BOTANICAL NAME – Zingiber officeinale Roscoe
FAMILY – ZINGIBERACEAE
පොදු සිංහල නම – ඉඟුරු, බෙහෙත් ඉඟුරු
ඉංග්‍රීසි නම – Ginger
දෙමළ නම – ඉන්ජි
සංස්කෘත නම – ආදුක, ශෘංගවේර
වෙනත් නම් – ආර්ද්රීකා, ආර්ද්රන්
පර්යාය
ගුණ්ඨි
ඖෂධ
මහෞෂධ – උතුම් ඖෂධ යන අරුත
භෙෂජ
ඉන්ද්‍ර භෙෂජ
විශ්ව භෛෂජ
විශ්වෞෂධ – සියලු ලෙඩට බෙහෙතක් බව
විශ්ව
කටුෂ්ණ
කටුභද්ර
කටු ග්‍රන්ථි
නාගර – නගරයේ උපන් (නගරන් කාර)
නාගරාහ්ව
ආද්රක
ශෘගවේර
ආර්ද්රකා
ආර්ද්‍ර ශාක
ගුල්ම මූල
සෛකතෙෂ්ට
අනුපම
අපා කෘෂ්ණක
වන්ද්රාඛ්ය
රාහුච්ඡන්න
සුශාකත
ත්රියුෂ්ණ – ත්‍රි කටු – තිකුළු යන නම්වලින් හැඳින්වෙන ඖෂධීය සංයුක්තද්රව්ය ගණයෙහි ප්‍රථම සාමාජිකයා ඉඟුරුය. උෂ්ණ වීර්යයෙන් අග්‍ර කටුක රස හෙවත් කුළු රසයෙන් අග්‍ර ද්‍රව්‍යයක් සේ සලකා එම සංයුක්ත ද්‍රව්‍ය හි යෙදී ඇත.
ඉඟුරු අල හැර ගසේ කොළ. ගොබ. මුල් ආදිය බෙහෙතට යෙදෙන්නේ ඉතා කලාතුරකින් ය.
ව්‍යාංජන කෑම බීම රසවත් කරන කුළු බඩු විශේෂයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල විවිධ ජාතීන් හා සංස්කෘතීන් අතර ඉඟුරු වලට විශේෂ ඉල්ලුමක් පවතී.
අප රටේ බෙහෙත් ඉඟුරු වශයෙන් කුඩා අල සහිත වර්ගය ද අල ලොකු වර්ගය චීන ඉඟුරු වශයෙන් හැඳින්වීමට පැරදූ වී සිටිති. අප්‍රිකා ඉඟුරු කොඩින් ඉඟුරු, කැලිකට් ඉඟුරු ජැපනිස් ඉඟුරු ආදී වශයෙන් ඉන්දියාවේ ප්‍රභේද රාශියක් ඇතැයි පැවසේ.
අප රටේ වෙදකම හා ව්‍යවහාරයේ වියලි ඉඟුරු සිද්ධිඟුරු වශයෙන් හැඳින් වේ. අමු ඉඟුරු ආර්ද්‍රක වශයෙන් ද පිළියෙල කර වියලා ගත් සිද්ධිගුරු ගුණ්ඨි වශයෙන් ද ඖෂධ ද්‍රව්‍ය දෙකක් වශයෙන් නාම සහ ගුණ විස්තර නිඝණ්ඩු ග්‍රන්ථවල දක්වා තිබේ.
උද්භිද විද්‍යානුකූලව හරිද්‍රා කුලයට (Scitamincae zingiberaceae) අයත් ලංකාවේ කඳුකර ප්‍රදේශ වල වනගතව වැවෙන වල් ඉඟුරු විශේෂයක් ද පවතී. දේශීය වෙදකමේ කලාතුරකින් ඖෂධ යෝග සඳහා වල් ඉඟුරු භාවිතයට ගැනේ. ගෙයක් අසල වල් ඉඟුරු පඳුරක් වවාගෙන තිබීම ළදරුවන්ට ආක්ෂේප ජනිතරෝග නොහට ගැනීමට හේතු වන්නේය යන විශ්වාසයක් ඇතැම් ප්‍රදේශ වල ගැමියන් අතර පවතී.
