කජු

BOTANICAL NAME – Anacardium occidentale L.

FAMILY – ANACARDIACEAE

පොදු සිංහල නම – කජු
ඉංග්‍රීසි නාමය – Cashew nut tree
දෙමළ නාමය – ඉන්ධිමා
බුරුම නාමය – තිබෝති
හින්දි නාමය – කජු
සංස්කෘත නාමය – කජුටකා, අග්රිකිටා, අරුෂකරා

පර්යාය නාමය

ගුච්ඡ පුෂ්පා
බිහිඵල
කජජු
ගිනිකර
සෝපරා (ශොඵහර)
පිතපත්‍රා
උප පුෂ්පිකා

ප්‍රභේද

මෙම ගෙඩියේ ප්‍රමාණය

(i) ලොකු කජු – පෙතන් කජු මේවා වැඩි වශයෙන් ගම්බද දැකිය හැකිය.

(ii) කුඩා කජු

පුහුලමේ පැහැය අනුව වර්ග 02 කි.

()) කහ වර්ණය ඇති පුහුලන්

(ii) රතු වර්ණය ඇති පුහුලන්

කජු පුහුලම ගැන බැලීමේදී

මෙය කසට මුසු මධුර රසයක් ඇති මාංසල ඵලයකි. මෙහි මධුර රසයට අමතරව ආම්ලික රසකුත් ඇත.

කජු පුහුලම හැරුණු විට

එහි පලයට 87.9%, කාබෝහයිඩ්රේට් 11.6%, ප්‍රෝටීන් 0.2%. මේද 0.1%. ඛනිජ ද්‍රව්‍ය 0.2% විටමින් සී බහුලව ඇත. කජු ලෙල්ල නටුව ඉහත තෙල් ඇත. මෙම තෙල ජලයේ දිය නොවන අතර, ජලය සමඟ ජෙලියක් බවට පත්වේ. එහි කෘමි නාශක ගුණ ඇත.

කජු ගෙඩිය ගැන බැලු විට එහි කාබෝහයිඩ්රේට් 22.3%, ප්‍රෝටීන් 21.2%. මේද 46.9%, ජලය 5.9% මෙහි Ca ප්‍රමාණය අඩුය. ඛණිජ ද්‍රව්‍ය 2.4% ඇත. මෙහි විටමින් ඒ. බී. බී බීඩි හා ඊ අඩංගුය.

රසයෙන් කජු ගෙඩිය – මධුරයි

වීර්යය – උෂ්ණය

ගුණ – මෙහි පිළිකා නසන ගුණයක් ඇත. රුධිර ගතකොලොස්ට්‍රෝල් අඩු කරන ගුණයක් ද ඇත.

ප්‍රයෝජනයට ගන්නා අංගය අනුව කජු වල ගුණ

කජු ගසේ පොත්ත

කජු ගසේ පොත්ත කැම්බූ වතුර මල බුරුල් කර යෑමේදී, උපදංශයේ ඇතිවන සන්ධිගත ඉදිමුමට හා දියවැඩියාවට යන රෝගයන්හිදී උපයෝගී කර ගනී.

තවද, මෙම පොතු තැම්බූ වතුර රුධිරගත සීනි මට්ටම පහළ යෑම පාලනය කිරීමට ද උදව් වේ.

කජු මුල්

කජු මුල් අඩංගු ඖෂධ වල රේවන ගුණය ඇත.

ඉදුණු පුහුලමේ යුෂ

ස්කර්වි නමැති රෝගයටත් ගර්භාෂගත රෝග වලටත් ගුණ දායකය.

කජු ලෙල්ලේ ඇති තෙල ලාදුරු වල දී ඇතිවන හිරියට හා කිටිහ රෝග වැනි රෝග වලදී උපයෝගී කර ගන්නා අතර, එහි කෘමි නාශක ගුණයක් ඇත.

ලපටි මුල් හා දළු තැම්බූ වතුර කුඩා ළමයින්ගේ කැස්ස සමනය කිරීමට උපයෝගී කර ගනී.

කජු ඵල – මෙහි අතීසාර හා පිලිකා නසන ගුණයක් ඇත.

කජු දළු මාලුව – අර්ශස් සමණයට උපයෝගී කර ගනී.

කජු ගෙඩියේ මද කෑමෙන් රුධිර ගත කොලස්ටරෝල් පාලනය කිරීමට උපයෝගී කර ගනී.

එහි

ආශ්‍රිත ග්‍රන්ථ

(1) දේශීය විශ්ව කෝෂය

වෛද්‍ය සන්ධ්‍යා ලලිතාංජනී මුණසිංහ,
වෛද්‍ය නිලධාරිනී,
ආයුර්වේද රෝහල,
බොරැල්ල.

Scroll to Top