අමුක්කරා – අස්ගොඳු
කණ්ටකාරි – කුලය
BOTANICAL NAME – Withania somnifera (L.) Dunal
FAMILY – SOLANACEAE
පොදු සිංහල නාමය – අමුක්කරා
හින්දි නාමය – අශ්ගන්ද් (අසගන්ධ)
වංග නාමය – ආසකන්ද
ගුජරාති නාමය – ආසන්ධ
කර්ණාට නාමය – අංගරවේරු
තෙලඟු නාමය – පයින්නේරු ගඩවු, පිල්ලී ආංඩ්රා.
තාමිලි නාමය – වුවදිගම
ද්‍රවිඩ නාමය – අමුක්කිර. අමුක්කරා
පර්සියා නාමය – බේහමබරිං
ඉංග්‍රීසි නාමය – Winter cherry
ඉන්දියාවේ භාෂා දෙසිය ගණනෙකි. ඒවායින් වැඩි ගණනෙක අශ්වගන්ධා යන්න ම භාවිත වෙයි.
පර්යාය
වනජ, බලද්ර, අශ්වගන්ධිකා, තුරංගි, වාජිගන්ධා, වරාෂ්වයා, වරද්ර, කුෂ්ඨගන්ධා, කුෂ්ඨගන්ධිනී, අමෘතක්ෂිරා යනාදිය අස්ගොදු පිළිබඳ සංස්කෘත පර්යාය යි.
ප්‍රභේද
අස්ගොදු වර්ග පහකි. වනජ, ග්රාමජ, (නාගර) දෙවර්ගය ප්‍රසිද්ධය. වනජ වර්ගය ඉන්දියාවේ උෂ්ණ ප්‍රාන්තවල මෙන්ම සාධාරණ ප්‍රාන්තවල හා (විශේෂයෙන්) වියළි කලාපයට අයත් බටහිර ප්‍රදේශවල ද පංජාබය, සින්ධු ප්‍රාන්තය. ඇෆ්ගනිස්ථානය, බලුකිස්ථානය, මධ්‍යධරණි (භූමධ්ය) සාගරිය (මුහුදු බද) ප්‍රදේශ (දක්ෂිණ යුරෝපය) යන මේවායෙහි හා උක්තමාශා අන්තරීප ආදී රටවල ද, සුළු වශයෙන් අපේ රටේ ද වැවී ඇත. රාජස්ථානයේ මාලාව ප්‍රාන්තයේ අස්ගොඳු වතුද පිහිටුවා ඇති බව වාර්තාගතය.
පරිචය
අමුක්කරා වනාහි ඖෂධීය අගයෙන් යුත් ක්ෂුප ( පැළෑටි ) යෙකි. බෙහෙත් සඳහා සම්පූර්ණ ක්ෂුපය (පංචාංගය ම) ගනී. අල සහ කොළ ගැනීමක් ගැන ද වාර්තා ඇත. ක්ෂාර මෙන් මැ ඇටත් ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ගැන ද දැන ගන්නට ලැබිණ. එහෙත් අපේ වෙදැදුරෝ අල (මුල ) මිස සෙසු කොටස් වෙදකම් සඳහා නො ගනිති. සුලභ නොවන නිසා දැයි නොදනිමු.
සංඥා
අමුක්කරා යනු දෙමළ වහරෙකි. සිද්ධ වෛද්‍ය ක්‍රමය ලුහු බැඳ අපේ වෙළඳ පොළට පැමිණි මේ වචනය ද අප අතර ප්‍රචලිත විය. අස්ගොදු යනු අශ්වාගන්ධා යන්නෙන් බිඳී ආ ශබ්දයෙකි. අශ්වයාගේ මුත්‍රයේ ඇති ගන්ධයට සමාන වන ගන්ධයක් අමු අල වල බෙහෙවින් ද වියලි අලවල මද විසින් ද රැඳී ඇති හෙයින් අශ්වගන්ධා යනු අන්වර්ථ නාමයකි. අශ්ව පර්යාය නාමයන් මුලටත් ගන්ධා යන්න හෝ ස්ත්‍රී ලිංගික ගන්ධ පර්යාය නාමයක් අගටත් යෙදුණු භයගන්ධා. භයමෝදා වැනි නම් ද අස්ගොදු හැඳින්වීමෙහි යෙදේ. භයාහ්වා යන විසින් යෙදුණු තැන් ද ඇත. අශ්වගන්ධා යනු සංස්කෘතයෙහි ප්‍රසිද්ධ සංඥාවයි.
