ඇහැටු

BOTANICAL NAME – Ficus trimenii King

FAMILY – MORACEAE

පොදු සිංහල නම – ඇහැටු

දෙමළ නාමය – ඉව්. අරසා, අස්වතම්, අරාවු

හිංදි නාමය – ජාරී. පිපල, පිපල්, වෘක්ෂ,

බෙංගාල නාමය – අශ්වත්ථ, අශ්වත්, ආශුද්

සංස්කෘත නාමය – අශ්වත්ථ. (හෙට – ළහැදි – නොමැරි බොහෝ කල් සිටින. ජීවත්වන ගස)

පර්යාය

බෝධිද්‍රැම – බෝගස

පිප්පල – සිත් පිනවන අයුරින් සෙලැවෙන කොල ඇති ගස

බෝධි වෘක්ෂ- බෝරුක

ගජාගන – ඇතුන්ගේ ආහාරයක්

ඇහැටු, අශ්වත්ථ, යන නම් වලින් හඳුන්වන ඇහැටු බහුල භාවිතයේ ඇත්තේ බෝ නමිනි. බුදු වීමට ආධාර වූ ගස යන නමින් ඇසතු – බෝ නම් වීමෙන් පසුව සංස්කෘතික රටාවක් මත බෝගස නමින් ම ප්‍රසිද්ධ විය. නිතර සෙලවෙන පත්‍ර නිසා චලපත්‍ර නමින් ද හැඳින් වේ.

පදාර්ථ

රස – කෂාය
ගුණ – ගුරු, රුක්ෂ
වීර්යය – සිත
විපාක – කටුක

බාහිරෙන් පෙනෙන බලවේගයන්ට වඩා ශාරීරික ව බාහිරෙන් යෙදූ විට පොදුවේ වුණ රෝපණ ගුණය හා වේදනාස්ථාපනය මෙන්ම ශෝථහර බවක්ද දක්වන අතර රක්ත රෝධක ගුණයෙන් ද පරිපූර්ණ ය. තුවාල සේදීම පිණිස ඇහැටු පොතු පැම්බූ කෂාය විශේෂයෙන් ගුණදායකය. හදිසි තැලීම් හා ඇට බිඳුණු අවස්ථාවල දී ඇහැටු පොතු, කොළ යුෂ හෝ මැල්ලුම් වශයෙන් යොදාගනු ලැබේ. කැඩුම් බිඳුම් වෙදකමේ දී දේශීය චිකිත්ස, ග්‍රන්ථවල සඳහන් වන ප්‍රධාන ද්‍රව්‍යයකි. ආභ්‍යන්තරික ව කඵස්න ස්වාසහර ද්‍රව්‍යයක් ලෙස ද ගර්හස්ථාපනය සඳහා ද පොතු, මුල්, ගෙඩි ගනු ලැබේ. මූත්‍ර ව්‍යුවහයෙහි මූත්‍ර පිට කිරීම අඩු කරයි. මන්ද යත් එහි ඇති ධාරක ගුණය නිසාය. මේ නිසාම වමන, අතීසාර රක්ත විකාර යන අවස්ථා වලදී කෂාය හෝ චූර්ණ දිය හැකි ය. ගින්නෙන් පිලිස්සීමෙන් ඇති වූ තුවාල (අග්නිදග්ධ වුණ ) බෝ පොතු, පිටි ඉසීම හා වුණ ශ්‍රොත වලදී එම පිටි නුගපිටි, හා සමව ගිතෙලින් ගෑම ද බෝ කොළ වලින් වුණ වැසීම ද ලාභදායකය. වාජීකරණය සඳහා ඇසතු මුල්, පොතු, කරටි, ගෙඩි යන මෙයින් නුග කිරි කෂාය බීම ද දරුවන් ලැබීම සඳහා ඇහැටු ගඟේ හටගත් පිලිල ගලවා ඉන් සෑදු කිරි කෂාය බොන්ට දීම ද ප්‍රමේහයට බෝ ඇට, මුව අං, මෝරු සමඟ දීම ද බෝ පොතු කෂාය දීම ද සුශ්‍රැතය සඳහන් කොට ඇත. නොනවතින වමනයට බෝ පොතු දවාගත් අලු ඇල්දියෙන් දියකර බොන්නට දීමෙන් වමනය නවතී. පොළො විසේ දී ඇතිවන ලේ වමන, ලේ වැගිරීම් ආදියට බෝ පොතු යුෂ හෝ බෝ පොතු කැඳ ඉතා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයි.

අශ්වත්ථා බුද්ධ සම්බන්ධාද් – බෝධි දැරිති සන්දිකඃ,
තද්වල්ක ස්වරසෝ දාගේ – ප්‍රශස්තෝ මණ්ඩලී විශේ: _සා. සං.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si=ZlDNFDhxF4ZlRoT0

Scroll to Top