BOTANICAL NAME – Clitoria ternatea L.
FAMILY – LEGUMINOSAE
පොදු සිංහල නම –
එළ කටරොළු
නිල් කටරොළු
හින්දි නාමය එළ කටරොළු – සසේදි කොයල නිල් කටරොළු – නිලි කොයල
දෙමළ නාමය – කරුන්ත පුං
සංස්කෘත නාමය – අපරාජිත
එළ කටරොළු – ශ්වෙත පරාජිතා, ශ්වේත ගිරිකරනිකා
නිල් කටරොළු – නීල කර්ණිකා, විෂ්ණු ක්‍රාන්ත්‍රා
පර්යාය නාම
අපරාජිත
ආස්වොත
ගිරිකරණි
අශ්වක්ෂුර
ශාඛ පුෂ්පි
ප්‍රභේද
ප්‍රභේද දෙකකි.
එළ කටරොළු
නිල් කටරොළු
කටරොළු කටරොඩු නමින් ද හැඳින්වේ.
ඖෂධ සංග්‍රහ. සුශ්‍රැත සංහිතා, වරක සංහිතා, අෂ්ටාංග හෘදය සංහිතා යෝග රක්තා-කරයේ සඳහන්ය.
මෙය ශාක වර්ගී කරණයේ ලතා ගනයට අයත්ය. ශාකයක් ආශ්‍රිතවම මෙය වැඩේ. ආශ්‍රිත ශාකය පුරා පැතිරී යන අතර, මෙම ලතාව කඳ සිහින් නාලාකාර බුව සහිතය. ලා කොළ පාටින් යුක්තය. අතු පිහිටා ඇත්තේ එකිනෙක අඟල් 4 සිට 5 දක්වා දුරිනි. අතු මුලින් කුඩා ගැටිත්තක් ඇත. අතු කිනිති එකිනෙක සමාන්තරව පිහිටයි. පත්‍ර පිහිටා ඇත්තේ සම්මුඛවය. ලා කොළ පාටින් යුක්තය. පත්‍ර අඩාකාර හැඩයක් ගනී. පත්‍ර 5 ක් හෝ 7 ක් එක් අතු කිනිත්තක ඇත. සිනිඳුය. බුව සහිතය. පුෂ්ප අතු කිනිතියේ මුල හට ගනී. එය නිල් පාට හා සුදු පාට කටරොළු වශයෙන් වර්ගයෙන් ප්‍රභේද 02 කි. සංඛයක හැඩය පුෂ්පයෙහි ඇත. මල් පෙති 03 කින් සමන්විත බාහිර පිහිටා ඇති විශාල පෙත්තෙන් මල ආවරණය වී පවතී. පුෂ්පය විකසිත වූ විට විශාල පෙත්ත තුළ කුඩා පෙති දෙකක් පවතී. විශාල මල් පෙත්ත හරි මැදින් හොඳින් බෙදුන දාරයක් ඇත. පෙති වටා දාරය තද නිල් පාටින් යුතු අතර, මධ්‍ය කොටස කෙමෙන් ලා නිල් පාටය. සුදු පාට වර්ගය හා නිල් පාට වර්ගය ස්වරූපයෙන් සමානය. දිනකදී මෙම පුෂ්ප මැලවී යයි.
ඵලය – අඟල් 3 1/2 සිට 05 දක්වා දිග කරල් සැදේ. අමු අවස්ථාවේ ලා කොළ පාට වන අතර, වියලි අවස්ථාවේ කලු පැහැ යුත් දුඹුරු පැහැයක් ගනී. මෙම ඵලය බීජ 08 – 10 පමණ ඇත. මුළු ශාකයම ඖෂධ පිණිස ගනු ලබන අතර, බෝධි පූජා, විෂ්ණු දෙවියන්ට කරන වැඳීම පිදීම් බාරහාර වල දී ගනු ලැබේ.
වැවෙන ප්‍රදේශ
ඉන්දියාව. ලංකාව සියලුම සම කලාපිය ප්‍රදේශයන්හි වැවේ.
