ඉකිලි

BOTANICAL NAME – Acanthus ilicifolius L.

FAMILY – ACANTHACEAE

ENGLISH NAMES – Sea holly

පොදු සිංහල නම – ඉකිලි, ඉකිලිය

දෙමළ නම – කොලි මුල්ලි, අට්ටු මුල්ලි, කළුදයි මුල්ලි, කොෂි මුල්ලි

හින්දි – හ (ර්) ගොෂා

සංස්කෘත – හරික්‍ය

පර්යාය –

(සංස්කෘත) ජලඵල – ජලයෙහි පාවෙමින් පවතින ඵලය ත්‍රිකෝන ඵල – ඵලය තුන්හුලස් වන නිසා

මෙය චරක, සුශ්‍රැත, අෂ්ඨාංගහෘද යන මුලු ග්‍රන්ථ සියල්ලෙහිම සඳහන් වන චිකිත්සා කර්ම වශයෙන් නිර්දේශ කර ඇති ඖෂධයි.

ශෘංගාටක කුලයට අයත්වන මෙම පැලැවිය ක්ෂුප වර්ගයට අයවේ. ගැඹුරු පතුලේ වැඩෙන මෙහි පත්‍ර ජල මතු පිට පාවෙයි.

ගුණාදිය :-

රස – මධුර කෂාය

ගුණ – ගුරු, රුක්ෂ

විපාක – මධුර

වීර්ය – ශීත

ප්‍රධාන වශයෙන් පිත් ගමන ද්‍රව්‍යයකි. එම නිසා බාහිර වශයෙන් දාහය නසයි. රත්පිත් ගමනය කරයි. බලකාරකයි. ප්‍රජාස්ථාපන ගුණයි.

උද්භිද විස්තර:

මෙම ක්ෂුපයෙහි පත්‍රද මදක් ත්‍රිකෝනාකාර හැඩයක් ගනී.

පත්‍රදාරය දැති සහිතයි. අඟල් 3/4 ක් පමණ විශාලත්වය ඇති සුදුපාට මල් හට ගනී. අඟල් 1-1/2 ක් පමණ වන ගෙඩිය ත්‍රිකෝණාකාරයි. තදයි. ඵලයෙහි දෙපස තියුණු කටු දෙකක් ඇත. ඵලය තුල එක් බීජයක් අඩංගු වේ. ඖෂධ වශයෙන් උපයෝගි වනුයේ ඵලයයි.

යෝග

ආමයික යෝග වශයෙන් පිත්තජ රෝග සඳහා බහුලව භාවිතා වේ.

ග්‍රහණි රෝගයේදී වියැලුනු ඉකිලිය ගෙඩිවල පිෂ්ඨමය ඵල මජ්ජාව ගෙන එයින් කෑම සාදා ගනු ලැබේ. ශුක්‍ර දෞර්බල්‍ය හා ගර්හාවස්ථාවේදී බීජ වුර්ණය සුදුසු අනුපානයක් ලෙස යොදනු ලැබේ. මුත්‍ර කෘච්ඡය සඳහා ඉකිලිය කෂාය කර යොදයි. ගර්භ ශ්‍රාවයේදී ඉකිලිය තවත් ද්‍රව්‍ය සමග කිරි කෂාය කර යොදනු ලැබේ.

ආශ්‍රිත ග්‍රන්ථ:-

  1. වරක සංහිතා සූත්‍රස්ථාන 27 වන අධ්‍යාය
  2. චිකිත්සා ස්ථාන 11 වන අධ්‍යාය
  3. වරක සංහිතා චිකිත්සා ස්ථාන 26 වන අධ්‍යාය
  4. සුශ්‍රැත සංහිතා සූත්‍රස්ථාන 46 වන අධ්‍යාය
  5. ,, ශාරීර ස්ථාන 10 වන අධ්‍යාය
  6. සුශ්‍රැත සංහිතා චිකිත්සා ස්ථාන 3 වන අධ්‍යාය
  7. අෂ්ඨාංගහෘද සංහිතා සූත්‍ර ස්ථාන 6 වන අධ්‍යාය
  8. ශාරීර ස්ථාන 2 වන අධ්‍යාය
  9. භාව ප්‍රකාශය – ද්‍රව්‍ය කාණ්ඩය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top