ගුණ කර්ම
වාතශ්ලේශ්ම ශාමක – පිත්ත වර්ධන රුචිකාරක – දීපන – පාචන – අනු ලෝමන නාඩි සංස්ථාන, හෘදය සහ රක්ත වහා සංස්ථාන උත්තේජන, ශුල ප්‍රශමන, ශ්වාස හර ජ්වරග්න, ශොථහර – බල්ය වෘෂ්‍ය යන ගුණ කර්ම වලින් යුක්ත ය.
අරුචි, අග්නිමාද්‍ය, අජීර්ණ, ජර්දි, හෘල්ලාස, අතීසාර ආමෝන, කෝෂ්ඨ -වාත, ශුෂ්කාර්ශස්, ස්වර භෙද, ප්‍රතිශ්‍යාය, පීනස, කාස, ශ්වාස, හික්කා, වාත ජ්වර, කවි ජීජ්වර, වාත කළු, ජීවර, විෂම ජීවර, ජීර්ණ ජීජ්වර, හෘද් දෞර්බල්‍ය, හෘද් ශුල ගොථ ලීපද, ආමවාත, ශීත පිත්ත, උදර රෝග, වාත ව්‍යාධි, ඇඟ සීත කිරීම් හා වෙලුම් සහිත අවස්ථා යන රෝග සඳහා යෙදෙන විවිධ යෝගවලට ඉඟුරු භාවිත වේ.
සිද්ධිගුරු යන වචනයේ තේරුම ස්විද්ධ – ස්වේද තැම්බූ යනු යි. ස්විද්ධ කර -වියලා ගත් ඉඟුරු සිද්ධිඟුරු නම්.
බල කාරක සහ වාජිකරණ සහිත යෝග සඳහා ද ඉඟුරු එක්වන අවස්ථා ඇත. විශේෂයෙන් අනුපාන යෝගයන්හි දී බහුලව යෙදේ. දේශීය ගුලි කලක ඇඹරීම සඳහා ඉඟුරු යුෂ භාවිත වන අවස්ථා බහුල ය.
ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩු ග්රන්ථයන් හා මෙම ද්‍රව්‍ය පිළිබඳ ව විශේෂ අවධානයෙන් හා ප්‍රමුඛතාවයෙන් විස්තර දක්වා ඇති අතර ඉඟුරු නිගේද රෝග රාශියක් ද දක්වා තිබේ.
නිසිද්ධ
කුෂ්ඨ, පාණ්ඩු, මුත්‍ර කෘච්ඡ, රත්පිත්, පිත්ත ජීවර සහ පිත බලවත් රෝග සඳහා ද පිත වචන ග්‍රීෂ්ම, සරත් සෘතු වලදී ද අමු ඉඟුරු යෙදීම නිශේධ බැව්හව ප්‍රකාශයේ විශේෂයෙන් දක්වා තිබේ.
බාහිර ප්‍රයෝග
ශීත ප්රසමන යෝගයක් වශයෙන් ඉඟුරු වර්ණය ඇඟ තැවරීම, කළුජ. සීරෝ රුජා වලදී තන කිරෙන් සහ ජලයෙන් උරගා ඉඟුරු පැලැස්තර නලලට එලීම, ආමවාත සන්ධි ශොථ සඳහා ද ප්‍රලේප පිණිස ඉඟුරු යෙදේ.
