කටරොඩු/ කටරොළු
මෙය ශාක වර්ගී කරණයේ ලතා ගනයට අයත්ය. ශාකයක් ආශ්‍රිතවම මෙය වැඩේ. ආශ්‍රිත ශාකය පුරා පැතිරී යන අතර, මෙම ලතාව කඳ සිහින් නාලාකාර බුව සහිතය. ලා කොළ පාටින් යුක්තය. අතු පිහිටා ඇත්තේ එකිනෙක අඟල් 4 සිට 5 දක්වා දුරිනි. අතු මුලින් කුඩා ගැටිත්තක් ඇත. අතු කිනිති එකිනෙක සමාන්තරව පිහිටයි. පත්‍ර පිහිටා ඇත්තේ සම්මුඛවය. ලා කොළ පාටින් යුක්තය. පත්‍ර අඩාකාර හැඩයක් ගනී.

