ඇට්ටේරියා

BOTANICAL NAME – Murraya paniculata (L.) Jack.

FAMILY – RUTACEAE

පොදු සිංහල නම්

ඇට්ටේරිය, ඇටවීර (කැලයේ ශක්තිමත් ගස හෙවත් තද කඳක් ඇති ගස)

හින්දි – වීරසාර

බෙංගාලි – කාමීනි

සංස්කෘත – ශිංශ්‍යා

පර්යාය

කාෂ්ඨ වීරා – තද කඳක් (හරයක් ඇති නිසා)
වීරසාර
කාමීනී – මලින් සැරසී නෙත් පිනවන
ඒකාංගි – තනි ගසක් ලෙස සිටින නිසා

කුලය – ජම්බීර

ඇට්ටේරිය මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පඳුරකට සමානව වැඩේ. අලංකාරය වර්ෂය පුරා හට ගන්නා සුදු පැහැති මල් ඉතා සුවඳවත්ය. ලීය හයියය. ඉන්දියාවේ හිමාල අඩවියේ අඩ වියේ හා බෙංගාලයේ ද, මලයාවේ හා බුරුමය යේ ද මඳ විසින් ශ්‍රී ලංකාවේ ද වැවෙන පැලෑටියකි. කුඩා බීජ මගින් ව්‍යාප්ත වේ. සදා හරිත ශාකයකි. දැඩි නියඟයට ඔරොත්තු දෙන හෙයින් තෙත් වියළි වනාන්තර සහ ලඳු කැලෑ වල ද, ඕවිටිවල ද සාරවත්ව වැඩේ. ඉන්දියාවේ ගසට වඩා ලංකාවේ ගසේ සුළු සුළු වෙනස්කම් තිබේ.

ව්‍යවහාර්යය අංග

පංචාංගය ම ඖෂධ පිණිස ගැනේ. (ශිංශපා මල් කොළ දෙවගයේ ඵාන්ටය ගුණයෙන් කරපිංච හා සමාන වේ.)

එහි ප්‍රභෙද තුනකි

  1. ස්වේත
  2. ශ්‍යාම සුදු කළු මුසු පාට
  3. කපිල් – මඳක් රතු

යන වශයෙනි.

ශ්වේත ඇට්ටේරිය

රසය – තිත්තයි

වීර්යය – ශීත යි

පිත් දාහ නසයි. බල කාරකයි. රුචි උපදවයි. සිරුර පැහැපත් කරයි. භික්කා, ඉදිමුම, විසර්ප ගමනය කරයි.

රපායනික උපාදන – මල්වල Murrayin නමැති Glucoside වර්ගය ඇතුළත් ය.

ශයාම ඇට්ටේරිය

රසය – තිත්ත
වීර්යය – උෂ්ණ
විපාක – කටු

වා සෙම් නසයි. අග්නි දීප්තිය ඇති කරයි. අජීර්ණ, ගොථ, අතීසාර පහ කරයි.

කපිල ඇට්ටේරිය

රසය – තිත්ත
වීර්යය – ශීත

වාත, පිත්ත, ජිජ්වර, පරිදි, භික්කා ශ්‍රම සහ ගැබ් නසන්නේය.

ඇට්ටේරිය තුන් වර්ගය ම ශීත, උෂ්ණ, ශෝථ, විසර්ප ශමනය. පිත්ත ප්‍රශමනය , ශරීරය පැහැපත් කිරීම ආදී ගුණ කර්ම පවතී. බල වැඩීම සහ ආහාර රුචිය ඉපැදවීම යන ගුණ පොදුවේ ඇතුළත් වේ. ශිංෂපා පිත්ත නාශිනී ” යනුවෙන් එකී පිත් ශමන ගුණය ප්‍රධාන කොට ඇති බව පැහැදිලි වේ.

