ඉරිවේරිය
BOTANICAL NAME – Coleus zeylanicus (Benth.) Cramer.
FAMILY – LAMIACEAE
පොදු සිංහල නම – ඉරිවේරිය
සංස්කෘත නම – වාලකන්
පර්යාය අංක I
” ශ්‍රී කරං වාලකං වාලෝ ද්‍රව්‍යං ශ්‍රී වේද පිංගලෙ බර්හිෂ්ඨාං ජල පර්යාය වාවතශ්වාහිධියතෙ “
(සරස්වතී නිඝණ්ඩුව)
බර්හිෂ්ඨා, ජලජ, ආප්. වජ්‍ර, අම්බු, අම්බ, අලම්බුද, ඉලු, ඇල්, ජලජටාධා, බෝදී. කෝය.
පර්යාය අංක II
ත්‍රී වේර – ලජ්ජා ඇති මුල්
බාල, බාලක – කෙස්රොද
කුන්තලාමොද, කවා මොද – හිස සුවඳ කරන
කාන්තා ගිදෝහද – කාන්තාවන්ගේ කොණ්ඩා රුචිකරන
වරපිංග – හොඳ කහපාට
ඉහත සඳහන් පර්යාය අනුව පැහැදිලි වන්නේ ”ග්‍රී වේර ” නමින් හඳුන්වන ද්‍රව්‍යය කුමක් වුවත් කාන්තාවන්ගේ කොණ්ඩය හා සම්බන්ධකමක් තිබූ පැළෑටි යක් බවයි. භාරතයේ බොහෝ කාන්තාවෝ නෑමෙන් පසු කෙස් කළඹ සුවඳ කිරීම පිණිස සැවැන්දරා පවුලට අයත් මුල් වර්ගයක් හිසේ රුවා ගන්නා බව පෙනේ. ඇතැම් ගැමි කතුන් සැවැන්දරා පවුලට අයත් ගසෙක මුල් තලා හිසේ ගා නාන බවද සැලකිය යුතුය.
මෙකී විස්තරයන්ට අනුව අපට නිගමනය කරන්නට සිදුවන්නේ ” ග්‍රීවේර ” සැවැන්දරා පවුලටම අයත් ගසක් බවයි.
එහි උද්භිද විද්‍යා නාමය Amphilophis odorata යනුයි.
එහි දෙමළ නම් වෙට්ටිය යනුයි. නියම සිංහල නමක් වශයෙන් ‘අවිවේරිය ‘ නම දිය යුතුය. එහෙත් ඉරිවේරිය වශයෙන් ගත යුත්තේ අද අප ගන්නා ” ඉරි වේරිය ” නමින් හඳුන්වන පැළෑටිය නොවේ.
අප ගන්නා පැළෑටියේ උද්භිද විද්‍යානාමය Coleus zelanicus ය. ඒ අනුවද එම පැළෑටිය ලංකාවට උරුමකම් කියන්නක් බව හෙළි වේ. මුලින් සඳහන් කළ පරිදි භ්‍රී වේර ශබ්දය කල්යාමේදී පොදු වහරට ඉරිවෙරිය වූවා නම් අද අප ගන්නා පැළෑටිය වෙතත් නමකින් හැඳින්විය යුතුය.
” භ්‍රී වේර ” වලට දී ඇති පර්යාය සමඟම වරලස යන අර්ථය දෙන සැම සංස්කෘත නාමයක්ම යෙදේ. ( පර්යාය අංක ID
සමහර තැනක ඉරිවේරිය පර්යාය වශයෙන් ” ජල ” පර්යාය දක්වා ඇත. (පර්යාය අංක D බොහෝ කලක සිට ‘ ශ්‍රී වේර’ වෙනුවට ඉරිවේරිය ගැනීමට ලංකාවේ වෛද්‍යවරු පුරුදු වී ඇති අතර පොත්පත් වල ද ‘ ශ්‍රී වේර ‘ යන්නට ඉරිවේරිය යනුවෙන් අර්ථ කර ඇත.
