අරත්ත

BOTANICAL NAME – Alpinia celarata Roscoe

FAMILY – ZINGIBERECEAE

පොදු සිංහල නම – අරත්ත (- ආරක්තා – මඳක් රතු අල )

ඉංග්‍රීසි නම – Galanga, small galanga

දෙමළ නම – අමිකොල් ඉන්ගි

සංස්කෘත – රාස්නා (ලංකාරාස්නා).

පර්යාය – (සංස්කෘත)

කුලංජන – උග්‍රගන්ධා
ගන්ධමුල – මලයවචා

කුලිංජන – මහාහරිවචා
සුගන්ධා – අරුණා
ධූමලා – ඒලාපර්ණි
ගන්ධවාරුණි – රක්තරේණු
කපිධ්‍රැම් – රක්තපුෂ්පා
කෝරජ – සුගංධිවචා
නාකුලී – සුගංධයෝගා
පාටලා – පුරුෂ

යනුවෙන්ද මේ දේශීය වෛද්‍ය ග්‍රන්ථවල රැත්ත යනුවෙන් ද හඳුන්වන්නේ අරත්ත මය. එය ආරක්තා යනුවෙන් පිළියෙළ වුවෙකි. අරත්ත සඳහා වෛද්‍ය වරුන් අතර බහුල භාවිතයේ ඇත්තේ රාස්නා ශබ්දය යි. රාස්නා යන්න නාකුලී (පස්සඳ), සර්පාක්ෂි අඩනහිරිය, දත් කැටියා, රත් ගොකටු, ගන්ධනා කූලී යන නම් දෙකට ද පර්යාය සේ දක්වා ඇත. එහෙත් මෙරට රාස්නා යනුවෙන් සඳහන් වී ඇති ඇති සෑම තන්හි ම ගත යුතු වන්නේ අරත්තම බව යෙදී ඇති යෝගයන් වීමසිමෙන් තීරණය කළ හැකි ය.

ආරක්ත යනු මලයාලියට යට අයත් වචනයකි. එය ම සිංහලයට හුරු වූසේ ය. අරත්ත පර්යායක් වන පේරාට්ටා යන වචනය ද මලයාලියෙහි එයි. පේරා රත්තයි යනු දෙමළ පර්යායකි. මේ අනුව අරත්ත ශබ්දයේ මුල ද්‍රවිඩයෙහි එන ‘ආරක්තා’ යන්න යයි සැලකිය හැකි ය. අපේ පොත් වල ‘රැත්ත ‘ යයි ලියැවී ඇත්තේ ද අරත්තය.

චීන අරත්ත, ජාවා අරත්ත, යනුවෙන් දෙවගයෙකි. හීන් අරත්ත, මහ අරත්ත, යනුවෙන් ද දෙවගයෙකි. මහ අරත්ත අලයට වඩා හීන් අරත්ත අලය ගුණයෙන් අධිකය.

ගුණ

රස – කටු

ගුණ – ලඝු, තීක්ෂණ, රූක්ෂ

වීර්ය – උෂ්ණ

විපාක – කටු

දෝෂානුරූප කර්ම වශයෙන් උෂ්ණ නිසා කඵ, වාත, ශාමක වේ. එහෙයින් කඵ වාත පිළිබඳ රෝග අවස්ථාවන් විෂයෙහි බෙහෙවින් ප්‍රයෝග කරනු ලැබේ. ඖෂධ යෝගයේ දී අල ප්‍රධාන වශයෙන් කෂාය. චුරණ. පේයා ආදියෙහි ද, ඒ සඳහා ම ඇට ද, යොදන අතර ස්වේදනය සඳහා කොළ ද භාවිත කරනු ලැබේ.

අභ්‍යන්තරික වශයෙන් නාඩි ව්‍යුහ උත්තේජක හෙයින් නාඩි දුර්වලත්ව යෙහි ද, වාත රෝගයෙහි ද ප්‍රයෝග කරනු ලැබේ. කටු තික්ත උෂ්ණ නිසා පාවන, අනුලෝමන, ද්‍රව්‍යයක් ලෙසින් අදාළ ව්‍යුහයෙහි ද ක්‍රියා කරයි අධික තීක්ෂණ ගුණය නිසා ආමාශයෙහි ශෝඛය ඇති කරන අතර පිතේයිය ලාලාවේත් ස්‍රාවය අධික කරයි.