රෝග වශයෙන් ආමවාත ජ්වර, කැස්ස, හ්‍රම, පිපාසා, දාහ සහ හිස්ටිරියා රෝගයන් මේවාට ගුණ දායක ය.

වසාමේහයේ ඇට්ටේරියා මුල් හා පොතු ද ජීවරයෙහි ඇට්ටේරියා දළු ද ශෘධ්‍රසී නම් වාත රෝගයේ ඇට්ටේරිය පොතු ද ඖෂධ සංයෝග වල යොදා ගනු ලැබේ.

දේශීය කැඩුම් බිඳුම් ප‍්‍රතිකාරයේ දී තෙල ද අමු පොතුද යොදා ගනී. වේදනා ගමනය සඳහා මුලේ පොත්ත අඹරා ආලේප කෙරේ.

කොළ කෂාය සර්වාංග ශොට රෝගයේ දී මෙන්ම අතිරක්ත වාපයේ දීද පානයට දෙති. අතීසාර ශමන ගුණය එහි කඳේ පොත්තේ සහ මුලේ ද පවතී.

ශිංශපා අරටු තෙල් තිත්ත කටු කසට රසවලින් යුක්තය. දුෂ්ට වන ශෝධනය සඳහා උපයෝගි කෙරේ.

ශීංශපා තෛලය ක්‍රිමි, කළු, කුෂ්ඨ වායු, නසාලයි.

ශිංශපා, මල් තෛල වර්ග සුවඳවත් කිරීමේ උපාදානයක් ලෙස ද යෙදේ.

  • ශිංශපා අභාවයෙහි සුරභී නිම්බ (කරපිංච) ප්‍රතිනිධි කළ යුතු වේ. වෘධ වෛද්‍ය උපදේශයකි.

මෙම ද්‍රව්‍ය අෂ්ටාංග හෘදය සංගීතාවේ මුෂ්ටකාදී ගණයේ ද සුශ්‍රැත සංහිතාවේ ශාලසාරාදී ගණයේ ද අන්තර්ගතය. කෂාය යෝග, ආලේප තෛල සහ සාර යන ගිංශපා සංස්කරණ ඖෂධ උපයෝගී වේ.

ගිංශපා කෘෂ්ඨ වීරා ච – වීරසාරාව කාමීනී. ඒකාඅගී ච සිතා ශ්‍යාමා – කපිලා ශිංග්‍යා කාෂ්ඨවීරා ට – වීරසාරා ච කාමීනි.
ඒකාංගි ච සිතා ශ්‍යාමා – කපිලා චේති සා ක්‍රීඩා:
සර්වේ භුමිනා ගුණෙස් තුල්‍යා- ස්නේහමුල දලා ශ්‍රී ණෛඃ
ත්‍රිදෝෂාම ජ්වරච්ඡර්දි – විස පශ්ව යථු හුමාඃ ශාම්‍යන්ත්‍යනේන හික්කාට ව- කටුකික්කා රසේ ත්‍රයැ, ශ්‍යාමා ක්‍රෝෂ්ණා භවත්‍යෙතේ – රුචිවණ බලප්‍රදා මුලත්ව වසාමෙහේ ශිංශපායා දලං ජීවරේ.

අපතන්ත්‍රා දිවා තේසු – පුද්‍යාද් ගංඩි වල්කලම්:

ආශ්‍රිත ග්‍රන්ථ

චරක සංහිතා
සු 11-19, 32, 25-49 8 8-144, 03 8 – 38 81-212-9-96 8 83, 2018, 39-169

සුශ්‍රැත සංහිතා –

සු 38 – 12 සාලසාර දිගණ 45 – 123

10-8, 12,299,35-5

39-203, 40-51

අෂ්ඨාංග හෘද සංහිතා –

11-19,329-96

ශිංශපා සාර – 1- 115

ආයුර්වේද ඖෂධ සංග්‍රහය – ප්‍රථම පියවර දෙවන කොටස සිංහල විශ්ව කෝෂය.

දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය – පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top