BOTANICAL NAME – Ficus racemosa L.
FAMILY – MORACEAE
ENGLISH NAME – Cluster fig. Country fig
පොදු සිංහල නම – අට්ටික්කා, දිඹුල්
හින්දි නම – ශුලර්, ඩුමූර්
බෙංගාල නාමය – යඥඩුමුර
දෙමළ නාමය – අත්ති, බාරසා
සංස්කෘත නම – උඳුම්බර
පර්යාය නාම
උඳුම්බර
උඩුම්බර
ක්ෂීරවෘක්ෂ
ජන්තුඵල
හේමදුග්ග
සදාඵල
අප්රායඵල
සම්බන්ධ ( මල් නොපිපී ගෙඩි සෑදෙන යඥය, සුප්රතිෂ්ඨක)
පුෂ්පශුන්ය (මල් රහිත)
පවිත්රක
සෞම්‍යය
ශීතඵල
මධුසංඥ
කුලය – වට (නුග) කුලය
අත්ති – දිඹුල්, කා – ගෙඩි = අත්තික්කා අත්රිකා යනු ලංකා සංස්කෘත යි. දිඹුල් යනු උඳුම්බර යන්නෙනි. මෙහි පැහැදිලි අර්ථයක් නැත. එහෙයින් රුඩ් ශබ්ධ යෙකැයි කිව යුතුය.
කිරි ඇති ගස ක්ෂීරවෘක්ෂ යි. රන් වන් කිරි ඇතියේ හේමදුග්ධ නම්, හැමදාම ගෙඩි ඇති බව සදාඵල යන්න කියයි.( සෙසු ගස්වල මෙන් නොවැ) මල් නැතිව ගෙඩි හට ගැනීමේ සැබැඳියාව පුෂ්පඵල සම්බන්ධයයි. යාග පූජාවේ අංගයක් වන ඉන්ධනයට ඇතුළත් වන හෙයින් යාඥාංගය යි. සිසිල් පොත්ත ශීතවල්කල යි. කෘමිවෘක්ෂ – කීටතරු යනු යනු ගෙඩියේ කීටයන් – කෝඳුරුවන් වසන නිසා විය හැකිය. ජන්තුඵල – ක්රිමිශස්ය, මශකීය නම් ද ඒ අනුවයි. වැඩියෙන් කඳේ ගෙඩි ජඝන ඵල යි. මල් නැති (ගෙඩි) නිසා පුෂ්පශුන්ය යි. සිසිල් ගෙඩි ශීතඵලයි. පිවිතුරු ගස පවිත්‍ර නම්. සූප්රතිෂධීක: හොඳින් හැදී වැඩී පවතිනුයේ සූප්රතිෂ්ඨත යි.
ඓතිහාසික විවරණය
සුෂ්රුත සංහිතා, චරක සංහිතා, අෂ්ඨාංග හෘදය සංහිතා, යන ග්රන්ථ වල සඳහන්ව ඇති හෙයින් සංහිතා යුගවල සිට මෙම ද්‍රව්‍ය පිණිස යොදාගෙන ඇති බව සැලකේ.
නිජබිම
ලංකා, ඉන්දියා දෙරටේ ම ගං ඉවුරු දෙණි බිම්, කඳු බිම් ආදී හැම තැනකම හැදී වැඩී වැජබෙනු පෙනේ.
ප්‍රභේද තුනකි.
- උදුම්බර
- නදී උදුම්බර
- කාකෝදුම්බර
විවිධ වර්ගීකරණයන් ට අනුව ද්‍රව්‍ය වර්ග කර දක්වා ඇති ස්ථාන
භාව ප්‍රකාශය – වටාදි වර්ග යටතේ
සුශ්‍රැත සංහිතාවේ – ශාක වර්ග යටතේ
අෂ්ඨාංග හෘදය – න්යග්රෝධාදී ගණය යටතේ
චරක සංහිතාවේ – මුත්‍ර සංග්රහනිය මහා කෂාය ගණය යටතේ ද දක්වා ඇත.
