BOTANICAL NAME – Cuscuta chinensis Lam.
FAMILY – CONVOLVULACEAE
ENGLISH NAME – Dodder
පොදු සිංහල නම – අගමුල නැති වැල්
දෙමළ නාමය – කොන්ඩ්යගන්ඩාල්, සාඩදෝරි
හින්දි නම – ආකාශවේල
මහරශ්ටි – අමරවේල
වංශ නාමය – ආලෝකලතා
පංජාබ් – ආකාශවේල්, නිරාධාරා
අරාබි නාමය – මුන්, කසුස්
වාරසි නාමය – අඵ්ථීමුන්
සංස්කෘත නාමය – ආකාශහාවන
පර්යාය නාමය
ආකාශභවන
ආකාශපවන
ආකාශවල්ලි
අමරවල්ලරි
අමරවේලා
දුස්පර්ශා
කහවල්ලි
නීලමා
වයෝමවල්ලිකා
මෙය පරපෝෂිත ශාකයකි
අමරවල්ලිය ගැන ආයුර්වේදයේ මූල ග්‍රන්ථ නිහඩය. එහෙත් අමෘතවල්ලි ශබ්දය එයි. ඒ රසකිඳ සඳහා ය. අමරවල්ලිය වශයෙන් Cuscuta reflexa නමින් ගැනෙන වර්ගය ද, ආකාශවල්ලිය වශයෙන් Panacitin elimber ගැනෙන වර්ගය ද, ගත යුතුයැයි සමහරු කියති. දෙවර්ගයම පරාශ්‍රයි ලතාය. මේ දෙවර්ගයම එක තැන වැවී නැති බවත් වාර්ථා වෙයි.
(1) අමරවල්ලි Cuscuta reflexa Roxb
හින්දි – ආකාශවේල්
මෙය භාරතයේ පහත්බිම්වල සිට අඩි 8000 තෙක් උස ඇති බිම් පෙදෙස් වල වැවී ඇත.
මෙහි අනුලෝමන, පිත්තසාරක, යකෘදුත්තේජක කර්ම ඇත. ඇසුරු කරන වෘක්ෂය අනුව කර්මවල වෙනසක් සිදුවන බවද සැලකිය යුතුය. පංජාබයේ ද්‍රයම්මලා ගර්භපාතය උදෙසා කෂාය කොට යොදනු ලබන ඝර්ඝවේල් නමැති පරෝපජීවීලතා විශේෂය මෙයම බව ඈඇතැම් වාර්තාවල සඳහන් වෙයි.
(2) අමරවල්ලි – Cassytha filiformis dinn. මෙය භාරතයේ සෑම පෙදෙසකම සාමාන්‍යයෙන් ද, මුදු වෙරළබඩ පෙදෙස්වල විශේෂයෙන් ද හැදී වැඩී ඇත. මෙය බල්‍ය, වෘශ්‍ය, ව්‍රුණරෝපණ යන ගුණ වලින් සම්පන්නය.
ස්වරූපය
මෙම පැළෑටිය කොළ රහිත, දඟරමය ඉතා සිහින් බොහෝ ශාඛා සහිත කහ පැහැති කඳකින් යුත් වෙළුණු පඳුරුමය ගොනුවකි. කඳ ක්‍රිමීන් සහිතයි. කුඩා පඳුරු මතද පොළවේ පැතිරී වැවෙන පලා වර්ග ආදිය මතද වෙළෙමින් පැතිරී වැඩෙයි.
මෙහි මල් සුදු පැහැතිය. ද්වීලිංගිකය. මි.මී. 3ක් පමණ විශ්කම්භයක් ඇත. කුඩා පෙති 1 සිට රාශියක් වන ලෙස පිහිටා ඇත. අතු මි. මී. 2ක් පමණ දිගට මි. මී. 1.5ක් පමණ පළල් ව බීජාකාර හෝ වෘත්තාකාර තලයක සහ එහි ආග්‍රිමයේ බෙදීම් 5ක් දරණ වටයක් තිබේ. ඒවා සමහර විට මි. මී. 1 සිට 1.5 දක්වා පළල් විය හැකිය. පෙති මි. මී. 2.5 – 5 දක්වා දික් ව වැඩේ. පළලින් මි. මී. 1.5කි. හරස් විෂ්කම්භය විෂමව පවතී.
මලේ කෙළවර කොරල්ලා ආග්‍රිමයකි. ග්‍රීවයේ නෙරා ඇති පහළ කොටස කොරොල්ලාව සමඟ බැඳී ඇත. ප්ලිමන්ට් කොටස් මි. මී. 0.7 ක් දිගය. ස්ත්‍රී බීජ වෘත්තාකාරව මතුපිටින් සීනු හැඩැතිව මි. මී. 1ක් දිග සහ මි. මී. 1.5 – 1.7 ක් පළලින් යුක්තව පවතී.
වැවෙන ප්‍රදේශ
ලංකාවෙ මධ්‍යම පළාත්, එනම් උඩරට කඳුකරයේ ගන්නෝරුව, පේරාදෙණිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව වැඩේ. ඒ හැර රත්නපුර ප්‍රදේශයේ ද වෙනත් යම් යම් වනගත පෙදෙස්වල ද වැවේ.
ඉන්දියාව හා මලයාව වැනි රටවල ද දැකගත හැක.
ලංකාවේ වැඩෙන මෙම පැලෑටියෙහි අප්‍රේල්, නොවැම්බර් සහ දෙසැම්බර් ආශ්‍රිතව කාලවල මල් හට ගනී.
සංස්කරණය හා යෙදීම
ශාකයේ බොහෝ දුරට විරේචන ගුණයක් පවතී. මෙම ශාකයේ බීජ වල වාත නාශක ගුණයක් පවතී. මෙම ශාකය බාහිර වශයෙන් කැසීම වැලැක්වීමටත්, අභ්‍යන්තර වශයෙන් ජ්වර, වාතය රැස්වීම නිසා ඇතිවන ආධමාතය වැළැක්වීමටත් යෙදේ.
එපමණක් නොව අක්මා හා පිත්තාශ රෝග වලට ද වඩා ගුණ දේ.
කැඩුම් බිඳුම් වෙදකමේ අවසාන අදියරේ දී, මෙම ශාකය සහමුල, අමුකහ, පොල් සම ප්‍රමාණ සමඟ ගෙන කොටා ලබාගන්නා යුෂ දින 03ක් හානුපාක දී තෙල් කිරක් සඳහා යොදා ගැනේ.
වෛද්‍ය. ජේ. ඒ. ඩී. කරුණාදාස.
ජේෂ්ඨ කථිකාචාර්ය
දේශීය වෛද්‍ය විද්‍යායතනය
රාජගිරිය.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි



