BOTANICAL NAME – Brassica junceea (L.) Czern. & Coss.
FAMILY – CRUCIFERAE
පොදු සිංහල නම – අබ
ඉංග්‍රීසි නාමය – Indian mustard, Brown mustard
හින්දි – සර්ෂෝන් (-සර්ශපා)
දෙමළ – කඩුගු (-කටුක)
බෙංගාල – සාරීෂා (-සර්සප)
සංස්කෘත නම – සිද්ධාර්ථ, සර්ෂප, රාජිකා
පර්යාය
සර්ෂප – සරති ස්නේහං අසමාත් – ‘තෙල සරණය ගැලීම වේ’ යන අර්ථයෙන් සර්ෂප නම් වේ.
රාජිකා ඵල – බබළන ඇට
රාජිකා – බබළන ඇට
තීක්ෂණ – තීක්ෂණ ගුණයෙන් යුත් නිසා
දුරාධර්ෂ – කෑමටත් බේතටත් නැතිව ම බැරි දෙය. (උතුරු ඉන්දියාව ට අබතෙල අපට පොල්තෙල බඳු ය.
රක්ෂෝස්ණ – භූත දෝෂ ඇස්වහ නසන
භූතස්න – (විෂබීජ) නසන අර්ථය
තන්තුහ – තන්තු අර්ථයෙන් විෂබීජ නාශනය කරන
සිද්ධ ප්‍රයෝජන -}
සිද්ධ සාධක – } අදහස් සඵල කළ
සිද්ධාර්ථ –
සිත සර්ෂප – සුදු අබ
ග්‍රහස්න – ග්‍රහදෝෂ නසන
කටුක – කුළු රස නිසා
ශුකර ගෞර – මේ දෙක රාජිකා විශේෂණය යි
කටුස්නේහ – කිළු තෙලක් ඇති නිසා
කෘෂ්ණ රාජිකා පර්යාය
කෘෂ්ණ සර්ෂප,
ක්ෂුධාභිජනන – බඩගින්න ඇති කරන
රාජ සර්ෂප
රාජ රාජිකා
රාන්දි
කුලය – රාජිකා
ප්‍රභේද
ගෞර සිද්ධාර්ථ – ( හෙළ අබ, සුදු අබ) B. N. – Synapis alba L. Syn Brassica alba (L) Boiss.
රක්ථ සිද්ධාර්ථ – (දුඹුරු අබ) B. N. – Brassica juncea (L) Czern. & Coss.
තෘෂ්ණ රාජිකා – (කළු අබ) B. N. – Brassica nigra (L.) Koch. syn. synapis nigra L.
රාජිකා අබ – (ක්ෂේත්‍ර අබ) B N – Brassica campesrris L
රාජ නිඝණ්ඩුවේ රාජ නමින් ප්‍රභේදයක් සඳහන් වේ.
අබ සරල හෝ බෙහෙවින් අතු බෙදුන ඒක වාර්ෂික පැලෑටියකි. සෙ: මි: 30 සිට 100 පමණ උස කොළ පාට කඳකින් යුක්තයි. මල් පිපීමෙන් කඳ දම් පැහැයට හැරේ. පුෂ්පය කහ පාටින් යුක්තය. ද්වී ලිංගික වේ. කඳෙහි නටු වලට ඉහලින් පිහිටා ඇත. පුෂ්ප මංජරි වශයෙන් පිහිටයි. පත්‍ර ඒකාකාරයි.
මෙම පැළෑටිය සෘෂි උගයේ සිටම භාවිත වූ බවට සාධක ඇත. පාශ්වල්කෙයපනිශද් හි මුල්ම සටහන් දක්නට ඇත. කෞමාර හෘත්‍ය තන්ත්‍රයේ ධූප වශයෙන් අබ යොදා ගැනීමෙන් ඒ බව පැහැදිලි වේ. සෘෂි යුගයෙන් පසු සංහිතා කාල වලදී බෙහෙවින් ම අබ ප්‍රයෝජනයට යොදාගෙන ඇති බව දක්නට ලැබේ. චරක සංහිතාවේ සුත්‍රස්ථාන 02 අධ්‍යායයේ ශිරෝ විරේචනිය ද්‍රව්‍ය යටතේද, සූත්‍ර ස්ථාන 3 අධ්‍යායයේ කුෂ්ඨස්න ද්‍රව්‍ය යටතේ ද, 4 වෙනි අධ්‍යාය 25 ආස්ථාපනෝපග කසාය යටතේ ද,
සුශ්‍රුත සංහිතා 19 අ: 28 පිප්පල්‍යාදී ගණය යටතේ ද, සරිෂාපාදි ධූපය යටතේ ද සඳහන් ව ඇති බැවින් ඒ බව පැහැදිලි වේ.
