BOTANICAL – Ruta graveolens L.
FAMILY – RUTACEAE
පොදු සිංහල නම – අරූද
ඉංග්‍රීසි නාමය – Garden Rue
දෙමළ නාමය – ආර්වද
හින්දු නාමය – සුභාබ්, සිතාබ්
සංස්කෘත නාමය – අරුද්ධා
පර්යාය නාම
අංගනා ප්‍රියා – (ආර්තව පීඩා දුරු කිරීමත් ළදරු රෝග මැඩහෙළීමත් නිසා)
සදා ප්‍රභා – (හිමාලිප්තාකාර ඇති සදාහරිත පත්‍ර වලින් සැරසී සිටින නිසා)
මෙම පැළය යුරෝපය නිජ භූමිය කොට ඇති වූවකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල ශීතාධික පළාත්වල හොඳින් වැඩෙයි. මෙම පැළෑටියේ ගුප්ත බලවේගයක් පවතින බවට ඇති විශ්වාසය නිසා හදි හූනියම් වලින් ආරක්ෂා වීමට ගුප්ත ඖෂධයක් ලෙස පාවිච්චි කෙරේ. කාන්තාවට ප්‍රිය යන අදහසින් ” අංගනාප්රිය ” නමින් හැඳින් වේ. අරුද පැළය ඉතා ලක්ෂණ කොළ ඝන තද හිම වැනි පැහැයෙන් යුක්ත වන අතර කුඩා කඳෙහි සියඹලා කොළ වැනි දෙපසට බෙදී ගිය කුඩා කිනිති පවතී. අරුද වලින් සාදා ගන්නා තෙල ළදරුවන්ගේ හිසේත් පපුවේත් ආලේප කෙරේ.
අරුද ප්රතිෂෝහක ඖෂධයක් ලෙස සැළකේ. උත්තේජක ද වෙයි.
අරුද ගසේ යුස උත්තේජන, සෙම පිට කරවන ආක්ෂේපනාශක ගුණ වලින් යුක්ත යි. එසේම ක්‍රිමි රෝග නාශක යි. යෝෂාපස්මාර, ගුල්ම යන රෝග වල දී භාවිත කෙරේ. ළමා වලිප්පුව, ශ්වාස නාලිකා දාහය, ප්‍රතිශ්‍යාව, ශ්වසනක ජීජ්වර යන රෝග අවස්ථා සඳහා ප්රයෝජනවත්ය. අපස්මාර භ්‍රමයට ප්රත්යක්ෂය. කොළ වලින් සාදා ගන්නා තෙල් පීනසට හා ළදරුවන්ගේ සෙම් ප්‍රබල රෝග අවස්ථා වලට පාවිච්චි කෙරේ. ආර්තව විකාර ආමවාත ශුල ආනාහ නැති කරයි.
ළමා පණුරෝග නැසීමේ අරමුණ ඇතිව අරූද අතු එක්කර සුරයක් මෙන් තනා මාලයක් මෙන් බෙල්ලේ පළඳවනු ලැබේ. මෙසේ කිරීමේ දී වළිප්පුව පැන නොනැගෙන බවට ද දකුණු ඉන්දියානු ජනතාව අතර විශ්වාසයකි.
ළමා පිනස හා කැස්ස ඇති විට කොළ පුළුස්සා දුම් අල්ලනු ලැබේ. තවද, ළමා පීනස් අවස්ථාවේ දී අරුද කොළ රත්කර පොඩි කර තෙලට දමා තෙල් පපුවේ හා නළලේ ආලේප කෙරේ.
අරුද කොළ මඳක් තලා බ්‍රැන්ඩි සමඟ මිශ්‍ර කර පක්ෂාඝාත රෝගයේ මුල් අවස්ථාවේ ආලේපයට යෙදේ. ශෝථ නාශක ඖෂධයක් ලෙස ද සැළකේ. අවෘෂ්යයි. එහෙත් කාන්තාවන් කෙරෙහි එසේ බල නොපායි. එහි සුවඳ ස්ත්රීන්ගේ කාමොද්දීපනය ඇති කරන්නක් බව ද, දැක් වේ. අරුද කොළ යුෂ ළමා පණු රෝග වලදී පෙවීම ගුණදායකය. අරුද කොළවුණ ශෝථ – ව්ම්ලාපනය කෙරේ. මුත්‍රකාරක යි. ආතවජනකයි. යහපාතන කර්මයෙන් යුක්ත ය. අරුද ගෝනුසු විස ප්‍රතිකාරයට යෙදේ. වඩාත් ප්‍රචලිතව ඇත්තේ අරුද තෙලයි. එනමුත් අරුද කොළ තේ මෙන් සකස්කර භාවිත කළ හැකිය.
අරුද්ධා ත්වර්වදා රුද – හිමාලිශ්ඨාංගනාප්රියා.
සදාප්රභා සිතාහාව – ශුලානාභාර්තවාර්තිජිත්,
ආමවාතාපතන්ත්රඝනී – කෘම්යාක්ෂේප තථාපහා;
උත්තේජනී ප් රතික්ජෝහි-න්යුද්වේෂ්ටන නිරෝධනී,
ආශ්රිත ග්රන්ථ
- දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය – රාජකීය පණ්ඩිත කිරි ඇල්ලේ ඤාණවිමල හිමි
- Indian Meteria Medica Nadakarni
- භාවමිශ්‍ර නිඝන්ටු – පරිශිෂ්ටය
- සර්වාර්ථ සංග්‍රහය – ද්රව්යාංශය
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



