එළනිටුල්
මෙම පැලෑටිය අවුරුදු කීපයකින් අවසන් වන පඳුරු විශේෂයකි. විහිදී යන අතු රාශියකින් යුක්තව අඩි 2-5 ක් පමණ උසට වැඩේ. මුල් දිගට වැඩේ. ඕජස් සහිතව ඝනකමින් යුක්තය. කඳ රවුම් හැඩයෙන් යුක්තය. තරමක් ගෝලාකාර හැඩයෙන් යුත් කොළ අඟල් 1 1/2 පමණ දිගය. දෙසැම බර් සිට මාර්තු දක්වා මල් හට ගනී. මල් සුදු පැහැතිය. පෙති පහකින් යුක්තය.










