BOTANICAL NAME – Saraca asoka (Roxb.) De Wilde.
FAMILY – LEGUMUINOSAE
පොදු සිංහල නම -අශෝක රතඹලා
ඉංග්‍රීසි නාමය – Asoka tree
දෙමළ නාම – අසෝගම්, අසෝක.
සංස්කෘත නාමය – අසෝක
පර්යාය නාම
හේම පුෂ්ප
චිත්‍ර
ශොකනාශ
වංජුලද්‍රම
කාංකේලී
ගතශෝක
සුභග
තාම්රපල්ලව
වංජුල
විචිත්‍ර
විශොක
මධුපුෂ්ප
කලික
අපශොක
රක්තපල්ලව
කර්ණපුර
කුලය – ශිම්බි කුලය
මෙය ස්ත්‍රීන්ගේ ගර්භාශයගත රෝග සඳහා විශේෂයෙන් යොදනු ලබන ඖෂධයකි. විශේෂයෙන් පොතු භාවිත වන අතර සාමාන්‍යයෙන් ගසෙහි අනිත් කොටස් ද ඖෂධ පිණිස යොදා ගනු ලැබේ.
අශෝක අයත් වන්නේ ශිම්බි කුලයට ය.
” ශොක නාශනඃ ඉති ” (ස්ත්‍රී පක්ෂයට නොයෙක් රෝග වලින් වන දුක් නසන හෙයින් අශෝක නමි.
ගුණ
රස – කෂාය, තික්ත,
ගුණ – ලඝු, රූක්ෂ,
විර්ය – ශීත
විපාක – කටු
ව්‍යාවහාය අංග පොතු, ඇට, මල්
මාත්‍රාව වුර්ණ ග්‍රෑම 5 – 10
විශේෂතා
මෙය විශේෂෂයෙන් ස්ත්‍රීන්ගේ ගර්භාශය ගත රෝග සඳහා යොදා ගනු ලැබේ.
කර්ම
වේදනා ස්ථාපන. ස්තම්භන, ක්‍රිමයන, ශාමක, රක්ත ස්තම්භක රක්ත ශොධක, ශෝථහර දාහ ප්‍රශමන.
දෝෂානුරූප කර්ම – කළු පිත්ත නාශකය
ව්‍යුහගත කර්ම – වෙදනාස්ථාපන විෂස්න ද වේ.
අභ්‍යන්තර කර්ම – නාඩි ව්‍යුහයෙහි වේදනා ස්ථාපනයි.
අන්න පවන ව්‍යුහයෙහි – ස්තම්භන ද කෘස්න ද තෘෂ්ණා ශාමක ද වෙයි.
රක්ත සංවහන ව්‍යුභයෙහි – රක්ත ස්තම්භන දරක්ත ශෝධන ද ශෝථහර ද වෙයි.
ප්‍රජනන ව්‍යුහයෙහි – ගර්භාශයේ ලිහිල් බව ඇති කරයි. වේදනා සහ ස්‍රාව ශාන්ත කෙරේ.
මුත්‍ර ව්‍යුහයෙහි – බීජය මුත්‍රල අශ්මරීනාශක ද වේ.
ප්‍රයෝග – ආමයික ප්‍රයෝග
(කව් පිත්තජ රෝගයන්හි යොදා ගනු ලැබේ. මෙහි පොත්ත බාහිර වශයෙන් වේදනා වලදී මෙන්ම විෂ අවස්ථාවන්හි දී ද ආලේපනය සඳහා යොදා ගනී.) එමෙන් ම අතිසාර, ප්‍රවාහිකා, කෘමි, තෘෂ්ණා යන රෝග වලට ද යොදා ගනී. ස්ත්‍රීන්ගේ ප්‍රජනන ඉන්ද්‍රිය ගත රෝග වල දී එනම් රක්ත ප්‍රදර ස්වේත ප්‍රදර, කෘච්ඡු රජස්ක සහ ගර්භාශය ශෛථීල්‍යය යන මේවායෙහි යෙදීම ප්‍රයෝජනවත් ය.
