BOTANICAL NAME – Terminalia chebula Retz.
FAMILY – COMBRETACEAE
පොදු සිංහල නම – අරළු
ඉංග්‍රීසි නාමය – Chebulic myrobalan, Ink nut
දෙමළ නාමය – කඩුක්කායි
සංස්කෘත නාමය – හරිතකී
හින්දි නාම – හරීර්, හරාර්, හර්රේ.
පර්යාය
අරළු වලට දී ඇති පර්යාය නාමයන් විමසා බැලීමේ දී අරළු ගුණ පැහැදිලි වන සේත් නම් යොදා ඇති බව මැනවින් ප්‍රකට වේ.
01 අභයා – රෝග භය නැති කරන හෙයිනි,
02 පථ්‍යා – සෑම විටම සිරුරට හිතවත්ව, අගුණ නොවී සිටින හෙයිනි.
03 අමෘතා – මරණය හෙවත් මරණය ඇති කරන රෝග වළක්වන හෙයින් හා අමෘතයෙන් හටගත් හෙයිනි. (දෙවියන් අමා බොන සඳ පොළොවැ හුණු අමා බිඳු වලින් අරළු රික් හටියා යෙක්:- ධමිම්පියා අටුවා ගැටපදය)
04 ජයා, විජයා – රෝගයෙන් ජය ගන්නා හෙයිනි.
05 ශිවා, ශ්‍රෙයසි – සැමදා යහපතක් ම සිදු කරලන හෙයින් ද සෑම රෝගයකටම හිත වූ හෙයින් ද, සුවය ලබාදෙන හෙයින් ද අරළු ශිවා යැ.
06 අලවණා ෂඩ් රසයෙන් ලවණ රසය හැර අනික් මිහිරි ඇඹුල්. කුළු. තිත්ත, රස පස ඇති හෙයිනි.
07 භෛමවති – හිමවතැ උපන් හෙයිනි
08 අව්‍යථා – රෝග පීඩා වළක්වන හෙයිනි
9 ජීවන්ති – ජීවද, ප්‍රාණදා, ජීවප්‍රියා, ජවනිකා – ලෙඩ නසා නිරෝගී බවත් ආයුෂත් ඇති කරන හෙයිනි.
10 භිෂග්වරා – රෝග නැසීමට වෙදැදුරකු බඳු හෙයිනි.
11 කායස්ථා – කයට හිතවත් ව. රෝග නැතිකර කය සිටුවන හෙයිනි.
12 වයස්ථා – තරුණ බව ලබාදෙන රසායනයක් ලෙස යොදන නිසාය.
13 වහ්නිනේත්‍රෝ – ඊශ්වර දෙවියන්ගේ ඇස් තුනින් ගිනි නික්මවන ඇස හා ප්‍රමාණයෙන් සම වන නිසාය.
14 පුතනා – සිරුර සෝදා පිරිසිදු කරන හෙයිනි.
15 රෝහිණි – වුණ රෝපණ කර්මයට අයත් ගුණ ඇති හෙයිනි.
ප්‍රභේද
අරළු ජන්ම භූමි එනම් හටගන්නා ප්‍රදේශ හා ආකාරය අනුව ප්‍රභේද 7 කට බෙදා ඇත. මෙරට මෙම ප්‍රභේද හත කෙරෙහි කිසිම සැලකිල්ලක් සැලකිල්ලක් නැත. අරළු කොයිවාත් එකය. එහෙත් මහ අරළු, කුඩා අරළු, කහ අරළු වශයෙන් වෙන් කිරීමක් ඇත. කහ අරළු ව්‍යාපාරික කටයුතු සඳහා වැඩිපුර භාවිත වේ.
විජයා
දිය ලබු ගෙඩියක් මෙන් දිගටි ගෝලාකාර ස්වරූපයක් පෙන්වයි. වින්ධ්‍යා ප්‍රදේශයේ හටගනී. සියලු රෝග නැති කරයි. සේවණය ද පහසු සුලභ මෙම වර්ගය, අරළු වර්ග හත අතුරින් ම, ප්‍රශස්ත යයි සඳහන්ය.
