උඩැත්ත

BOTANICAL NAME – Mollugo cerviana Ser.

FAMILY – AIZOCEAE

සංස්කෘත – එන්‍ය, ග්‍රීෂ්ම, සුන්දරක, පර්පටක, පර්ණිජා

බෙංගාල – ගිමා

හින්දි – ගිමා ශාක 1

දෙමළ – පර්පාඩගම් 2

පර්යාය

කපිත්ථ පත්‍රා – වඳුරන් ආහාරයට ගන්නා පලාවක් නිසා

ධරසි – දොල දෙපස හැදෙන නිසා

නිර්කධරා – ගඟුලැලි අසල පැළවෙන නිසා

යවපත්‍රිකා – යව කොළ බඳු කොළ ඇති නිසා

විරූපා – දැකුම්කළු නොවන නිසා

කුලජා – ගං ඉවුරු (දෙණි බිම) ආදියෙහි උපදින නිසා

පත්‍රිකා – සිහින් කොළවලින් යුක්ත හෙයිනි.

තිත්ත පත්‍රිකා – තිත්ත රසැති සිහින් කොළ ඇති 3

උඩැත්ත හෝ උදත්ත නමින් හැඳින්වෙන්නේ සෙ. මී. 10 – 20 පමණ උසැති පොළවෙහි පැතිරී වැඩෙන කුඩා ක්ෂුපයකි. උඩැත්ත නමින් ව්‍යවහාර කරනු ලබන පැළෑටි වර්ග කිහිපයක් මෙරට ඇති අතර, උඩැත්ත යයි ප්‍රකට පැළෑටියෙහි ද ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය. මෙම ප්‍රභේදත්. මේ රටේ පත්පාඩගම් ලෙස හඳුන්වන විවිධ ක්ෂුප වර්ගත් අතර තිබෙන්නේ නොබිඳිය හැකි සම්බන්ධයකි. බොහෝ විට අපේ රටේ වෙළඳ පොළෙන් පත්පාඩගම ලබා ගන්නා යමකුට ලැබෙන්නේ කුමක් හෝ උඩැත්ත විශේෂයකි. නැති නම් ඒ හා බොහෝ සමාන කම් දක්වන වල් පත්පාඩගම ය. මේ නිසා උඩැත්ත ද වල් පත්පාඩගම් ලෙස හැඳින්වීමට වැඩි දෙනා පෙළඹෙති.

ව්‍යවහාරයෙහි පවත්නා උඩැත්ත ගැන පත පොත හා වෛද්‍යවරුන් ඇසුරින් සොයා බලන්නට උනන්දු වූ මා හට වඩාත් විවිධ වූ අවුල් සහගත නමුත් සිත් ගන්නාසුලු කරුණු රැසක් දැක ගත හැකි විය. මේවා සැකෙවින් පහත විස්තර කරමි.

  1. ආයුර්වේද ඖෂධ සංග්‍රහය, 62 පිට.
  2. ໖໖໒ 29 8.
  3. සරස්වති නිඝණ්ඩුව (1970) 32 පිට.

ප්‍රධාන වශයෙන් වෛද්‍යවරුන් විසින් දක්වන ලද පැළෑටි හා පත පොතෙහි දක්වන පැළෑටි හා සියල්ල ම ප්‍රධාන උද්භිද ගණ දෙකකට අයත්ය. එයින්,

  1. Mollugo – විශේෂ (කුලය – AIZOACEAE, 4 MOLLVOINACE 5 )
  2. Oldenlandia – විශේෂ (කුලය – RUBIACEAE) යන විසින් දැක් වෙන Mollugo විශේෂ සහ ඒවාට ව්‍යවහාර කරන නම:

මෙයින් M. cerviana කිරි උඩැත්ත ලෙසත්. M. stricta කවුඩු උඩැත්ත ලෙසත් ජනතාව අතර ව්‍යවහාර වේ.

