BOTANICAL NANE – Bambusa arundinaceae Willed
ඉංග්‍රීසි – Bamboo
දෙමළ – මංගල්
මුන්ගිම බෙංගාලි – බාංශ්
හින්දි – බාංශ්
සංස්කෘත – වංශ
සංස්කෘත පර්යාය නාම
යව ඵල. කාර්බුක, තෘණ ධවජ, වංශජ, ත්වක් සාර, ශත පර්ව, අනන්ත පර්ව, වංශ ලෝචන, කීවක, තෘණකේතු, වේණු, ශත පර්ව, වංශයව.
යව ඵල – බාර්ලි වැනි ඇට ඇති
තෘණ වජ – තණකොළ කොඩිය/තෘණ පවුලේ උස ගසක්
ත්වක්සාර – පොත්තෙන් සරු / තද පොත්තක් සහිත
ශතපර්ව – සන්ධි සියයක් ඇති
අනන්ත පර්ව – අනන්ත සන්ධි ඇති
වංශයව – යවාකාර බීජ ඇති
වංශ – කොදු නාරටිය මෙන් ශක්තිමත්
සිංහල පර්යාය නාම
හුණ, දුණුතුර, පුරුක් යොන්. දළ විදල, තණරද, තණකොක් අමර, තෙප් දළ, දළ, තණ දද, දනදුයි, අනගැට, සෙමර, තීණ රද, මහතණ.
හුණ – වෙණු යන්නෙන් බිඳී ආවකි.
තණරද – තණ අතර රාජයා
තණදද – තණ කොළ කොඩිය
අනත් ගැට – අනන්ත වූ ගැට ඇති
මහතණ – තණ වර්ගයේ විශාල වන්තයා, තණ පවුලේ ප්‍රධානියා.
වැවෙන ප්‍රදේශ
පෙරදිග රටවල බොහෝ සෙයින් දක්නට ඇත. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද බොහෝ ප්‍රදේශ වල වැඩෙයි. ඇල. දෙළ, ගංගා ආදී ජලාශ්‍රිතව බහුලව දැකිය හැකිය.
ද්‍රව්‍ය ගුණ වර්ගීකරණයට අනුව උණ යව කුලයට ද, තණ ගණයට ද, අයත් වේ. ශාක අතුරින් වැඩීමේ සීඝ්‍රතාවය අනුව උණ ගස පළමු තැන ගනී.
ප්‍රවීන විද්‍යානුකූලව රණ හුණ වර්ගය දේශීය තෘණ පංචමූලයට අයත් වේ. එනම් ඉළුක්. වැඑක්. ඊතණ උක්, රණහුණ, වශයෙනි. පිත් නසයි. මුත්‍ර නසයි. මුත්‍රකාවජුය නසයි. මුත්‍රා වස්තිය ශුද්ධ කරයි.
ඉතිහාසය
උණ කොළ. උණ කපුරු, මුල් ආදී සංයෝග වරක සංහිතාවේ මෙන් ම, සුශ්‍රැත සංහිතාවෙහිද අෂ්ටාංග හෘදයෙහි ද ඇතුළත්ය. අශ්වයින් සඳහාද ප්‍රයෝග කළ බව දැක්වෙයි. උද්භිද ශාක වර්ග ගුණ කියැවෙන විට සෙම, මුත්‍ර, පුරිෂ පහ කරන බව දැක්වේ. උණ ගස් වල උපදනා හතු වැනි උද්භිද ශාකය කසටද, වායුව කෝප කරණ බවද දක්වයි. කාස, ක්ෂය,ශ්වාස, ගුල්ම, හෘද්, ජීර්ණ ජීව රාදී රෝග අවස්ථාවල යොදා ගැනීම බහුලව දැකිය හැකිය.
ප්‍රභේද
උණ ප්‍රභේද කිහිපයකි. උණ/හුණ ශබ්ද දෙකම සමානව ගැනෙයි.
- රන හුණ – ඖෂධ සඳහා ගනී.
- කොළ හුණ
- කටු හුණ – ඖෂධ පිණිස ගන්න වර්ගය (උණ කපුරු)
- මහ හුණ
ආදී වශයෙනි.