ආමාතිසාර, අජීර්ණ වැනි ආන්ත්‍රික පීඩා වලට අප ගන්නා ඉරිවේරිය මනා ගුණ දෙන බවට සැකයක් නොමැත. එහෙත් ද්‍රව්‍ය පිළිබඳව විමසීමේදී සංස්කෘත භ්‍රී වේර ශබ්දයෙන් හඳුන්වන ද්‍රව්‍යය, ලංකාවේ වෛද්‍යවරු ගන්නා ඉරිවේරිය නොවන වග පැහැදිලි වේ.
‘ ඉරිවේරිය ‘ ශබ්දය ‘ භ්‍රී වේර ‘ ශබ්දයට සමාන බවක් පෙන්වුවත් ඉරිවේරිය යන හඩේ සිංහල බවක් නොපෙනේ. සංස්කෘත ‘ භ්‍රී වේර ‘ හඳුනා නොගත් විටක ඒ වෙනුවට ගත් යම්කිසි පැළෑටියක් භ්‍රී වේර නමින් ද හඳුන්වා කල්යාමේ දී පොදු මිනිසාගේ වහරට එක්ව ‘ ඉරිවේරිය ‘ වූවා විය යුතුය. ” භ්‍රී වේර ” නමින් හැඳින් වෙන පැළෑටිය අද අප ගන්නා ඉරිවේරිය පැළෑටිය නොවන බව අද ඊයේ මතු වූ කාරණයක් නොවේ.
ග්‍රෙබ්‍රියෙල් ගුණවර්ධන මහතාගේ ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුව නම් පොතේ ‘ භ්‍රී වේර’ ඉරිවේරිය නොවන බව සඳහන් කරමින් නියම භ්‍රී බැබිල කොලයට සෑහෙන දුරට සමාන කොළ ඇති, සුවඳවත් මුලකින් යුත් පැලෑටියක් බව දක්වා ඇත. ඒ මහතාගේ මතයට අනුව භ්‍රී වේර නමින් හඳුන්වන පැළෑටියේ උද්භිද විද්‍යා නාමය (Pavonia odorata). බොහෝ තැන්වල සඳහන් ඖෂධීය වටිනාකමක් ඇති භ්‍රී වේර දුර්ලභ පැළෑටියක් යක් විය නොහැකියි. එහෙත් Pavonia නම් පැළෑටිය ගැන අවබෝධයක් වැඩි දෙනෙකු තුල නොමැත. ‘ භ්‍රී වේර ‘ ඉරිවේරිය හෝ පැවෝනියා ඔඩොරෝටා පැලය හෝ නොවෙතැයි සැලකීමට තුඩු දෙන තවත් කරුණු බොහෝය. භාව ප්‍රකාශය වැනි පොත්වල ලා මජ්ජ හෙවත් සැවැන්දරා සඳහන් වන තැන්වල හී වේර ගැ හී වේර ගැන ද කියැවේ. එසේම ග්‍රි වේර පර්යාය නාම වලින් දෙන අර්ථ ද වඩාත් ගැලපෙන්නේ සැවැන්දරා වැනි දික් මුල් ඇති ගසකටයි.
වරක සූත්‍රස්ථානයේ ෂෂ්ට වර්ග යටතේ ද (තෘෂ්ණා නිවාරණ ද්‍රව්‍ය ) නවම වර්ගයේ දර්විලි නසන ද්‍රව්‍ය යටතේ ද, වරක විමාන ස්ථානයේ 8 වන අධ්‍යායේ තික්ත ස්කන්ධ යටතේ ද, වරක චිකිත්සා, (ව. චී.) ස්ථානයේ 3 වන 3 වන අධ්‍යායේ ජීවර චිකිත්සාව (ෂලිංග පානය), පිත්ත ජ්වර කෂාය යටතේ ද, ව. වී. 4 වන අධ්‍යායේ රත්පිත් චිකිත්සාවේ ද ව.වී. 6 වන අධ්‍යායෙහි පිත්ත මේහයේ දී ඉරිවේරිය සඳහන් වේ. මේ නිසා ඉරිවේරිය සංහිතා කාලයේදී භාවිත වූ ඖෂධයක් බව පැහැදිලි වේ.