අවුරුදු 03 ක් හෝ 04 ක් ආයු වළඳනා මේ ක්ෂුපය බටු ගසක් මෙන් ඝන වැ පඳුරු ගැසී අඩි තුන හතරේ උසකින් වැඩෙයි. මෙහි අතු පතර නැමී වකුටුව ඇත. කොළ නො කැඩී මොට වු අගින් යුක්ත වැ සරල ධාරා (වාටි) සහිත වැ වටකුරු ව පවතී. අඟල් 2-4 දිගය. අඟල් 1 – 2 පුළුල් සියුම් බුවෙකින් යුක්තය. එක නැට්ටේ මල් පහක් පමණ එකට එක් වී ඇත. ගෙඩි වට කඩල බඳුය. කෝශ
(කොපු) සහිතය. ඇට මල්බටු ඇට මෙන් කුඩාද පැතලි ද වෙයි. මුල අඩි 1- 1 1/2 ක් පමණ දික් ද අඟල් 1–1 1/2 ක් පමණ මහත් ද වනු ඇත.
ප්‍රධාන වශයෙන් කඵහර, වාතහර කර්මය ඇති මේ වර්ගය අපස්මාර, වාත පීඩා ආදියෙහිත්, ග්‍ර න්ථි (ගෝථ (කුද්දති ඉදිමීම) ස්ඵෝට ආදියෙහිත් ආලේපයක් වශයෙන් ද, මෙයින් සිඳගත් තෙල (බබි සම්මාර්ජන විධියට එකඟ වැ) අභ්යයංගයක් වශයෙන් ද යොදනු ලැබේ.
මේ වර්ගය අවසාදන ප්‍රභාවය නාඩිනහර කෙරෙහි මුත් හදවත කෙරෙහි බල නොපානු ඇත. අශෝධිත (සවිෂ) අශ්වගන්ධයෙහි අල්ප මාත්‍රාව පවා අත්තන මෙන් මදකාරක ද කාමෝත්තේජක ද වෙයි. මේ බව,
හයාහ්වා වනජා මුත්‍ර – අවස දව හා නිද්‍රා
බහුලා වාතනාධිෂ – ජනනී ච මදප්රදා:
ස. සං
යනාදී ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.
(වනජ වර්ගයේ) ඇට නිද්‍රාකාරක ද, මුත්‍ර ජනක ද වෙයි. අධික මාත්‍රාව විෂක රකය. ආමවාතයේ දී අමු කොළ තම්බා සන්ධි ශෝථයෙහි තබා බැඳීම හිත කරය. ඒ බව –
නිද්රාමුත්රපදං බීජ – මතිමාත්රා විෂෝපමා.
ආමවාතේ හිතං තස්‍ය – පස: ස්වින්නෛහර් විබන්ධ නම්
යන්නෙන් ද කියැවේ.
ග්රාමජ (නාගර) වර්ගය
උතුරු ඉන්දියාවේ වෙළෙඳ පොලේ විකිණෙනුයේ ‘නාගෞරි අභිගන්ධ ‘ යන නමිනි. මේ වනජ වර්ගයේ කෘෂි ජන්‍ය පරිවර්තනයක් විය නොහැකි යයි සිතන බොහෝ උගත්තු මෙය Withania ashwagndha යන සියක් නමකින් හඳුන්වාලති. මේ වර්ගය වාජීකර, වෘංහණ, රසායන, බලප්රද, යන නම් වලින් ආඪ්‍යය. එහෙයින් ඒ ප්‍රතිඵල එල්ල කොට, අන්තඃ පරිමාර්ජනයට එකඟ වැ මෙය වුර්ණ, ක්වාථ, සෘත, ආදි විසින් යොදනු ලැබේ.
ග්‍රාහ්‍ය අංග හා සංරක්ෂණය
ග්‍රාහ්‍ය අංගය පරිචය ශීර්ෂය යටතේ කියැවී ඇත. අල ටික මේරි ගියාට පසු (මල් කැකුළු පැන නැගෙන විට) අල උදුරා, පවනේ වියළා, රුද්ධ භාජන වල තැන්පත් කැර ගැනීම දැනට සිදු වන පිළිවෙල යි. එනමුත් අමුක්කරා ගැනෙනුයේ රසකිඳ ආදිය මෙන් අමුවෙන් ගත මනා ද්‍රව්‍ය ගණයට ය. කොළ එවේලේ ම, ලබාගත යුතුය. පැසුණු අමු ඇට මෙන්ම වියළි ඇට ද බෙහෙත් පිණිස යොදා ගනු ලැබේ.