පර්යාය
රණ හුණ
ලබයි. බාහිර පොත්තේ වර්ණයට අනුව රන්වන් පැහැති නිසා මෙනමින් හඳුන්වනු
පර්යාය
දේශීය නාම ශබ්ද 07 කින් යුතුය. එනම්, නළ රුක් –
කනකනළ රන් පැහැති බට සහිත
දළ නළ
මහතණ – තණකොළ වල විශාල වර්ගය
රන තණ – වර්ණයට අනුව රන්වන් තණ
අමර –
නළ – බටය යනුවෙනි.
ලංකාවේ ගංගා, ඇළ, දොළ, වැව්, කදුරු, ආශ්‍රයේ වැඩෙනු දැකිය හැකි වඩාත් විසිරී ඇති වර්ගයයි. කඳෙහි ගැට ආශ්‍රයෙන් නැවතත් පැළ ඇති වේ. පර්ව (ගැට) යක් පාසා ඇති වන ශාඛාශ්‍රිතව පිහිටි පත්‍ර සමූහය දිගින් ‘6’ ක් පමණද පළලින් ‘1’ ක් පමණ ද වේ. ක්‍රමයෙන් සිහින් වන හැඩයක් ගනී. ගෙවල්. ගොඩනැගිලි, කර්මාන්තයේදී ද ගෘහ භාණ්ඩ සෑදීමේදීද, නානා විධ අවශ්‍යතා සඳහා භාවිත කරති.
කොළහුණ (නිල් හුණ)
බාහිර පොත්තේ කොළ පැහැති/නිල් පැහැති වර්ගයයි. දේශීය ශබ්ද නාම අටක් පර්යාය වෙයි.
කොළ හුණ. ගිරා නළ. වස්. ස්වහ. නළතණ, තුණු, තණ. නිලගු. වෙණු යනුවෙනි.
රනහුණ මෙන්ම ජලාශ්‍රිතව මෙම වර්ග වැවෙන නමුත් විසිරීම අඩු වශයෙන් දක්නට ඇත. කෙනෙක් මෙම වර්ගය කාර්යයන්හි උතුම් ලෙසද කෙනෙක් නුසුදුසු ලෙස ද සමාන නිල් පාටකින් යුතු බැවින් මෙම නාම දෙකම භාවිත කරන බව පෙනෙයි. නැතහොත් රනහුණ හා සමානව ගත හැකි වේ. වර්ගයෙන් පමණක් වෙනස් වන බැවිනි.
කටු හුණ – පර්යාය ශබ්ද හතරකි
වන හුණ, දඹ කලටු, ඇට බුවර, ගැටහුණ. යනුවෙනි.
පර්ව ස්ථානයන්හි දුටුවන් බිය කරවන සුළු කටු සහිත වේ. උෂ්ණාධික ප්‍රදේශ වල වැවෙන බව දැක් වේ. දේශගුණික තත්ත්වයන්හිදී වනු ලබන අනු වර්තනයක් ලෙස එම කටු ඇති බව හැඳින්විය හැකිය. සමහරු මෙය කාන්තාරි හුණ නමින් ද දක්වති. පර්වයන්ගෙන් පැන නැගෙන ශාඛා ඇත. පඬුවන් පැහැගත් පත්‍ර ‘6’ දිග හා ‘1/2’ දිග හා ‘1/2’ පළලින් ද යුතු වේ. මෙම වර්ගයේ කොපමණ වයස්ගත ශාකයක් වුවද උණ කපුරු දැකීමට නැත.
මහ හුණ
ශිතාධික ප්‍රදේශ වල බොහෝ විශාල වූ කඳන් සහිතව වැඩෙන වර්ගයයි.