තීක්ෂණ ගුණය නිසා ග්‍රොතස් පළල් කර ඇති ධමනින් කරා වැඩියෙන් රක්තය ඇදී ඒම නිසා සෙසු අවයවයන්ගේ රක්තය හීන වී හදවතේ සංකෝචනය මේ නිසා අරත්ත හෘදයාවසාදකයක් ලෙස අඩුවීමේ අවස්ථා ඇති විය හැකි ය. මේ හැඳින්විය හැකිය. එහෙත් ශ්වසන ව්‍යුහයේ දී ශ්වාස නාලිකා ප්‍රහාරක මෙන් ම කර්මය ද නිසා ශ්වාසහර හා ස්වර පද්ධතියේ ශක්තිය ද ඇති ක ද්‍රව්‍යයක් සේ හැඳින්විය හැකිය. කෙසේ වුවත් වාතික හෘද රෝග විෂයෙහි අරත්තයෝග බොහෝය. ස්වර බෙද මුක්කම් ( මින්මින) ගොත (ගද්ගඳ) යනාදී සියලුම ම. කැසිමුස අවස්ථා වලදී ද, උපයෝගී වෙයි. උත්තේජන ද්‍රව්‍යයක් ලෙසද විකාරයන්හි මෙන් ම, කැ තේජන ද්‍රව්‍යයක් ලෙසින් අධික ශිතතාව මැඩලීමට ක්‍රියා කරන ද්‍රව්‍යයක් මෙන් ම ද්වජභාගයට ද ගුණදායක ය. කම් සටනේ දී අරත්ත කැබලි කට තබා ගැනීම කාමෝත්තේජනයට හේතුවක් වේ ‍යයි කාම ශාස්ත්‍රයෙහි දක්වා ඇත. බහු මුත්‍ර යට මෙන්ම ප්‍රමේහයට ද හිතවත් ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. භාව ප්‍රකාශ කතුවරයා අරත්ත ආමය පැසවන ද්‍රව්‍යයක් ලෙස විස්තර කරමින් සෙම හා වාතය නැති කර වාත ශුලං, උදර, කාස, ස්වාස වාස හා අසු වැදෑරුම් ධාතු රෝග නසන බව දක්වා ඇත. අරත්ත අලයෙහි අධික විශෝෂණ කර්මයක් ඇති බව මතක තබා ගත යුතුය. රාස්නා ගැන ඉන්දියාවේ මිස ලංකාවේ වෛද්‍යවරයන් අතර මතහෙදයක් නැත.

අරත්ත අලක්වාථය (ශ්වාසනාලිකා ප්‍රදාහය ළය පීනසය හා මුඛ දුර්ගන්ධනිවාරණය සඳහා යෙදේ)

අරත්ත අල වුර්ණය (ආමවාතය, ළය පීනසය මුත්‍ර වේගය වළක්වා ගැනීමේ අපහසු කම් ආදියෙහි යෙදේ.

මාත්‍රාව – රක්තිකා 6 කි. (මි. ග්‍රෑ. 750 යි)

අරත්ත අල ලේහය

අරත්ත අල, වැල්මී සහ තිප්පිලි චුර්ණය මී පැණියෙන් අඹරාගත් ලේහය (කක්කල් කැස්ස සුව කෙරේ)

සර්ප විෂ (නාග මාපිල්) වෙදකමෙහි දී ද ගැනෙන ද්‍රව්‍යයක් ලෙසින් ප්‍රසිද්ධය. කල්ගත (සජල) සන්ධිගත වාත රෝග වලදී රාස්නා හෙවත් අරත්ත ඒකීය ද්‍රව්‍යයක් ලෙසින් ද, කෂාය සඳහා යොදා ගැනේ.

මහා හරිවවා රානා කුලංජන කුලිංජනේ.

ගන්ධ මූලං තීක්ෂණජටා කුර්ණජං මලයේ වවා ඵලා පර්ණංග්‍රහන්ධා ව සුගන්ධා රසනාල්පිකා දීපනං පාචනං බය්‍යං වෘෂ්‍යා වාතානුලෝම නම්;

උත්තේජනං තථා ලාලාස්‍රාවකං ච කුලිංජනම්.

ස්ථුල ග්‍රන්ථිර් මහා රාස්නා සුගන්ධා මහතී ච සා;

පරිඥෙයා හීන ගුණායෝගේ වල්පාත් කුලාංජනාත් සර්ප විෂසංහාරය

කුලජෝ ගන්ධ මූලශ්ව තීක්ෂණ මුලු කුලංජනඃ, කුලප්: කතිකෝණෝ දීපනෝ මුඛ දෝෂනුත්:- රාජ නිඝණ්ඩුව

සගන්ධායු ග්‍රගන්ඩාව විශේෂාත් කඵකායනුත්, සුස්වරත්වතරී රුව්‍යා හාත්කණ්ඨ මුඛ ශෝධනි :-භාව ප්‍රකාශය

උෂ්ණා කුලිංජනං තිත්තං කටු වාග්නි ප්‍රදීපනම්, රුවතා ස්වයංව හෘද්‍යා ව මුඛකය විශෝධනම්: ආමවාත ක ශ්වාස කා සං වාතං ධ්‍රැව. ජයේත්, වෘහත්තුෂ්ඨ ගුණං යතත් කිංචින්නු නව්තිස්මෘතම්; රාස්නා ශොථාම වාතසනි ත්‍රායන්ති කළු පිත්තනුත් :- නිර

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top