ඕවීල

BOTANICAL NAME – Polyalthia longifolia (Sonn.) Thw.

FAMILY – ANNONACEAE

ENGLISH ΝΑΜΕ – Indian willow

පොදු සිංහල නම – ඕවිල
දෙමළ නම – අසෝගම්
හින්දි භාෂාවෙන් – අශොක, අසොක, දේවදාර
තෙලිඟු – අසොකම්

අප රටේ මාර්ග අලංකාරය පිණිස සහ ගෙමිදුල අලංකාරය පිණිස වචනු ලබන ඕවිල ගස (Weeping villow) හෙවත් වැලපෙන විලෝ ගස වශයෙන් හැඳින් වීමට පුරුදුව සිටිත්. බෙහෙතට තබා වෙනයම් කරුණක් උදෙසා හෝ ඕවිල ගසින් ප්‍රයෝජන ලබන බවක් ප්‍රකට නැත. උද්භිද විද්‍යානුකූලව Annonaceae කුලයට අයත් Polyalthia longifolia (Thw) නාමයෙන් මෙම ගස හැඳින් වේ.

මේ අනුව යමින් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල වෛද්‍යවරුන් ඕවිල පොතු අශොක පොතු උදෙසා භාවිත කරන බව ප්‍රසිද්ධ කරුණක්. ඒ අනුව රක්ත ප්‍රදර හා ගර්භාෂ ගත රෝග සුවයක් ඕවිල පොතු වලින් අපේක්ෂා කෙරේ. ඕවිල පොතු ජ්වර නාසක ගුණයකින් යුක්ත බවද සඳහන් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

භාව ප්‍රකාශ නිගණ්ඩු සංස්- ජී. එස්. පාණ්ඩය
විමර්ෂක – කේ. සී. වුනෙකර්
චෞබම්භ මුද්‍රණාලය – බරණැස

වෛද්‍ය ඇම්. ඇම්. චන්ද්‍රසේන,
ජ්‍යෙෂ්ඨ කථිකාචාය,
දේශීය වෛද්‍ය විද්‍යායතනය,
රාජගිරිය.

Scroll to Top