එරඬු

BOTANICAL NAME – Ricinus communis L.

ENGLISH NAME – Castor oil plant

පර්යාය නාම (සමාන නම්)

එරණ්ඩ
ව්‍යාඝ්‍ර පුච්ච
චිත්‍රක
ත්‍රිඵුටි පල – කෝෂ තුනකින් යුක්ත ගෙඩි ඇති
පංචාංගුලි – කොලේ ඇඟිලි 5 ක් පිහිටීම
ශුල ශත්‍රැ – වේදනාවට සතුරු
වාතාරී – වාතය නසන
දීර්ඝ දණ්ඩක- දණ්ඩ දිගටි පිහිටි
රුබුක
ගන්ධව හස්තක – අතක් මෙන් පිහිටීම
ඌරුබුක
තුවිච්ඡද්‍රැම – ලිය ශක්තිය නැති
චඤවුක
මණ්ඩ
ව්‍යාධත්වක්
ඉෂ්ට
ආමංගල
ව්‍යාඝ්‍රදල
දීඝ්‍ර පත්‍රක කොළ දිගට ඇති
චිත බීජ

රක්ත එරණ්ඩ පර්යාය (සමාන නම්)

රතෙරණඩ
හස්ති කර්ණ
ව්‍යාඝ්‍ර
ත්‍රිබීජ
උත්තාන පත්‍ර
නාගකරණි
කරපාණි
චිර වීර්යය

කුලය – එරණ්ඩ

ප්‍රභේද

වර්ණ භෙදයෙන් දෙආකාරයි

  1. රතු එරඬු – රත් එරඬු
  2. සුදු එරඬු – එල එරඬු
  3. වල් එරඬු – වැටී එරඬු (බෙංගාල = බාගා බෙ)

එළ එරඬු දෙවර්ගයකින් දක්වයි

එනම්

මහ එරඬු
හීන් එරඬු යනුවෙනි.

මෙයින් වැඩිපුරම භාවිතයට ගැනෙන්නේ මහ එරඬුය. එය ගුණයෙන් අධිකය.

එරඩු ලංකාවේ සියලුම පළාත් වල පාහේ කැලෑ බදව හා කුණු කසල එකතු වන තැන්වල වැවෙන කුඩා ශාකයකි. ඉන්දියාව, බෙංගාලය, මදුරාසිය, බොම්බාය යන රටවල වාසීහු එරඬු තෙල් ලබා ගැනීම සඳහා බොහෝ සේ වගා කරති.

මෙම ශාකය වර්ෂයකට අධික කාලයක් පවතී. මෙහි කඳ මීටර් (අඩි විය හැකියි) 12 ක් පමණ උසට වැඩේ. කඳ සිදුරු සහිතයි. පත්‍ර විශාලයි. සරලයි. පත්‍රය 8 – 10 දක්වා ප්‍රාණවත්ව බෙදී ඇත. එය අත්ලක් වැනිය. පත්‍ර සීමාව දන්තාකාරය. පැහැය නිල් හෝ අළු පාටට හුරු කොළපාටයි. පත්‍ර නටුව දිගයි. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂකයි. පුංභාඡායා පුෂ්ප වෙන්ව හටගනී. පුං පුෂ්ප දිග නටුවක් සහිතයි. ඡායා පුෂ්ප නටුව එතරම් දිග නැත. ඵල මොටයි. ගැඹුරට බෙදී ගිය ඛණ්ඩ තුනකින් යුක්තයි. මෘදු කටු සහිතයි. ඒවා පඳුරු කොළපාටයි. ඵල කොටස් 06 කට පැලෙයි. බීජ තුල විශාල වූ සුදු පැහැති මාංසල බීජ චෝලයක් ඇත.

පැළය බෝ කිරීම

බීජවලිනි.

