අන්නාසි
දෝෂාණුරූප කර්ම වශයෙන් මධුර ගුණ ශීත වීර්යය නිසා වාතශාමකය. හෘද්‍ය හා රත්පිත් ශාමක නිසා හෘද රෝගීන්ට අන්නාසි දෝසි ගුණදායක ය. ආහාර රුචිය ඇති කරවයි. ආහාර රුචිය ඇති කරවන අග්නිදීපනය හා අනුලෝමන ගුණ එනම් මල මදක් බුරුල් කොට පිට කිරීම සිදුකොට ලන කර්ම ඇත. අරුචි උදර ශුල, කාමලා, මල විඛන්ධ යන රෝග අවස්ථාවන්හිදී ඉදුණු ගෙඩි කෑමෙන් හෝ එම යුෂ මාත්‍රා යුක්ත ව ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබාගත හැකිය.