නිඝණ්ඩු කාල වල දී භාවිත වී ඇති බවට රාජ නිඝණ්ඩුව, ධන්වන්තරි නිඝණ්ඩුව සාක්ෂි දරයි. එම නිඝණ්ඩු කාල වලදී අබ වලට තව තවත් පර්යාය එක් කළ බවට සාධක දැකිය හැක. එම කාල වල නව ප්‍රභේද ද සඳහන් කර ඇත.
පසු කාල වලදි ලියවුන වරයෝග සාරය නමැති ග්‍රන්ථයේ පිප්පල්‍යාදී හා වත්සකාදි ගණ යටතේ අබ ද විස්තර කොට ඇත. චක්‍රදත්තයේ චිකිත්සා ස්ථාන යේ අබ බෙහෙවින් යෙදී ඇත. වර්තමානයේ පෙර අපර දෙදිග ඖෂධ ද්‍රව්‍ය පිළිබඳ ග්‍රන්ථ වලත් බෙහෙවින් දක්නට ලැබේ.
මෙම පැළෑටියේ උත්පත්ති ස්ථානය ආසියාවය. සාමාන්‍යයෙන් අඛ දකුණු යුරෝපයේ සහ මැද පෙරදිග සිට ඉන්දු පකිස්ථාන කලාපය හරහා චීනයටත් දකුණු ආසියාවටත් පැතිරී ඇත.
ද්‍රව්‍ය ගුණ වර්ගී කරණයන්ට අනුව අඛ රාජිකා කුලයට අයත් වේ. ආයුර්වේද ද්‍රව්‍ය වර්ගී කරණයට අනුව විවිධ වර්ග හා ගණ යටතේ ද ක්‍රියාවට අනුව ද අබ වල වර්ගී කරණය දක්වා ඇත.
වරකයේ සූත්‍ර ස්ථාන 2 අධ්‍යායේ ශිරෝ විරේචනෝප ගණය යටතේ ද ආසථා -පනොප ගණය යටතේ ද අබ දක්වා ඇත.
සුශ්‍රැත සංහිතාවේ පිප්පල්‍යාදී ගණය ශිරෝ විරේචනය ගණය යටතේ ද දක්වා ඇත.
වරයෝග සාරයේ කටුක වර්ග, තෛල වර්ග යටතේ ද, චක්‍ර දත්තයේ චිකිත්සා ස්ථානයේ ද,
නවීන වර්ගී කරණය යටතේ විදාහි ද්‍රව්‍ය වර්ග යටතේ ද, පාචන සංස්ථාවේ ක්‍රියා කරන ලාලා ප්‍රසේක කාරක ද්‍රව්‍ය වර්ග යටතේ ද, සර්ෂප – අබ වර්ග කර ඇත.
එමෙන්ම රස තන්ත්‍රයේ මාරණ නම් ද්‍රව්‍ය යටතේ සර්ෂප විස්තර කොට දක්වා ඇත.
ව්‍යවහාරික අංග
අබ ඇට, අබතෙල්, අබකොළ, ඖෂධ හා ආහාර පිණිස යොදා ගනී. අබමුල බේතට ගැනේ.
පැළෑටියේ ගුණ විස්තරය
රතු අබ තිත්තයි, කුළු රසයි, අතිශයින් උෂ්ණයි. මහෙළ අබ වලට සමාන ගුණ පවතී. කළු අබ අතිශයින් තීක්ෂණ නිසා සෙම පිත්, නසයි. රත් පිත් උපදවයි. ගින්න වඩයි.
රාජිකා කුළු රසයි. අතිශයින් උෂ්ණයි. කෘමීන් සහ සෙම පහ කරයි. පිත් වඩන හෙයින් ආහාර රුචිය ද ඇති කරයි.
