අනෝනා (ආත්තා)

BOTANICAL NAME – Annona reticulata L.
FAMILY – ANNONACEAE
ENGLISH NAME – Bullock heart West Indian Custard apple
පොදු සිංහල නම – ආතා, අනෝනා, බෝල අනෝනා
දෙමළ නාමය – රාමසීතා
හින්දි නාමය – ලෝනා, රාම්පල්, ශරීඵා
සංස්කෘත නාමය – ක්‍රිෂ්ණ බීජ

පර්යාය නාම

ක්‍රිෂ්ණ බීජ
රාම්පල
මෘදු පල
ලා වලී
ගංඩගාත්‍ර

ප්‍රභේද

වැලි ආතා (කොළ පාට, රෝස පාට)
කටු ආතා

ප්‍රභේද කීපයකි. ගෙඩි වල ආකරය අනුව හා කොළ වල ආකරය අනුවය. හෙළ වහරෙහි ආත්තා යන නමින් හඳුන්වන ගස අනෝදා නමින් ද හඳුන්වයි. එහෙත් ආත්තා නාමය ගත්විට පළතුරු වශයෙන් මෙන්ම ව්‍යංජන වශයෙන් ද පරිභෝජනය කෙරෙන කටු ආත්තා, වැලි ආත්තා, මැටි ආත්තා යනුවෙන් විවිධ ස්වරූප ගත් අනෝදා වර්ග ගැනේ.

කටු ආත්තා වර්ගය මුත්‍ර ගල් දියකර පහ කරයි. මුත්‍ර ගල් සෑදීම වලක්වයි. එය ඉදුණු විට පළතුරක් ලෙස කෑමට හෝ පලතුරු බීමක් ලෙස පානයට ද ගත හැකිය. ශ්වාස කාස, වැනි සෙම් රෝග වලින් පෙලෙන්නන්ට ඉදුණූ ආත්තා කෑමෙන් උපද්‍රව පහළ විය හැකිය. රෝගීතාව වැඩි දියුණු වීම හෝ සෙම්ගෙඩි ඉදීමීම හා ප්‍රතිශ්‍යාව සැදීම අපේක්ෂා කළ හැකිය.

වැලි ආත්තා නමින් ගැනෙනුයේ අධික පැණි රසින් යුතු ගැටිති එකතුවක් වැනි පන්දුවක් පමණ මහත් ගෙඩි ඇති වර්ගයකි. එය හා මැටි ආතා නමින් හඳුන්වන කටු හෝ ගැටිති රහිත වූ දුඹුරු වර්ණය වූ ගෝලාකාර වර්ගයට ගුණයෙන් සමාන වෘංහනීය ගුණ යුතු මේ දෙවර්ගයම අධික පෝෂ්‍ය ගුණයෙන් යුතු දේශීය පළතුරු ගැනෙන වර්ගයකි. ශරීර දාහය නැති කරයි. යකෘතයට හිතකර හෙයින් සෙංගමාල රෝගය විෂයෙහි පත්‍ය පළතුරක් ලෙස දිය හැකිය.

සිතාඵලා ගන්ඩාඵලා – කෘෂ්ණබීජා හැටිඵලා:
ගෝලානූනා වාලුකාස්තා – ගන්ඩගාත්‍රඵලා “සීතා” :
සීතාඵලන් ත්‍රිධා ඥයන් – හරිතාරුණ කන්ටකම්:
රසේ විපාකේ මධුරන් – ගුරු ස්නිග්ධන් ච ශීතලම්:
වෘංහනම් තෘප්තිදන් බල්‍යන් – රක්ත පිත්ත ප්‍රදාහජිත්:
මුලන් විරේචනන් තේෂා – බීජන් ගර්භාස්‍ය පාතනම්:
පත්‍රාලේප: ස්පෝටහරෝ – යුකාස්නෝ බීජවානෝසෞ:
අක්ෂිෂෝහකරෝ යස්මාත් – සවධානෝ භවේදත:
සනක්ටක ඵලන් ස්ථූලං – මුත්‍රාශ්මරී විභේදනම්:
කඵකෝපකරන් මිෂ්ටන් – බහූලාම්ලරසන් ධ්‍රැවම්:
සා. සං

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි.

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top