ඇත් අඩි

BOTANICAL NAME – Elephantopus scaber L.

FAMILY – COMPOSTAE

ENGLISH NAMES – Elephant’s foot

OTHER NAMES – Gobhi (Hin)

සංස්කෘත නාමය – අඳු ජීව, දාර්වි, ගෝබ්

පර්යාය නාමය – අඳුජීව, දාරවී, ගෝබි

(i) ගෝජිහ්වා ක්ෂුපය පිළිබඳත් උගතුන් අතර මත විෂමතා ඇත.

Elephantopus Scaber L. යන නමින් හැඳින් වෙන වර්ගය ගෝජිහ්වා වශයෙන් ගැනීමට කෙනෙක් කැමති වෙති. මෙය අඟල් 8 – 18 ප්‍රමාණයෙන් උස යන පැළෑටියෙකි. මෙහි හට ගන්නා මල මොණරකුඩුම්බියකට සමානය. මේ අනුව මේ නියම මයුර ශිවා විය යුතු යයි බලවන්ත සිං ශාස්ත්‍රී කියයි.

(ii) මේ ගෝජිහ්වා ක්ෂුපය Onosma bracteatum wall. ඉරාණය ඇෆ්ගනිස්ථානය, පශ්චිම හිමාලය භූමිය, කාශ්මීරයේ සිට කුමාඋන් තෙක් හැදී වැඩි සිටි මෙහි උස අගල් 15 කි. මල ගුරුපාටය.

(iii) අංක 1 උද්භිද නාමය දරන Elephant’s foot ක්ෂුපය ඉන්දියාවේ සියලුම ඡායා සම්පන්න බිම් පෙදෙස්වල වැවෙන බවක් නාදකරණි කියයි. ක්ෂුපයේ ලක්ෂණ නොකියයි.

මෙය ශ්ලේෂ්මල, කෂාය රස, පරිවර්තක, ජ්වරහර යන මේවායින් සම්පන්න ය. අපේ ගෝජිහ්වා ක්ෂුපයේ උස අනුව ඉහත සඳහන් තුන් වර්ගයට මඃ පිටු පාන්නට සිදු වී ඇත.

එකම නම ද්‍රව්‍ය කිහිපයක් හැඳින්වීමෙහි ප්‍රධාන නම් වශයෙන් යෙදී තිබෙන හෙයින් Elephant’s foot යන නම අපේ ” ඇත් අඩි ” යන්නෙහි නියම පරිවර් තනයක්ද? යනු සැක සහිතය.

පොළවේ පැතිරි සෑදී ඇති ආකාරය අනුව ඇත් අඩි නමින් හඳුන්වන මෙම පැළෑටිය සංස්කෘත ග්‍රන්ථ වල ” ගෝජිහ්ව ” නමින් විස්තර වී ඇත. ඇතාගේ පතුල මෙන් රවුමට දිගටි කොල විසිරි පිහිටා ඇති අතර, ඇතකුගේ පතුලට වඩා ලොකු නැත. පෙනුමේ ස්වභාවය අනුව ම ඇත් අඩි යනුවෙන් හෙල වහරට හුරු වී ඇත්තේ මේ නිසා විය හැක. එහෙත් තනි කොලයක් කාලයක් වශයෙන් ගත් විට හැඩය හා රලු බව සළකා සකු ග්‍රන්ථ වල ගෝජිහ්ව යන නමින් ගවයාගේ දිවට සමාන යන අරුතින් ව්‍යවහාර කොට ඇත. සතු පොත් වල ” ගොජි ” යනුවෙන් විස්තර වන ද්‍රව්‍ය ගැන බැලු විට එය ගැට කොල යයි සිතිය හැක. එහෙයින් ගොජිහ්වා ගොජි දෙකකි යි ප්‍රියවෘත ෂර්මා පඬිතුමා දක්වන අදහසට එකඟ විය හැකිය.

සකු පොත් වල ගොජි නමින් විස්තර වන මෙයට සමාන පැලෑටිය චරක මණ්ඩුකපර්ණ ආදී ශාක වර්ගයට අයත් වේ යයි දක්වා ඇත. ඒ පොලව බදා වැටෙන නිසා විය හැක.

ගොජිහ්වා තිත්ත කටු විපාක, ශීත වීර්ය, මෙන් ම කළු පිත්ත හර ද්‍රව්‍යයකි යි ආචාර්ය ප්‍රියවෘත ශර්මා දක්වයි. ඊට අමතරව විසර්ප, වෘණ, විස, සඳහා ලේප වශයෙන් යොදනු ලැබෙයි ද දක්වා ඇත.

සුශ්‍රැත සංහිතාවෙහි මෙය මණ්ඩු පණි හා සමාන බවත් ලඝු, මධුර කෂාය මධුර විපාක, ශීත වීර්ය, එසේම පිත්ත සාමක ද්‍රව්‍යයකි යි දක්වා ඇත. එහි මෙම පැලෑටිය ජ්වරයට හිත ද්‍රව්‍යය කියි ද දක්වා ඇත. නාඩිවණ සඳහා සාදන තෙල් පිණිස ගත හැකි ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ද සුශ්‍රැතයේ දක්වා ඇත. සුශ්‍රැත ගොජි නම් ද්‍රව්‍යයක් විස්තර කරමින් කර්කශ පත්‍ර සහිත ලේඛණ විශ්‍රාවණ ගුණය බලාපො-රොත්තුව ලේප සඳහා ව්‍යවහාර කරන පැලෑටියක් ලෙස දක්වා ඇත. මේ සියලු කරුණු සළකා ඩල්හන ගොජි, ගෝජිව්හා එකම ද්‍රව්‍යයක පර්යාය ලෙස ම ගෙන

ධන්වන්තරී නිගණ්ඩුව ගොජිහ්වා යන්න ගවේ වු යන ධාන්‍ය විශේෂයක පර්යායක් සේ දක්වා ඇත. පර්යාය රත්න මාලාව ගවේවුකා යන්න දාර්වි පත්‍ර යන පර්යාය දක්වා ඇත. එහෙත් ගවේ වුකා ධාන්‍ය වර්ගය වෙනත් වර්ගයකි. ගොජිහ්වා ගැනවාග් හටාචාරීන් ද, වරකාචාරීන් අනුව යමින් විෂස්න ආලේප සඳහා යොදන බැව් දක්වයි.

චක්‍රපානි මෙහි අර්ථ දක්වා ඇත්තේ දර්වි පත්‍රිකා යනුවෙනි. ඩල්හනාචාරීන් මෙම දාර්වි පත්‍ර කර්කෂ දිග කොල ඇති ගොජි මෙන් වූ ද්‍රව්‍යයකි යි දක්වා ඇත.

කෙසේ වුවත් ලංකාවේ ඇත් අඩි, ඇත් තඩි නමින් හඳුන් වන වර්ගය දේශීය වුණ තෛල සඳහා උපයෝගී කරගන්නා ද්‍රව්‍යයකි. ගම්බද ඕනෑම තැනක වැවෙන දක්නට ඇති මෙම කොළ අත් බෙහෙතක් ලෙස හදිසි තුවාල, කැඩුම්, බිඳුම්, තැලුම් සිරිම, ලේ ගැලීම් වලදී කුඩා ළමුන් පවා පාවිච්චියට ගනී. තණ හා සමානව පොළව බද වැවෙන පැලෑටියකි. ඔව්හු මෙම කොළ කඩා සෝදා සේදීමට නොහැකි නම් පිසදා කමින් සපා හෝ ගලක් මත්තේ තබා තලා හෝ තලා හෝ තුවාල වලට ඵලා ලේ නතර කර ගැනීමට තුවාල සුව කර ගැනීමට පුරුදුව සිටිති.

දේශීය ගෙඩි වන පිලිකා වෙදකම් වලදී හිල් වු ගඩුවේ එලීමට ප්‍රලේප සඳහා ගැනීමට නියම කොට ඇත.

ආශ්‍රිත ගන්ථ

  1. ද්‍රව්‍ය ගුණ විඥානය – ආචාර්ය ප්‍රිය වෘත ශර්මා
  2. වාහට සංහිතාව
  3. සුශ්‍රැත සංහිතාව
  4. ද්‍රව්‍ය ගුණ නිගණ්ඩුව – දොස්තර ආටිගල මහතා
  5. ධන්වන්තරී නිඝණ්ඩුව
  6. පර්යාය රත්න මාලාව

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

Scroll to Top