BOTANICAL NAME – Mangifera indica L.
FAMILY – ANACARDIACEAE
ENGLISH NAME – Mango Tree
පොදු සිංහල නම – අඹ
දෙමළ නම – මාම්රම්, මන්ගා
හින්දි නම් – ආම්
බෙංගාල නම – ආම්ර, ආම්
පාළි නම – අම්බ
සංස්කෘත නාම – ආමු. වූත.
පර්යාය නාම
ආම්ර, වුත, රසාල, සහකාර, අතිසෞරන, තමාග්න. මධුදුත, පික්වල්ලභ, කිරේෂ්ඨ මදිරාසබ. පිංඩිඵල, වශන්තදූත
නාමාර්ථ
වසන්ත දූත – වසන්ත කාලය ආරම්භයේ දී මල් හට ගන්නා බැවින්
ආමර – ආරෝග්‍ය හා බලය ලබා දෙන බැවින්
රසාල – රසය ඇති කරවන නිසා
චුත – (හිල් කැර) උරන ගෙඩිය
මාංශ – කාමාංශ යන්නෙහි මුල් අකුර ලොප් වීමෙන්
මැංගෝ – මාංග යන්න ඉංග්‍රීසි අකුරින් ලියා කියැවීමෙන්.
ප්‍රභේද
ඉන්දියාවේ අඹ වර්ග කිහිපයකටත් වැඩිය ඇත. ලංකාවෙත් ප්‍රභේද කීපයකි. පොල් අඹ, යාපනේ අඹ, ගිරා අඹ, අල්පොන්සො අඹ, බෙට්ටි අඹ, මී අඹ, ඇටඹ යන වශයෙනි. බෙහෙත් පිණිස ගනු ලබන්නේ මෙරට අඹ වර්ග යි.
මෙය. ඖෂධයකට වඩා පලතුරක් වශයෙන් බහුල වශයෙන් භාවිත වන ඵලයක් සහිත ගසකි. අඩි 50 – 60 ක් පමණ උසට වැඩෙන අතර ගසෙහි කඳ දැව වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් වේ.
ගෙඩියෙහි ස්වභාවයට අනුව අඹ වර්ග රාශියක් අප රටෙහි ඇත. බහුලව ම දක්නට ලැබෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඵලයක් වන බෙවටි අඹ වශයෙන් හඳුන්වනු ලබන අඹ වර්ගය යි. ඇටඹ යනු ගෙඩි සාපේක්ෂ වශයෙන් ප්‍රමාණයෙන් ඉතා කුඩා වර්ගය යි. එක ඉත්තක ගෙඩි රාශියක් හට ගැනීම මෙම වර්ගයේ විශේෂ ලක්ෂණයකි. ඖෂධීය වශයෙන් අඹ වර්ග රාශියෙහි ම බොහෝ දුරට සමාන ගුණ ඇත. එනමුත් දේශීය චිකිත්සාවේ වැඩි වශයෙන් නිර්දේශ කර ඇත්තේ මී අඹ වර්ගය යි.
රස ගුණාදිය
රස – කෂාය
ගුණ – ලඝු, රුක්ෂ
විපාක – ශීත
මෙහි දක්වා ඇත්තේ ඖෂධ සඳහා බෙහෙවින් උපයෝගී වන අඹ පොතුවල රස ගුණ ආදියයි. පැසුණ ගෙඩි ස්නිග්ධ ද මධුර ද වෙයි.
ඖෂධ පිණිස ගන්නා අංග
මල්, කොළ, ගෙඩි, ඇටේ මදය, ගසේ පොතු, මුලේ පොතු.
පොතු, කොළ, මල් සහ (අඩි ඇට) මද, කළු හා පිත නසයි. පැසුණ ගෙඩි වාතය හා පිත නසයි. අමුගෙඩි ත්‍රි දෝෂය කෝප කරයි.
පොතු, කොළ, මල් සහ ඇට මදය, කසට රස නිසා රක්ත රෝධකයි. එසේම වුණ රෝපණ ගුණයෙන් ද යුක්ත වේ. අභ්‍යන්තර වශයෙන් නොපැසුණු ගෙඩි ආහාර රුචිය ඇති කරයි. එසේ ම මල මුත්‍ර සංග්‍රාහි යි. එහෙත් පැසුණ ගෙඩි අනුලෝමනයි.
පැසුණ ගෙඩි බල්ය, වෘහණ, වෘෂ්‍ය යන කර්මකාරක ගුණ සහිත යි. අඹ මල් ශීත ගුණයෙන් යුක්ත හෙයින් විශේෂයෙන් අතිසාරය හා අසාග්ධරය නැති කරයි.
නොනවතින වමන අවස්ථාවල දී, අඹ කොළ හා මාදම් කොළ ශීත කෂාය මී ඇල් දියෙන් ගලගා නස්‍ය කරනු ලැබේ. රක්ත අතීසාරයේ දී දී පොතු විදය ඇදියෙන් ඇස නාසයෙන් ලේ අවස්ථාවලයේදී අඹ ඇටයේ යුෂට මීපැණි දමා බීමට දෙනු ලැබේ.
පරිසරයේ අධික උෂ්ණත්වයෙන් ඇතිවන ශරීර පිඩාවට අමු අඹ ගෙඩි පිටින් දමා තම්බා ගත් ජලය ගෙන පානය කිරීම ඉතා හිත කර වේ. එයින් ශරීර දාහය ද පහව යයි. නොපැසුණ අඹ යොදා සෑදු චට්නි අරුචිය හා අග්නි මාද්‍යය ද නැති කරයි. ඉදුණ අඹ යුෂ රක්ත පිත්ත රෝගයට ගුණ කාරකයි. එසේම එයින් ශුක්‍ර දෞර්බල්‍ය ද නැති කරයි. ප්රමේම්භ රෝගයට අඹ ඇට මද මෙන් ම අඹ කොළ යුෂ ද අභ්‍යන්තර වශයෙන් යොදනු ලැබේ. ප්‍රමේහ, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර යන රෝග වලට අඹ ඇට මද උපයෝගී කරගනු ලැබේ.
මාත්‍රා
ස්වරස – මි. ලි. 10-20
කෂාය – මි. ලි. 50-100
වුර්ණ – ග්‍රෑම් 3-6
විශිෂ්ඨ යෝග
පුෂ්යානුග වුර්ණය. ආම්රපානක (අඹසිරප්)
අතියෝගයෙන් විය හැකි හානි
අමු ගෙඩි අධිකව ගැනීමෙන් අග්නිමාද්‍ය, විෂම ජ්වර, රක්ත විකාර හා ඇස් රෝග ඇතිවිය හැකි ය.
රක්ත පිත්ත කරං බාලමාපූර්ණ පිත්ත වධ නම්, පක්වමා මුං ජයෙද්වයුං ශුක්‍ර මාංසබල ප්රදම්:
(- වරක සූත්‍ර)
පිත්තා නිලකරං බාලං පිත්තල බුද්ධ කේශරම්, හෘද්‍යා වර්ණකර රුව්යං රක්ත මාංස බලප්රදම්
කෂායානුරසං ස්වාදු වාතනං ව්යහණං ගුරු:
පිත්තා විරෝධී සංපක්වමාමු ශුක්‍ර විවර්ධනව;
(-සුශ්‍රැත සූත්‍ර)
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



