අලිගැට පේර

BOTANICAL NAME – Persea gratissima Gaertn.

FAMILY -LAURACEAE

පොදු සිංහල නම – අලිගැට පේර, අලි පේර

ඉංග්‍රීසි නාමය – Alligator Pear, Butter fruit Avacado

දෙමළ නාමය – ආන කොයියම්රම්

ප්‍රභේද :-

අප රටේ වැවෙන අලිගැට පේර, (ගෙඩියේ බාහිර පොත්ත කොළ පාට සහ දම්පාට වශයෙන්, වර්ණයට අනුව) වර්ග දෙකක් දක්නට ඇත. හැඩයෙන් වට කුරු ගෙඩි සහ ගෙඩියේ පහත කොටස ගෝලාකාර, ඉහල කොටස දිගැටි බෝතලාකාර ගෙඩි, යන වශයෙන් හැඩයට අනුව ද දෙවර්ගයක් ඇත.

අප රටේ ජනතාව අතර ඉතා ජනප්‍රිය වූ, වර්ෂාව බහුල කඳුකර ප්‍රදේශ වල වගා කරන, අඩි 30 පමණ උසට වැඩෙන පළතුරු ගසකි. උද්භිද විද්‍යානුකූලව, කර්පුරාදි (ලොරාසේ) කුලයට අයත්වන මෙය, මාතෘකාංශයේ දැක්වෙන උද්භිද විද්‍යා නාමයෙන් හැඳින් වේ.

ඇලිගේටර් පෙයාර් යන යුරෝපීය නාමය සිංහල වහරට එකඟවැ අලිගැට පේර යනුවෙන් පිළියෙළ වී ඇත. Butter fruit Avacado යනාදී නම් වලින් ද මෙම පළතුර ජාත්‍යන්තරව හැඳින් වේ.

බටහිර ඉන්දියානු දූපත් නිජබිම කරගත් මෙම පලතුර ගෝතමාලා, අමෙරිකා වට අයත් මැක්සි කෝ, වැනිසියුලා, චිලී, බ්‍රසීල, හවායි ආදී රටවල ද, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා අවට දූපත්, මලයාසියාව, ශ්‍රී ලංකාව යනාදී රටවලද වගා කරනු ලැබේ.

අලිගැට වර්ගයට අමතරව, මැක්සිකෝව නිජබිම කර ගත් තවත් අලිගැට පේර වර්ගයක් ඇතැයි ද කියනු ලැබේ. එය Persia drymifolia නමින් හැඳින් වේ. මීට අමතරව ගෝතමාලාව නිජබිම කරගත් තවත් වර්ගයක් ද ඇත. Persia gratissina නමින් හැඳින් වේ. එය

වෙඬරු වැනි කහපාටට හුරු අඟල් 1/2 පමණ ගනකමට ඇති මදය මැද අඟල් 1 1/2-01 විෂ්කම්භය ඇති, ගෝලාකාර මාංශ වල ඇටයක් පවතී. ඇතැම් අලිගැට පේර ගෙඩි රාත්තල් 02 පමණ දක්වා බරට මහත්වේ. හොඳට ඉදුණු විට යටට එබෙන ස්වභාවයක් ඇත. එවිට එය ප්‍රියජනක පලතුරක් වශයෙන් ගතහැකිය. ලුණු සමග හෝ කිරි, හකුරු සීනි වැනි දෙයක් සමග හෝ පානයක් – පලතුරු සලාදයක් වැනි කැමති ක්‍රමයකට සකස් කරගත හැකි ය.

ගෝතමාලා වැසියන් ධාන්‍ය පිටියෙන් සැකසූ රොටී සහ අලිගැට පේර ප්‍රධාන ආහාරයක් වශයෙන් ද අමෙරිකා රටවල ජනප්‍රිය අතුරු ආහාරයක් වශයෙන් ද ගැනීමට පාරම්පරිකව. පුරුදු වී සිටිති යි කියනු ලැබේ.

නොඉදුණු ගෙඩි අන් කිසි අයුරෙකින් ප්‍රයෝජනයට ගන්නේ නැත. එහි ඇට වලින් හෝ ගසේ අනිකුත් කොටසෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් ද දැන ගැනීමට නැත.

අපේ අලිගැටපේර ගසේ කොළවලින් නම් රසවත් කොළ කැඳක් සාදාගතහැකිය.

අලිගැටපේරය මාංස ජනක, මේද, පිෂ්ඨ බහුල පලතුරක් බැවින් එය පෝෂ්‍ය ගුණයෙන් ඉහළ සේ සැලකේ. නිතර පවත්නා මලබද්ධය, අර්ශස් රෝගය වැනි රෝගාබාධ වලට ද ශරීරය වැහැරී යන මාන්දම දියවැඩියාව වැනි රෝග වලට ද විශේෂ පථ්‍යයක් වශයෙන් නිර්දේශ කළ හැකි ය.

ඉදුණු අලිගැටපේර මදය :-

රස – මධුර

ගුණ – ස්නිග්ධ – ගුරු

වීර්යය – ශීත

විපාක – මධුර සේ සැළකිය හැකි ය.

උද්ධරණ:

වකු වගේ ස්ථිකඃ ප්‍රාව්‍ය – පාරේවත තරුඃ එලෙයි:
ඵලාවෘක්ෂාද් ගුණාඪ්‍යක්වාද් – භවේත් පාරාවතං මහත්;
හක්තාර ඵලදෝයං ද්‍රැර් – ගෝතමලාදිවාසිකඃ:
ඇලිප්‍රාණි ගුටීමධ්‍ය – මවකාය්‍යං දිගේත් එලම්:
ආලිප්‍රෙරංච තජිඥෙයං – පෝෂණං ගෞදර්මද නම්;
පුරාණ මධු හෝ පේතං – හිතං තන්මධුමෙහිනාම්:

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top