BOTANICAL NAME – Heliotropium indicum L.
FAMILY – BORAGINACEAE
පොදු සිංහල නම – ඇත් සොඬ
හින්දි නාම – හාත්‍රි ගුංඩා, හස්තශුද්ධි,
ද්‍රවිඩ නාමය – නක්කිපු
පර්යාය – තෙක්කොඩුක්කි
ඉංග්‍රීසි නාම – Heliotrope,
සංස්කෘත නාමය හස්ති ගුණ්ඩි – ඇත් සොඬක් බඳු අවයක් ඇති නිසා.
පර්යාය
-ධුසර පත්‍රිකා
- ශ්‍රී හස්තිනි
- සුර්යා වර්තා
කුලය
ක්ලේෂ්මානක කුලය (වර්ගය) අර්කාදි
රටල කොල වලට සමාන සුදුකහ මුසු (ධුසර) පාට කොළ හා ඇත් සොඬක් වැනි දික් නටුවක සුදු පැහැති මුල් හට ගන්නා, වැඩි වශයෙන් වෙල් වලත් දෙණි බිම්වලත් වැඩෙන අඩි එකහමාරක් පමණ උස ඇති පැළෑටියකි.
වැවෙන ප්‍රදේශ
බෙංගාලය ඇතුළු භාරත භුමියේ සියලුම පෙදෙස්වල ද, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විශේෂයෙන්ම දිය සීරාව ඇති තැන්වල ස්වාභාවික ව වැවෙන බව ප්‍රකටය.
ඖෂධ පිණිස සකස් කර තැබීමක් නො වේ.
නෙළා ගත් විගස ප්‍රයෝජනයට ගත යුතුය.
ව්‍යවහාරික අංග – සම්පූර්ණ පැළෑටිය
රසායනික පර්දාථ
ටැනින් උපක්ෂාරයක් හා ස්ඵුට විරහිත ඓන්ද්‍රික අම්ලයක්.
මාත්‍රාව යෝගයන්ගේ ව්‍යවහාරය හා යෝග අනුව වේ.
රස ඖෂධ සංස්කාර සඳහා මෙන් මැ ආලේප තෛල ආදිය සඳහාද යෙදේ. ඇත් සොඬ ස්වරසය ක්ෂත, විදුරු මස ඉදිමීම හා මුඛක්ෂගත කුරුලෑ ආදිය සුව කිරීම සඳහා භාවිත වේ. තොල් පැලීමට මල්, කොළ කෂාය යොදනු දක්නට ඇත. අගනා වේදනා නිවාරකයක් ද වේ. පත්‍ර ප්‍රලේපය ඇසේ ඉදිමුමට ස්ථානික වශයෙන් යෙදේ.
හස්ති ගුණ්ඩි තෛලය ඇසොඬ යුෂ සහ එරඬු තෙල් යොදා සකස් කරනු ලැබේ.
මෙය බල්ලන් හා වෙනත් සතුන් දෂ්ට කළ ස්ථානයන්හි ආලේප කරනු ලැබේ.
කාම්බෝජයේ මෙම පැලෑටියේ මල්, අඩු මාත්‍රාවකින් ආතව පීඩාවන්හි දී යොදනු ලබන බව සඳහන් ය. අධික මාත්‍රාවකින් ඉහත සඳහන් ඔසුව යෙදීමේ දී ගර්භ පාතනය වන බව ද දක්වා ඇත. චර්ම රෝග වලදී ද සන්ධි ඉදිමේදී ද මෙම ශාකයේ කොළ සහ මුල් ආලේප වශයෙන් භාවිත කරන බව සැලයි. ශ්වසන පද්ධතියේ රෝග වලදී ද භාවිතය. උපදංශ රෝගය සුව කිරීමේ ශක්තියක් තිබෙන බව ද රෝගවල දී නස්‍ය අංජන ආලේප ධූප සඳහා වස්ති වුණ හර, දාහ හර ද්‍රව්‍ය ගණයට ඇත් සොඬ පැලෑටිය ද කියනු ලැබේ. උමතු සෑදීමේ දී ද භාවිත වේ. ඇතුළත්ය.
අර්කාදි ගණයට අයත් මේ ඇත්සොඬ සෙම් රෝග, විෂ විකාර කෘමි රෝග කුෂ්ට යන මේවා බැහැර කරයි.
ශ්‍රී හස්තිනි හස්ති ශුණ්ඨි – තථා ධුසර පත්‍රිකා,
සූර්යා වර්තා වමග ද – ක්ෂත ගෝථ වුණාපහා:
මුඛ දන්ත ගත ව්‍යාධි – සන්ධි ශෝථ බලාසජිත්,
ආර්තවාර්ති විෂෝන්මාද – ක්‍රිෂුන් මාදුන් නියච්ඡති;
-ස. සා.
අෂ්ටාංග හෘදය
සරස්වතී නිඝණ්ඩුව
ද්‍රව්‍ය ගුණ දර්පණය
ආයුර්වේද ඖෂධ සංග්‍රහය දෙවන කොටස
ද්‍රව්‍ය ගුණ විඥානය පූර්ව බන්ධය – පණ්ඩිත විලියම් අල්විස්
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com



