ඇටෝර

ඇටෝර

BOTANICAL NAME – Panicum repens L.

FAMILY – GRAMINEAE

පොදු සිංහල නාමය – ඇටෝර

දෙමළ නාමය – තිනයිපිල්ලු. ඉන්පිපිල්ලු

මේ වනාහි ශ්‍රී ලංකාවේ විශේෂයෙන් තෙතමනය ඇති කඳුකර හා මැදරට සුලභව දක්නට ලැබෙන, ගොවියාට අතිශය කරදරකාරී, වල් පැලෑටියකි. මෙහි භූගත (සුදු පැහැති) කඳ ඉතා වේගයෙන් වැඩෙමින් පැතිරේ. උදුරා ඉවත් කිරීම ඉතාමත් අපහසු යි.

ගවයින්ගේ ආහාර ලෙස ඇටෝරාවේ අමු. වියළි (තනි) කොළ හා ළපටි කඳන් යොදා ගනු ලැබේ. ඒවා බෙහෙවින් පෝෂණ ගුණවත්ය. එහෙත් ඇටෝරා බීජවලත් මුල්වලත් සයනෝජනනීය, (සයිඩ් ඩ්‍රජන් සයිනයිඩ් නිපදවීමේ ) ශක්තිය ඇති නිසා විෂ සහගත යයි වාර්තා වෙයි.

ඇටොරා ඖෂධ වශයෙන් යොදා ගන්නා අවස්ථා සුලභ නොවේ. එහෙත් ජාවා රටේ අස්වාභාවික මාස් ශුද්ධිය සිදුවන අවස්ථා වල දී පැන නැඟෙන කෘච්ඡුතාව පහකර හැරීම සඳහා යොදා ගන්නා බව වාර්තා වේ.

අනුස්මරණය සඳහා –

කාස්‍යෝත් කරන් තෘණ කරන් – ප්‍රියාහාරෝ ගවාදිෂු

සවිෂාණ්‍යස්‍ය බීජානි – මුලානි ක්ෂමාගතාන්‍යපි:

යුක්ත්‍යා තානි ප්‍රයුක්තානි -කෘච්ඡුාත වහරාණි හි. සා. සං.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top