ව්යවහාර්ය අංග – පොතු, ගෙඩි, කිරි, මුල්, කොළ
සදාහරිත මධ්‍යම ප්‍රමාණයේ ගසක් වූ මෙය මීටර් 20ක් පමණ උසට වැවේ. දුර්වර්ණ වූ මෘදු පොත්තකින් යුක්තයි. ශාඛා පත්‍ර සරලයි. මාරුවෙන් මාරුවට පිහිටා ඇත. ලන්සාකාරයි. සෙ. මි. 10 – 17 පමණ දිගය. කොළයේ මතුපිට දිළිසෙන සුළු යි. පුෂ්ප ඒක ලිංගිකයි. වර්ග තුනකි. පුම් පුෂ්ප, ඡායාපුෂ්ප, නිරර්ථ පුෂ්ප වශයෙනි. මේවා කඳේ පිහිටා සේඇත. ගෙඩි රවුම්ය, සෙ. මි. 3ක් දිගයි. මල් නොවැම්බර් මාසයේ හට ගනී.
ශ්‍රී ලංකාවේ පහත රට අඩි 2000ක් දක්වා උස් තෙත් සහිත ප්‍රදේශවල ද, ගංගා අද්දර ද වැවේ. අතු හා ඇට මඟින් බෝ කර ගත හැක.
රස – කෂාය, මධුර
ගුණ – රූක්ෂ
විපාක – කටුක
වීර්ය – ශීත
දෝෂ කර්ම වශයෙන් සෙම් පිත් ශාමක ය. රක්ත දෘෂ්ටිනාශකය. බාහිරෙන් ශෝතහර, වේදනාස්ථාපන, වර්ණය, ව්රුණ රෝපණ හා ව්රුන ශෝධක ද වේ. ශෝත වේදනා සහිත ව්රුණයන්හි අට්ටික්කා කිරි ආලේප කරනු ලැබේ. සමෙහි ඇති වන ලප කැළැල් හා විවර්ණතා සදහා දළු අඹරා ආලේප කෙරේ. කොළ තැම්බූ වතුර තුවාල සේදීම සඳහා යොදනු ලැබේ. අභ්‍යන්තර වශයෙන් කඵ පිත්තජ රෝගයන්හි දෝෂ ප්‍රයෝග උපයෝගී ය. මේ නිසා රක්ත සංවහන ව්‍යුහයේ රත්පිත් ශාමක ද රක්ත ශෝධක ද වේ.
උදුම්බර
ක්ෂීරවෘක්ෂෝ හේමදුග්ධ: සදාඵල
අපුෂ්පඵලසංබද්ධෝ යඥන්ගන් ශීතවල්කලන්
කෘමිවෘක්ෂෝ ජන්තුඵලො මශකී ඡඝනෙඵලන්
පුෂ්පශුන්ය: ශීතඵල: පවිත්‍ර: සුප්රතිෂ්ඨත: සා. සං
උදුම්බරෝ හිමෝ රුක්ෂෝ ගුරු: පිත්තකඵාස්රජිත්
මධුරස්තුවරෝ වර්ණේයා ව්රුනශෝධන රෝපණ: හමිනි.
පොතු හෝ ගෙඩි තැම්බූ ජලය රත්පිතට පානයක් ලෙස යෙදිය හැක. අන්න පවන ව්‍යුහයෙහි අග්නිසාධක හා ස්ථම්භන ගුණය ඇත. මේ නිසා රක්තප්‍රදර ගර්භාෂ ශෝත, ගර්භ ශ්‍රාව නැති කරයි. රක්ත අතීසාර, රක්ත ප්‍රවාහිකා, ප්‍රවාහිකා සහ ග්‍රහනි එමෙන්ම රක්තප්‍රදර, ශ්වෙතප්රදර, බහුමුත්‍රතාව යන අවස්ථාවලදී පොතු කෂාය විශිෂ්ඨ ගුණ ලබා දෙයි. රත්පිත සඳහා ඉදුණු ගෙඩි අඹරා එකෙණෙහි යුෂ මිරිකගෙන එයට මී පැණි දමා පානය කිරීමෙන් ද රක්ත ප්රදරයෙහි ගෙඩි මිරිකා මී පැණි සමඟ පානය කිරීමෙන් ද ගුණ ලැබේ. ශුක්‍ර මෝචනය ඇති තැනැත්තන් හට ශුක්‍ර ස්තම්භන ගුණ බලාපොරොත්තුවෙන් ද කෂාය හෝ ගෙඩි ස්වරස යොදනු ලැබේ. පිතින් ඇති වූ තෘෂ්නා රෝගයේ දී ඉදුණු ගෙඩි යුෂ හෝ කෂාය හෝ ශීත කෂාය පානය ට දිය හැකිය. ප්රදරයෙහි දී එක් චිකිත්සා ක්‍රමයක් වූ උත්තර වස්ති සඳහා පොතු කෂාය හෝ කොළ තම්බා සාදා ගන්නා ඝන සාරය හෝ යෙදිය හැකිය.