ගුණ
සිද්ධිගුරු
රස – කටු
ගුණ – ලඝු, ස්නිග්ධ
වීර්යය – උෂ්ණ
විපාක – මධුර
අමු ඉඟුරු
රස – කටු
ගුණ – ගුරු, රූක්ෂ, තීක්ෂණ
වීර්යය – උෂ්ණ
විපාක – මධුර
රසායනික උපාදාන
25 – 30% සුගන්ධිත මදක් කසාවන් වර්ණ වාෂ්පීශීල තෛලයක් ඇත. ජින් ජි රෝල් නම් පිත පිත කටු කටුක පදාර්ථය ජින ජින්ජරින් නම් තෛල යුක්ත මැලියම් ඇතුළු තවත් වර්ග, පිෂ්ඨ වර්ග. මෙම තෛල හා මැලියම් පිට පොත්ත සමීපව පවතී. ජින්ජිරෝල් නමැති කටුක පදාර්ථය වාෂ්පශීලී තෙල් මෙන් පිට නොවේ.
යෝග
අග්නි මාද්‍ය – ඉඟුරු ස්වරස – සහිඳලුනු
අජීර්ණ – ඉඟුරු ස්වරස – දෙහි ඇඹුල්
අතීසාර – ඉඟුරු ස්වරස – මී පැණි
ජර්දි – ඉඟුරු ස්වරස – දෙහි ඇඹුල්, මී පැණි
ශීත කිරීම් අවස්ථා – ඉඟුරු ස්වරස – සුදුළූණු ස්වරස
ශීත ජීජ්වර – ඉඟුරු ස්වරස – කොහොඹ පොතු
වෙවුලුම අවස්ථා – ඉඟුරු ස්වරස – මුරුංගා පොතු
සුතිකා අවස්ථාවේදී – ඉඟුරු ස්වරස – මුරුංගා පොතු, සුදුළූණු ස්වරස
ළදරු රෝග – ඉඟුරු ස්වරස – තනකිරි, මී පැණි
ආම අජීර්ණ – ඉඟුරු ස්වරස – දෙහිගසේ පොතු ස්වරස
රක්තාතිසාර – ඉඟුරු ස්වරස – ඉරිවේරිය, කලාදුරු ස්වරස
අංඩ වාත, කාස, ශ්වාස, අරූචි, ප්‍රතිශ්‍යා – ඉඟුරු ස්වරස – මී පැණි
තදබල ආමවාත
- අමු ඉඟුරු, එරඬු මුල්, යුෂින් අඹරා පුටපාක කොට ගත් ස්වරසයට මී පැණි මිශ්‍ර කර
- ඉඟුරු, එරඬු මුල් කෂාය
පරිනාම ශුල
ඉඟුරු හා තල සමවද, උක්හකුරු දෙගුණයක් ද, එළකිරි සමඟ වැලඳීම
ග්‍රහණි රෝගය
ඉඟුරු හා බෙලි ගැට මද කල්කය මසුර යුෂ සමඟ බිම
ශීත පිත්ත
ඉඟුරු හා උක් හකුරු
ගුද කීල
ශොථ
ශුල. ——– ඉඟුරු හා තක්‍ර
ග්‍රහණි
අතීසාර
ජිහ්වා කණ්ඨ විශොධනය සඳහා – ආහාරයෙන් පසු ඉඟුරු සහිදලුනු අනුභවය
උල්කටු ඇදීමට – අමු ඉඟුරු, සීනි සමඟ අඹරා බැඳීම
ගර්භණි ශොථ – ඉඟුරු කිරි කෂාය
යෝග
ඉංජි කුලම්බුව
සිද්ධාර්ථ තෛලය
ගොථහර ලේහය
ආර්ද්‍රක ඛණ්ඩ
සෞභාග්‍ය ශුන්ධි
මාත්‍රාව
අමු ඉඟුරු ඉස්ම – තේ හැඳි 1/2 සිට 4 දක්වා
සිද්ධිතුරු චූර්ණය – මදට 5 සිට 10 දක්වා
ශුණ්ඨි සුරාව – බිංදු 5 සිට 10 දක්වා
(තනුක) බිංදු 30 සිට 60 දක්වා
ගුණ්ඨි රුව්යොමවාතග්නී පාචනි කටුකා ල; සනි දොෂ්ණා මධුරා පාකේ කළුවාත විබන්ධනුත් වෘෂ්‍යා ස්වයා වවිශ්වාස ශුල කාස හෘදාමයන් හන්ති ග්ලිප ද ශොපර්ශ ආනාහොදර මාරුතාන් ආර්ද්රකා හෙදනී ගු වී නික්ෂෙණාෂණා දීපනී මතා කටුකා මධුරා පාකෙ රුක්ෂා වාත කඵා පහා යෙ ගුණඃ කථිකා ශුණ්ණං තේජි සග්න්යාර්තක ඛිලා භෝජනාග්රෙ සදා පය්යං ලවණාකා භක්ෂණම් අහ්නි සංදීපන රුව්යං ජිහ්වා කණ්ඨ විශොධ නම්
භා.ප්‍ර.