රෝහිණි
මේ වර්ගය වටකුරු ය. ව්‍රණ රෝග හරණය කරන මෙම වර්ගය ක්ධාංසි ප්‍රදේශයේ හට ගනිතියි කියති.
වර්ග ආකාරයෙන් කුඩා වූ මෙහි බිජය විශාල වන අතර සින්ද් ප්‍රදේශයේ හටගනී. මෙය ප්‍රලේප විෂයෙහි විශේෂත්වයක් ගනී.
අමෘතා
බීජය කුඩා වූ මෙහි මාංස අධිකය. ශෝධන කර්ම සඳහා ගැනෙන මෙහි රේචන ගුණය වැඩි ය. මධ්‍ය ප්‍රදේශයේ හට ගනී.
අභයා
ගෙඩිය වටා රේඛා සහිත වූ මෙහි කැපී පෙනෙන දාර දක්නට ඇත. නේත්‍ර රෝග භරණය කරන මෙම වර්ගය මෙරට බහුලව ඇත. විශේෂයෙන් වම්පාරණ්‍ය ප්‍රදේශයේ හටගන්නා මේ අරළු වර්ගයෙහි රේඛා පහකි යි, නිගණ්ඩු රත්නාකරයේ සඳහන් ය.
ජීවන්ති
රන්වන් පාටින් යුක්ත වු ද සියලු රෝග හරණය කරන්නා වූද. මිනිසාට ජීවනය ලබා දෙන්නා වූ ද වු ද සෞරාෂ්ට්‍ර දේශයේ හට ගන්නා වූ ද, මෙම වර්ගය ඖෂධ සඳහා විශේෂයෙන් සුදුසු යැයි කියවේ. ගෙඩියේ පිට පොත්තට වඩා චුර්ණ කළ කල්හි ඇති වනු යේ රන්වන් පාටට හුරු කහ පාටකි.
චේතකී
මෙහි සුදු කළු වශයෙන් ප්‍රභේද දෙකකි. ගෙඩිය වටා රේඛා තුනක් ඇත. ජන්ම භූමිය හිමාලය ප්‍රදේශය යි. මෙහි විරේචන ගුණය අධිකය. වර්ණ සඳහා ගත යුත්තේ මෙම වර්ගය බව හාව ප්‍රකාශයේ සඳහනි. මෙම ප්‍රභේදයන් මැනවින් වීමසා බැලීමේ දී ලංකාවේ අරළු භේදවල මෙම ලක්ෂණ සියල්ල සංකලනය වි ඇතැයි කිව හැකි ය. ඖෂධ සඳහා ගැනීමේ දී හොඳින් පැසුණු අරළු ම ප්‍රශස්තය. නොපැසුණු අරළු දියෙහි ලු විට නොගිලේ. නොපැසුණු ගැට අරළු නිඝණ්ඩු ග්‍රන්ථ වල ඵල හරිතකි. ජංගි හරිතකී දෙනමින් සඳහන් ය. ඒවාහි විරේචන ගුණය අධික වන අතර හොඳින් පැසුණු කර්ෂ 2 ක් බරැති වර්ගය රසායන වාජීකරණ ගුණ දෙකින් යුක්තයි. මූලික ග්‍රන්ථ කියයි.
අරළු යනු සකු ” හරිතකී ” ශබ්දයෙන් සිංහලයට බිඳී ආ වචනයකි. එම හරිතකී ශබ්දය සෑදී ඇත්තේ හරිත යන වචනයෙන් දෙන අරුත් තුනම එක්වන පරිද්දෙන් යයි ග්‍රන්ථාගතය. එනම් හරිත වර්ණවත් බව, දේව (හර) භුමියෙහි ඉපදීම සියලු රෝග හරණය යනුය. වාතය, පිත ය. කළු යැ, යන ත්‍රිදෝෂයන්ගෙන්ම ජනිත සියලු රෝග ශමනය කරන නිසා අරළු උපතට දේවත්වයක් රෝපණය කර ඇත්තේ හින්දු සකු බසින් ලියැවුණ මූලික පොත් වල පමණක් නොවේ. සිංහලයෙන් ලියැවුණ දම්පියා අටුවා ගැටපදය ද දක්වා ඇති බව මුලදී ම කියා ඇත. මින් හැඟවෙනුයේ ද අරළු අමෘතය හා සමාන බවක් ය. ඊට හේතු වුයේ ශක්‍රයා අමෘතය පානය කරන විට ඉන් බිම වැටුණ බිඳු වලින් අරළු උපත ඇති වී යයි වේද ග්‍රන්ථවල සඳහන්ව තිබීම ය. මේ නිසා ම අරළු සඳහා අමෘතා යන පර්යාය ද ප්‍රසිද්ධය.