නිඝණ්ඩු සමයේ ඉරිවේරිය සඳහා අළුතින් පර්යාය සහ නව ටිකිත්සා යෝග යෙදුණු බවට සාධක ඇත. සාරස්වතී නිඝණ්ඩුව, සිද්ධෝෂධ නිසණ්ඩුව මෙයට සාක්ෂි දරයි.
අප දැනට භාවිත කරනු ලබන පැතිරෙමින් හෝ කෙළින් වැඩෙන්නකි. අතු ඉතා ස්කන්ධවත්ය. රනු ලබන පැළෑටිය රතුපාට බූව සහිත දඬු වලින් යුක්තය. කඳ වතුරසා කාරයි. පත්‍ර මාංසලයි. අන්ඩාකාරයි. සෙ.මි. 3 – 5 දක්වා දිගැටි වන අතර පත්‍ර අග්‍රය. රවුම් ය. විරුද්ධ පසට විහිදී යන සේ පත්‍ර පිහිටා ඇත. පුෂ්පය දුර්වර්ණ නිල් පැහැයක් ගනී. ද්වී ලිංගිකයි. පුෂ්ප කුඩා වන අතර අතු අග හෝ කඳ වටා හටගනී. මල හටගැනීම ජුනි මාසයේය. ශ්‍රී ලංකාවේ සියළු ප්‍රදේශවල දැකිය හැකි මුත් මධ්‍යම කඳුකරයේ ප්‍රධානව දැකිය හැකිය. කඳ සහ පත්‍රවල පත්‍රවල ඖෂධ ගුණය පවතී. වතී. පත්‍ර සුගන්ධවත්ය. එහි ඇති වාෂ්පශීලී තෛලය මෙයට හේතුවේ. මීට අමතරව රසායනික ද්‍රව්‍ය අඩංගුය.
රස
ගුණ
ශීත, රූක්ෂ, ලඝු
වීර්යය
ශීත
සැවැන්දරා ගුණත් මීට බොහෝ සෙයින් ම සමානය. අප අද ඉරිවේරිය නමින් ගන්නා යම් දෙයක් වේ නම් එහි ගුණ ග්‍රන්ථයකට අනුව කිව නොහැකි වුවත් පොදු ජනයා හා වෛද්‍යවරුන් අතර භාවිතයෙන් ලත් අත් දැකීම් අනුව පහත සඳහන් ශ්ලෝකයේ කී ගුණ එහි තිබෙන බව කිව හැක. හැක. නැතහොත් දීපන, පාච පාවන ගුණ අතින් හා ආමාතිසාර ගුණය අතින් එහි මිට වැඩි ගුණයක් ඇති බව ඔප්පු වී තිබේ.
යෝග
රක්ත පිත්තයට
- වන්දන, හී වේර කෂාය හෝ ඕනෑම සංස්කරණයක්
- ශ්විත්‍රයට – හී වේර දවා ගත් අලු, බුළු ඇට තෙලෙන් ගාන්න.
- මදාත්‍යයෙන් ජනිත පිපාසයට
ෂඩංග පරිභාෂාවට අනුව තනාගත් හී වේර ක්වාථය
” චාලකං ශීතලං රූෂං ලඝු දීපන පාච නම් හාල්ලාස’ කාරුචි විසප හෘද් රෝගාමතිසාර ජිත් වාලකං ඡර්දි හෘල්ලාස කෘෂ්ණ තීසාර පිත් හිමම් කළු – පිත්ත හරං පිත්තං පාචනං වහ්නි ශෝධනම්
මාත්‍රාව
ස්වරසයට අවු 1/2-1 දක්වා
මුල් කලං 1/2 යි.
ආශ්‍රිත ග්‍රන්ථ
ආයුර්වේද ඖෂධ සංග්‍රහය I. II. III.
වරක සංහිතාව
සුශ්‍රැත සංහිතාව
සාරස්වත නිඝණ්ඩුව
සිධෞෂධ නිසණ්ඩුව.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