අවධානය යොමුවන Oldenlandia විශේෂ

  1. O. corymbosa – වල්පත්පාඩගම්
  2. O. biflora – හීන් කවුඩු දළ
  3. O. stricta – මහ කවුඩු දළ, මුදු බැමිතිරිය
  4. O. umbellata – සැය. සැයුම් මල 10

මේවායින් O. corymbosa හා O. biflora දෙකම ජන ව්‍යවහාරයේදී කිරි උඩත්තා වන අතර සමහරු එයට වෙල් පත්පාඩගම හෝ වල් පත්පාඩගම් යයි කියති. මේවා නියම වල් පත්පාඩගම වන අතර ස්වරූපයෙන් බැලූ බැල්මට කිරි උඩැත්ත මෙනි. පණ්ඩිත ආර්ය දස කුමාරසිංහ මහතා කිරි උඩත්තා හඳුන් වන්නේ ලේඩි උඩත්තා නමිනි.11

ආයුර්වේද ග්‍රන්ථවල මෙම උඩත්තා හැඳින්වීමට ඉහත දැක්වූ නම් වලට අමතර ව වෙල් පැපිලිය පලා 12 කවුඩ්රිය පලා 13, 14 යන නම් භාවිත කර ඇත.

කිරි ඇල්ලේ ඤාණවිමල හිමියන් උඩවත්තා යනු කැකිරි, කවුඩු, කැකිරි ලෙස දක්වයි. කවුඩු උඩැත්ත, කවුඩු කැකිරි ලෙස හඳුන්වයි. 15. මේ මතයම අනුව යමින් බොරැල්ල රෝහලේ විෂ විශේෂ වෛද්‍ය එච්. එයි. අමරසේන මහතා තවුඩු උඩැන්න ලෙස ඔවුන් භාවිත කරන්නේ කවුඩු කැකිරි බව පවසා කවුඩු කැකිරි ලෙස කෝවක්කා දක්වයි. 16 මෙය ද විමසිය යුතු ය.

මත භේදයකින් තොර ව උඩත්තා ලෙස හැඳින්විය හැකි Moilugo විශේෂයන් පමණක් හෙයින් මින් ඉදිරියට උඩැත්තා හෝ උඩත්තා පලෙස හඳුන් වන්නේ ඒවා පමණි. අපේ රටේ දී M. cerviana කිරි උඩත්තා වන අතර, M. stricta කවුඩු උඩත්තාය.

වර්ගී කරණය

  1. සුරසාදි ගණයෙහි ධරයි ලෙස දක්වයි. ස්වරයි යනු උඩත්තා යි.17
  2. පැරණි සංහිතා ග්‍රන්ථ යුගයේ සිට මෑත යුගයෙහි දක්වෙන ග්‍රන්ථ දක්වා අන්ත පාන විධි යටතේ ශාක වර්ගයෙහි දක්වා තිබේ. 18 19 20

වැවෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේශ වල වැවේ. යාපනය, කල්පිටිය සහ නැගෙනහිර, දකුණු පළාත්වල මුහුදු තීරයේ සුලභව දැකිය හැකි ය. අප්‍රිකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල ද වැවේ.”

කවුඩු උඩත්ත මෙරට උෂ්ණාධික දේශගුණය සහිත ප්‍රදේශ වලට සීමා වන අතර, කිරි උඩත්තා ඕනැ මී දේශගුණික කලාපයක සුලභය.

රස

සෙම් පිත් නසයි

විර්යය ශීත වීර්යය

විපාක කටු විපාක 22

පලා වර්ගයක් ලෙස දක්වන ගුණ

මුත්‍රකාච්ඡ. විසර්ප, කුෂ්ඨ, ගෝථ යන රෝග වලට හිතය. සෙමි පිත් ශමනය කරයි. ගලගණ්ඩය හා පිත්ත ජ්වරය නසයි.

