ඇත් දෙමට

BOTANICAL NAME – Gmelina arborea Roxb.

FAMILY – VERBENACEAE

ENGLISH NAME – Candahar tree

හින්දි නාමය – ගමාරි, මාන්හාරි

වංග නාමය – ශාමාර්

දෙමළ නාමය – උම්මාඩාටෙකු, කට්ටානාම් කුන්තනම්

සංස්කෘත නාමය – ගම්හාරි (ජල පෝෂණය සිදු කරන හෙයිනි)

පර්යාය නාම

කාශ්මරි – (කාශ්මීරය ආදී පර්වත ප්‍රදේශයන්හි බහුල වැ උපදින හෙයිනි)

පීත රෝහිණි (- කහපාට මල් හා ගෙඩි ඇති හෙයිනි)

ශ්‍රී පර්ණි – (යහපත් මිහිරි කොළ ඇති හෙයිනි)

ධුපර්ණිකා

මධුරසාද් – ( රස විසින් මිහිරි වන හෙයිනි)

වැවෙන ප්‍රදේශ

හිමාලය පහත් ප්‍රදේශ හා ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශයන්හි ද ලංකාවේ සම ශීතෝෂ්ණ ප්‍රදේශයන්හි ද වැවේ.

හඳුනා ගැනීම

විශාල ශාකයකි. පොත්ත අළු පැහැති කහපාටට හුරු වේ. ගොරෝසු ය. පත්‍ර සරලය. එකිනෙකට විරුද්ධ ව පිහිටයි. පත්‍ර පළල් වේ. හෘදයාකාර ස්වරූපයක් ගනී. සෙ. මී. 7 – 17 දක්වා පමණ දිග වේ. පත්‍ර නටුව සෙ. මී. වේ. සංයුක්ත12 පමණ දිගට් ය. අති තීව්ර අග්‍රයකි. පුෂ්ප ද්විලිංගික වේ. ඒකාක්ෂකයකින් කෙළවර වේ. පුෂ්ප දුර්වර්ණ වූ තැඹිලිපාට රෝස පැහැයකින් යුක්තය. ළපටි පුෂ්ප කහපාටය. ඵල තැඹිලි පාට වේ. ඵල සෙ. මී. 2 – 5 පමණ දිගට වේ. ඵලයෙක බීජ 2 – 4 දක්වා ප්‍රමාණයක් ඇත.

ප්‍රභේද

  1. දෙමට (ගාමේණ්ඩ – ගෙමඩ – දෙමට (කැති දෙමට, 1, 2 දෙවගයේ ස්ථරූප සාම්‍යයෙක් නැත.
  2. ඇත් දෙමට – ලොකු දෙමට

ව්‍යවහාර අංග

මුල්, මල්, පොතු, ගෙඩි ළා කොළ සහ ඇටවල මද වේ. දෙමටෙහි ඇද් දෙමටෙහි මුල ද කැති දෙමටෙහි ගෙඩි ද ප්‍රධානය. ගෙඩි අභාවයෙහි පොතු ගැනේ.

රසායනික උපාදන

මුල්වල කසාවන් ඝන තෙල් පදාර්ථයත්, දුම්මල උපක්ෂාරයක් හා බෙන්සො -යික් (Benzoic) අම්ල ලේශ මාත්‍රයන්ද, ගෙඩිවල බට්රික් (Butyric) හා ටාටරික් (Tataric) අම්ල ද උපක්ෂාරයක් ද, මධුර පදාර්ථ, නිර්යාස හා අම්ල ලේශ මාත්‍රයක් ද අන්තර්ගත ය.

මාත්‍රාව

ඵල ස්වරස කර්ෂ 1-2 දක්වා

ගෙඩි හා පොතු කෂාය පලම් 1 – 2 දක්වා

මුලේ පොතු වර්ණය – මංවාඩි 5

ගුණ

රස – තිත්ත කෂාය, මධුර

විර්ය – උෂ්ණ, (ගෙඩි ශීත)

ගුණ – ගුරු

දෝෂ කර්ම

තිත්ත කෂාය මධුර රස හෙයින් පිතද, උෂ්ණ හෙයින් සෙම හා වාතය ද ගමනය කෙරේ.

විශේෂ ක්‍රියාකාරි ව්‍යුහ

නාඩි, රක්ත සංවහන, ප්‍රජනන හා මුත්‍රණ ව්‍යුහ

අඩංගු යෝග

ඇත් දෙමට දශ මූලයෙහි එක් උපාදානයකි. ක්වාථ, ඵාෂ්ඨ, අරිෂ්ඨ, ආසව. තෛල, සෘත ආදී නොයෙක් යෝගයන්හි ප්‍රමුඛ උපාදානයක් ලෙස යෙදේ.

ගාම්කාරී ඵල යුෂය

දෙලුම් යුෂ හා සීනි මිශ්‍ර කොට පානයෙන් රක්තාතිසාරයට ගුණ ගෙන දේ.

ගාම්භාරි ඵල ක්වාථය

සිසිල් කොට සූකිරි හෝ සීනි සමග පානය පිණිස දේ. දාහ. පිපාසා සහිත විෂම ජ්වරයට හිතකාරී ය.

ගාම්භාරී ලේහය

පැසුණු වියළි ගෙඩි මී පැණියෙන් අඹරා ලේහය සකස් කෙරේ. රක්ත පිත්තනාශක ය.

ගාම්භාරී චුර්ණය

ඇත් දෙමට ගෙඩි හා වැල්මී සමභාගව වුර්ණ කොට සුකිරි බරට බරක් මිශ්‍ර කොට වරකට මාෂක 6 ක් මී පැණියෙන් වැළඳීම පිණිස යෙදේ. ගැබ සිටින දරුවා ආරක්ෂිත වේ.

ගාමම්හාරි මුල චූර්ණය

ඇත් දෙමට මුල් හා වැල්මී සමව ගෙන වුර්ණ කොට මී පැණි සමඟ වැළඳී මෙන් තනකිරි වර්ධනය වේ.

ගාම්හාරී තෛලය

ඇත් දෙමට පොතු කෂාය. එම කල්කය හා තලතෙල් යොදා තෛල පාක විධියෙන් සිද්ධ කොටගත් තෛලය පුළුන් තෙමා තැබීමෙන් පතිත පයෝධර උත්මික කෙරේ.

ආශ්‍රිත ග්‍රන්ථ

ආයුර්වේද ඖෂධ සංග්‍රහය, I, II, III, Medicinal Plant 1, 2, 3, 4, 5, දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com

Scroll to Top