ව්‍යවහාර අංග

එරඬු මුල්, එරඬු කොළ, එරඬු පොතු, එරඬු ඇට, එරඬු තෙල්,

ගුණාදිය

රසය – මධුර, කටු කෂාය

ගුණ – ස්නිග්ධ, සුක්ෂම

විපාක – මධුර, ගුරු

වීර්ය – උෂ්ණ

කරම වශයෙන්

වාතහර, දීපන, ශොථහර, වේදනා නාශක විරේචන

යොදන රෝග

වාත රෝග, ශෝථ රෝග, ගුල්ම, වාත රක්ත

රත් එරඬු ගුණ

කටුකයි. කසට රසයි, තිත්තයි, සැහැල්ලු යි, වාසෙම් නසයි.

ශ්වාස, කැස්ස, පණු රෝග, අර්ශස්, පාණ්ඩු රෝග, අරුචි කරකැවිල්ල යනාදිය නසයි.

රත් එරඬු ඇට

ගැබ් නොපිහිටන අයට ගැබ් පිහිටයි. ආමවාත, ගුල්ම රුජා නසයි.

වල් එරඬු – (වැට එරඬු)

බීජය කහපාට තෙලක් අඩංගුය. මේ තෙල් බිංදු 10-20 එරඬු තෙල් බිංදු 480 කට සමාන බව දක්වයි. මෙයින් තියුනු ලෙස අන්ත්‍ර ශුලය ඇති කරයි. වමන කාරකයි. කණ්ඩු, ද්ද. පාමා නාඩි විසර්ප (හර්පීස්) වලට යෙදිය හැක. වල් එරඬු කොළ තම්බා පයෝදර තැවීමෙන් කිරි වැඩිවේ.

පැරණි ආම වාතයට

වල් එරඬු තෙල් වෙනත් මෘදු තෙලක් සමඟ මිශ්‍රව ආලේපයෙන් ගුණ ලැබේ. මුලේ පොතු ආලේපය ද ගුණ ලැබේ.

ලේ ගැලීම වැලකීම සඳහා

වල් එරඬු ගහේ වැස්සෙන කිරි ආලේපයෙන් නවතී.

විදුරු මස් ඉදිමීම, ලේ යාම, විදුරුමස් ගෙඩිවලට වල් එරඬු ලීයෙන් දත් මැදීමෙන් ගුණ වේ.

මහ එරඬු මුල් ගුණ

වා සෙම් නසයි. රුජා නසයි. ධාතු පෝෂණය කරයි. කටි වායු වස්ති පීඩා, උදර උණ නසයි. මල බද්ධ. කුෂ්ඨ, ආමවාත නසයි.

එරඬු කොළ ගුණ

වාත නසයි. සෙම කෘමීන් නසයි. මුත්‍ර කෘච්ඡ, රත්පිත් කෝප කරයි. වාතයට සතුරෙක් මෙනි.

එරඬු දළු ගුණ

ගුල්ම වස්ති, රුජා නසයි. සෙම්, පණු රෝග නසයි. වෘද්ධි රෝග නසයි.

එරඬු ගෙඩි ගුණ

වීර්යය, උෂ්ණ, රසය, තිත්තයි, මධුරයි. ගුණය තීක්ෂණයි. ගුල්ම රුජා නසයි. අක්මා රෝග, ප්ලීහ උදර, අර්ශස් නසයි. අතිශයින්ම දීපනයි. මිහිරියි. විරේ වනයි. වාත උදාවත. උණ කැස්ස, උදර, ඉදිමුම් රුජා, තුනටිය වේදනා, ශ්වාස, කුෂ්ඨ, බඩ පිපුම, ගුල්ම ප්ලීහා, ප්‍රමේහ, වාතරක්ත, මේදස් අණ්ඩ වෘද්ධි නැති කරයි.

එරඬු මද

මල බිඳීම් කරයි. වා සෙම් උදර රෝග පහ කරයි. මහ එරඬු රස පාකයේ දී ගුණ වැඩිය.