දළහුණ, කුළල්, ගජනල. හැකි වෙයි. පැතිරීම පර්වයෙන්ද, කුඩා බුවක් සහිතය. ශාඛාවන්හි ඇති වන පමණ වේ. ක්‍රමයෙන් සිහින්ව යයි. හඬක් නංවන සුළු වෙයි. පුරාණ මිනුම භාණ්ඩ සෑදීමට ද ගෙන ඇත. වයස් ගත ශාක වල පර්වයක් පාසා උණ කපුරු ඇතැයි කියවේ. උණ, නළරද යන ශබ්ද පහකින් පර්යාය පැළවලින්ද, වෙයි. කුඩා පැල වල තද පත්‍ර ’12’ පමණ දිග වන අතර පළලින් 2 පඳුරු අතර වාතයේ ගැටීම ඉතා බිය ජනක
පොදුවේ ගත් කල හුණ පුරුක් (පර්වය) නළයොත්, පුරුක්, හුණ ගැට කපල් හුණපරු. කොරකය යන නම් භයකින් හැඳින් වේ. තවද ග්‍රන්ථි නමින් ද මෙම පුරුක් ආශ්‍රිත ඇතුළත රන්හුය සුදු පැහැ ගත් විට කෙනෙක් ‘ හුණ ‘ වැටී යයි කියති. බොහෝ විට ගසෙහි ව්‍යාප්තියටද මෙම පර්වය උපකාර වේ. පඳුරෙන් මතු වන කුඩා පැළ බෝවීම මගකි. ඉහතින් කියන ලද රඹුය ආශ්‍රිතව ඇති සුදු පැහැති ද්‍රව්‍ය හුණ කපුරු, හුණ මකුල්, ලෙස හඳුන්වති. අවුරුදු 12 ක් පමණ පැරණි වනතුරු සුදු පැහැයට තිබෙන මෙම ද්‍රව්‍ය ඉන් පසුව මඳ රත් පැහැ වන බවට අදහසකි. එම අරුණවන් වූ කපුරය ‘ හුණ මඩ’ යනුවෙන්ද හඳුන්වන අතර, වෛද්‍ය කර්මයෙහි ද සුදුසු බැව් දක්වති. මේරූ උණ ගස් තුල හට ගන්නා සිනක් කාරම් වැනි ගැට සහිත සුදු ද්‍රව්‍ය උණ කපුරු නමින් හඳුන්වති. කෙනෙක් මෙය ස්ත්‍රී ගස් තුළ පමණක් ඇති වන බවට අදහස් දක්වති. මේ සමඟ විටෙක ‘ උණ මුතුද’ ඇතැයි කියැවේ. වෙළඳ පොළෙහි කෘතිම උණ කපුරු ද ඇත.
ව්‍යවහාරික අංග
උණ මුල්, කොළ, උණ ගොබ, මල්, උකපුරු, ඇට, මීට අමතරව උණ සුඹුළු, උණ මකුළු, උණ මකුල් ගැනද කියවෙයි.
ගුණාදිය
උණ කපුරු
රස – මධුර, ක්ෂාය
ගුණ – රුක්ෂ, ලඝු, තීක්ෂණ
විර්ය – ශීත
විපාක – මධුර
උණ කොළ, ගොබ, ඇට
රස – මධුර කෂාය
ගුණ – රූක්ෂ, ලඝු, තීක්ෂණ
වීර්යය – උෂ්ණ ද වේ.
දෝෂ තත්ත්ව කෙරෙහි බලපෑම
උණ කපුරු – වාත පිත්ත ශාමකයි
උණ මුල් – කළු පිත්ත ශාමකයි
උණ කොළ, ගොබ, ඇට – පිත්ත වර්ධකයි
උණ කපුරු පර්යාය
සිංහල – තුපිටි, හුණ මකුල්, සතුරු, තණ කපුරු
සංස්කෘත – තුගාක්ෂිර, වංශ ලෝචනා, වංශරෝචනා, වංශ ක්ෂීර
ස්වභාවය – ස්ඵටිකාකාර (කැට සහිත) ශෙවත වර්ණ ද්‍රව්‍යයකි.
අඩංගු දේ
සිලිකා – 90.50%
පොටෑෂ් – 1.10
පෙරොක්සයිඩ් ඔfප් අයන් – 0.90
ඇලුමිනියම්
ග්ලුකොසයිඩ් හා රසායනික උපාදාන ලෙස එන්සයිම්ස්
මාත්‍රාව
රක්තිකා – 1 – 3 දක්වා
මිලිග්‍රෑම් – 125 – 375 දක්වා
සිද්ධ යෝග
i. ව්‍යවන ප්‍රාසාවලේහය
ii. සිතෝපලාදි චූර්ණය
iii. තාලිසාදි චූර්ණය
iv. චිත්‍රකාදි ලේහය
v. ජිවන්ත්‍යාදි වුර්ණය
( චරක සංහිතා චි. අ. 18)
වරක චිකිත්සා අධ්‍යාය 18 දී ක්ෂත කාසය ද ධුමපානයට උණ කපුරු නිර්දේශ කර ඇත. කාස, හතිය, උණ, චර්මරෝග, නායක ගුණ යුතු වේ. වන, අතීසාර, තෘෂ්ණාවට යෙදිය හැකිය. ජීරණ ජීප්වරයටද, ක්ෂය ජීවරයටද යෙදෙයි. මුත්‍රලයි.
