ඉරිඟු
BOTANICAL NAME – Zea mays L.
FAMILY – GRAMINEAE
ENGLISH NAMES – Maize, Indian Corn
පොදු සිංහල නම – ඉරිඟු (බඩ ඉරිඟු)
දෙමළ නම – මක්කපෝලම්
ලංකාවේ උෂ්ණ කලාපික ප්‍රදේශ වල බහුලව වැවේ. ආහාර ද්‍රව්‍යයක් වශයෙන් මිස ඖෂධයක් වශයෙන් ග්‍රන්ථවල බහුල ව සඳහන් වී නොමැති ද්‍රව්‍යයකි.
කුඹුරු වල වගා කරන, ධාන්‍ය වර්ගයකි. ආහාරයක් වශයෙන් විවිධ ලෙස භාවිතා වන වර්ගයකි. ” ශුක ධාන්‍ය ” වලට අයත් වේ.
අඩි 4- 5 පමණ උසට වැවෙන මෙය තිරිඟු ගසට සමාන ගසකි. බඩ ඉරිඟු. මහ ඉරිඟු, මුහ ඉරිඟු නමින්ද හඳුන්වයි. භාරතයේ බටහිර ප්‍රදේශ වල ” පංජාබය ” වැනි රටවල වැවෙන ආහාරයට ගන්නා ” මහ තිරිඟු ” නමින් හඳුන්වන වර්ගය මීට සමානය. අඟල 6- 12 දක්වා දිග දක්වා දිගට ඇති බඩය වටේට කහපාට ඇට වලින් අලංකාර ලෙස වට වී ඇති කරලකි. මේ ඇට මේ ඇට දෙකහපාටින් යුක්තයි. ඇට වටේට සියුම් පොත්තක් ඇත. කෙසෙල් මුහය මෙන් ගසේ කඳ මැදින් හැදෙන නිසා බඩ ඉරිඟු ‘ යන නම යෙදී ඇත. එක ගසක කරල් කිහිපයක් ඇති වේ.
මුඛ – ප්රමුඛ – හෝ මහ ඉරිඟු, විශාලත්වය යන අදහසින් මුහ ඉරිඟු කීවා විය හැක.
සාරාර්ථ සංග්‍රහයේ ඉරිඟු ගැන මෙසේ සඳහන් වේ.
” කටි ජසතු මහාකා යොමකායං කාණ්ඩජස්තථා
ශි වාලු: ප්රටශාංශශ්ව තථෛව පුටමධ්යජඃ “
කටිජ, මහාකාය. මකාය. කාණ්ඩජ, ශිඛාලු, පුටශාංග, පුට මධ්යජ. යන පර්යාය නාම වේ.
ඉරිඟු යනු ශෘංග (සිරිඟු) යන්නය. ශෘංග නම් අහයි.
රස ගුණ – මිහිරි හා කසට රස.
වාතය වඩයි. රළුයි. කළු. පිත්ත පහ කරයි. මෘදුයි. තෘප්ති කරයි.. විෂ්ටබ්දය, බඩේ තද ගතිය ඇති කරයි. ධාතු පෝෂණය ඇති කරයි.
මෙහි පිෂ්ඨ ධාතු ගුණය බහුලව ඇත. මෙහි පිටි කොටස් මගින් කැවිලි පෙවිලි පිළියෙළකර ගැනීම කරයි. ඉරිඟු වාරයට ගිරා ආදි පක්ෂීහු බහුල ව මෙම වගා වන් අතර වෙති. එම පක්ෂීන් ඉරිඟු අනුභවයට ප්‍රිය කරයි.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