සංරක්ෂණ වියි

හොඳාකාරව මේරූ ඇට වියලා රුද්ධ භාජනවල අසුරා තැබිය යුතුය.

යෝග සංග්‍රහ

එරණ්ඩ ක්වාථ
එරණ්ඩ කල්ක
එරණ්ඩ පත්‍ර ප්‍රලේප – බාහිර

එරණ්ඩ බීජ ප්‍රලේප බාහිර

පරණ්ඩ පත්‍ර ක්ෂාර

ප්‍රයෝග

ස්ත්‍රීන්ගේ කිරි වැඩිකර ගැනීමට

එරඬු කොළ ගින්නේ රත් කොට ලපැත්තේ එලීම. ල පැත්ත පැය 1/4 ක් පමණ තවා ඒ කොළ එලීමට. එරඬු එරඬු කොළ කෑමට දීමෙන් දෙනුන් ගේ ද කිරි වැඩි වේ. කොළ තම්බා එයින් කොළ යුෂ බීමට දීම,

ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය දියුණු කිරීමට

එරඬු කොළ තම්බා යටි බඩ එලීමට.

ප්‍රවාහිකාවට

එරඬු මුල් ක්වාථය

කර්ණ ශුලයට

පුට පාක ක්‍රමයෙන් සාදාගත් එරඬු කොළ ස්වරස, අමු ඉගුරු යුෂ, වැල්මී, සහිඳ ලුනු කලතාගෙන තෙල් සිඳ කණට දැමීම.

නත්තාන්ධයට

එරඬු පත්‍ර ගිතෙලින් බැද කෑමට

මේදො වෘද්ධියට

ලපටි එරඬු මුල් ස්වරස මී පැණියෙන් බොන්න.

ආමවාතයට

එරඬු මුල් ක්වාථය බොන්න දීම

එරඬු ගුණ

ශ්වතො රුබුස්තු කටු තීක්ෂණ වොෂ්ණාගුරුඃ සමෘතඃ මධුර ස්කිත්ත තො වෘෂ්‍යා ගුරුඃ වෘදුඃ සරඃ සමෘතඃ වාතොදාර්වත හෘද් ස්වර කාසොදරා පහා ශොථ ශුල කයි වස්ති ශිරොරුක් නාශකඃ ස්මෘතඃ ශ්වාසානාහ කුෂ්ඨ වර්ධම ගුල්ම ප්ලීහාම පිත්ත හා ප්‍රමෙහොෂ්මා වාතරක්ත මෙදාන්ත්‍ර වර්ධන ප්‍රනුත් අස්‍යා හෙදො වෘහත් ස්ථුලො රසෙ පාකෙ ගුණාධිකඃ

රත් එරඬු ගුණ

රක්තොරු බුකස්තු වරො රසෙකටුර්ල; සමෘතා තික්තො වාත කවි ශ්වාස කාස කාම්‍යශ වධම හා රක්ත දොෂං පාණ්ඩු රුජං භ්‍රාන්ත්‍ය රොචක නාශනඃ ප්‍රායස් තත්වය්‍යො ගුණ ශ්වාස්‍ය ශ්වෙත වවච සමීරිතඃ

එරඬු මාත්‍රා

මූල ත්ත්වක් කල්ක කර්ෂ 1/2 – 1 ට

මූල ත්වක් ක්වාථ කර්ෂ 5-10

පත්‍ර ක්ෂාරය බ්රැ : 1/4 – 1/2

තෛල බ්රැ :1 – 8 ට

ආශ්‍රිත ග්‍රන්ථ

චරක සංහිතා

සුශ්‍රැත සංහිතාව

ද්‍රව්‍ය විඥානය

ද්‍රව්‍ය ගුණ නිගණ්ඩුව

අනුලා කොඩිකාර
පෙහෙළි ඔසුහල
පරණ කොටට්ටාව පාර,
නාවින්න,
මහරගම.

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top