උණ මකුල්
දේශීය වෛද්‍ය කර්මයේදී භාවිත වූ බව පෙනෙයි. මේරු උණ ගස් තුළ පොත්තටම ඇලී තිබෙන ගුලි කළ මකුළු දැල් වැනි ද්‍රව්‍ය මෙනමින් හඳුන්වා ඇත. මෙය උණ කපුරු මෙන්ම, ශක්ති ජනක සිසිල් මිහිරි පානයක් ලෙස දක්වා ඇත.
උණ සුඹුළු
උණ ගසේ පිටත සුඹුළු සංයෝගයේ සුත්‍රිකා ගර්භාෂයෙහි ලේ සිරවීමට යෙදිය හැකිය. එහිදී ශත පුෂ්ප සමඟ තිකුළු, ත්‍රිවර්ග, කුරුඳු පොතු, එන්සාල්, කල 1/2 බැගින් ගෙන උණ ගසේ පිට සුඹුළු කල 03 සමග වුර්ණ කර, පරණ පොල් අරක්කු බෝතලයකට දමා පැය 6 කට පසුව පෙරා බීමට සුදුසුය.
උණ මල්
කණ ශුලයේදී මෙහි ස්වර සය බින්දු වශයෙන් යෙදීම
උණ මුල්
- රක්ත ස්ථම්භන ගුණයි. කළු – පිත්තජ විට යෙදෙයි. මුත්‍රලයි.
පිස්සු බලු විෂෙහිදී රුක් අගුණ පොතු සමඟ කෂාය දීම ( විෂසන බැවිනි)
පුළුස්සා අළු දද, කුෂ්ඨ, වලට ආලේප කරයි.
. මුත්‍ර කෘච්ඡුයට කෂාය සඳහා (දේශීය තෘණ පංච මූලයෙහි) යෙදෙයි. ශෝථහරයි.
උණ ඇට
ප්‍රමේහයේදී උණ ඇට වලින් කළ බත නිර්දේශයි. මේද රෝග හා විෂජ අවස්ථා වලදී ද ප්‍රයෝග කෙරෙයි.
පෝෂ්‍යදායි වේ. සාගත අවස්ථා වලදී ආහාරයට ගෙන ඇති බව දැක්වේ. මුත්‍ර සංග්‍රහණ යයි.
උණ කොළ
කොළ මෙන්ම
කොළ කොටා ගත් යුෂ (ස්වරසය)
කොළ තම්බා ගත් කෂාය (ක්වාර) ද යෝග කෙරෙයි.
වරක සූත්‍ර ස්ථාන 14 අධ්‍යායේදී කළුජ රෝග සඳහා උණ කොළ (වේණු පත්‍ර) කෂාය නාඩි ස්වේදයට දක්වා ඇත. මනුෂ්‍යයින්ට මෙන්ම සතුන්ටද යෙදිය හැකිය. අශ්වයින්ගේ කාස, හතිය, ප්‍රතිශ්‍යා උණ. ආදියෙහි දී යෙදු බව දැක්වේ.
ස්ත්‍රී මාසික ප්‍රවෘත්තිය මෙන්ම සූතිකා සුවයේදී උත්තේජනය ඇවැසි විට යෙදිය හැකිය. ක්ෂය රෝගය, ඇලපත් වේදනාව, ලේ සමග කෙළ ගැසීම. අපා දහය. ආහාර අරුචිය. ආහාර මාර්ගික දුර්වලතා වලදී යෙදෙයි. ආතව ජනකය. ප්‍රසවයෙන් පසු ගර්භාෂයේ ශෝධනයට යෙදේ. ග්‍රන්ථි විසර්පයට -උණ කොළ අඹරා ආලේප කිරීම නිර්දේශ කර ඇත. ගෝථහර ගුණ යුක්තය.
උණ ගොබ
පර්යාය
උණ කිලිල්.
කරීර
වංශාතුර
යවඵලාංකුර
මෙය උණ පඳුරෙන්ම පැන නැගෙන අතර ඇට වලින්ද ඇති වන බව යව ‘” ඵලාංකුර ” යන පර්යාය අනුව සිතීමට හැකිය. මෙය ආහාරයක් වශයෙන් භාවිත කළ හැකිය. තල් ගොබ මෙනි. ඇදුම රෝගීන් සඳහා බත් සමඟ කෑමට අච්චාරු ලෙස පිළියෙළ කළ හැකිය. පිත්ත වර්ධකයි. ශෝථහරයි. දිපන පාචන, වන අතර කෘමිස්න ගුණ යුතු වේ.