ඝටකාංශ
අලවල ප්‍රධාන වශයෙන් වායු පරිණාමශිල තෛල පදාර්ථයක් ද, සුළු වශයෙන් Withaniol (C25 135 05) ας εί Hentriacontane, Faetosterol, තෛල යන මේවා ද එකිනෙකට වෙනස් ක්ෂාරාහ (Alkaloid – ක්ෂාරකත්වා
කර්ම බල හා තිත්ත රස සහිත Sumniferin (CN කොට තුන් වර්ගයක් ද, අමතර වශයෙන් නිද්‍රාජනක, අවසාදන. (කිෂ්ක ශාමක) ” සුළු කොටසක් මෙන් මැ ග, වකර (ජන), පොටෑසියම්. ටැනින්, රෙසින් (දුම්මල ) යන මේවාත් මද විසින් ද පිහිටා ඇත.
සා නි.- සවිමර්ශ හින් දිව්යාඛ්යාම.
ගෝධනය
එළකිරෙන් ස්වේදනය කළ විට අස්ගොඳුවල ඇති විෂ ගතිය ඉවත් වෙයි.
රය – ගුණ – කම
ගැමි අස්ගොදු රස විසින් මධුර ද තික්තතද කෂාය ද වෙයි. කර්ම විසින් කඵවාත ශාමක ද, වේදනා ස්ථාපන ද, නාඩි බලකර ද, අග්නිදීපන ද, අනුලෝමන ද. රක්ත ශෝධක ද, රසායන ද, වාජිකරද, මුත්‍ර ප්‍රජනන ද, ශක්ති වර්ධන ද වෙයි. ඒ බව –
අශ්වගන්ධා ග්රාමභවා – වෘෂ්‍යා බල්‍යා රසායනී.
කෂායා මධුරා චෝෂ්ණා – ගෝථග්නි වෘහණි තථා.
ස. සං.
යනාදියෙන් ද එළි වෙයි.
අශ්වා ගන්ධා ‘ නීල ශේශ්ලෙෂ්මශ්චිත්ර ශො ඵක්ෂයා ‘ පහා,
බල්‍යා රසායනි තික්තා – කෂායෝෂ්ණ ‘ ති ශුකලා;
සංස්කරණ
(1) කේවල යෝග
අස්ගොඳුවේ චූර්ණ, ක්ෂාර, ක්වාථ හා තරලසාර (ටිංවර) යන මේවා ඔසු පිණිස යෙදේ. චූර්ණයක් – ගම්බද වර්ගයේ අලවල පිටි තෝලා 1/2-1 1/2 – 1 මාත්රාවෙකින් ගෙන කකාල ගිතෙලෙහි දමා මඳක් බැඳ, සීනි දැමූ එළකිරි සමඟ බීමෙන් ධාතුක්ෂය, ද්වජ භංග, අකාලර්වධන, (සුඛංඩි) යන මේ රෝගාබාධ පහ කරගත හැකි ය. ඉහළ පෙලේ පෞෂ්ටිකයක් (පෝෂකයක්) වශයෙන් සම්මතය ලබා තිබෙන මේ යෝගය කුඩාවුන් කෙරෙහි ද ඉතා හොඳින් ක්‍රියා කරයි. බාල ශෝෂය (කුඩා වුන්ගේ ඇඟපත වියළි යාමේ ආබාධය) ද මෙයින් නතර වෙයි. ස්ත්රීන්ගේ කටිශුලයට මෙම ශ්වේත ප්‍රදරයට ද මෙය ඉතාමත් යහපත් ය.
කේවල වුර්ණ මාත්‍රාව මාෂක 3 – 6 ප්‍රමාණයෙකි.
(ii) මිලිත යෝග
අශ්වගන්ධාදි චූර්ණය – ආ. ම.ඖ. සං චුර්ණ ඛංඩය
අශ්වගන්ධාරිෂ්ඨය – ආසවාරිෂ්ට සංග්‍රහය
අශ්වගන්ධා පාකය – ආයුර්වේද ඖෂධ සංග්‍රහය I පියවර, II කොටස
අශ්වගන්ධා සෘතු වර්ග – 1, 3 පියවර 2 කොටස
ප්‍රයෝග
වෘහණ, මාසවර්ධන, කර්ම දෙකින් ආර්ය වූ මේ සෘත වර්ග ක්ෂීණ වාතරෝගීන් විෂයෙහි ද යොදනු ලැබේ.
