අවර
උෂ්ණ වීර්යය, විෂ දෝෂ නැති කරයි. එසේම සෙම්දොස්, ඉදිමුම් නැති කරයි. ආහාර ද්‍රව්‍යයක් වශයෙන් මිස ඖෂධයක් වශයෙන් භාවිතයක් නැත. මල බද්ධය නැති කරයි. අවර කොළ, සුවය නොලබන ගැඹුරු කුෂ්ඨ රෝගීන් සඳහා, හාල් පානු දියෙන් තම්බා, එළිම ගුණදායක යයි. පුරාණ පුස්කොළ පොත්වල සඳහන් ය.

