කට්ටකුමංජල් යනු ශාඛ විශේෂයක නිර්යාසයන්ගෙන් ලබා ගන්නා ද්‍රව්‍යයකි. මුලින්ම ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම කට්ටකුමංජල් නිර්යාසයට සමාන ගති ලක්ෂණ ඇති බවට හඳුනාගත්, නිර්යාස ලැබෙන ශාඛද කට්ටකුමංජල් හෙවත් කුන්දුරුක්කන් නාමයෙන් ද හැඳින්වීමට ඇතමුන් පුරුදුව ඇත. එම ශාඛයන්හි උද්භිද නාම පහත දැක්වේ.
BOTANICAL NAME
- Boswellia serrata Roxb. var. glabra Benn.
FAMILY – BURSERACEAE
ENGLISH ΝΑΜΕ – Indian oilbanum
- Myroxylon balsamum (L.) Horms. var pereirae (Royle) Ha
FAMILY – LEGUMINOSAE
ENGLISH ΝΑΜΕ – Cotton Tree, Red silk,
පොදු සිංහල නම –
කට්ටකුමංජල්, සාම්බාණි, කුන්දුරක්කන්
හින්දි නාමය – ගුගල්, ලොබ්හන්
දෙමළ නාමය – කුන්දුරු, කුන්දුරුක්කන්, කුන්ගුලු, කුන්ගිලියම්, සාබ්‍රාණි, පරංගි සාම්බ්‍රාණි
බෙංගාලි නාමය – කුප්රේ, ගුග්ගල්
ගුජරාට් නාමය – ධුප්ගූගලි
මරාටි නාමය – පහදිධුප්
තෙලිඟු නාමය – පරංගි සාබ්‍රාණි
මලයාලි නාමය – සාම්බ්‍රාණි
සංස්කෘත නාමය – ශල්ලකි
පර්යාය නාම – (මැලියමේ)
කොන්කන් ධූපම් – කොන්කණ ප්‍රදේශයේ ධූපය
ගන්ධමූල – සුගන්ධවත් මුල් ඇති
හ්ලාදිනී – ආශ්වාදජනක
විශේෂ ධූප – ධූප සඳහා විශේෂයෙන් යොදන
යක්ෂධූප – යක්ෂයින් පලවා හැරීමෙහි යොදන දුම්
ගන්ධවීර – කුන්දු, කුන්දුරු, කුන්දුරුකී
ශල්ලකී – සුරනි ශල්ලකී
සුරභිසුව
මෙම ද්‍රව්‍ය බහුලව පාවිච්චි කරනු ලබන්නේ ධූප වගයක් ලෙසය. විහාර, දේවාල, සහ නිවාස වල පිරිසිදු බව ඇති කිරීමට සහ සුගන්ධවත් කිරීමට ප්‍රධාන වශයෙන් යොදයි.
මෙම ශාක වලින් ලබා ගන්නා නිර්යාස පිළිබඳව ඓතිහාසික විවරණයක් කිරීමේදී ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ වසර 3000 කට පෙර පවා මෙය ධූප වර්ගයක් මෙන් පාවිච්චි කොට ඇති බවයි. වේද ග්‍රන්ථවල ධූප වර්ග සඳහන් කර ඇතත් මේ ද්‍රව්‍යය පිළිබඳව විශේෂ සඳහනක් නොමැත. මෙය පළමුවෙන්ම සඳහන් වන්නේ සංහිතා ග්රන්ථ වලය. එනම් වරක හා සුශ්රැතසංහිතා වලය.
නිඝණ්ඩු ග්රන්ථ වලින් ධන්වන්තරී නිඝණ්ඩු ග්‍රන්ථයේ (ක්‍රි. ව. 1100) පළමු වෙන් සඳහන් වෙයි. ඉන් පසුව ” භාව ප්‍රකාශ ” නිඝණ්ඩුවේ සහ වෙනත් වෛද්‍ය ග්රන්ථ වලත් විස්තර සඳහන් වෙයි. පුරාණ කාලයේ මිසර, ග්‍රීක, භීබෲ හා ඉන්දි යානුවන් විසින් ආගමික පූජා උත්සව හා සාමාන්‍ය අවස්ථා වලදී සුවඳ දුම් දීම සඳහා කට්ටකුමංජල් යොදා ගන්නා ලද බව පොත පතින් පෙනී යයි. මෙයට වඩා හොඳ හෝ ඒ සමානව සුවඳ දුම් ඇතත් බහුලව පාවිච්චි කොට ඇත්තේ මෙම වර්ගයයි. දැනුදු ලෝකයේ විවිධ රටවල ආගමික උත්සව, ග්‍රහ පූජා, බලි තොවිල්, හා සාමාන්‍ය අවස්ථා වලදී ද බහුලව පාවිච්චි කරනු ලබන්නේ කට්ටකුමංජල් නමින් හා සාම්බ්රොණි යන නමින් හඳුන් වන සුවඳ දුම් වර්ගයයි.