කර්ම සහ ප්‍රයෝග

කර්ම ලෙස අග්නි වර්ධක, අපරේචක, ගර්භාෂය උත්තේජන, ප්‍රති පූතික කර්ම දක්වයි. 23

ප්‍රයෝග

  1. ධාරකය අන්ත්‍ර රෝග නිවාරක හා විෂදෝෂ නාශක ය. ප්‍රසූතියෙන් පසු ස්‍රාවය බන්ධ වූ විට උඩත්තා මළවා කෑමෙන් ස්‍රාවය බැහැර කෙරේ. 24. මේ නිසා සුතිකාවකට හොඳ පථ්‍ය ආහාරයකි.

සංස්කාරික ඖෂධ

තෙල් වර්ග වලදී ගන්නා ස්වරසයට විශේෂ බව පෙනේ.

  1. ලෝකනාථා තෛලය

මෙහි ප්‍රධාන සංඝටකය කවුඩු උඩත්තාය. ස්වරසයට ගනී.

ගුණ

සියලු සන්නි. වලිප්පු, අපස්මාර ආදියට නස්‍යයට හා උගුරේ තබා සෙම හැරීමට 25 26

  1. ශිර්ෂ රාජ තෛලය:

ස්වරසයට එයි.

ගුණ

හිසෙහි හා කණෙහි රෝග වලට විශිෂ්ටය. රත්පිත් රෝග වලට ද යොදයි. 27

  1. මහා දේවකුමාර තෛලය:

උඩත්තා ස්වරසය ගනියි.

දරුවන් වැදීම පහසු කිරීමට. විෂ කැවුණාට, මානසික රෝග, භූක රෝග 28 යනාදියට.

  1. සර්ව රෝග සංහාරක තෛලය

කවුඩු උඩත්තා ස්වරසය ගනියි.

ගුණ

පංචකර්ම සඳහා 4, තුවාල හා කුෂ්ඨ වලට, වාත රෝග වලට, කැඩුම් බිදුම් වලට, පීනසට.

ඖෂධ සඳහා භාවිත කොටස්

මුළු ක්ෂුපය ම අමුවෙන් ගනී.

සමහර යෝග සඳහා මුල් ගනී.

ජන වහරේදී පමණක් වියළා තබාගෙන භාවිත කරන බව පෙනෙතත් වැය ශාස්ත්‍ර යුක්ති වේ දැයි ගැටළුවකි. විශේෂයෙන් පත්පාඩගම් යයි වරදවා භාවිතකරන හැම විට ම මෙය භාවිත කරන්නේ වියලා තබා ගෙන ය.

උඩත්තා සහ බැදුණු ජනවහර සහ භාවිතාව

මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හසලක, උඩත්තව නම් වූ, දුෂ්කර වෙන් වූ ගම්මානයේ උඩත්ත පලා බහුලව, දැකිය හැකිය. මෙයත් ගමේ නම් වු උඩත්තාව යන්නත් අතර සම්බන්ධයක් තිබේ දැයි සොයා බැලීම වටී.

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුෂ්කර පාරම්පරික ගම්මාන වූ.

මහියංගණය, ඓතිහාසික මාර්ගයේ (ඌව කැරැල්ල අවසියේ) දැනට රංදෙණිගල දාඩි රක්ෂිතයට යට වන බොලගන්දාවල බොලගන්දා වෙල සහ යටි මාදු ග වැසියෝ පත්පාඩගම් හෝ පැපිලිය ලෙස භාවිතයට ගන්නේ කවුඩු උඩත්තාය. ඔවුහු ඒවා වියළා තබා ගෙන උණ රෝග වලදී තම්බා බීමට ගනිති. පිපාසය නිවන සිත මඩින ඔසුවක් ලෙස ද පානය කරයි.