සුතිකා රක්තස්‍රාව නිවාරණයට
ඇතුළත හා පිටත ඇති සුඹුළු ඉවත් කර ගත් උණ ගොබ කලං 06 හා අටික්කා පොතු කලං 06 ගෙන සිඳුවා
පෙරා ගත් කෂාය තිකුළු කුඩු දමා බීම
පොදු – ගුණ පාඨ
i. වංශඃ සරෝ හිමඃ ස්වාදු කෂායෝ වස්ති ශෝධනඃ ඡෙදනං කළු පිත්තනඃ කුෂ්ඨාසුවුණ ශෝථජිත් ”
භා.ප්‍ර.නි.
ii. ” වේරොඃ කරීරාඃ කඵලා මධුරා රසපාකයෝ: විදාහිනෝ වාත කරාඃ සකෂායාවී රූක්ෂණඃ ‘
සු. සු. 46 අ.
iii. ” රූක්ෂඃ කෂායානුරසො මධුරඃ කළුපිත්ත හා මේදඃ කෘමි විෂ ස්නශව බල්ලෝ වේණුයවෝ මතඃ “
ව. සු. 27 අ.
iv. ” වංශජා වෘහණි වෘෂ්‍යා බල්‍යා ස්වාවී ව ශිතලා තෘෂ්ණකාස ජීජ්වර ශ්වාස ක්ෂය පිත්තා සුකාමලා හරේත් කුෂ්ඨ ව්‍රණං පාණ්ඩු කෂාය වාත කෘච්ඡුජිත් “
ප්‍රතිනිධි – නැත.
හා ප්‍ර.නි.
වෙනත් ප්‍රයෝජන
උණ ගස (කඳ)
i. ගොඩනැගිලි ඉදිකිරීමේදී පලංචි බැඳීමට, වරිච්චි බිත්ති බැඳීමට වහල රිප්ප පරාල ආදී ලෙසට.
ii. ගෘහ උපකරණ, පැලලි, මල් පෝච්චි, බාල්දි, බැරල්, ආදියත්, ගෘහ භාණ්ඩ විසිතුරු භාණ්ඩ, සරුංගල්, වෙසක් කූඩු ආදිය සඳහා.
iii. ජපන් වැසියන්ගේ බොහෝ කටයුතු වලදී උණගසේ කඳ ප්‍රයෝජනයට ගන්නා බව දැනගන්නට ඇත.
iv. බංගලි දේශයේ වගාවට දිය සැපයීම සඳහා ” පාපෝරු පොම්පය ” උණ ලී භාවිතයෙන් සාදා ගැනීම.
v . අප රටෙහි අතීතයේ ගොවීහු කුඹුරු වලට හානි කරන සතුන් බිය වැද්දීමට යොදන ” දිය හෝල්මන් ” සඳහා ලිය ගනිති.
vi. ජලය ලබා ගැනීමේ මාර්ග තනා ගැනීමට පුරුක් බිඳ දමා ගනිති.
vii. පොල්, දෙල්, කොස්, ආදී පලදාව නෙලා ගැනීමට කෙක්ක ලෙස යොදා ගනිති.
viii. දුම්රිය හරස් මාර්ග බාධක ලෙස යොදති.
ix. පාර්ශව අංකුර කොටට කැපූ ඉති සහිතව ‘ හිණිමග ‘ ලෙස භාවිත කරයි.
x. ගංගා, ඇළ, දොල, ආදියේ ඉවුරු ආරක්ෂා කර ගැනීමට උණ වගාව යොදා ගත හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
- ආයු. ඖෂධ සංග්‍රහය – ප්‍රථම පියවර – දෙවන කොටස
- ආයු. ඖෂධ සංග්‍රහය – ප්‍රථම පියවර – තෙවන කොටස
- ඔසු වග නාමාවලිය – වෛද්‍ය ජේ. සී. කන්නන්ගර රාලහාමි
- දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය – කිරිඇල්ලේ ඤාණවිමල හිමි.
- SINHALESE METERIA MEDICA – DR. JOHN ARTIGALA.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