ළදරු අතීසරයෙහි ද ළදරුවන් ගේ දත් එමෙහිදි ද එය පහසු කරවීම සඳහා ද අට්ටික්කා කිරි යොදනු ලැබේ. අට්ටික්කා කිරි කදෙන් සහ අතු වලින් ලබාගත යුතුයි. කර්ණමූල ග්‍රන්ථී ශෝථ, අඩප්පර හා ආමාවතික සන්ධි ශෝථ වලදී ද පසුව උදර පෙදෙසෙහි වේදනා සඳහා ද එම කිරි යෙදිය හැකිය.
යෝනි රෝගයෙහි
අට්ටික්කා කිරෙන් සය වරක් භාවනා දී ගත් තල ඇට වියළා කොටා, තෙල් ගෙන අට්ටික්කා පොතු කෂාය සමඟ සිද්ධ කොටගත් තෛලය දැරීමෙන් යෝනි වේදනා බෙලසුල් බව, විවෘත බව, දූෂිත බව නසා දරු ගැබ ද පිහිටුවයි. උදුම්බරා ශලාටු (ලා ගෙඩි) ආදී තෛලය ද එම අර්ථයන් ම සිද්ධ කෙරේ.
ඝර්මය (උෂ්ණය) නිවාරණය පිණිස
පැසුණු අට්ටික්කා ගෙඩි ශර්බත් (සරුවත් = පානය) උතුම් පානයකි. මන: ප්‍රසාද කර සහ දේහ පුෂ්ටිකර වේ. කාස ශ්වාස නසයි.
දාහප්රශමනය පිණිස
කැපූ අට්ටික්කා මුලකින් ලබාගත් වතුර ප්‍රශස්තය. ශමන හා දාහප්රශමන හෙයින් ක්ෂය, මධුමේහ දෙකෙහි ද යෝග්‍ය ය.
අට්ටික්කා වතුර ගන්නා විදිය
අට්ටික්කා ගසක ලොකු හරස් මුලක් පාදා එහි එක් ශාඛාවක් කපා හැලියකට ඇතුළු කර ආරක්ෂා සහිතව තැබූ විට බිංදු බිංදු පතිත වන ජලය රැස් වේ. එය උදේ සවස පිපාසය ඇති වූ විට බොන්නේය. මාත්‍රාව වරකට මේස හැඳි 2කි.
මධුමේහයෙහි
අට්ටික්කා ඇට චූර්ණය මී පැණි සමඟ කෑමෙන් මධුමේහය, බහුමුත්‍රතාව, පිපාසය සංසිදේ. අට්ටික්කා වතුර සූදුරු චූර්ණය හා සූකිරි සමඟ බීමෙන් ප්‍රමේහය සුව වේ.
මුඛ දුර්ගන්ධයෙහි
උදුම්බර සාර භාග එකක් ජලය අට භාගයක් සමඟ මිශ්‍ර කොට කට සේදීම පිණිස ප්‍රශස්තය
විදුරු මස ඉදිමුමෙහි
පොතු කෂාය හෝ උදුම්බර ඝනසාර එක් භාගයක් ජලය අට ගුණයක් සමඟ කට සේදීම පිණිස ප්‍රශස්තය
අවශ්‍යතාවයන් අනුව අමු අවස්ථාවෙන් හෝ වියළා හෝ කොළ, පොතු, මුල්, ගෙඩි, කිරි, මුල් කැපීමෙන් පසු උනන ජලය (අට්ටික්කා වතුර) භාවිතා කළ හැකිය.
මාත්‍රාව
පොතු – රක්තිකා 24( ග්‍රෑම්)
පත්‍ර ඝනසාරය – රක්තිකා 10( ග්‍රෑම් 1.250)
පැණිය මිලි ලීටර් 8 සිට 16 (ඩ්රෑම්ස් 2 සිට 4)
ඇට චූර්ණය – රක්තික 6 සිට 48
යෝග
උදුම්බර ඝනසාරය
උදුම්බර පැණිය
උදුම්බර ක්වාථය
ආමයික ප්‍රයෝග
“අළු කෙසෙල් අල දිඹුල් මාදම් පොතු ද සමඟින් නොවරදා” යනාදී (යෝග දාරණ) කෂාය, රක්තපිත්ත, ප්‍රමේහ, ප්‍රදර, අස්ථිශ්රාව යන රෝගවලට ගුණකාරකය.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙ



