BOTANICAL NAME – Indigofera tinctoria L.
FAMILY – LEGUMINOSAE
පොදු සිංහල නම – නිල් අවරිය
ඉංග්‍රීසි නම් – Hairy indigo, Indigo blue
දෙමළ නාමය – නීලම
සංස්කෘත නම – නීලිකා, නීලි
පර්යාය නාම
අංජනිකා
තුන්ථා
ග්‍රාමිණා
ශාරදී
නීලිනී
නිලී
නිලීකා
රඤ්ජනී
ක්ලීතිකා
රංගපත්‍රා
ස්ථිර රංගා
නීල පුෂ්පා
කාලකේශී
ප්‍රභේද
මහ අවරිය (මහානීලි)
අවරිය (නිලීනි)
වශයෙන් ප්‍රභේද 02 කි.
කුලය – ගුංජා කුලය
උප කුලය – අපරාජිතා
මේ දෙවර්ගයේම වෙනස ඇත්තේ ඒ අවරි (කරල්) වල පමණි. ලංකාවේ වර්ගයේ කරල් ඇඹුල් කෙසෙල් ඇවරියක් මෙන් වකුටු වකුටු වී තිබේ. ඉන්දියාවේ වර්ගයේ කරල් ආනමාලු කෙසෙල් ඇවරිවල ගෙඩි මෙන් දිගහැරි ගොස් තිබේ. ලංකාවේ වර්ගය සුලභ නිසා ඉන්දියාවෙන් ගෙනවිත් ලංකාවේ බෝකර ගත් නිල් අවරිය ඇත.
ගස අඩි දොළහකට වඩා උසට නොවැවෙන මේ පැලෑටියේ කොළ තද නිල් පාටකින් යුක්තය. හැඩහුරු කමින් සෙ නහ කොළ වලට සමානය. සෙනෙහෙ වල යුෂ නිල් පැහැයකින් යුක්ත නිසා සංස්කෘතයෙන් තිපි, නිලිකා යන නම් ව්‍යවහාර වෙයි.
නිල් අවරිය වර්ග දෙකකි. ලංකාවේ මුල සිට පැවත එන වර්ගය සහ ඉන්දියාවෙන් ගෙනැවිත් බෝ කරන ලද වර්ගය යනුවෙන් ඉහතින් සඳහන් කළෙමි.
විශේෂයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ අතිශිත නොවන ප්‍රදේශ වල මෙම ගස වැවේ. අවරිය ගසේ පංචාංගයම ඖෂධ පිණිස ගනී.
අවරිය වල ද්‍රව්‍ය ගුණ විස්තරාත්මක ලෙස
රස – කටු, තිත්ත
ගුණ – ලඝු, රූක්ෂ
වීර්ය – උෂ්ණ
විපාක – කටු
මෙම ගුණයන් අනුව බැලුවොත් දෝෂ තත්වය අනුව බලන විට වාත කළු ශමනය වේ. එම නිසා වාත, කළු, දොෂයන්ගෙන් ප්‍රධාන වූ රෝගයන්ගේ ශමනය සඳහා අවරිය පංචාංගයම සුදුසු වේ. මෙම ගසේ පංචාංගය ම වියලා චුර්ණ කර තබාගෙන ඖෂධ සඳහා උපයෝගී කර ගත හැකි ය.
නිල් අවරිය කොළ වලින් ලබාගත් යුෂ රෙදිපිළි වර්ණවත් කිරීම සඳහා කෘත්‍රිම නීල වර්ණය සාදාගත් බව භාව ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
(i) නීලිතු නිලිනී තුණි කාලාදෝලාව නිලිකා,
රංජනී ශ්‍රී එලී තුච්ඡා ග්‍රාමිණා මධුපර්ණිකා:
ක්ලීතකා කාලකෙශි ව නීල පුෂ්පාව සා ස්මෘතා
නිලීනී රේවතී තික්තා කේශ්‍යා මොහමපාහා;
උෂ්ණ භන්ත පුදර ප්ලීභ වාතරක්ත කවා නීලාන්,
ආමවාත මුදාවතං මාදංච විෂමුතම් :- හාමිනි.
(ii) නිලි කවරිකා හිරු- කුණිකා වාරිතා තථා, නිස්තෝෂ්ණා රේවතී කේශ්‍යා මෝහභ්‍රම විෂාපහා
ඒ අනුව නිල් අවරිය යුෂ කෘත්‍රිම නීල වර්ණයක් ලෙස උපයෝගී කරගෙන විශාල විදේශ විනිමයක් ලබන වෙළඳ ද්‍රව්‍යයක් බවට පත් වී තිබුණි. එයින් විශාල ආදායමක් ද ඉන්දියානුවන් ලබාගෙන තිබුණ බව සඳහන් වේ. කෘත්‍රිම නිල වර්ණය සොයා ගත් පසු මෙය වෙළඳපලෙන් ටිකින් ටික බැහැරට යන්නට විය. ඒ අනුව නිල් අවරිය හොඳ, පීඩාකාරී නොවන නීල වර්ණයක් සඳහා උපයෝගී කරගත හැකියි.