නාගරං කවි වාතසනං විපාකෙ මධුරං කටු වෘෂ්යෙෂණං රොචනං හෘද්‍යා සසෙනහං ලඝු දීප නම් කථා නීල හරං ස්වයං විබන්ධානාහ ශුලනුත් කටුෂ්ටං රොචනං හෘපං වෘෂ්‍ය වෛවාද්රකං ස්මෘතම්
සු. සු. 46
රෝචනං දීපනං වෘෂ්යවාද්රකං විශ්ව භාෂජම් වාත ශ්ලෙෂම විබන්ධෂු රසක්ත සෙය්යාප දිග්යහෙ
ච. සූ. 27
සංග්‍රහණ
මාර්තු අප්‍රේල් කාලයේ ඉඟුරු අල සිටුවනු ලැබේ. ගස කොළ කහ පාට වී මැරෙන විට දෙසැම්බර්, ජනවාරි කාලයේ උදුරා අල රැස් කෙරේ.
සංරක්ෂණ
අමු ඉඟුරු
වියලි ගඟේ වැලි අතර තැන්පත් කිරීමෙන් ටික දිනක් තබාගත හැකි ය.
සිද්ධිඟුරු
පැසී, මේරූ ඉඟුරු අල අල පිරිසිදු ජලයේ රැයක් පෙඟෙන්නට තබා විශේෂයෙන් සකස් කල පිහියා තල වලින් අලයට තුවාල සිදු නොවන පරිදි තෙත සිවිය ආරක්ෂා වන පරිදි පිට පොත්ත හරිනු ලැබේ. අනතුරුව පැය 6 පමන පවනේ තබා උඩයට මාරු කරමින් තද අව්වේ තබා වියලා ගනු ලැබේ.
පිට සිවිය ඉවත්කල ඉඟුරු මත අලු හුණු තවරා වියලීමෙන් පසු නැවත සෝදා වේලා ගැනීමෙන් ද සිද්ධිඟුරු සකස් කර ගැනීමේ පිළිවෙලක් ද පවතී. අමු ඉඟුරු එළකිරි වලින් තම්බා වියලා ගන්නා සංස්කරණයන් ද අමු ඉඟුරු කැබලි වලට සීනි හෝ සුකිරි දමා සකස් කරණ දොසි වර්ග ද තිබේ.
ආශ්රිත ග්රන්ථ
(1) ද්‍රව්‍ය ගුණ විඥාණය – ආචාර්ය ප්‍රිය වෘත ෂර්මා
(2) භාව ප්‍රකාශ නිගණ්ඩුව
(3) සාරාංගධර සංහිතා
(4) වරක සංහිතා
(5) සුශ්‍රැත සංහිතා
(6) ශාලි ග්‍රාම නිඝණ්ඩුව
(7) ආයුර්වේද ඖෂධ සංග්‍රහය – ආයුර්වේද දෙපාර්තමේන්තුව
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