  1. M. cerviana – පත්පාඩගම් 6 උදත්ත 7 8
  2. M. stricta – උදත්තා, උඩත්තා, කවුඩු උඩක්තා 9
  3. M. lotoides – උඩැත්ත
  4. Sri Lanka Forester
  5. ආයුර්වේද ඖෂධ සංග්‍රහය 11 කාණ්ඩය, 32 පිට
  6. ආයුර්වේද ඖෂධ සංග්‍රහය 11 කාණ්ඩය. 32 80
  7. Sri Lanka Forester
  8. Jayaweera 28-29 P.P.
  9. ආයුර්වේද ඖෂධ සංග්‍රහය, 11, 32 පිටු
  10. Sri Lanka Forester
  11. පණ්ඩිත ආර්යදය කුමාරසිංහ මහතා සමඟ කළ පෞද්ගලික සංවාද
  12. වරක සංහිතා (1960) සිං, ප. 178 පිට
  13. යෝගාර්ණවය (1963) 20 පිට
  14. වරයෝග සාරය (1966) 31 පිට
  15. දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය (1959) 51 පිට
  16. බොරැල්ල ආයුර්වේද රෝහලේ විෂ වෛද්‍ය අමරසේන මහතා හා කළ

පෞද්ගලික සංවාද 17. 2-3 (1987) 8. 5. 64 පිට

සුරපේ කාස මර්දඤ්ච- පණිජිජාර්ජක භූතාණම්. නිර්ගුණ්ඩිඬරයි එජි – කුලාහල සුගන්ධිකා,

  1. චරක සංහිතා (1960) සිං. ප. සු.ස්.. 27 අ. අන්තොන විය. 178 පිට
  2. යෝගාර්ණවය (1963) අන්නපාන වියි, පාක වර්ග, 20 පිට
  3. වරයෝග සාරය (1966) අන්නපාන විධී චිකිත්සා, 31 පිට
  4. Jayaweera 28. P.

22.

  1. චරක සංහිතා (1960) සිං. ස 178 පිට
  2. සාරාර්ථ සංග්‍රහය (1987) අන්නපාන චිකිත්සා, 130 පිට උඩත්තා කාච්ඡු විසප කුෂ්ඨ පිත්ත කථා පභා.
  3. හිනස්ති ගලගණ්ඩාව – ජීවරං පිත්තෝස්ථිත තථා
  4. සිද්ධ ඖෂධාවලි තෛල කාණ්ඩය (1953) 3 පිට
  5. ආයුර්වේද ඖෂධ සංග්‍රහය III. 62 පිට
  6. සිද්ධ ඖෂධාවලී, තෛල කාණ්ඩය (1953) 19 පිට
  7. සිද්ධ ඖෂධාලිය, තෛල කාණ්ඩය (1953) 14 පිට

ආශ්‍රිත ග්‍රන්ථ

  1. ආයුර්වේද ඖෂධ සංග්‍රහය 11. 32 – 33 පිටු
  2. ආයුර්වේද ඖෂධ සංග්‍රහය III, 62-63 පිටු
  3. ආර්යදාස කුමාරසිංහ (1987) කාරාර්ථ සංග්‍රහය සිං. ප. 64. 130 පිටු
  4. කිරි ඇල්ලේ ඤාණවිමල හිමි (1950) දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය. 51 පිට
  5. කිරිඇල්ලේ ඤාණවිමල හිමි (1960) වරයෝගකාරය, 31 පිට
  6. කිරිඇල්ලේ ඥානවිමල හිමි (1963) යෝගාර්ණවය. 10 පිට
  7. ආර්. බුද්ධදාස (1960) චරක සංහිතා සිං, ප. සූත්‍ර ස්ථානය. 27 අධ්‍ය 178 පිට
  8. දේවිකා ගුණසේන (1970) සරස්වති නිසණ්ඩුව. 32 පිට
  9. ඩී. සී. ජයසේකර (1953) සිද්ධ ඖෂධාවලී, තෛල කාණ්ඩය
  10. Jayaweera D.M.A.() Medicinal Plants used in Ceylon 27-27 PP
  11. Sri Lanka Forester
  12. Nadkarni
  13. පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මහතා සහ වෛද්‍යාචාර්ය එච්. ඇම්. අමරසේන මහතා සමඟ කළ පෞද්ගලික සංවාද.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top