සුදු අබ (හෙළ අඛ) මඳක් ඌෂ්ණයි. වා සෙම් පහ කරයි. කැසීම් ක්‍රිමි. ආම, කුෂ්ට, කර්ණ, ශීර්ෂ, ගත රෝග සහ වාතරෝග සුව කරයි. අබ අතර සුදු අබ ම උතුම් යයි මතයකි. සුදු අබ වලට වඩා කළු අබ තීක්ෂණ ගුණයෙන් යුක්තයි. මේ නිසා බාහිර ප්‍රලේප ආදියෙහි කළු අබ ද අභ්‍යන්තර වමන ආදී කාර්යයන් සඳහා සුදු අබද ගැනීම සුදුසු ය.
පොදුවේ අඛ තීක්ෂණ, රූක්ෂ ගුණ නිසා උෂ්ණ වියයි. එහෙත් බීජ ස්නිග්ධ ගුණයක් පෙන්වයි. උෂ්ණ වීර්යය නිසා සෙමත් පිතත් නසයි.
අබ උෂ්ණ නිසා රක්ත සංවහන ව්‍යුභාවේ දී හෘදය උත්තේජනය කරයි. සිද්ධාර්ථ තෛලය හෘද වේදනාවේ දී පසුවේ ගැල්වීමෙන් ගුණ ලැබෙ. මේ නිසාය. යකෘතය හා ලිභාවේ අබ තෙල් ගැල්වීමෙන් සහ අබ පැලැස්තරය සැළැස්වීමෙන් හුස්ම ගැනීමේ පහසුව ඇති කරයි. අග්නි මාද්‍ය සහ ක්‍රිමි රෝග යෙදීමෙන් කැක්කුම් සුව වේ. ශ්වසන ව්‍යුහාවෙහි වාෂ්පය ආශ්වාස කිරීමට යෙහි බීප් චූර්ණය යොදයි. එසේම කිසියම් විෂක් ආමාශය ගත වූ විට අබ වර්ණය කලං 1 (ග්‍රැම 5) සහිඳ ලුණු සමග උණු දියෙන් කලතා පෙවුමෙන් වචනය වී විය බැහැරව නිමේ.
අබ තෙල් ගින්න දල්වයි. කුළු රසය, කටු විපාකය, ලඝුය. කෘශත්වය ඇති රක්තය හා පිත්තය කුපිතකෙරේ. උෂ්ණ ස්පර්ශයෙන් යුක්තය. තියුණුය. කෙරේ. කළු මේදස්. වායු. ශිරෝ රෝග කර්ණ රෝග, කැසිලි, කුෂ්ඨ, ශ්‍රීම්, ශ්චිත්‍ර.කෝඨ, දුෂ්ට වණ යන මේවා වනසයි.
අබ තෙල් මුත්‍ර කෘච්ඡය ඇති කරයි.
ඉන්දියාවේ අබ තෙල් ආහාරය සඳහා බහුලව යෙදේ.
වකුගඩු ආබාධ ඇති රෝගීනට අබ හෝ අබ තෙල් මිශ්‍ර ආහාර පාන ඖෂධ අහිත කරය. අබ තම්බා ගත් ජලයේ ගිල්වා තැබීම (අවගාහණය) හෝ ස්නානය පැරණි දේශීය වෙදකමේ කටී වාත සහ ගුධුයි රෝගීන් සඳහා යෙදුණු ප්‍රතිහාර ක්‍රමයකි. අබ තම්බා ගත් කෂායෙන් කට සේදීම දත් කැක්කුමට ගුණ දායකයි.
රක්ත මෝක්ෂණ ප්‍රතිකාරයේ දී ඇට චුර්ණය පූඩාවුන් ශොධනය සඳහා උන් මත තැවරීමටත් අබ දියරේ බහා ගැනීමටත් නිර්දේශිත මුත්, ප්‍රායෝගිකව එය පූඩාවුනට හානිකර සේ පෙනේ.
ද ඇත. අබ ඇට අඹරා සාදාගනු ගනු ලබන කල්කය යොදා තනන තෙල් වර්ග ද සිද්ධාර්ථ තෛලය අබ කල්කය යොදා තනාගනු ලබන තෙලකි. අබ තෙල් යොදා තනා ගන්නා සර්ෂපාදි තෛලය ක්ෂණික වේදනා සහනයට ප්‍රශස්තතෙලකි. වාත රෝගයට සුප්‍රසිද්ධ මහා සිද්ධාර්ථ තෛලය ක්ෂණික වේදනා සහනයට ප්‍රශස්ත තෙලකි.