ප්‍රයෝග
වාතරෝග, වාතරක්ත, රක්ත පිත්ත, රක්ත ප්‍රදර, යනාදියෙහි පාන අත්‍යංග දෙවිදියෙන්ම යොදනු ලැබේ.
අශ්වහන්ධා ක්ෂාරය
ගිතෙල්, මීපැණි සමඟ ඇදුමට යොදනු ලැබේ.
අශ්වගන්ධා ධූපය
ආයුර්වේද ඖෂධ සංග්‍රහය 1. පියවර. අමුක්කරා විස්තරය බලන්නේය.
අශ්වගන්ධාතරල සාරය (Tr. Winter Cherry)
මාත්‍රාව
ග්රැම් 1 – 2 (මිලි 4 – 8 ) තෙක්.
සාමාන්‍ය ප්‍රයෝග
වාතරෝග. කළු රෝග, ශෝථ රෝග, වේදනා, නාඩි දුර්වලතා, අග්නිමාන්ද රක්ත රෝග, මල මුත්‍ර බද්ධතා, කෘමි රෝග, කුෂ්ඨ, ශ්විත්‍ර, ද්වජභංග, ගර්භාෂයේ ශෝථ ශුල ශ්වේත ප්‍රදර, හෘදයේ දුර්වලතා, ගලගංඩ, ග්‍රන්ථි ශෝථ (කුද්දති ඉදිමීම) ක්ෂය ශෝෂ යන මේවායෙහි ද විශේෂයෙන් බාල ශෝෂයෙහි ද අස්ගොඳු අල යොදනු ලැබේ.
මෙය ස්නිග්ධ ගුණය හා උෂ්ණ වීර්යය හා දෙක ඇති හෙයින් වාත කෝප යෙහි ද ලඝු ගුණ උෂ්ණ වීර්ය තික්ත කෂාය රස යන මේවා ඇති හෙයින් පිත්තකෝපයෙහි ද යොදනු ලැබේ.
මෙය මධුර රස විපාක හා ස්නිග්ධ ගුණ ප්‍රභාව හා ඇති හෙයින් ප්‍රජනන ව්‍යුහගත වැ රසායන වාජීකරණ කර්ම දෙක සිදු කරයි.
උෂ්ණ වීර්යය හා තික්ත කෂාය රස යන මේවායේ යෝගයෙන් ස්වේද ජනක. මුත්‍ර ජනක, කර්ම සිදු කිරීම විසින් චර්මාබාධ මැඩ හෙළයි.
සෘතු කාලය තුල වැළඳු අශ්වගන්ධා සෘතය ගර්භ සන්ධානය සිදු කරයි.
ඍතු කාලය තුළ අශ්වගන්ධා සෘතය හෝ කෂාය හෝ වඳ අඟනට පොවා සංවාසයේ යෙදුණු විට ගර්භයේ සන්ධානයක් ස්ථිතියක් සැලසේ.
අස්ගොදු පිටි කොටා කිරි හෝ ගිතෙල් හෝ සමඟ සති දෙකක් පමණ යෙදු විට බාල ගෝෂය පහ වන්නේය.
අස්ගොඳු සමඟ කකාළ එළකිරි මෙන් මැ එම කිරේ තෙලද ශෝෂයට ඉතා හොඳය. අස්ගොඳු තිප්පිලි සීනි චුර්ණය ගිතෙල් මී පැණි දෙකින් අනා ලේහ කිරීමෙන් ක්ෂය රෝගය සුව කර ගත හැකි ය.
අස්ගොඳු පිටි ගොමුයෙන් වැළඳීමෙන් කෘමි, උදර, ශෝථ පහ වී යයි. අශ්වගන්ධා සෘතය හදවතේ වාත පීඩාවට හොඳය. අස්ගොඳු පිටි සීනි ගිතෙල් යෝගය අනිද්‍රාව සුව කරයි. ශීත ඍතුවේ දී අස්ගොඳු පිටි පලම බැගින් ගෙන එළකිරි සමඟ බීමෙන් රසායන ගුණය ලද හැකි ය.
ද්‍රව්‍ය ගුණ විඥානය පිළිබඳින් සකු. හිඳු, වගු, හෙළ, ඉංගිරිසි බස් ඇසුරින් ලියැවී තිබෙන හැම පොතක් ම ඉවහල් කොට ගතිමි.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