ව්‍යවහාර අංග
සම්පූර්ණ ක්ෂුපය
මාත්‍රාව
ග්‍රෙන්ස් 1 1/2 – 3 දක්වා (රක්තිකා 12 – 24)
ස්වරස අවු: 1 මී පැණි දමා
වේද කාලය
මෙය සංහිතා ග්‍රන්ථ වල සඳහන් වී ඇති බැවින් වේද කාලයෙහි භාවිත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සංහිතා ග්‍රන්ථ
වරුණාදී ගණයට හා න්‍යග්‍රෝධා දී ගණයට අයත්, පිත්, රක්ත, දෝෂ, ප්‍රමේහ, වාත, දාහ, ශෝථ ආදී නසන ඖෂධයක් බව සාරාර්ථ සංග්‍රහයෙහි සඳහන් ය.
න්‍යග්‍රෝධාදී, අර්කාදී ගණයට අයත් කළු මෙදස් විෂ පහ කරන, කෘමි කුෂ්ඨ, වුණ ශුද්ධිය ඇති කරන ඖෂධයක් බව චරක සංහිතාවෙහි සඳහන් වේ.
න්‍යග්‍රෝධාදී ගණයට අයත් ශිරෝ විරේචන ද්‍රව්‍යයක් බව සුශ්‍රැත සංහිතාවේ සඳහන්ය. සප්ත විධි පස්වැනි කෂාය – යෝගයෙහි කටරොළු අන්තර්ගත වන අතර, පස් වැදෑරුම් දශම කෂායෙහි තරුණ බව රහිත ඖෂධයක් ලෙස ද දක්වා
ශ්‍යාමාදී ගණයට අයත් උදර්වත, උදර රෝග, විෂ, ගුල්ම, ආදී රෝග නසන ඖෂධයක් බව දේශීය භෛෂජ්ජ විශ්ව කෝෂයේ සඳහන්ය.
කරයි. ශ්වේත පුෂ්ප, නිල පුෂ්ප, අපරාජිත යනුවෙන් භාරතීය විනෞෂධය සඳහන්
යෝග: ස්වරස, ක්වාථ, තෛල, කල්ක, ක්ෂාර, වල යෙදේ.
රස -කෂාය, කටුක
ගුණ – ලඝු, ස්නිග්ධ
වීර්යය – ශිත
විපාක – කටුක හා තික්ත
නිල් කටරොළු හා එළ කටරොළු ගුණ කර්මාදියෙන් සමානය.
පත්‍ර ස්වරස : ලදරුවන්ගේ උණ සහ ප්‍රතිශ්‍යා ආදියට යෙදේ.
මුලක් ක්වාරය: විවිධ වාත රෝග සඳහා
තෛල : කෝරාඩ තෛලය, බලා කෝරණ්ඩ තෛල
ක්ෂාර : ගෝථ, සර්වාංග ශෝඑ, ප්‍රතිශ්‍යා සඳහා
බාහිර වශයෙන්: කුෂ්ඨස්නය
අභ්‍යන්තර වශයෙන් :
නාඩි ව්‍යුහයෙහි මෙධ්‍ය හා මස්තිෂ්ක නාඩීන්ගේ බල වර්ධනය කෙරේ. මස්තිස්ක ශාමකය. ස්මෘති බුද්ධිය වර්ධනය කෙරේ. එම නිසා උන්මාද, පිස්සු බලු විෂ වල දී ගැනේ.
කටු තික්ත හෙයින් දීපන පාචනය, ආම දෝෂ හරය, ආම අවස්ථා වල දී යෙදේ.
රක්ත සංවහන ව්‍යුහය
ගෝථහර, වුණ, නාශක, විෂ නාශකය.
ආමයික ප්‍රයෝග
- පරිනාම ශුලය දි නිල් කටරොළු මුල්, පොතු, කල්කය මී පැණි හා ගිතෙල් සමඟ දින 07 ක් වැළඳීමෙන් සුව වේ.
- අතිස්වේදයේදී කටරොළු කොල අමු ඉඟුරු අඹරාගත් කල්කය, වැළඳී මෙන් ක්ෂය රෝග ජනිත අතිස්වේදය මර්ධනය කෙරේ.
- කර්ණ ශුල කරන මූල ග්‍රන්ථි යෝථය දී
කටරොළු කොළ යුෂ කැටි ලුණු සමඟ උණුසුම් කර කන පිටත ගැමෙන් සුවවේ.
- ශෝථ
කටරොළු පංචාංගය වර්ණය උනුදියෙන් පානය කිරීම - වෘක්ක අශ්මරී, වෘක්ක ගුල, මුත්‍රාල්පතාව වලදී පංචාංගය ක්වාර බීම
- මුත්‍රන ව්‍යුහගත රෝග වලදි
මුල් චූර්ණය ශීත කෂාය බීමෙන් ගොනෝරියා සුව වේ. (පූය මෙහ)
- භූත උන්මාද රෝග වලදී:
එළ කටරොළු මුල් යුෂ සහල් දෙවු දියෙන් හා එළඟි තෙල් සමඟ දීම
- ඇස් පෙනීම, ගලක්ෂත, චර්ම රෝග, කළු විකෘති රෝග වල දී බැද සුණු කරගත් කටරොළු ඇට චූර්ණය මී පැණියෙන් හා ගිතෙලින් අනුභව කිරීම. (මංචාඩි 2-4 දක්වා).
- කැඩුම් බිඳුම් වලදී:
ලේ නැවතීමට: එළ කටරොළු, කහඹිලියා, වෙල්ලන්ගිරි, මේවායේ මුල් කුඩුකර දමනු.
- මල බද්ධයට :
අරලු
වියළි ඉඟුරු
කටරොළු
තිරැස්සවාලු
දත්ත අල.
කැප්පෙටියා මුල්
දළුක් පල්ල තුල ලා පොල් කොලින් ඕතා උනු අලුයට දමා තම්බා ගත් යුෂ පෙකනිය වට ගානු. මල හැරේ.
- පිස්සු බලු රෝගයේ දී :
එළකටරොව, ඇහැළ පොතු, රුක් අගුන, දියමිත්ත කෂාය සීනි දමා බීම
- වෂ විෂ කැවුන විට
එළ කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා මතුරා බීමට දීම
- උත්‍රකන්‍යාදී තෛලය උපාදනයක් ලෙස අන්තර්ගතය. ශ්වේතකුෂ්ඨ, කුෂ්ඨ සඳහා මෙම තෛලය උපයෝගි කෙරේ.
- මහා සිද්ධාර්ථක සෘතය, වජ්රක තෛලය, මහා භූතරාම සෘඝාතය, අන්තර්ගතය
- තිපල් වැල්මදට. කටරොළු, කෂායට සිවංගුරු, හිරියල්, ගෙන්දගම් කුඩු දමා තලතෙල් දමා අව්වේ කකාරා ගෑමෙන් දද, කුෂ්ඨ කුෂ්ඨ රෝග රෝග සුව වේ.
(යෝග රත්නාකාරය) - චින්තාමනී ගුලිය උපාදානයක් ලෙස අන්තර්ගතය.
- පටල කැපීමට :
ත්‍රිපල්, තිකටු, කටරොව භාග 1 බැගින් කොහොඹ කොළ භාග 03 දෙනි ඇඹුලින් අඹරා නැවුන් වළඳක දමා කකාරා ගෑම.
- ඇස මල් පොලට – රත කැසීමට
මුරුංගා මල්, එළකටරොළු මුල්, ගැටතුඹ මුල්, අමු කපුරු, තන කිරෙන් අඹරා ගෑම.
(වෛද්‍ය වින්තාමනී භෛෂජ්‍ය සංග්‍රහය)
- උගුර කටු ඇනුනාම:
අබිං, පෙරුංකායම්, ගස්කදුරු ඇට, කහ, නැවුන් වළඳක උරච්චි කර උගුර පිට ගානු.
- නිල් කටරොළු විෂට :
කලාදුරු අල කෂාය හෝ ස්වරස බිමෙන් විෂ නිවාරණය වේ.
ආස්පොතා ගිර්කණි ස්‍යාද් – විෂ්ණුක්‍රාන්තා පරාජිතා – අපරාජිත කටු මෙධ්‍යෙ – ශිරෝ කණෙය්‍ය සුදෘෂ්ටි දෙ- කුෂ්ඨ මුත්‍ර ත්‍රිදොෂාව – ශොථ වුණ විශාපහෙ කෂායෙ කටුකෙ පොතෙ – තික්තේ ස්මෘතිවණෙ.
(භාව ප්‍රකාශ)
වෛද්‍ය එල්. එම. විජේසුන්දර
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව,
නාවින්න.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
©️ ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



