BOTANICAL NAME – Dolichos lab lab L. Var Typicus Prain.
FAMILY – LEGUMTNOSAE
පොදු සිංහල නම – අවර
ඉංග්‍රීසි නාමය – Lab lab bean, Bonavista bean, Indian butter bean.
දෙමළ නාමය – අවරායි. කර්ණාට – අවරේ, තමලී – මෝචේයි.
සංස්කෘත නාමය – නිෂ්පාව
හිංදි නාමය – සේම, භට වාසු
වංග නාමය – මඛානසිම්
ගුජරාති නාමය – ඕලියා, ඕලියවාල
සංස්කෘත පර්යාය :-
ආවීර
රාජසිම්බි
වල්ලක
ශ්වේත ශිම්බික
යන ශබ්ද පර්යාය සේ දක්වා ඇත
ප්‍රභේද
සුදු අවර – ශ්වේත ශිම්බ්
රතු අවර – රක්ත ගිම බි
ගං අවර – නදිශීම්බි
සුදු අවර පදාර්ථ:-
රස – මධුර, කෂාය.
ගුණ – රුක්ෂ, ගුරු, සර, විදාහි.
වීර්ය – උෂ්ණ
විපාක – අම්ල
ආවිරෝ ගෞරනිප්පාවෝ – රාජශිම්බී ච වල්ලකඃ,
විෂශ්ලේෂ්ම ශ්ව යථා හෘත් – තන්‍ය පිත්තා සුමුතුල
ස.සං.
භාව ප්‍රකාශ කතුවරයා අවර විස්තර කරනුයේ ධාන්‍ය වර්ගයේ ලාය. මිහිරි රස හා කසට රස ඇති අවර කරල් විශාලය. කරල් ලපටි අවස්ථාවෙහි ආහාර සඳහා ගැනේ. එහෙත් එහි ඇති මාදක ගුණය නිසා අධික ව ආහාරයට ගැනීමෙන් මත් ගතිය හා වමනය ඇති විය හැකි ය. මේ නිසා අවර ආහාර පිණිස සැකසීමේ දී තම්බා දිය පෙරා පිසීමට ශ්‍රී ලාංකික ගෘහිණියෝ පුරුදුව සිටිති. රූක්ෂ, අම්ල විපාක, ගුරු හා සාරක ගුණ සම්පන්න යයි භාව ප්‍රකාශය සඳහන් කරයි. රුක්ෂ හා අම්ල විපාක නිසා පිත්. ලේ, මුත්‍ර, වායුගුණ විනාශ කරයි. විදාහි කර්මය ද ඇත.
උෂ්ණ වීර්යය, විෂ දෝෂ නැති කරයි. එසේම සෙම්දොස්, ඉදිමුම් නැති කරයි. ආහාර ද්‍රව්‍යයක් වශයෙන් මිස ඖෂධයක් වශයෙන් භාවිතයක් නැත. මල බද්ධය නැති කරයි. අවර කොළ, සුවය නොලබන ගැඹුරු කුෂ්ඨ රෝගීන් සඳහා, හාල් පානු දියෙන් තම්බා, එළිම ගුණදායක යයි. පුරාණ පුස්කොළ පොත්වල සඳහන් ය. චරකාචාරීන් දැක් වූ ශිම්බිධාන්ය ගණයට අයත් අවර උදරයේ විෂටම්භය ඇති කොට පසුව පැසීමට යොමුවන බව දක්වා ඇත. රූක්ෂ කෂාය කෝෂ්ඨ වායු ප්‍රකෝපක නිසා ඖෂධ සේ සැලකේ. තෙල් වලින් සංස්කාර කළ අවර බලවතුන්ගේ ආහාර යට යෝග්‍ය බව වරක දක්වා ඇත.
රක්තනිෂ්පාව
රක්ත නිෂාව කෝ රුවෝ – මධුරඃ ශිතලෝ ගුරුඃ
කිංචිත් කෂායෝ බල්යාශ්ව – වාතල: පුෂ්ටිකෘන් මතඃ
ආධමානකාද් ගුණාස් ත්වන්යෙ – ශ්වේත නිෂ්පාවකේ යථා.
නදි නිෂ්පාව
නදී නිෂ්පාවකස් කක්කස් – කටුර් වාත ප්රදෝ ගුරු
රක්ත ප්‍ර කළුකරෝ – රුචිකෘත් තුවරෝ මතා
විෂ දෝෂ හරවෛව – කරිතෝ විබුධෛර් නමෞ
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