සමහර අරළු වැළඳීමෙන් හෝ ආඝ්‍රාණයෙන් ද සමහර අරළු ස්පර්ෂයෙන් පමණක් නොව දර්ශනයෙන් ද විරේචනය සිදුවේ යයි භාව ප්‍රකාශ කතුවරයා සඳහන් කොට ඇත. පක්ෂි, මෘග, පශු මිනිස් යන මොවුන් අතරින් කවරකු හෝ අරළු තුරු සෙවණක සිටියොත් ඔහුට විරේචනය සිදු වන බව ද එහි ම සඳහන් ය. මේ සෑම කරුණක් ම දක්වෙන්නේ චේතකී නම් අරළුවල ඇති ප්‍රභාවය අනුව මෙම අරළු වර්ගය අතෙහි දරා සිටින තාක් විරේචනය වීම හා අත්හළ විට විරේචනය ගැති වීමත් නිසා සියුමැලි, කෘශ, දුබල පිපාසයෙන් පෙළෙන්නන් හා ඖෂධ ගැනීමට අකමැති ඔසු නුරුස්සන්නන් සඳහා වූ සැප විරේචනයක් ලෙස මෙම අරළු වර්ගය උතුම් යයි දක්වා ඇත.
ඖෂධ සඳහා බෙහෙවින් අරළු තලා ලබාගන්නා ලෙලි පමණක් ම භාවිත වූවත් අරළු පිට පොත්තේ ඇති ගුණය ම ඇටය තලා ලබාගත් මදයේ ද ඇතැයි නිගණ්ඩු රත්නාකරයේ සඳහන් ය. රස ගුණ විර්ය. විපාක ප්‍රභාව යන ද්‍රව්‍යය ගුණ සම්බන්ධයෙන් සලකා බැලීමේ දී
රසයෙන් – කෂාය. කටු, අම්ල, නිත්ත ද
ගුණයෙන් – ලඝු, රුක්ෂ ද
විපාකයේ දී – මධුර ද
වීර්යයෙන් – උෂ්ණ ද
ප්‍රභාවයෙන් – ත්‍රිදෝෂහර ද වන බව හෙළි වෙයි.
එනම් මධුර, තිත්ත, කෂාය නිසා පිත ද, මධුර අම්ල රස නිසා වාතය ද, කටු තිත්තකෂාය නිසා සෙම ද ශමනය වේ.
මෙහි ඇති කුළු අම්ල රස නිසා පිත වැඩීමක් හෝ තිත්ත කසට රස නිසා වාතය වැඩීමක් හෝ නොවේ. මෙසේ වන්නේ විශේෂයෙන් අරළුවල ඇති ප්‍රභාවය නිසාය. එක ම, අරළු ගෙඩිය ගත්ත ද ඇට මදය මිහිරි රස ය. ගෙඩියේ නාරටි ඇඹුල් රස ය. නැට්ට පෙදෙස තිත්ත රසය. පොතු කුළු රසය. ඇට එහෙයින් ම දිනපතා අරළු ගෙඩියක් වැළඳීමෙන් තුන් දොස් ගමනය වී සදා නිරෝගී බව ලැබෙන්නේ යයි දක්වා ඇත.