සර්ෂප චූර්ණය, සර්ෂප ලේපය, සර්ෂප ප්‍රලේපය, සර්ෂප ධූපය, සර්ෂප කපූර තෛලය, අබ ඇතුළත් විවිධ සංස්කරණයන්ය. සිද්ධාර්ථ තෛලය යනු අබවල සම්බන්ධයෙන් තොර ය. රාහුල විද්‍යාලය යන්න මෙන් උතුමෙකුගේ නම යෙදීමකි.
අප රටේ ගෘහිණියන් ඇඹරූ අබ අච්චාරු වර්ග සෑදීමේ දී භාවිත කරති. වංකොස් මැල්ලුමට යොදති.
ලද පස් මල් අතුරෙහි එළ අබ ශුභ සම්මත වස්තුවක් ලෙස යොදා ගනිති.
අබ කොළ
කුළු රසයි. මල වඩයි, මුත්‍රය වැඩි කෙරේ. බරයි. අම්ල විපාකයි – විදහීයි උෂ්ණ වීර්යයයි. රළුයි. තුන්දොස් නසයි. මඳ විසින් ක්ෂාර ගුණයෙන් යුක්තයි. ලුණු රස හා මිහිරි රස ඇත. තීක්ෂණයි.
සියළුම ශාක වර්ග අතුරෙහි අබ පලාව නින්දිත යයි කියා ඇත.
ප්‍රාරක්ෂණ විධි
හොඳාකාර මේරු ඇට වියලා රුද්ධ භාජන වල අසුරා තැබිය යුතුය.
අබ අධික මාත්‍රාවෙන් ගැනීමෙන් පිපාසය, දහය. වැනි ලක්ෂණ ඇති වෙයි. පිත කෝප වෙයි.
විශේෂතා
එළ අබ වලට වඩා කළු අබ තියුණු ගුණයෙන් යුක්තයි. එළ අබ වමන කාර්යයේ ප්‍රශස්තයි.
විශේෂ නියමයක් නැති කල්හි ප්‍රලේප ආදියෙහි කෘෂ්ණ සර්ෂපද අභ්‍යන්තර ප්‍රයෝගයට ගෞර සර්ෂපද භාවිත වේ.
යෝග සංග්‍රහ
සර්ෂපාදි තෛලය මහා සිද්ධාර්ථ තෛලය
සර්ෂප වුර්ණය
සර්ෂපාදි ධූපය
මිශ්‍රණ – කුරහන් කලවම් කර තිබේ දැයි බලන්න.
ගුණ
කටුක ස්නෙහස් තන්තු හස්ම – ගොර ස්තු සර්ෂපඃ ප්‍රාප්තෛඃ සර්ෂ පාස්තු රසෙ පාකෙ තදුඃ සනිගධඃ ස්තික්තඃ තික්නො ණෛඃ කළු වාතස්නො සිද්ධාර්ථ ඉති තථ්‍යතෙ රක්ත පිත්තාශි වර්ධනඃ
රා ෂැංහාරො ජයෙන් කණ්ඩු කුෂ්ඨ කෝෂ්ඨ ක්‍රිමි ග්‍රහාමි යථා රක්ත ස්තථා ගෞරඃ කිත්තු ගෞරෝ වරො වතඃ
(භාඃ ප්‍ර)
විදාහි බද්ධ වි නමුත්‍රං රුක්ෂා තික්ෙෂ්ණ මෙවච තිදොෂං සාර්ෂපම් ශාකම් (සුශ්‍රැත සූත්‍ර 64) සර්ෂප ශාඛම් ශාකානාම් අභිතතාම්
(ව: සු: 27)
කටුෂ්ණ තෛලං රක්ත පිත්ත ප්‍රදුෂනම් කළු ශුක්‍රානිල හරං කණ්ඩු කුෂ්ඨ විනාශ නම් (චරක සූත්‍ර) කටුපාකම් චක්ෂුය්‍යං ස්නිග්ධෂ්ණ බහු පිත්තලම් කෘමින්නං සර්ෂපං තෛලං කණ්ඩු කුෂ්ඨිපහම් ලඝු
(.. 45)
ආශ්‍රිත ග්‍රන්ථ
ආයුර්වේද ඖෂධ සංග්‍රහය 1970 – ආයුර්වේද දෙපාර්තමේන්තුව සිංහල ශබ්ද කෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ද්‍රව්‍ය ගුණ විඥාණ, පණ්ඩිතවිලියම් අල්විස් – ආයුර්වේද දෙපාර්තමේන්තුව.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