උත්පත්ති ස්ථාන
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල එනම් මධ්‍ය ප්‍රදේශ, රාජස්තාන් හා නේපාලයේ උස් ප්‍රදේශ වලත් හිමාලය කඳු මුදුන් වලත් වැවෙන ශාක වලින් මෙම මැලියම් වර්ගය ලබා ගනියි.
මෙම ද්‍රව්‍යය ලබා ගන්නා එක් ගසක නිජ භූමිය දකුණු ඇමෙරිකාව ලෙස දක්වති. එම ගස Myroxylon balsamum යනුවෙන් හඳුන්වන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් Cotton Tree යනුවෙන් නම් කරයි.
වර්ගී කරණය
වරක
කෂාය ස්කන්ධ, පුරිෂ විරංජනීය හා ශිරෝ විරේචන ද්‍රව්‍ය ගණ වලත්
සුශ්‍රැත කෂාය ස්කන්ධ රෝධාදි සහ ඒලාදී ගණ වලත්
නිගණ්ඩු රත්නාකරයේ
@කපුරාදි වර්ගයේත් වවාදී ගණයේත් ඇතුළත් කොට ඇත.
කට්ටකුමංජල් ලබා ගන්නා වෙනත් විස්තර හා ප්‍රයෝජන සලකා බැලීමේ දී මෙම පැලෑටිය ද වෙනත් ද්‍රව්‍ය මෙන් රස ගුණ, විපාක, වීර්යය හා ප්‍රභාව දක්වා ඇත.
රස
කෂාය. තිත්ත හා මධුර ද
ලඝු, රූක්ෂ
වීර්යය
ශීත
විපාක
කටුක
පැළෑටියෙන් ලබා ගන්නා නිර්යාශය ප්‍රධාන වශයෙන් ධූප සඳහා යොදන අතර, පුරාණ තුවාල. අස්ථි භග්න. වුණ ශෝථ, ආමවාත, නාඩි ව්‍යුහාගත රෝග. මුත්‍ර ව්යුභාගත රෝග, චර්ම රෝග, ගලගණ්ඩ, ගණ්ඩමාලා, යන රෝග වල දී විවිධ සුගන්ධවත් ද්‍රව්‍ය හා තෛල වර්ග සමඟ අඹරා ආලේප සඳහා යොදයි. සිපිලිස්, ගොනෝරියා වැනි රෝග වල දී ගිතෙල් සමඟ අඹරා ගෑම ගුණදායකයි. පොල්තෙල් සමඟ මිශ්‍ර කර ගෑමෙන් තුවාල වියලී යන අතර, හිස කෙස් වැඩීම ද සිදුවේ.
අභ්‍යන්තර වශයෙන් මෙම නිර්යාශය යෙදීම දුලබ වුවත් වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර පුරාණ කාස හා ශ්වාස රෝග වලදී යොදන බව පොත්වල සඳහන් වේ. තවද අතිසේථාල්යය (අධික ස්ථුල බව) නැසීමට හෙවත් අඩු කිරීම ද කරණ බව සඳහන් වේ.
මාත්‍රාව
අභ්‍යන්තර වශයෙන් යොදන්නේ නම් මාත්‍රාව ග්‍රෙන්ස් 5 – 40 දක්වා වේ.
විශේෂතා
දැනට වෙළඳ පොලේ කට්ටකුමංජල් නමින් ඇති ද්‍රව්‍යය අරාබි සහ අප්‍රිකා රටවල වැවෙන BOSWELLIA Floribunda නමැති ගසේ නිර්යාසය බව ආචාර්ය ප්රියව්රත ශර්මාගේ මතයයි.
ගුණ
- කුන්දුරුඃ කටු කස්තික්තා වාත ශ්ලෙස්මා මයා පභා පානෙ ලෙපෙව ශිශිරඃ ප්රදරාමය ශාන්ති කෘත්
(ධන්වන්තරී නිඝණ්ටු)
2.කුන්දුරු මධුර ස්තික්තස් තීක්ෂණඃව: කටුහරෙත් ජ්වර ස්වේද ග්රහලක්ෂමී මුඛ රෝග කථානිලාන්
(භාව ප්‍රකාශ)
ආශ්රිත ග්රන්ථ
- වරක සංහිතා
- සුශ්‍රැත සංහිතා
- ධන්වන්තරී නිඝණ්ඩු
- රාජ නිඝණ්ඩු
- භාව ප්‍රකාශ
- ද්‍රව්‍ය ගුණ විඥාණ ii ප්රියවත ශර්මා
- සිංහල විශ්ව කෝෂය
- Indian Materia Medica (Nadkarni)
- Medicinal Plants used in Ceylon (Jayaweera).
වෛද්‍ය ඩී. එම්. ආර්. බී. දිසානායක.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දේශීය වෛද්‍ය විද්‍යායතනය බණ්ඩාරනායකපුර,
රාජගිරිය.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
©️ ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