ඖෂධ සඳහා අවරිය උපයෝගී වන යෝගයන්
මේ වර්ගයේ කොළ යුෂ යොදා පිළියෙල කරන (යෝග සම්බන්ධයෙන්) ඉතා ලාංක, මෙරට නිපදවෙන ” නිල්‍යාදී සෛලය ” සඳහා ප්‍රධාන ඖෂධයකි. සෙයින් කෙලට කොළ පැහැයක් ලබා දීමත් සමඟ ලැබෙන ගුණය ද කිව නොහැකි කරe ය. සියලු ම ශීර්ෂ රෝගයන්ට ඉතා ම හිත කර හොඳ ම දේශීය තෙලකි නිල්‍යාදී සෛලය, එපමණක් ද නොවේ. රක, කුෂ්ඨ තුවාල වැනි හමේ රෝගයන්ට මහඟු ගුණ දෙන ප්‍රත්‍යක්ෂ තෛලයකි.
කුඩා ළමයින්ගේ යම් යම් රෝගයන් සඳහා පාවිච්චියට ගන්නා ‘ අරවින්දාසවයට ‘ අවරිය මුල්ද උපයෝගී කරගනී.
මුත්‍රාශ්මරී ප්ලීහා හෘදය රෝගයන්ට අවරිය කොළ කෂාය හිතකරයි.
මී විෂට
අවරිය කොළ කෂාය බීමෙන් මී විෂ නැසේ.
ආමවාත උදාර්වත
රෝගයට අවරිය කෂාය හිතකර මෙන් ම බාහිර ප්‍රලේප සඳහා යොදා ගනී.
කැස්ස හතිය, හෘද රෝග වලට
අවරිය පංචාංග කෂාය හෝ පේයාව ගුණවත් වේ.
අවරිය පංචාංග කෂාය සීනි මිශ්‍ර කර පැණිය සාදා බිම
වාතරක්ත, කුෂ්ඨ, වුණ රෝපණයට
අවරිය කොල ඇල් දියෙන් අඹරා ගෑමෙන් ගුණය ලැබේ.
ඇසේ සුදට
නිල් අවරිය ඇට ඇල්දියෙන් අඹරා මසක් පමණ ඇසේ සුදේ ගෑමෙන් එය ඉවත් වේ.
කේශ වර්ධනයට හා කේශ වර්ණයට
නිල් අවරිය කොළ යුෂ යොදාගත් තෛල වලින් හිස ගැල්වීමෙන් ගුණ ලබා ගත හැකියි.
රත කුෂ්ඨ
අවරිය කොළ තම්බා සෝදා කොළ ඇල් දියෙන් අඹරා ගෑමෙන් සුවය ලැබේ.
කෘමි රෝගයන්ට
අවරිය මල් සහ කරල් ගිතෙලින් අඹරා බීමෙන් මල විරේචනය සමඟ කෘමීන් ද ඇද හැලෙනු ඇත.
පිස්සු බලු විෂට
නිල් අවරිය කෂාය ගිතෙල් දමා බිමෙන් දින හතරකින් පිස්සු බලු විෂ දුරු වේ.
සියලු බලු විෂට
අවරිය පංචාංග කෂාය නිසි ලෙස පරිභාෂාව අනුව උණුකර බීම නිසා සියලු බලු විෂ දුරු වේ.
විසරප රෝගයට
අවරිය මුල් චූරණය කිරි සමඟ පානය කිරීම සමඟම තුවාල වලට එහි මුල් ගෙන කිරි වලින් ගලගා ගෑමෙන් සුව වේ.
විෂම ජීවරයව
අවරිය මුල් සහ කොළ කොටාගත් යුෂ ගම්මිරිස් සමඟ පානය කිරීම හොඳයි.
කෘෂි දන්තයට
මුල් සැපීමෙන් ශුලය දුරු වේ.
පරිවය
සුශ්‍රැත සූත්‍ර ස්ථාන
චරක චිකිත්සා ස්ථාන
අෂ්ටාංග හෘදය සංහිතා
සියලු ද්‍රව්‍ය ගුණ නිගණ්ඩු
ඖෂධ සංග්‍රහ 2, 3 කාංඩ
දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය පිටු 299
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