ප්‍රදර අවස්ථාවන්හි දී අශෝක කිරි කෂාය වශයෙන් දීම කෂාය වශයෙන් යෙදීම ගුණ දායක වේ. මැනවි හුදු අශෝක පොතු කෂාය රක්තරෝමකය. එහෙයින් කර්ෂයක් කිරි කෂාය වශයෙන් යෙදීම ගුණදායක වේ.
මූත්‍ර ව්‍යුහයෙහි
රෝග වල දී එනම්, මුත්‍ර කෘච්ඡ, අශ්මරී අවස්ථාවන්හි බීජ වුර්ණය මාශක 1- 3 දක්වා ප්‍රයෝග කෙරේ. බීජ අඹරා පානය කළ යුතු යි.
වක්තව්‍යය
ඉන්දියාවේ අශෝක නම් දරන, අනෝදා (Anonaceae) කුලයට අයත් Polyalthia longfolia Benth & Hook) නම් තවත් උද්භිදයක් ඇත. එය අශෝක. අශෝක (කාෂ්ඨ), දේවදාර (හිං) අසෝකම් (තෙලඟු) අශෝ ගම් (ද්‍රවිධ) අසෝපාලව (ගුජරාටි) යන නම් වලින් ප්‍රසිද්ධය. මෙය ගුණ කර්ම අතින් අශෝක වලට සමාන නැත. එහෙයින් ප්‍රතිනිධි කොට නො ගැනේ. එහෙත් වෙළඳ පොලේ එම පොතු මිශ්‍ර කොට විකුණති. ජීවර නාශක ගුණ යුක්තය. ඔසු පිණිස ඇට සහ පොතු භාවිතයි.
නුවරඑලි අශෝක -කුරවක
ලංකාවේ නුවර එළි දිස්ත්‍රික්කයේ අඩි 6,000 – 8000 ක් පමණ උස් වූ පර්වතාශ්‍රීතව වැවේ. හිමාලයෙහි ඉතා සුලභය. ලංකාවේ පර්වත ප්‍රදේශයෙන් ගෙන ගොස් එංගලන්තයේ වගා කළ බව ලංඩනයේ කිව් උද්‍යාන වාර්තාවල සඳහන් ය.
(දධරෙන්ජරි. කීව උද්‍යාන වාර්තා 10 පිටුව) (ව) බ්‍රිතාන්‍ය පාලන යුගයේ නුවර එළි අශෝක පොතු ගැලවීම නීතියෙන් තහනම් විය. දැනුදු ෂවළඳ පොලේ හොරෙන් ගලවා විකුණන විට පොතු අශෝක පොතු වශයෙන් වෙළඳාම් කෙරේ. එය සංස්කෘත සාහිත්‍ය ග්‍රන්ථයන්හි කුරුවක සම්බන්ධ වාර්තා හා බෙහෙවින් දක්නා ලැබේ. එය අශෝක නොවී කුදු ස්‍රාවකාරි ආමාශයික ආබාධ වලට කරවක පොතු පාතය ගුණදායක යැයි ඇමරිකාවේ පළ වූ Earth Medicine Earth Foods නම් ග්‍රන්ථයෙහි සඳහන් ය. කුරවන කටුකරඬු යැයි ඇතැම් අය කියති.
මෙහි සඳහන් කුරවක අඩි 10-15 ක් උසට වැඩෙන වෘක්ෂයක් බව සංස්කෘත සාහිත්‍යයෙහි පැහැදිලිය. ගිනි සිළු මෙන් බබලන රතුපාට. පැණි පිරුණු මලින් ශෝභාවන් ය.
