එරමිණියා.
යක් එරමිණියා – Zizyphus napeca (L.) Willd Rhamnus rapeca Linn
RHAMNACEAE
පොදු සිංහල නම – යක් එරමිනියා
පඳුරකි. රෝම සහිතයි
සරල පත්‍රයි. ඕවලාකාරයි. මල් පෙති පහකින් යුත් කුඩා මලකි. මල් හට ගන්නේ ජුලි මාසයේය.
ප්‍රයෝග
පොත්ත, උණට, පාචනයට, ආහාර අරුචියට යෙදේ.
එරමිණියා – Zizyphus oenoplia (L.) Mill
Rhamunus oenoplia Linn
RHAMNACEAE
පොදු සිංහල නම – හිං එරමිනියා
බිම දිගේ වැවෙන පඳුරකි. කඳ ඉතා රළුය. සරල පත්‍රය. මල පෙති පහකි. කුඩාය. මල් පවතින්නේ මාර්තු, අප්‍රේල්.
ප්‍රයෝග
කඳෙහි පොත්ත අළුත් තුවාල සුව කිරීම ඉක්මන් කරයි. ඉන්දියාවෙහි ආමාශයේ වේදනාව සඳහා මෙහි ගෙඩි වලින් කළ පෙති දෙයි. පොතු, කොළ, මල්, මුල් ආදියේ යුෂයෙන් කළ කැඳ, දෙබර බඹර (wasp) දෂ්ටයේදී විෂ මර්දනයට යෙදේ.
මහ එරමිනිය :- Zizyphus rugosa Lam. RHAMNACEAE
පොදු සිංහල නම – මහ එරමිනියා
මෙය විශාලව විහිදී යන හෝ ඉහළ නගින පඳුරකි. සරල පත්‍රයි. මල් කුඩාය.
ප්‍රයෝග
මෙම ශාකය වෙනත් ද්‍රව්‍ය සමඟ එක්කර යෙදීමෙන් ආර්තව දෝෂ වලට සාර්ථක ප්‍රතිඵල දෙයි. රසදිය විෂ වූ විට මෙය විෂ නාශකයක් ලෙස යෙදිය හැකිය. පැලෑටියේ අමුවෙන් ගත් කොටස් හග්න වලදී (වේදනා නාශක) පැලැස්තර සඳහා ද ( boils) දිය බුබුළු (sore) වේදනා සහිත තුවාල, ඇසෙහි කටු පිටට ඇද ගැනීමට ද යොදයි.
භග්න සන්ධානය සඳහා මෙහි කොළ, පොතු, පොල්, කහ, ලුණු දමා කොටා මලවා බඳිනු ලැබේ.
සකස් කළේ
වෛද්‍ය ජේ. ඒ. ඩී. කරුණාදාස
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, දේශීය වෛද්‍ය විද්‍යායතනය, රාජගිරිය.
වෛද්‍ය අලගියවන්න මහතා.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



