admin

එළනිටුල්

මෙම පැලෑටිය අවුරුදු කීපයකින් අවසන් වන පඳුරු විශේෂයකි. විහිදී යන අතු රාශියකින් යුක්තව අඩි 2-5 ක් පමණ උසට වැඩේ. මුල් දිගට වැඩේ. ඕජස් සහිතව ඝනකමින් යුක්තය. කඳ රවුම් හැඩයෙන් යුක්තය. තරමක් ගෝලාකාර හැඩයෙන් යුත් කොළ අඟල් 1 1/2 පමණ දිගය. දෙසැම බර් සිට මාර්තු දක්වා මල් හට ගනී. මල් සුදු පැහැතිය. පෙති පහකින් යුක්තය.

එළනිටුල් Read More »

කැට කෑල

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, බුරුමය හා මලක්කාව වියලි කලාපයේ බෙහෙවින් වැඩෙන ඖෂධීය ගුණයෙන් යුක්ත කුඩා ගසකි. මුහුදු මට්ටමෙන් අඩි 2000 දක්වා තෙත් කලාපයේ ද දක්නට ලැබේ. ජූනි, ජූලි, මාස වල මල් හට ගනී. මල් දම් හා රත රත මිශ්‍ර වර්ණයෙන් යුක්ත පොකුරු වශයෙන් ඇත. පෙති 05 කින් යුක්තය.

කැට කෑල Read More »

එරඬු

එරඩු ලංකාවේ සියලුම පළාත් වල පාහේ කැලෑ බදව හා කුණු කසල එකතු වන තැන්වල වැවෙන කුඩා ශාකයකි. ඉන්දියාව, බෙංගාලය, මදුරාසිය, බොම්බාය යන රටවල වාසීහු එරඬු තෙල් ලබා ගැනීම සඳහා බොහෝ සේ වගා කරති.

එරඬු Read More »

එරමිණියා

මෙම ශාකය වෙනත් ද්‍රව්‍ය සමඟ එක්කර යෙදීමෙන් ආර්තව දෝෂ වලට සාර්ථක ප්‍රතිඵල දෙයි. රසදිය විෂ වූ විට මෙය විෂ නාශකයක් ලෙස යෙදිය හැකිය. පැලෑටියේ අමුවෙන් ගත් කොටස් හග්න වලදී (වේදනා නාශක) පැලැස්තර සඳහා ද ( boils) දිය බුබුළු (sore) වේදනා සහිත තුවාල, ඇසෙහි කටු පිටට ඇද ගැනීමට ද යොදයි.

එරමිණියා Read More »

එරබදු

දීපන, පාවන. අනුලෝමන, ග්‍රාහි, ශුල හර ගුණයෙන් යුක්ත බැවින් අරුචි අග්නි මාද්‍ය උදාර ශුල, ක්‍රිමි රෝග සහ ග්‍රහණි අර්ශස් රෝග වලට ගුණදායකය. පරීපවන සංස්ථානගත දෝෂ නිසා හටගන්නා අක්ෂි රෝග සඳහා දේශීය වෛද්‍ය වරු එරබදු පොතු විශිෂ්ඨ ගුණ අපේක්ෂාවෙන් ප්‍රයෝග කරති. විශේෂයෙන් අක්මාවේ හටගන්නා රෝග අවස්ථාවලදී විශේෂයෙන් යෙදේ.

එරබදු Read More »

එන්සාල්

පොදුවේ එන්සල් වල අඩංගු රසායනික උපාදානයක් විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් සොයා ගෙන තිබේ. ඒ අනුව මෙහි අන්තර්ගත පදාර්ථයක් වශයෙන් ස්ථායි 10%ක්ද, අස්ථායි තෛල හා ක්‍රියාකාරී පදාර්ථ 5%ක්ද, පොටෑසියම් ලවණ 3%ක්ද, පෙන්වා දී ඇත.

එන්සාල් Read More »

උළුහාල්

උළුහාල් ඖෂධීය අගයක් ඇති ආහාර උපයෝගී (කුළුබඩු) ද්‍රව්‍යයකි. ආහාර රසවත් කරන රුචිය වඩන සුවදවත් ද්‍රව්‍යයක් ලෙස උළුහාල් භාවිතයට ගැනේ. මෙහි ඇති පෝෂණීය ගුණය නිසා ආහාරයේදී ව්‍යංජනයට උළුහාල් මුසු කල විට ඉක්මනින් නරක් වීමට බලයි. ව්‍යංජනයට උළුහාල එක්කරන විට එය බැඳ මුසු කරන්නේ ඒ නිසයි. බැදගත් විට එහි සුවඳවත් බවද රසයද අධිකය.

උළුහාල් Read More »

උඳු

දෝෂ වශයෙන් වා ශමනයි. සෙම් පිත් වඩයි. බාහිර වශයෙන් වේදනා නායකයි. නාඩි ශාමකයි. අභ්‍යන්තර වශයෙන් නාඩි ශක්තිමත් කරයි. ආහාර රුචිය ඇති කරයි. සංග්‍රහයි. ශුල නසයි. පුරිෂ, මුත්‍ර, ස්තන්‍ය. ශුක්‍ර යන මේවා වඩයි. වෘහණයි. ගුදකිල, අර්දිත, ස්වාස නසයි. විශේෂයෙන් වාත සමන නිසා වාත රෝග වලට ගුණයි

උඳු Read More »

උණ

ලංකාවේ ගංගා, ඇළ, දොළ, වැව්, කදුරු, ආශ්‍රයේ වැඩෙනු දැකිය හැකි වඩාත් විසිරී ඇති වර්ගයයි. කඳෙහි ගැට ආශ්‍රයෙන් නැවතත් පැළ ඇති වේ. පර්ව (ගැට) යක් පාසා ඇති වන ශාඛාශ්‍රිතව පිහිටි පත්‍ර සමූහය දිගින් ‘6’ ක් පමණද පළලින් ‘1’ ක් පමණ ද වේ. ක්‍රමයෙන් සිහින් වන හැඩයක් ගනී.

උණ Read More »

උඩැත්ත

උඩැත්ත හෝ උදත්ත නමින් හැඳින්වෙන්නේ සෙ. මී. 10 – 20 පමණ උසැති පොළවෙහි පැතිරී වැඩෙන කුඩා ක්ෂුපයකි. උඩැත්ත නමින් ව්‍යවහාර කරනු ලබන පැළෑටි වර්ග කිහිපයක් මෙරට ඇති අතර, උඩැත්ත යයි ප්‍රකට පැළෑටියෙහි ද ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය. මෙම ප්‍රභේදත්. මේ රටේ පත්පාඩගම් ලෙස හඳුන්වන විවිධ ක්ෂුප වර්ගත් අතර තිබෙන්නේ නොබිඳිය හැකි සම්බන්ධයකි.

උඩැත්ත Read More »

Scroll to Top