කාන්තානන ද්‍යානි මුෂාමවිරෝද්ගතාන
ශෝභා පරා කුරවක ද්‍රැම ඤරීජනා
දුෂට්වා ප්‍රියේ සහෘදයක් භවෙන්නක කිහිදපබාණික රෛර වසරි නිවෙතැ
(සෘතු සභාර වසන්න)
” වනිතාවන්ගේ මුහුණේ ශෝභාව පැහැර ගන්නා වූ අළුත් කුරවක මල් පොකුරු වල ගෝභාව දැක හදවතක් ඇති කවරකුගේ නම් චිත්තය අනාග සැර පහර වලින් පීඩාවට පත් නොවේද? (මහාකවි කාලිදාස) මෙහි කුර්වක කටුකරඬු නො වන බව පැහැදිලි වෙයි. ” කුරවක ද්‍රැම් ” යන ද්‍රැම ” යන නාමයෙන්ම එය ලොකු ගසක් බව පැහැදිලිය. (ආලකමන්දාවේ) වනිතාවන් කේශ කලාපයන් සැරසීම පිණිස කුරවක මල් පොකුරු පැළැඳි බව මහකවි කාලිදාසයෝ උත්තර මෙසයෙහි ලා ප්‍රකාශ කෙරෙති. ආයුර්වේදගත කුරවක ක්ෂුප විශේෂයක් වන අතර සාහිත්‍යගතකුරවක මහගසකැයි ද කමාල දෙවර්ගය මීට නිදර්ශන යයි ද මහාකවි ආකුසිං කියයි.
මධුකෝෂ යනු කුරවක පර්යායෙකි. මල් පැණි වලින් පිරී ඇති බව එයින් පැහැදිලි වන්නේය. වසන්තයේ උපවන ශෝභාව වර්ධනය කරන්නා වූ කුරවක වෘක්ෂයෝ මීමැසි බඹරුන්ගේ ගුන්ජාරාවයෙන් ගීතවත් වෙන්නාහු ය. (රසුවංශ වසන්ත වර්ණනා – මහා කවි කාලිදාස) කුඩා කුරචකවල මේ ලක්‍ෂණය නැත.
කුරවක රක්ත සංග්‍රාහක ගුණයෙන් ආඪ්‍යය. ලේ ස්‍රාව සහිත ගර්භාශයික රෝගාදිය සුවපත් කෙරේ. ‘ එරිකේයි ‘ (පින්ටර් ග්‍රීන්) කුලයේ වැල්කපුරු ආදියේ කොළවල වින්ටර්ග්‍රීන් නමැති වාෂ්පශීලි තියුණු තෛලය අන්තර්ගතය. කුරවක කොළවල ද එම වාෂ්පශීලි තෛලය තිබෙන නිසා ආමවාතාදියෙහි කොළ තම්බා තැවීම ඵලදායක ය.
යෝග සහ විවිධ සංස්කරණ යෙදෙන රෝග අවස්ථා
අශෝක අරිෂ්ටය ස්ත්‍රීන්ගේ ගර්භාෂය ගත රෝගවල දී යොදනු ලබන අශෝක ප්‍රධාන අරිෂ්ටයකි.
අශෝක පානය
මෙය ද ස්ත්‍රි රෝග වල දී යොදා ගන්නා ප්‍රසිද්ධ සාකයකි.
වඤ්ජුල
” වජති ගච්ඡති ශීතලත්වාදී, ගුණ විශෙෂම ඉති ” වජ්ජගතො යන ධාතුවෙන් වජ්ජුලයෙනු සිද්ධයි. ‘ශිතලතා ආදී විශිෂ්ට ගුණ දරන හෙයින් වජ්ජුල නම්’ යනු
කණ්ඩකේලි
“කංඩතෝ යමඃ ස ඉව ඉලති ක්ෂිපති ක්‍රිම් ශොෂ විෂාදීන් ඉති ” කංඩක නම් යමයා මෙන් ක්‍රිමි, විෂ, ශෝෂ ආදිය නසන හෙයින් කංඩ කේලි නම්.
ආශ්‍රිත ග්‍රන්ථ
ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කොටස සහ තෙවන කොටස ඉන්දියන් මැටිරියා මෙඩිකා (නාද කරණ)
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



