BOTANICAL NAME – Bixa orellana L.
FAMILY – BIXACEAE
පොදු සිංහල නම – අනත්ත, රටකහ
ඉංග්‍රීසි නාම – The orange – red dye, Butter plant
දෙමළ නාම – ජපරා, ජපරා මරට්, කුරන්ගු මන්ජල්
හින්දි නාම – සෙන්දුරියා, ලටකන්, සද්රසුහාගන්
බෙංගාලි නාමය – ලට්කන්
මලබාර් නාමය – කේෂර වන්දි
වෙනත් නම් – බොරු රඹුටන්, (අනත්ත- වැඩක ට නැති ගස අනත්ත ද?)
සංස්කෘත නාමය – රක්ත බීජා
පර්යාය නාම – රක්ත බීජා, ශ්‍රෝනි පුෂ්පී, රක්ත පුෂ්පා, සිංදුරී
යන නම් වලින් ද හදුන්වන ඇතැම් නිවෙස් වල ඉදිරිපිට හෝ වැටේ පෙළින් පෙළ ලස්සනට වවන, වැඩි උසක් නැති මෙම ගස, අප රටේ රටකහ නමින් හදුන්වයි. රතුපාට ගෙඩි ඇති වර්ගයක් ද වෙයි. අවුෂද වශයෙන් බහුලව භාවිතයේ නැතත් රංගමාලි නමින් ධ්වනිත වන පරිදි වර්ණකාරක (ඩයි) වර්ගයක් සෑදීමට මෙහි ඇට වල ලොඳය උපයෝගී කර ගනී. ඒ සඳහා මයිසුරයේ වතුවල වගා කෙරේ. දකුණු වගුරටේත් ඇසෑමයේත් සුළු වශයෙන් වගා කරනු පෙනේ. ඇටවල Annatto රංගය සීයට 4′ 8-6 ප්‍රමාණයකින් පිහිටා ඇත. පුරාණ ඉන්දියාවේ නාට්‍ය වලට පෙනී සිටින්නවුන් වර්ණවත් කිරීමට එය යොදාගත් බව භාරතීය වනෞෂධී ( කල්කටා) ග්රන්ථයෙහි සදහන්ය. එසේම මෙම ගෙඩි තුළ ඇති බීජ මේහ රෝගීන් ට හිතකර බැව් ද දක්වා ඇත. මෙම ඇට චූර්ණය ස්නායු උත්තේජකය. එහි විරේචන ගුණයද ඇත. එසේම මෙයින් වර්ණවත් කළ රෙදි මදුරු (මත්සර) දෂ්ඨ නිවාරක ද වේ. පැරණි පාරම්පරික වෛද්‍යවරු අනත්ත මුල් කෂාය හා පත්‍ර ඵාන්ඨය කාමලා රෝගීන්ට යෙදූ බව ඇතැම් පැරණි වට්ටෝරු වලින් හෙළි වේ. භාරතීය වෙදවරු වෙදකමට මෙහි පංචාංගයම උපයෝගී කර ගනිති.
රසායනික සංගඨනය
ඇටවල Bixin (C25H30O4) නැමැති ප්‍රධාන රංජක ද්‍රව්‍යය ද, තෙල් දුම්මල හා පදාර්ථ ද විද්‍යමානය.
ගුණ හා ප්‍රයෝග
ඇටවල මදය ග්රාහීය, එහෙත් අතිමාත්රාව ස්රන්සනයි. ඇට සහ මුල රෝචක ද ජ්වරස්න ද ග්‍රාහි ද වෙයි.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි



