BOTANICAL NAME – Rhinacanthus nasutus (L.) Kurz.
FAMILY – ACANTHACEAE
පොදු සිංහල නාමය – අනිත්ත
දෙමළ නාමය – නාගමල්ලි, අනිච්චායි, කාලිගන්, උරගමල්ලි,
හින්දි නාමය – පාලක්ජුහි
වංශ නාමය – ජ්යුපානා
සංස්කෘත නාමය – යුථීතාපර්ණි, අනිතා, අනිත්‍රා
කුලය – වාසා කුලය
අනිත්ත කුඩා පඳුරු වශයෙන් වැවේ. ලංකා ඉන්දියා දෙරටේ ම බොහෝ පළාත්වල දක්නට අස්ඇත.
අනිත්ත නයි විෂ නසන නිසා නාගමුල්ලි(NAGAMULLI) යන නමින් හැඳින්වේ.
භාවිතා වන අංග – කොළ මුල් සහ සම්පූර්ණ ගස.
අනිත්ත හමේ රෝග වලට බහුලව යෙදේ.
රයිනාකැකින් නමින් හඳුන්වන රතුපාට මැලියම් ද්‍රව්‍යය එහි ඇති ප්‍රධාන රසායනිකය යි. කච්ජු (Scabies) මුදු පණූ රෝගය (Ring worm) ආදි පර පෝෂිත ජන්‍ය හමේ රෝග වලට බහුල වශයෙන් භාවිතා කෙරේ. එහි ඇති ප්‍රධාන ගුණයත් එයයි. මේ නිසා කැසීම, හීන් හොරි, දද ආදිය, පවතින විට අනිත්ත කොළ තම්බා ඒවා සේදීමෙන් ගුණ ලැබේ. අනිත්ත ගහේ මුල් ප්රදාහිත සහිත හමේ රෝග වලට ඉතා හොඳ ඔසුවක් ලෙස පිළිගැනේ. පිලිපීන දූපත් වාසීන් උග්‍ර හමේ රෝග සඳහා අනිත්ත ගහේ යුෂ, මුල හා කොළ කෂාය ඉතා හොඳ ඔසුවක් වශයෙන් භාවිතා කෙරෙන බව වාර්ථා වල සඳහන් වේ.
මැඩගස්කර ප්‍රදේශයේ ඇතැම් අය වාජිකරණ ගුණ බලාපොරොත්තුවෙන් අනිත්ත මුල් කිරි සමඟ තම්බා බීමට ගැනේ.
ප්‍රයෝග
_ හමේ කැසීම ඇතිවිට අනිත්ත කොළ චූර්ණය ආලේපයට
_ මුදු පණු රෝගයට හා දද වලට
අනිත්ත මුල් චූර්ණය දෙහි ඇඹුල් මිශ්‍ර කර ගෑම ඉතා හොඳය.
ආලේප
අනිත්ත කොළ කපුරු සිනකර දෙහි යුෂින් අඹරා දද කුෂ්ඨ ඇතුළු චර්මාබාධ වලට ගානු.
ආශ්රිත ග්රන්ථ
- ඉන්දියන් මෙටීරිය මෙඩ්කා – නාදකරණ
- සිංහල මෙටීරිය මේඩ්කා – වෛද්‍ය ජෝන් ආටිගල
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