ව්‍යුහයන්ට අනුව
අරළු ස්නායු පද්ධතියෙහි බලකාරක වේ. මේදය හා ඇස් පෙනීම වැඩි කරවන අතර ම ඉන්ද්‍රිය ශක්තිය වර්ධනය වේ වේ. අන්න පවන ව්‍යුහයෙහි දීපන, පාචන, අනුලෝමන, මෘදු විරෙක, කෘමි නාශක, යකෘත් කෘත් උත්තේජන, ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. කබලේ බැදගත් හෝ තම්බාගත් අරළු මල කැටි කරයි. රක්ත සංවහන ව්‍යුහයේ දී හෘදය ශක්තිමත් කරන අතර ලේ බාහිරයට ගලන රත්පිත් අවස්ථාවලදී ලෙය නතරවීම් (ශෝනිත ස්ථාපන) ගුණය ලබාදෙයි. ශ්වසන ව්‍යුහයේ දී සෙම නැති කරයි.
ප්‍රජනන ව්‍යුහයේ දී වෘෂ්‍ය ද, ප්‍රජාස්ථාපනය ද, ගර්භාශයට හිත කර ද නව ශෝතහරද වේ. මුත්‍ර ව්‍යුහයන්හි මූත්‍රකාරකය. චර්ම ව්‍යුහයෙහි කුෂ්ඨ නාශකය වාතරෝග සඳහා විශේෂයෙන් ගුණදායක ය. අග්නිමාන්දය ශුල, ආනාහ, ගුල්ම, උදර රෝග, අර්ශස්, කාමලා, ග්‍රහණි, ප්‍රතිශ්‍යා, කාස, පීනස, ප්‍රදර, ගර්භාශයේ දුර්වලත්ව යන රෝග සඳහා විවිධාකාරයෙන් යෙදිය හැකි ය. අරළු භාවිතයේ දී තුන් දොසින් උපන් ලෙඩවලට විවිධ අනුපාන සමඟ යොදනු ලැබේ.
අරළු විකා කෑමෙන් බඩගින්න වැඩේ. අඹරාගෙන වැළඳීමෙන් මල ශෝධනය වේ. තම්බා ගෙන කෑමෙන් තුන් දොස් නැසේ. ආකාරය සමඟ අරළු සේවනය කිරීමෙන් බුද්ධි – බල – ඉන්දීය යන මේවායේ විකාශය සැලසේ. එසේ ම පිත්. සෙම්, වායු යන මේවායේ විනාශය සැලසේ. මුත්‍ර, පුරීෂ, ශාරීරික මල යන මේවාද පහ වේ. ආහාරය ගැනීමෙන් පසු අරළු වැළඳීමෙන් ආහාර පානයන්ගේ වරදින් කිපෙන වා පිත් සෙම්, යන මේවායින් ඇතිවන පීඩා ශීඝ්‍රව සුව වේ. අරළු ලුණු සමඟ වැළඳීමෙන් සෙම ද සීනි සමඟ කෑමෙන් පිත ද, ගිතෙල් සමඟ සේවනය කිරීමෙන් වාතජ රෝග ද, උක් හකුරු හා කෑමෙන් සියළු රෝග ද වැනසේ.
රසායන ගුණය ලබන්නට කැමති තැනැත්තා විසින් වසා හරක් හේමන්ත -වසන්ත – ග්‍රීෂ්ම – ස්‍රාවෘෂ්ටි යන ඍතු හයෙහි දී පිළිවෙලින් සවිඳ ලුණු, සීනි, ඉඟුරු. තිස්පිලි, මීපැණි, උක්හකුරු යන මේවා සමඟ අරළු වැළඳිය යුතු ය.
අරළු වැළඳීමට නුසුදුසු අය (සේවන නිශේධන)
ගමන් යැමෙන් වෙහෙසට පත් අය, දුබල අය රූක්ෂ, කාශ, ලංසනයෙන් ක්ෂිණ වූවෝ. පිත්තාධික, ගර්භනී. රක්ත මෝක්ෂණය කරනු ලැබූ අය යන මොවුනට අරළු නොදිය යුතු ය.
යෝග
ක්වථ, වුර්ණ වටීකා, අරිෂ්ඨ, කුලම්බු, මොදක ආදී සර්ව විධ යෝගයන්හි අරළු යෙදේ අභයාරිෂ්ටය, අහස්ති හරිතනී, අභයාදී අවලේහ. අභයා ලවණ. අභයා වටී. අභයා මෝදක, හරිතකි ඛණ්ඩ, කේවල හරිතකි. චුර්ණ. හරිතකි ගෝක්ෂුරාදී ක්වාථ, හරිතත්කාරග්වධාදි ක්වාථය මින් සමහරකි. මෘදු විරේචන පිණිස අරළු යොද යාද සාදාගත් ජෑම් හෝ දෝසි දෝසි වැනි හරිතකී මුරම්බා නම් ඖෂධයක් ද ( ඉන්දියාවේ) ඇති. පිත්ත දෝෂ ආධිමාන ආදියට අරළු පලමක් ද රට මිදී දෙ පලමක් ද ගෙන අඹරා තබා දිනපතා උදයේ අක්ෂ මාත්‍රාවෙන් කෑම ද.
රක්තාර්ශයට අරළු උක්හකුරු යෝගය බොජුන් ගැනීමට පෙර වැළඳීම ද, කජ පාණ්ඩුවට ගොමුයෙන් භාවනා දුන් අරළු සේවනය කිරීම ද, වමනයට මී පැණි අරළු යෝගය ලේහ කිරීම ද, වාතරක්තයට ගුඩ හරිතකිය වැළඳීම ද,
කඵජ ගජපදයට අරළු කල්කය ගොමුයෙන් හෝ වෙනත් සුදුසු දෙයකින් හෝ බිම ද ගුල්මයට අරළු, උක්හකුරු, යෝගය යෙදීම ද, හික්කාවට ලා උණුසුමින් යුත් උණු දියෙන් අරළු සුනු දීමද,
අශ්මරියට අරළු ඇට යොදා කකාල කිරි බීම, කණ්ඨ රෝගයට අරළු කෂායට මී පැණි දමා දිව ද, ශක්තිය ඉපැදවීමට ගිතෙලින් බැද සකස් කළ අරළු කමින් එම ගිතෙල බීමද, රක්ත පිත්තයට වං ඇපල ඉස්මෙන් භාවනා දී ගත් අරළු සුනු. තිප්පිලි මීපැණි යන දෙවගය සමඟ කෑම ද, මදත්‍යයට අරළු කෂාය එළකිරි සමඟ බීම ද, අ වෘධියට ගොමුයෙන් භාවනා දුන් අරළු එරඬු තෙලෙන් බැද සිඳලුණු සමඟ අඹරා තබා වළඳමින් උෂ්ණ ජලය අනුපාන ලෙස ගැනීම ද සියලු ඇස් ලෙඩට අරළු ගිතෙලෙන් බැද අඹරා අඹරා ඇසේ පුරවලියම් දීම ද, දහයට අරළු පිටි තලතෙල් ගිතෙල් මීපැණි යන මේවායින් ලේහ කිරීම ද, ආමාජීර්ණ, මලබද්ධ, අර්ශස් යන මේවාට ශුඩ හරිතකි. යෝගය වැළඳීම ද සාදික්කා මත නැසීමට අරළු සේවනය කිරීම ද, පිත්ත ශුලයට ගුඩ හරිතකී යෝගය ගිතෙල් සමඟ කෑම ද සමහරකි.
බාහිරින් ලේපය, ගොඑහරය, වේදනා ස්ථාපන ද වේ. වුණ ශෝධනය හා වුණ රෝපණය කරයි. දන්ත පුය හා හා විදුරුමස් දියවීමේ විදුරු මසින් ලේ ගැලීම සහිත රෝග වලදී බැද කුඩුකර සිනිඳුව සකසා ගත් අරළු කුඩු දත් මැදීම සඳහා යොදාගත හැකි ය.
පථ්‍යා පංචරසා යුෂ්‍යා චක්ෂුෂ්‍යාල වණාසරා. මෙඝෝෂ්ණා දීපනී සර්ව දෝෂ ගොළු වුණාපහා.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



