බෙහෙත් ටික කුඩු කර දමා තැඹිලිතෙල් සේරුවක් ද දමා තෙල සිදගනු. මෙම තෙල ගෑමෙන් කුඩා දරුවාගේ හිසේ. පපුවේ. පිටේ, ඇඟේ හැම තැනම රතබිබිලි සුව වේ. මෙම තෙල තේ හැඳි 1/2 පමණ ළමයාට පෙවීමෙන් රයේ රතදෝෂ පහවේ. බඩඑලිය යාම ද ඇති වේ. තෙල් පෙවුදාට උදරයේ රතනෑවීම නොකළ යුතුය.
- ඊල්ල කොළ ඕනෑම ඉදිමුමකට එම ස්ථානයේ තබා බැඳීමෙන් ඉදිමුම නැති වේ.
- ඊල්ල කොළ. එම දව, බෝ දළු, නුග දළු, මසං දළු, නික දළු, රත්මලේ, වෙල් මී දෙල්ල දළු. තිත්ත සමදරාදළු, ගසූරිය දළු, යන මේවා දෝතක් පමණ ගෙන ලොකු හැලියක දමා තම්බා ඔරුවක් සේ සාදා එහි ලෙඩා නිදිකරවා එම කොළවලින් තවා සෝද ලෙඩා නැවීමෙන් රත්පිත් ඇති සියලුම රෝගීන්ට විශාල සහනයක් සැළසේ.
- ඊල්ල දළු. මොර වැස්ස මේ දෙවගය පොල් කිරෙන් තම්බා අඹරා ගෙඩිය වටේ ගෑමෙන් ගෙඩි සුවවේ.
- ඊල්ල, මිල්ල දෙවගයේ යුෂ ගෙන බීමට දීමෙන් සර්ප විෂ අවස්ථාවලදී වමනය වී බඩේ විෂගතිය පහවේ.
- ඊල්ල, මිල්ල යුෂ ගෙන නවසී පොල් කිරි දමා හිනටිහාල් සමඟ කැඳ පිස දීමෙන් සර්ප විෂ දුරුවේ.
- ඊල්ල, මිල්ල, හැකරිල්ල, මොරවැස්ස, පෙරුම්කායම් මේවා පොල් කිරෙන් තම්බා අඹරා ගෑමෙන් ගෙඩි පැසවා හොඳ වේ.
- සර්ප දෂ්ටය නිසා ඇතිවන ඉදිමුමට
ඊල්ල කොළ, යක් වසස්ය, යක්බේරිය, අඬනහිරිය, හිංබෝවිටිය කොළ, කුඩු මිරිස්ස හා හාතවාරිය අල මේවා අමුකහ ස්වල්පයක් සමඟ කොටා තල තෙලෙන් මලවා ඉදිමුම ඇති තැන බැඳීමෙන් ගුණ වේ.
පොතු හා මුල් යෙදූ කෂාය අක්මා යෝග්‍ය වනුයේ චර්ම රෝග සඳහාය. කාරකයක් ලෙස භාවිත කෙරේ. රෝග වලට යොදාගනී. මුල් වඩාත් මලය රටෙහි මෙම පැළෑටිය මුත්‍ර
ආශ්‍රිත ග්‍රන්ථ
ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර II වන කොටස
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



