BOTANICAL NAME – Adansonia digitata L.
FAMILY – BOMBOCACEAE
පොදු සිංහල නම – අලිය ගහ
ඉංග්‍රීසි නාමය – Boa bab Tree, Monkey Bread tree.
හින්දි නාමය – ගෝරබිඉමලි
දෙමළ නාමය – පෙරුක්කුමරම්, ආනායිපුලියමරම්.
සංස්කෘත නාමය – ගෝරක්ෂි
පර්යාය නාම
ගෝරක්ෂවිංචා
ශිතඵලා
රාවණාමම්ලිකා
අලියෙකුගේ පාද මෙන් විශාල ශාඛා ද, විශාල කඳක් ද, දරන නිසා අලිය ගහ යන නම ලැබී ඇත. මුලදීම අමෙරිකාවේ පැන නැගුණු මෙම ගස ඉන්දියාවටත්, ලංකාවටත් හඳුනා ගන්නට ලැබුණේ මෑතකදී ය. භාරතයේ උත්තර ප්‍රදේශය බිහාරිය, බොම්බාය. මදුරාසිය යන තැන්වල දැන් මේ ගස දක්නට ඇත.
ශ්‍රී ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ පමණක් දක්නට ලැබේ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එතරම් සරු නොවන ගසක් ඇත. අඩි 30 ක් පමණ උසට වැඩෙන මුල සිටම අගට සංඛාකාරයෙන්, අලි මහත සිරුරෙකින් වැජඹෙන මේ ගසේ ගෙඩි ලබු ගෙඩි බඳුය. අඩියක් පමණ දිගය. අඟල් හතරක් පමණය. ලොඳ ඇඹුලි. ළපටි පත්‍ර ආහාරයට ගත හැකිය. අප්‍රිකානුවෝ සුප් වර්ගයක් සඳහා ගනිති. එය ජීවර ප්‍රස්වේද වීමර්දනයට කෙමකි. ගෙඩිය ජ්වර ප්‍රවාහිකා මර්දකය. පත්‍ර විවිධ ඉදිමුම් සුව කිරීම සඳහා බාහිර ආලේප ලෙසට ප්‍රදේශවාසීහු යොදා ගනිති. කෘමීන් දෂ්ට කළ විට ද ප්‍රතිකාර සඳහා යොදා ගනිති.
කන් කැක්කුමට ආලේපයක් ලෙසට ද ඇදුම රෝගීන්ට සුවදායක ප්‍රතිකාරයක් ලෙසට ද තත්ව පරීක්ෂණ වලින් හෙළි වී ඇත. එහෙත් මිනිසුන්ට මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කෙරීගෙන යනු ලැබේ.
පත්‍ර හා මල් තැම්බූ කෂාය, ශ්වසන පද්ධති හා ආහාර ජීර්ණ මාර්ගයේ ආබාධ ඇති රෝගීන්ට ප්‍රතිකාර ලෙසට යොදාගෙන ඇත.
වීර්යය විසින් ශිතය. දාහ පිත්ත වමන විෂමජ්වර යන මේවාට හොඳ යැ.
ශ්‍රී ලංකාවට විදේශිකයින් විසින් මෑතක දී හඳුන්වා දී ඇති බැවින් ද, මන්නාරම් ප්‍රදේශයට සීමා වී ඇති බැවින් ද, පැරණි ආයුර්වේදීය ග්‍රන්ථවල මේ පිළිබඳව සඳහන් වී නැත.
ආල්‍යද්‍රැමස්තු ගෝරක්ෂ – චිංචා ශීතඵලා හිමා
ආලිස්ථුලඃ ශංඛව්‍යුර් – විඥෙයා රාවණාමිලිකා;
ප්‍රස් වේදේශජ්වරේ පත්‍රං- කුත්ථනේ ච ජ්වරේ ඵලම්.
විදාගේ වමනේ පිත්තේ – දද්‍යාච්ච විෂමප්වරේ – .ස. සං
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



